307. ගී සරින්... ඒ ගී සරින්.....


මේඝ වළා සරනා දුර අහසේ

අසනි විසිරි ගිගිරුම් අතරේ

මතක මංපෙතේ මං සලකුණු මැද

මංමුලා ව සැරිසරන වෙලේ


ඒ ගී සරින් - මන්මද නදින්

ඝනඳුරු බිඳී හිරු රැස් දිලී...

මල් මුවරදින් - රොන්සුණු අරන්

පියමං කළේ දෙව්ලියක සේ...


නූපුර රැව් දෙන මල් වැහි පොද මැද

කිකිණි සිනා කැන් විසිරෙන්නේ

ඒ මන්මද නද මුසුව බිඟුන් සර

වන තුරුලිය මල් පුබුදන්නේ


සිහිලැල් හිරිකඩ මුසු පවනැල්ලේ

පා වී එන්නේ ඒ මල් සුවඳයි...


ඒ ගී සරින් - මන්මද නදින්

ඝනඳුරු බිඳී හිරු රැස් දිලී...

මල් මුවරදින් - රොන්සුණු අරන්

පියමං කළේ දෙව්ලියක සේ...


ගී සරින්... ඒ ගී සරින්.....



2 comments: