පහුගිය ටිකේ ගීත වැස්සකට අහු වුණානේ. ඒ වැස්සට තෙමුණා මදි වගේ හැඟීමක් හිතට දැනි දැනි තියෙද්දි රවි අයියා මුළින් තෝරපු ගීත 16ට අමතරව තවත් ගීත එකතු කරනවා දැක්කා. එහෙම දෙයක්වත් කරලා හිතට දැනෙන සාංකාව දුරු කරගන්න වෙලාවක් හොය හොය ඉන්න අතරෙදි සොඳුරු සඳවතී ලියපු විදෙස් ගීත එකතුව දැක්කා. එවෙලෙම හිතුණා මෙහෙම එකක්නම් ලියන්නම ඕනෙ කියලා. ගොඩක් ආදරේ කරන හින්දි ගීත එකතුවකුත්, ඊළඟට ඉංග්‍රීසි ගීත එකතුවකුත් ඉදිරිපත් කරන්නයි ඔන්න දැන් මගේ කල්පනාව. ගීත මතක් කර කර ඉන්න අතරේ හීන දකින්නිත් හින්දි ගීත එකතුවක් පළ කරලා තියෙනවා දැක්කා. ඉයන්, ඔන්න ඔයාගෙ සිගරට් එක පත්තු කරපු බට කොළේට පිං සිද්ධ වෙන්න ආයෙමත් මම ගීත වැස්සකට තෙමෙන්නයි යන්නේ. ඔයාලා හැමදෙනාමත් එක්කම. :)
1. හින්දි ගීත, චිත්‍රපට රසවිඳින්න අපි පෙළඹුනේ අපේ තාත්තා නිසා. අයියාට වඩා මාත් නංගිත් ඒ පැත්තට ගොඩක් නැඹුරු වුණා. ජග්ජීත් සිං හා චිත්‍රා සිං කියන අති දක්ෂ ගස(z)ල් ගායක යුවළගේ ගීත ඔබ අසා ඇතැයි කියා සිතනවා. ඔවුන් දෙදෙනා ලන්ඩන් වල රෝයල් ඇල්බට් ශාලාවේ පවත්වපු සංදර්ශනයක සජීවී පටිගතකිරීම් ඇතුළත් කැසට් පටයක් අපේ ගෙදර තිබුණා. හින්දි ගීත රසවින්දනයේ මුල්ම මතකය බැඳිලා තියෙන්නේ ඒ කැසට් පටයේ ගීතත් එක්ක. ප්‍රේක්ෂයන්ගේ ඔල්වරසන් හඬ පවා ඒ පටයේ ඇතුළත් වුණා. මේ එක වාගේම සුන්දරත්වයකින් යුතු වූ ඒ ගීත එකතුවෙන් එකක්.
2. ආරාධනා. මගේ ඒක පාර්ශ්වික ප්‍රථම ප්‍රේමය වෙච්ච රාජේශ් ඛන්නා ඉන්න ඕනෙම චිත්‍රපටයක ඕනෙම ගීතයකට මම කැමතියි. මේ චිත්‍රපටයේ හැම ගීතයක්ම මට කටපාඩම්. ආරාධනා චිත්‍රපටයට අමතරව, කතිපතන්, අප්නා දේශ්, හාති මෙරේ සාති රාජේශ් ඛන්නා හිටපු හුඟක් ලස්සන ගීත ඇතුළත් සුන්දර චිත්‍රපට. Korakagaz ta yeh man mera
3. මේ 1983 වසරේ තිරගත වුණ Masoom චිත්‍රපටයේ ගීතයක්. චිත්‍රපටයනම් බලලා නැති වුණත් ගීතයනම් ගොඩක් රසවිඳිනවා. මගේ පැංචාටත් මම නිතර බලන්න දෙන ගීතයක්. Ladki ki kaathi.
4. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණ 'භාරත ගී වින්දන' වැඩසටහන අපි හැමෝම එකට ඉඳගෙන රසවිඳපු වැඩසටහනක්. මේ ගීතයත්, ඊළඟ ගීතයත්, ඒ වැඩසටහනේදී මම නිතර දැකපු හුඟක් ලස්සන ගීත දෙකක්. මේ ගීතය 1975 වසරේ තිරගත වුණ Sholay චිත්‍රපටයෙන්.
5. මේ ගීතය Dosti චිත්‍රපටයෙන්. මම හුඟක් ආදරේ කරන ගීතයක්. Koi jab rahna paye
6, 7, 8. අපි පොඩි කාලේ අපේ ගෙදර රූපවාහිනියක් නොතිබුණ කාලයක් තිබුණ බව මම කළින් ලිපියෙදිත් කිව්වා මං හිතන්නේ. ඒ කාළෙදි නංගියි මායි රෑ වෙද්දි ගුවන් විදුලියේ සිටි එෆ් එම් සුසර කරගෙන ලෑස්ති වෙන්නෙ පැරණි හින්දි ගීත අහන්න. ඒ සිටි එෆ් එම් හරහා දෑස් වසාගෙන රස විඳපු ඉතාම සුන්දර ගීත ගොන්නක් අතරින් මේ ගීත ත්‍රිත්වය අමාරුවෙන් තෝරගත්තා. ගුවන් විදුලියෙන් ඒ ගීත අහද්දි හිතේ මැවුණ චිත්ත රූප වලට වඩා හාත්පසින්ම වෙනස් වෙච්ච රූප රාමු පෙළක් එක්ක පස්සෙ කාලෙකදි මේ ගීත නැරඹුවාම හිතට පුංචි දුකකුත් නොදැනුණාම නෙවෙයි. ඒත් ඉතිං ගීතයේ රසයේ වෙනසක් නෑනේ.
Yeh mera prem patra padhkar
Kya huva tera vaada
Nisultanaare
9. මොහොමඩ් රාෆි. පැරණි හින්දි ගී අතරින් මා අසා තිබෙන ලයාන්විතම ගීතය ගයා ඇත්තේ එතුමන්. Dulari චිත්‍රපටයේ Suhani Raat ගීතය.
10. මේ තියෙන්නේ මම ජීවිතේට අහපු දිගම ගීතය. ඒ වගේම ඉතාමත් ආදරේ කරන, හොය හොයා අහන ගීත අතර පෙරමුණේම ඉන්න ගීතය. Border චිත්‍රපටයත් ඉතාම සුන්දරයි.
11. Parineeta චිත්‍රපටය වගේම ඒ චිත්‍රපටයේ හැම ගීතයක්ම ඉතාමත් ලස්සනයි. සෝනු නිගම්, වර්තමාන හින්දි ගායකයන් අතරින් මගේ ප්‍රියතම ගායකයා.
12. මේක මහා පුදුම ගීතයක්. මේක මම මුළින්ම ඇහුවේ අපේ පාසැලෙන් සංවිධානය කරපු ප්‍රසංගයකදි සහෝදර පාසලක සොයුරෙක් වේදිකාවේ මේ ගීතය ගයපු මොහොතේ. ඉන්දියානු කුර්තා ඇඳුමකින් සැරසී ඔහු මේ ගීතය ඉතාමත් ලස්සනට ගැයුවා. අන්තර්ජාලයෙන් මේ ගීතය මා නැරඹුවේ ඉන් වසර ගණනාවකට පසු. කොයි තරම් ලස්සන ගීතයක්ද. Chandi jaisa rang hai tera.
13. 1942 A Love Story චිත්‍රපටය ගැන මම ආයෙ අමුතුවෙන් කියන්න ඕන වෙන්නෙ නෑනේ. ඉතාම සුන්දර ගීත ගොන්නක්ම පිරුණ ලස්සන චිත්‍රපටයක්. මේ ඒ ගීත අතරින් මම කැමතිම ගීතය.
14. අමීර් ඛාන්ට මම කැමති ඔහුගේ රඟපෑමේ වගේම ඔහු නිර්මාණය කරපු චිත්‍රපට වලත් තියෙන අති සුපරික්ෂාකාරී බව හින්දා. Taare zameen par ගත්තත් Lagaan ගත්තත් කියන්න කිසිම අඩුවක් මටනම් දැනෙන්නේ නෑ. මේ සුන්දර ගීතය ලගාන් චිත්‍රපටයෙන්.
15. Mission Kashmir චිත්‍රපටය සාමාන්‍ය කතා තේමාවක් තියෙන සාමාන්‍ය කතාවක් වුණත් ඒ චිත්‍රපටයේ ගීත හරිම ලස්සනයි. මේ ඒ අතරින් මම කැමතිම ගීතය.
