කවුළු පියන් පත් අතරින්
ගලා ඇවිත් හොර රහසෙන්
රන් ලා හිරු රැස් ගේ බිම
රටා මවනවා...
සුළඟේ නැලැවෙන තිර රෙදි
තාලෙට ඒ එළිය කැටිති
ගං දිය රැළි වාගේ බිම
දුව පැන යනවා...
ඒ එළි දහරා අතරේ
පාවෙන දිලිහෙන දුහුවිලි
අල්ලන්නට මා පොඩි පුතු
දෝත පානවා...
රන් හිරු රැස් වැටී දිලෙන
රන් කැටි කිරි සිනහ මුහුණ
හිරු දුටු මල් කැකුළක් මෙන්
පිපී දිලෙනවා...

තනුවක් දැම්මනම් ලස්සන ගීතයක් නිර්මාණය කර ගන්න පුලුවන් අක්කෙ... ලස්සන පද පෙළ..
ReplyDeleteස්තූතියි නංගි! :)
Deleteමේ මේ, ඔය කවි ලිය ලිය ඉන්නැතුව හොඳ කතාවක් ලියනවා හොඳයි. ඇහුන නේහ්!
ReplyDeleteමෙව්වා මේ කාලෙකට කළින් මූණු පොතේ දාපු කවි මලයෝ. මේ දවස්වල අලුතෙන් මොකවත් ලියාගන්න වෙලාවක් නැති හන්දා මේකේ ලියාපුවා ඒකෙ දානවා, ඒකේ ලියාපුවා උස්සං ඇවිත් මේකේ දානවා. කොහොමද ටිකිරි මොළේ? :D
Delete//රන් ලා හිරු රැස් ගේ බිම//
ReplyDeleteමේ කෑල්ලේ රිද්මය නෑ..
හැම කවියෙම තුන් වෙනි පදේ එකම තාලෙට එන්නනේ ලියලා තියෙන්නේ දේශකතුමෝ.
Deleteරන් - ලා - හිරු - රැස් - ගේ - බිම
ගං - දිය - රැළි - වා - ගේ - බිම
අල් - ලන් - නට - මා - පොඩි - පුතු
හිරු - දුටු - මල් - කැකු - ළක් - මෙන්
මං ඉතිං වෑසක මනුස්සයා වෙච්චි එක කවියේ පේලි හතර කියවනවා ඉතරනේ.. හැක්.
Deleteඉතිං එහෙම කියෙව්වත් මේකෙ තාලෙ ගැලපෙනවනේ අනේ. මංදා, මං කවි කියවන තාලෙයි, දේශකතුමා කවි කියවන තාලෙයි ඉතිං වෙනස් ඇතිනේ. ඒක නිසා වෙනසක් දැනෙනවා ඇති. බලමු අනිත් අයගෙනුත් අහලා.
Deleteහොඳා හොඳා.. කවිය අපුරුයි
ReplyDeleteස්තූතියි නංගි! :)
Deleteලස්සනයි
ReplyDeleteස්තූතියි අජිත් මහත්මයා! :)
Deleteජනේලෙන් එන ආලෝක කදම්බ
ReplyDeleteඅතරේ නටන දුහුවිලි
අල්ලා ගන්න දැතින්
දගලන කොට පොඩි පුතු
පිරෙයි මවගේ හද
ආදරයෙන් මහඟු.
හරියටම හරි මල්ලි. ස්තූතියි! :)
Delete/පාවෙන දිලිහෙන දුහුවිලි/
ReplyDeleteඅඩේ පොඩි එවුං ඉන්න තැං හොඳට අතුපතු ගාල පිරිසිදුව තියෙන්ට එපාය...කීල්නික් එකේදි එහෙම කියල දුන්නෙ නැතෙයි ඔහෙට?
ක්ලිනික් කියන්නෙ මොනාද අයියා? මට මතක නෑ මම දන්නෙ නෑ! :P
Deleteහරිම ලස්සනයි...
ReplyDeleteපොඩි එවුන්ගේ කුතුහලය හරිම ලස්සනයි නේද?
අපේ පොඩ්ඩා ඊයේ මහ රෑ මාව නැගිට්ටවලා අහනවා "අම්මී..ඇයි bunny ears, long long looong?". මම හිතන්නේ එයාට හාවෙක් පෙනිලා හීනෙන්
ඒ කුතුහලයනම් අපිට හිතාගන්නත් බැරි තරම්. මේ දවස්වල අපේ පැංචාට තියෙන ලොකුම ප්‍රශ්නෙ ආදරේ කොච්චරක්ද කියන එක. ගොඩාක් ආදරෙයි කිව්වට හරියන්නෙ නෑ, ගණං කරන්න බැරි තරං ආදරෙයි කිව්වට හරි යන්නෙත් නෑ, එයාට ගාණක්ම ඕනෙ.
Deleteපැංචා: තවුසන්ඩ්ද අම්මි?
මං: නෑ, ඊට වඩා ගොඩාක් වැඩියි.
පැංචා: එහෙනං හන්ඩ්‍රඩ්?
මං: නෑ පැටියෝ, හන්ඩ්‍රඩ් වලට වඩා තවුසන්ඩ් ගොඩාක් වැඩියි. මං ඔයාට ඊටත් වඩා ගොඩාක් ආදරෙයි.
පැංචා: එහෙනං, තවුසන්ඩ් ටුවෙන්ටි ටූ?
මං:........
පැංචා: ...........
මං: නෑ, වන්ට පස්සෙ සීරෝස් ගොඩාක් තියෙන තරමට, මං කියන්නවත් දන්නෙ නැති ඉලක්කමක තරමට මං ආදරෙයිනේ.
පැංචා: සීරෝස් කීයක්ද?
මං: දන්නෙ නෑනේ, මංවත් එච්චර ගණං කරන්න දන්නෙ නෑ.
පැංචා: සීරෝස් තවුසන්ඩ්ද?
මං: ...........
පැංචා: ...........
අන්තිමට මගෙං මොකක් හරි ඉලක්කමකට ඔව් කියන උත්තරේ හම්බවෙනකල්ම මේ කතාවනම් නවතින්නෙ නෑ. ඒ වගේම, මේ කතාව එක දවසකදි මෙහෙමම වෙලා, ආයෙමත් ඊළඟ දවසෙදිත් මෙහෙමම වෙනවා. :D
ඔයාගේ හුරතල් පොඩ්ඩාට සිත්තමී නැන්දාගෙන් ආදරේ පිරිච්ච හාද්දක් මෙන්න. :)
අනේ මැවිලත් පෙනුනා මට. :)) මේ වයසේ පොඩ්ඩන්ට ඉලක්කම් එක්ක ලොකු ගණුදෙනුවක් තියනවා තමයි. ඔන්න එහෙනම් ආදරණීය සිත්තමී නැන්දටයි ඔයාගේ පුංචි පැන්චාටයි අපෙනුත් ලොකුම ලොකු හාද්දක්...
Deleteඔව්, අකුරුවලට වඩා ඉලක්කම් හැඩතල (numbers and shapes) එක්ක තමයි වැඩිපුර වැඩ. :)
Delete<3 <3 <3
ලස්සන ම ලස්සනයි හොඳේ...
ReplyDeleteවහළේ සිදුරකින් එන හිරු ආලෝක ධාරාව බඹලු වැල
එයින් පොළොව මත හැදෙන ආලෝක ලපය සකද මල
තැන්කිව් අක්කා. හප්පේ මෙයාව මේ පැත්තේ දැක්ක කල්! :P
Deleteසකද මල? එහෙම එකක් මම අහලා නෑනේ.