308. ආයෙමත්, මට සුබ උපන් දිනක් වේවා...!

 


ආයෙමත් කිව්වෙ මොකෝ දන්නවද? මේ වාගේ ම සටහනක් මම මීට අවුරුදු දෙකකට කළිනුත් ලිව්වා. ඒ මගේ දෙවෙනි පොත නිකුත්වුණ සුබ ආරංචියත් එක්ක. ඉතින් මේ වතාවෙත්, සරසවි ප්‍රකාශන ආයතනය මට උපන්දින තෑග්ගක් දීලා. මගේ තුන්වෙනි පොත, මගේ අලුත් ම පරිවර්තනය මේ සතියෙදි නිකුත් වුණා. කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිලේ සරසවි ප්‍රදර්ශන කුටියෙන් මේ පොත මිළදී ගන්න පුළුවන්. දැනට තියෙන්නේ එහෙ විතරයි. සතියකින් දෙකකින් විතර සරසවි පොත්සැල්වලිනුත් ගන්න පුළුවන් වෙයි. 

'අවසන් ගීතය' කියන්නේ මගේ පළමු පරිවර්තනයේ මුල් කතුවරයා වුණ ඇමරිකානු ලේඛක නිකලස් ස්පාර්ක්ස්ගේ ම The Last Song නමැති ආදරණීය නවකතාවේ සිංහල පරිවර්තනය. මෙය, දහ හත් හැවිරිදි යෞවනියක් වටා ගෙතුණු, යොවුන් ආදරය, මාපිය - දූදරු ප්‍රේමය, සොයුරු පෙම හා මිතුදම කියන ආදරයේ විචිත්‍ර පැහැයන්ගෙන් හැඩ ගැන්වුණ කතාන්දරයක්; අපේ ජීවිතයේ සමීපතමයින් ගැන ඇතිවන බැඳීම් ඇතැම් විටෙක අපගේ හදවත බිඳ දමන ආකාරය, ඒ වගේම නැවත එය සුවපත් කරන ආකාරය පැහැදිලි කරනා කතාන්දරයක්. ඒ වගේම, සංගීතය හා කලාව ඇසුරෙන් කෙනෙකුගේ ජීවන ගීතයේ රිද්මයට සැනසිලිදායක බවක් ළඟා කරගන්නේ කෙසේදැයි පෙන්වා දෙන කතාන්දරයක්. 

හැමදාම මගේ පළමු පාඨක පෙළ විදිහට ඉන්න මගේ ආදරණීය බ්ලොග් සහෘදයින්ට පුළුවන් වුණොත් මේ පොත කියවලා ඒ ගැන අදහස් මා එක්ක බෙදාගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. හැමදාම මට දිරියක් වුණ ආදරණීය ඔබ සියලුදෙනාට මා බෙහෙවින් ම ස්තූතිවන්ත වෙනවා! 💗💗💗

ආ, උපන් දිනේ අද නෙවෙයි. දැන් දවසක් දෙකක් විතර වෙනවා ඒක පහුවෙලා. වයසනම්, milestone එකක්. 35යි. 😊😊😊



6 comments:

  1. “As you get older three things happen. The first is your memory goes, and I can’t remember the other two." Happy after-birthday!

    ReplyDelete
  2. කලින් පොත් ගත්තෙත් නැහැ තවම. ලංකාවට ආපු වෙලේක අරගෙනම කියන්නම් අදහස්.

    ReplyDelete
  3. Belated wishes for your birthday !!

    ReplyDelete