16. ඉතාමත් මෑතකදි මගේ කනට ඇහුණ හින්දි ගීත අතරින් මගේ හිත නතර කරගත්ත ගීතය තමයි මේ.
ඉතින් ඔන්න හින්දි ගී වරුසාව නිමා වුණා. සිංහල ගීත වගේ නෙවෙයි, මේ ගීත බොහොම දිගයි. ඒ නිසා මේවා අහද්දි වැඩිපුර බයිට් පිච්චෙනවා. ඒ ගැන සමා වෙන්ඩ ඕමනයි. :)

මම මෙතනින් ආසම Border ෆිල්ම් එකේ ගීයට, ඔයා කිව්ව වගේ ඒක හරිම දිගයි හරිම ලස්සනයි...අපූරු එකතුවක් සිත්තමී. එක ගීයක් වත් අයින් කරන්න බැනේ...
ReplyDeleteස්තූතියි හීන දකින්නි. මෙතනින් අයින් කරන්න නෙවෙයි, මට මේ එකතුවට එකතු කරගන්න බැරිවුණ ගීත ගැන මම දුක් වෙවී ඉන්නේ. Milan චිත්‍රපටයේ Sawan ka mahina ගීතය, Abhiman චිත්‍රපටයේ ගීත, Taare zameen par චිත්‍රපටයේ ගීත. කැමැත්තේ සීමාවක් හොයාගන්න බැරි හින්දා මේකත් ගීත 16කටම සීමා කරන්න හිතුව හින්දා ඒ ගීත අත අරින්න වුණා. :/
Deleteආයිත් ගින්නක් පටන් අරන් කාන්තා පාර්ශවය. සුභ පැතුම් සිතුවිලි.සි
ReplyDeleteවැරදියි ඉයන්තුමා. ආයෙත් පටන් අරන් නෙවෙයි, අර පටන්ගත්තු එකේ හරියටම නිවිලා ගිහින් තිබ්බෙ නැති ගිනි පුපුරු හුළඟට අහුවෙලා ආයෙමත් ඇවිලිලා. :D
Deleteමං හින්දි ෆිල්ම්ස් බලන්න නම් එච්චර ආසාවක් නෑ.සින්දු නම් අහනවා.ඒත් ඉතින් ගීත තෝරන්න නම් කම්මැලි.ඔයාලාගෙ සින්දු ටික බලලා සැනසෙන්නයි කල්පනාව.මේවාට අමතර ව ජූලී සින්දුවටත්,බවුජි බවුරා මූවී එකේ සින්දු ටිකත් ආසයි..
ReplyDeleteනංගි තාමත් බලලා නැත්තම් බලන්න ලස්සන හිංදි චිත්‍රපටි ටිකක් මම කියන්නද? මේ මම බලලා තියෙන, මේ වෙලාවේ මට මතක් වෙන ඒවායෙන් ආයෙ ආයෙමත් බලන්න කැමති ඒවා.
DeleteApu Trilogy
Aradhana (1969)
Abhiman (1973)
Anand (1971)
Apna Desh (1971)
Agantuk (1991)
Border (1997)
Lagaan (2001)
Kabhi Kushi Kabhi Gam (2001)
Swades (2004)
Taare Zameen Par (2007)
Drona (2008)
Jodha Akbar (2008)
Barfi (2012)
Bajirao Maztani (2015)
තැන්කූ තැන්කූ අක්කෝ..
Deleteඅභිමාන්,ආරාධනා,තාරේ සමින් පර් බලලා තියෙනවා. මං වැඩිපුරම ආසා ඔය පී.කේ-ත්‍රී ඉඩියට්ස්-කහානි වාගෙ වෙනස් කතා තේමාවක් තියෙන ඒවට තමා.ආන් ඒ වගේ එව්වා කීපයක් නිර්දේශ කරන්න පුළුවන් නම් ඊළඟ ඉඩෝර කාලෙට හැමදාම වැහි වස්සවනවා..))
වෙනස් කතා නේද? බලමු, මම කියපු ලැයිස්තුවෙත් තියෙනවා වෙනස් කතා ටිකක්.
