මේඝ වළා සරනා දුර අහසේ
අසනි විසිරි ගිගිරුම් අතරේ
මතක මංපෙතේ මං සලකුණු මැද
මංමුලා ව සැරිසරන වෙලේ
ඒ ගී සරින් - මන්මද නදින්
ඝනඳුරු බිඳී හිරු රැස් දිලී...
මල් මුවරදින් - රොන්සුණු අරන්
පියමං කළේ දෙව්ලියක සේ...
නූපුර රැව් දෙන මල් වැහි පොද මැද
කිකිණි සිනා කැන් විසිරෙන්නේ
ඒ මන්මද නද මුසුව බිඟුන් සර
වන තුරුලිය මල් පුබුදන්නේ
සිහිලැල් හිරිකඩ මුසු පවනැල්ලේ
පා වී එන්නේ ඒ මල් සුවඳයි...
ඒ ගී සරින් - මන්මද නදින්
ඝනඳුරු බිඳී හිරු රැස් දිලී...
මල් මුවරදින් - රොන්සුණු අරන්
පියමං කළේ දෙව්ලියක සේ...
ගී සරින්... ඒ ගී සරින්.....

Thunder and lightning among the clouds are matched by storms of passion within me as terrible as they.
ReplyDeleteFrank Crane
:-D
WOW! 💗
Delete