ටෑන්ග්‍රෑම් කියන්නේ පුරාණ චීනයේ බිහි වෙච්ච ගණිතමය ඒ වගේම නිර්මාණාත්මක ක්‍රීඩාවක්. මේක ජ්‍යාමිතික හැඩතල භාවිතයෙන් තමයි කරන්නේ. දී ඇති ජ්‍යාමිතික හැඩතල භාවිතයෙන් විවිධ රූප සටහන් නිර්මාණය කරගැනීම තමයි ක්‍රීඩාවේ අරමුණ වෙන්නේ.
මෙන්න මේ සබැඳි වලින් වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි.
http://tangrams.ca/
http://en.wikipedia.org/wiki/Tangram
http://www.logicville.com/tangram.htm
සම්මත ක්‍රීඩා කට්ටලයේ හැඩතල කැබලි හතක් තියෙනවා. ඒ කට්ටලයක් අපිට පහසුවෙන්ම හදාගන්නත් පුළුවන්, මෙන්න මේ වගේ.
http://tangrams.ca/make-a-set
මම මුළින්ම ක්‍රීඩා කළේ කොටස් හතරේ කට්ටලයකින්. මේ තියෙන්නේ ඒ වගේ එකක්.
අම්මා ගෙනත් දීපු ඒ පුංචි කහ පාට පෙට්ටියේ කහ පාට ප්ලාස්ටික් කෑලි හතරෙන් හදන්න පුළුවන් එක එක රූප 40ක් විතර තිබ්බා. අපි ඒ හැම එකක්ම හැදුවා. සමහර ඒවා හරිම අමාරුයි. එක සැරයක් හදාගත්තත්, ආයෙ දෙවෙනි සැරේ හදන්න ගියොත් ආයෙ මතක නෑ.
මේ ක්‍රීඩාව දැන් අන්තර්ජාලය හරහාත් සෙල්ලම් කරන්න පුළුවන්.
http://www.primarygames.com/math/tangram/
පුංචි ළමයින්ට ගොඩක් ආස හිතෙන, ඒගොල්ලන්ගෙ නිර්මාණාත්මක හැකියාවත්, සිතීමේ ශක්තියත් වැඩි කරවන බොහොම වටින ක්‍රීඩාවක් විදිහටයි මම මේක දකින්නේ.



මේක නම් ජොලි වැඩක්..පොඩි කාලේ බැරි වුන නිසා දැන්වත් කරලා බලන්න ඕන..:)
ReplyDeleteජොලි කියන්නෙ ජොලිම ජොලි. ඔව් ඔව්, පොඩිහිටියන්ට වගේම වැඩිහිටියන්ටත් හොඳයි මේක... :D
Deleteමේ පිස්සු නං කියන්ට එපා හලෝ.. පුංචි ළමයින්ට මේ එකේක මල විකාර කොරන්ට වෙලාවක් නෑ බොලං, උන්ට ටියුෂන් පන්ති යන්ට තියෙනවා.. :)
ReplyDeleteහැබෑ නේන්නං! ඉතිං මොකෝ කොරන්නේ? පොඩි එවුංගේ ආච්චිලා සීයලාටවත් මේක කරන්ට කියමු එහෙනං නේද. :)
Deleteමම නම් බ්ලොග් ලිවිල්ල පැත්තකට දාලා මේක කරනවා හී හී...
ReplyDeleteහා හා, එහෙම කරන්න හැදුවොත් මං ඒ ටික අරං පුස්තකාලෙ ඇතුළට දාලා දොර වහනවා පොඩි මැණිකේ ඊලඟ පෝස්ට් එක ලියනකල්! :D
Deleteඋඹටත් අම්මප එක විදිහකට ඉන්ට බැරි හැටියක්...මම මේ දවසෙ විසි හතර පැය මදිවෙල ඉන්නෙ සුමේ ඉවර කරන්ට...ඒක අස්සෙ උඹ ගෙනත් ගහපි ටැන්ග්‍රම් එකකුත්....දැං ඉතිං බෑ කියල බෑ මේක බොස්ගෙ ඕඩරයක් කියල අර එළුවට කවුදෝ කිව්වය කියන්නෙ..ආන්න ඒ වගේ මේකත් පුළු පුළුවන් වෙලාවට කොරන්ට ඕමනයි....
ReplyDeleteඔව්වොව්වොව්... කරන්ට කරන්ට... මං මේ දිව විකාගෙන මෙව්වා ලියන්නේ ඕගොල්ලන්ට හෝම්වර්ක් දෙන්ඩ නේන්නං... :D
Deleteඔය මදි වෙච්චි විසි හතර පැයට අර දඩයක්කාරයගෙං බැරි වෙයිද අයියේ පැයක් දෙකක් ඉල්ලගන්ට? උන්දැ ඉතිං අර පූර්වජයොංගෙන් පැවත එන්නෙක් වෙච්චි, ඕනනං මේ ලෝක බෝලෙ ඉර වටේට නැතුව හඳ වටේට උණත් කරකෝලා දෙයි. අනික අයියා ඉල්ලුවහම බැහැයි කියන එකක් නෑ. අයියා නෙව උන්දැගෙ ලොකු අප්පොච්චි. :D :D :D