Deleteඅපූ ත්‍රිත්වය කියවලා තියෙනවානම්, ඒ පොත් පෙළෙන් ගොඩගැගුණ චිත්‍රපට තුනත් රසවිඳින්න පුළුවන් වෙයි. අපූ කොහොමත් 'වෙනස්' නේ? :)
ආගන්තුක්. ඒකත් බෙංගාලි චිත්‍රපටයක්. අපූ ත්‍රිත්වය ඔයාගේ කැමැත්තට ගැලපුණොත්, මේකටත් ඔයා කැමති වෙයි. සිදාදියේ ජීවත් වෙන ඥාති දියණියගේ/පුතාගේ (මතක නෑ හරියට) ගෙදර නවතින්න ගමේ ඉඳන් ආපු මාමා කෙනෙකුගේ කතාවක්. ලස්සනයි.
ලගාන්. අනිවාර්යයෙන් බලන්න. තාරේ සමීන් පර් රසවින්දානම්, අමීර් ඛාන්ගේ මේ නිර්මාණයටත් ඔයා ගොඩක් කැමති වෙයි. ඉංග්‍රීසින් ඉන්දියාව යටත් කරගෙන හිටපු කාලේ කතාවක්. ක්‍රිකට් වල සම්බන්ධයක් තියෙනවා. හරිම ලස්සනයි.
ද්‍රෝණා. ඉන්දියානු ෆන්ටැසි කතාවක්. මට වෙනස් බවක් දැනුණා. කැමතිනම් බලන්න.
බාර්ෆි. වෙනස්ම වෙනස්. ඔයා ගොඩක් ආස වෙයි. හොලිවුඩ් චිත්‍රපට කීපයකින් තැනින් තැනින් ගත්තු කොටස් ඔබ්බවලා තියෙන බවක් තේරුණත්, සමස්ථයක් විදිහට අපූරුවට රසවිඳින්න පුළුවන් වෙනස්ම වෙනස් කතාවක්.
බජිරාඕ මස්තානි. සත්‍ය කතාවක්. ඉන්දියානු පුරාවෘත්තයක්. ජෝදා අක්බර් වගේ තමයි.
මට උඩින් කියපු ටිකට එකතු කරන්න අමතක වුණා 'පා'. ඒකත් වෙනස්ම වෙනස්. ඔයාට මම මුළින්ම බලන්න රෙකමෙන්ඩ් කරන්නේ 'බාර්ෆි', 'පා' සහ 'ලගාන්'.
පරිනීතා ගැනත් කියන්න අමතක වුණා. ලස්සන ආදර කතාවක්. ආරාධනා, අභිමාන් ගොඩටම මට දාන්න පුළුවන් ඒකත්.
පීකේ, කහානි නම් මගේ ටේස්ට් එකට හරි ගියෙ නෑ. :)
බ්ලැක්
Deleteගුසා(z)රිෂ්
Black වෙනස් කතාවක් තමයි. Guzaarish ගැනනම් මම අහලා තිබ්බේ නෑ. ගස්ගේ මේ කමෙන්ට් එක දැකලා විස්තර හොයලා බැලුවාම මට එකපාරටම මතක් වුණේ මේ ළඟදි බලපු Me Before You. මම ළඟකදි බලපු ලස්සනම ලස්සන, ඉතාමත්ම සංවේදී චිත්‍රපටය තමයි ඒ.
Deleteමං බලන්නම් අක්කා..අපූ චිත්‍රපටි නරඹලා තියෙනවා.ඒකේ මං ආසම තැනක් තමා අපූ අර වැහි දවසට අහස දිහා බලන එක.පොතෙත් නැති තැනක් අපූරුවට ෆිල්ම් එකට අරගත්ත අවස්ථාවක්..
Deleteගස්ලබ්බාටත් ස්තූතියි.. බ්ලැක් මං බලලා තියෙනවා..
මී බිෆෝ යූ ස්පාක්ස්ගේ මූවී එකක්ද අක්කා?
නෑ, ඒක ස්පාර්ක්ස්ගේ පොතක් නෙවෙයි. ඒක ලිව්වෙ ජොජෝ මෝයස්. ඇත්තම කියන්න, ඒ පොත කියෙව්වට පස්සෙ ස්පාර්ක්ස් මගේ ප්‍රියතම කර්තෘ ලැයිස්තුවෙ දෙවෙනි තැනට වැටුණනේ. :/ පුදුම ලස්සන කතාවක් නංගි. හැබැයි මම චිත්‍රපටය මුළින් බලලා පොත පස්සෙ කියවපු නිසාද මන්දා මට පොතට වැඩිය චිත්‍රපටයට ආසා හිතුණා.
