296. තෙලිතුඩෙන් ලියැවුණු කවිය සහ පන්හිඳෙන් ඇඳි සිතුවම...

මගේ සිත්තරා ඇඳි සිත්තමකි :)


සිලි සිලි නදින් කොඳුරමින් නැලැවෙන
තුරු හිස් පිස හමා එන මඳ පවනැල්ල
හරිත පැහැ මුසු සිහිල් ගොම්මනේ
හෙමි හෙමින් ඇද හැලෙන මල් වැස්ස
සියොත් ගී රාවයෙන් කුල්මත්ව හිනැහෙන
කැලෑ මල් සුවඳින් පිරී ගිය වන ලැහැබ
ගලින් ගලට ඇද හැලෙමින් මුමුණමින්
පෙණ සිනහා නගමින් ගලා බසිනා සීත දිය දහර
වැහි බිඳු රැඳුනු සියපත් සුපිපුණු 
විල් තෙර අද්දර විසල් තුරු සෙවණෙක
ළන්තෑරුම් එළියක උණුහුම ගැල්වුණු
ගෙපැලක පිළ මත හිඳ
මේ සොඳුරු වසන්ත සිහිනය
සිතුවමට නගනා සිත්තරා කවුරුන්ද...




14 comments:

  1. සිත්තරා ඔයාගේ සිත්තරා,

    මේ එක නෙමේ මට දැන් මේ චිත්‍රය එහෙම දැක්කාම ප්‍රශ්නයක් ඇති වෙනවා.හරියට නිකම් මුලින්ම ආවේ බිත්තරේද ,කිකිළිද වගේ එකක්.:D

    සිත්තරාගේ මේ වගේ චිත්‍ර වලින්ද අක්කාට ඔය ගමේ කතන්දර මතු වෙන්නේ,නැතිනම් අක්කාගේ ගමේ කතන්දර කියවලාද සිත්තරා මේ වගේ එව්වා අදින්නේ ?

    ReplyDelete
    Replies
    1. එයා මෙහෙම එව්වා අඳිනවා හරි අඩුයි අනේ. වැඩිහරියක් අඳින්නේ ආලේඛ්‍ය චිත්‍ර (portraits). මේකත් ඇන්දේ ආපු ඕඩර් එකකට. ඉතින් මෙයැයිගේ සිත්තරවලයි, මගේ කතන්දරවලයි සම්බන්ධයක්නං නෑ. :)

      Delete
  2. Artists - musicians, painters, writers, poets - always seem to have had the most accurate perception of what is really going on around them, not the official version or the popular perception of contemporary life.
    - Billy Joel

    ReplyDelete
    Replies
    1. The aim of every artist is to arrest motion, which is life, by artificial means and hold it fixed so that a hundred years later, when a stranger looks at it, it moves again since it is life. ~William Faulkner

      Delete
  3. Modern art is what happens when painters stop looking at girls and persuade themselves that they have a better idea.
    - John Ciardi

    ReplyDelete
  4. ඔය සිත්තරාගේ තව සිතුවම් ටිකක් දාන්නකෝ. හරි ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්. :) මේ තියෙන්නේ එයාගෙ page එක: https://www.facebook.com/wasanthacreations

      Delete
  5. ෂා නියමයි. තෙලි තුඩින් කවි ලියන සිත්තරයි, පන්හිඳෙන් සිත්තර අඳින සිත්තරියි. සිත්තමී නෙමේ ඔයාට හරියන නම සිත්තරී. හැබෑටම මේ හැන්දෑවක්ද? මට පෙන්නේ උදේ වගේ.

    ReplyDelete
    Replies
    1. නෙළුම් මල් පිපිලා තියෙන හින්දා ඔයාට උදේ වගේ දැනෙනවා ඇති. මමත් ඇත්තටම ඇහැව්වෙ මේ උදේද හැන්දෑවෙද කියලා. චිත්‍රෙ දිහා බැලුවාම මම හිතාගත්තෙ මල් පරවෙන්න ළං වෙච්ච හැන්දෑව කියලා. මම සිත්තරාගෙන අහලා කියන්නම්කෝ. :)

      Delete