Deleteමෙ පෝස්ට් එක දැම්මෙ ගස්ලබ්බද කියලහිතෙනවා... ගීත දෙකයි තුනයි උඩ පහල යන්න තියෙන්නෙ... අභිමාන්,බෞජිබවුරා ඇතුලට එනවා අනිවාර්යෙන්.එච්චරයි වෙනසකට තියෙන්නෙ...
ReplyDeleteජයවේවා..!!
අභිමාන් ඇත්තටම මගේ ප්‍රියතම චිත්‍රපට අතර තියෙනවා. ගීතත් ඇත්තටම ගොඩක් ලස්සනයි. මුළින්ම හදපු ගීත විසි ගණනක් තිබුණ ලැයිස්තුවේ ඒ චිත්‍රපටයේ ගීත තිබුණා. ඒත් 16කට අඩු කරද්දී, ඒවා එළියට ගියා. බෞජි බවුරා චිත්‍රපටයනම් මට මතක් කරගන්න වෙනවා. ඒක ගැන මතකයේ නෑ. ඇයි මධුමතී? මට මේ ලැයිස්තුව හදද්දි මිලන් අමතක වුණානේ. නැත්තම් 'සාවන් කා මහීනා' අනිවාර්යෙන්ම ඇතුළට එනවා.
Deleteමගේ සිංහල ගීත තේරීම් වලටත් ගස් ගොඩක් කැමති වුණා මට මතකයි. හරිම සතුටුයි. :)
හෙහ්, රාජේස් ගොයිය එක්ක ඔහෙගෙ තිබ්බ ලෝංග් ටර්ම් ලව් එෆෙයාර් එකක් නේ?..මට මතකයි ගිය අවුරුද්දෙ උන්දැ මළගිය දවසෙ ඔහෙයි සිත්තරයි දෙන්නත් එක්ක ගෙවල් ගාව පන්සලට දානෙකුත් දුන්න නේද? දානෙ වළඳල ලොකු හාමුදුරුවො කරපු අනුසාසනාවත් මට තාම මතකයි. ඉඳහංකො මේ සිංදු ගැන ලියල අහවරයක් වෙනකල්, ඒ ගැන පෝස්ට් එකක් මම ලියන්ට හිට...හෙහ්,හෙහ්,
ReplyDeleteමම කැමති සිංදු බොහොමයක්ම ඔතන තියනව. ඊට අමතරව තවත් මම කැමතිම ගීතයක්…....
Aap jaisa koi
Zindagi main aaye
Baat ban jaaye
Aap jaisa koi
Zindagi main aaye
To baat ban jaaye
ඒකෙ ගායනය සංගීතය දෙකම විශිෂ්ඨයි. ගායිකාව - නසියා හසන්...චිත්‍රපටය - කුර්බානි
මෙතනින් ගීතය ඇහියෑකි!!!
ආයෙත් අහලා. මේ තියෙන්නේ ඒ දානේ විස්තරේ. අයියා ඔය කියන සින්දුව මම අහලා තියෙනවා. මතකයේ රැඳිලාත් තියෙනවා. ඒත් මගේ ප්‍රියතම ගීත ගණයටනම් ඒ රිද්මය, හඬ ඇතුළු වෙන්නෙ නෑ.
Deleteඅනූව දශකයේ රූපවාහිනියේ පෙන්නුව චිත්‍රපට වලින් තමයි මමත් හින්දි සිංදු ඉගෙන ගත්තේ. හැබැයි ඒ දශකයෙම අග විදෙස්ගත වෙච්ච නිසා, මෑත කාලීන චිත්‍රපට ගීත දන්නවා හරි අඩුයි. මතක ඒවා පෙළ ගැස්සුවොත්;
ReplyDelete1. Tu Hi re (Bombay)
මේ මගේ ඕල් ටයිම් ෆේවරිට්ම හින්දි සිංදුව...
2. Aaja Re Pardesi (Madhumathi)
මේකත් උඩ එක එක්කම තියන්න පුළුවන්
3. Teri Bindiya Re (Abhimaan)
4. Roop Tera Mastana
ආරාධනා චිත්‍රපටියේ මම බැලුවේ තරමක් පහු වෙලයි. හැබැයි ඉතින් නිළිය නම් තාම හිතේ ඉන්නවා.
5. Suraj Hua Maddham (Kabhi Khushi Kabhie Gham)
අපේ පරම්පරාවේ චිත්‍රපට ගීත අතරින් මේක හරිම විශේෂ එකක්...
6. Suhani Raat
මේකට මාත් ගොඩක් කැමතියි.
7. Aa Bhi Ja (Sur)
8. Chaudhvin Ka Chand Ho (Chaudhvin Ka Chand)
නින්ද නේන රාත්‍රියේ
9. Mujhe Neend Na Aaye (Dil)
10. Jo Wada Kiya Woh (Taj Mahal)
සමන්මල් පියල්ලේ
යස්, 'Tu hi re' ගීතය හරිම ලස්සනයි. මමත් හුඟක් කැමතියි. බොම්බේ චිත්‍රපටයේ කතාවත් හරිම ලස්සනයි. ඒ පවුල අන්තිමට එකතු වෙන හින්දා මම ඒ චිත්‍රපටය ආයෙ බලන්න ලැබුණොත් බලනවා. බැරිවෙලාවත් එහෙම නොවුණනං එහෙම මං ඒක ආයෙ බලන්නෙම නෑ.
Deleteමධුමතී චිත්‍රපටයෙ මම කැමතිම 'Dil thadap thadap the hera' ගීතයට.
අභිමාන් චිත්‍රපටයේ මේ ගීතයටයි, දෙන්නම බඳින්න කළින් තනි තනියම කියන ගීත දෙක 'Meethna milaare man ka' සහ 'Piya bina piya bina' ගීත දෙකටයි තමයි මම කැමතිම.
ආරාධනා ගැනනම් ආයෙ කියන්න ඕනෙ නෑනේ. සුරජ් නැති වුණාට පස්සේ තාත්තයි දුවයි කරත්තේ නැගලා යද්දි කියන සින්දුව 'Saphal hogi theri aradhana', ඒකත් හරිම ලස්සනයි නේද?
අනේ මන්දා, ගොඩක් අය මේ K3G ෆිල්ම් එකේ මේ සින්දුවට තමයි කැමති. ඒත් මමනම් කැමති අර අය්ය මල්ලි, අක්කා නංගි ඔක්කොම නටන 'Bole chudiyan' සින්දුවට. මම ආයෙ ආයෙමත් බලන්න කැමති, නිතර මතක් කරන්න කැමති ලස්සනම ලස්සන චිත්‍රපටයක්.
මොහොමඩ් රාෆිගේ 'Suhani raat' ගීතයයි, 'Chaundvin ka chand ho' ගීතයයි දෙකම එකවගේ ලයාන්විත රිද්ම තියෙන ගීත දෙකක්. ඒ දෙකම බලලා තමයි මම 'Suhani raat' මගේ එකතුවට ඇතුළු කළේ. එතුමාගේ ලස්සන වේග රිද්ම ගීතයකුත් තියනවා මම කැමති 'Yeh chand se roshan chehra'. අර ඉන්දියාවේ ළමා ගීත තරගෙකදි පොඩි පැන්චෙක් ඕක කිව්වා පුදුම ලස්සනට. පැන්චාගෙ නම Thanmey Chathurvedi.
'Aa bhi ja' ගීතය ලස්සනයි තමා.
දිල් චිත්‍රපටයේ ඔය ගීතය ඒ දවස් වල රූපවාහිනියේ නිතරම ගිහිල්ලා මට අහලා දැකලාම එපා වුණා.
'Jo vaada kiya woh'. අනේ මෙන්න මේක මට මගේ තරාදියට දාලා බලන්න අමතක වෙච්ච, මං ආස ගීතයක්.
ස්තූතියි අයියේ. :)
මේ පෝස්ට් එක මම අදයි දැක්කෙ අනේ බාංස්.. දැන් පරක්කු වැඩියි වගේ මොකවත් කියාන්ට..
ReplyDeleteඅනෙක හින්දි සිංදු ගැන මෙහෙම විස්තර ස්වල්පයක් කියලා කොහොම ඉවර කරන්ට ද? මගේ හාර්ඩ් ඩිස්ක් එකේම තියෙනෝ ගිගාබයිට් බරගානක හින්දි සිංදු විතරක්, පැරැණි ඒවා අලුත් ඒවා, සිත්තරපටි වල සිංදු වගේම එහෙම නොවෙන ඒවා.. හපොයි!
ඔය ළමායි හින්දි සිංදු විතරය අහන්නෙ? දෙමළ, උර්දු, නේපාලි, බෙංගාලි එහෙම අහන්නෙ නැත?
අයියෝ, කවදා මොනවා කිව්වත් පරක්කු වැඩි වෙන්නෙ නෑ බොලේ. :)
Deleteඕකනෙ කියන්නෙ, අයියත් බ්ලොග් එකක් ලිව්වනං එක පෝස්ට් එකට එක සින්දුවයි ඒකෙ විස්තරෙයි ගානේ දාන්ඩ තිබ්බා ඔය මුළු ගිගාබයිට් ගාණම. කොහෙද ඉතිං. :P
අනිත් භාෂා වලත් ලස්සන සිංදු ඇහුණොත් අහනවා. අපි පොඩි කාලේ රූපවාහිනියේ නිතරම ගිය එකක් තමයි 'එක්ලා චලෝ රේ'. ඒක බෙංගාලි නේද? එතකොට රෝජා චිත්‍රපටයෙ ගීත දෙමළ ගීත නේද? බොම්බේ චිත්‍රපටයෙත් දෙමළ වර්ශන් එකක් තියෙනවා, ඒකෙ 'තුහිරේ' ගීතය 'උයිරේ' කියලා කියනවා මම අහලා තියෙනවා.
කියන්ඩ තන්තෝසයි.. මේකේ කියලා තියෙන එකම හින්දි චිත්‍රපටියක්වත් පණපිටින් නරඹා නැත.. හැබැයි කොහොමද මංදා ගොඩක්ම මේ සින්දුනම් අහලා/ ඇහිලා තියෙනවා.. මගේ හින්දි ගීත ගැන මතකය මුලටම එන්නේ අපේ තාත්තා තමයි.. තාත්තා හින්දි ෆිල්ම් පිස්සෙක් ( ඒ කාලේ) ලු.. 1950/60/70 කාලේ ඒවායින් ලංකාවේ තිරගත වෙච්චි හැම එකක්ම බලල ඇති.. අදටත් ඒවායේ කතාව වගේම සින්දුත් මතකයි.. මේ ඊයේ පෙරේදා අපේ බ්ලොග් කරුවෝ දෙතුන් දෙනෙකුටනම් අවස්ථාවක් ආව ඒ පැරණි රසාංග ටිකක් තාත්තගෙන්ම අහගන්න.. බවුජි බවුරා එකේ යේ දුනියාකේ රක්වාලේ කියල පටන් ගත්තම එකේම සිංහල වර්ෂන් එක කෝ සැපතා මේ සංසාරේත් කියල තව අඩුම දහයක් දොළහක් කියල තමයි නවත්වන්නේ.. සක්.. තාත්ත බ්ලොග් එකක් ලියනවනම් මේකට දෙයි පට්ට රිප්ලයි එකක්..
ReplyDeleteමෙතන තියන හැම චිත්‍රපටයක්මනම් මාත් බලලා නෑ තමයි ඉතිං. ඒත් මේ ගීත රූපවාහිනියෙන්, ගුවන්විදුලියෙන් කනට වැටිලා, හිතේ තැන්පත් වෙලා තියෙනවා. අපේ තාත්තා කොච්චර හින්දි ගීත රසවින්දත්, අපිටත් ඒ ලෙඩේ බෝ කළත්, ආසාවට එකක් කියන්නෙ නෑනෙ ඇහෙන්න. ඒකටත් එක්ක ඉන්නවා මට දැන් සිත්තරා. සින්දුවක් කටේ නැති වෙලාවක් නෑ. දැන් අයියට කරන්න තියෙන්නේ අයියලාගෙ තාත්තට මේක කියවන්න දීලා, මේ සින්දු ටික අහන්න දීලා තාත්තාගේ රිප්ලයි එක අසා ලිවීම කරලා මෙතන දාන එක. :)
Delete