[එකිනෙකාගේ දෑත් පටලාගෙන පිවිසෙන ඇල්ජර්නන් හා සිසිලි, ජැක් වෙත සෙමින් පැමිණේ.]
ජැක්:
දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ! [ජැක් ඇල්ජර්නන් හට ඉවත් වන ලෙස හිස වනා හඟවයි.]
ඇල්ජර්නන්:
ජෝන් අයියේ, මම මේ නගරෙ ඉඳන් මෙච්චර අමාරුවෙන් ආවේ මං ඔයාට දීපු කරදරවලට සමාව ඉල්ලගන්න. මම මීටපස්සෙ හොඳ මිනිහෙක් වගේ ජීවත් වෙනවා.
[ජැක් ඔහු වෙත ඔරවාගෙනම සිටින අතර ඔහු දිගු කරන අත අල්ලාගන්නේ නැත.]
සිසිලි:
ජැක් මාමේ, ඔයා ඔයාගෙ මල්ලිව පිළිගන්නවා නේද?
ජැක්:
කීයක් දුන්නත් මමනං ඔය මිනිහගෙ අත අල්ලන්නෙ නෑ. තියෙන ලැජ්ජ නැතිකමට තමයි ඔය මෙහෙ ඇවිත් තියෙන්නේ. මං මෙහෙම කියන්නෙ මොකද කියලා එයා දන්නවා හොඳටම.
සිසිලි:
ජැක් මාමේ, ඔයිට වඩා කරුණාවන්ත වෙන්නකෝ. හැම දෙනාම ළඟ මොකක් හරි හොඳක් තියෙනවා. අර්නස්ට් මට දැන් කිය කිය හිටියේ එයාගෙ අසරණ අබ්බගාත යාළුවා බන්බරි ගැන. මෙයා නිතරම එයා ගැන හොයලා බලනවලු. ඒ වගේ කිසිදෙයක් කරගන්න බැරි අබ්බගාතයෙක්ට කරුණාවෙන් සලකන කෙනා කොච්චර හොඳ කෙනෙක් වෙන්න ඕනෙද. ලන්ඩන් වල තියෙන හැම සතුටක්ම අමතක කරලා දාලා යාළුවාගේ දුක වේදනාව බෙදාගන්න එයා ළඟට වෙලා ඉන්න කෙනෙක්.
ජැක්:
ආ! ඒ ගමන මේ මිනිහා බන්බරි ගැනත් කතා කළාද?
සිසිලි:
ඔව්, එයා මට ඒ අසරණ බන්බරි ගැන හැමදේම කිව්වා. එයා කොච්චර අසනීපෙන්ද ඉන්නෙ කියලත් කිව්වා.
ජැක්:
බන්බරි! ඔය බන්බරි ගැනවත් වෙන මොකක් ගැනවත් තව එක වචනයක්වත් ඔය මිනිහට මං ඔයාගේ කනේ තියන්න ඉඩ දෙන්නෙ නෑ. මේ මිනිහා ඔයාවත් පිස්සු වට්ටන්නයි හදන්නේ.
ඇල්ජර්නන්:
මං දන්නවා මං වැරදි කරපු බව. ඒත් අයියේ මට ඔහොම කතා කරන්න එපා, ඒක හරිම අසාධාරණයි. මේ මං මෙහෙ ආපු පළවෙනි වතාවනේ. ඉතිං මාව ආදරෙන් පිළිගන්නකෝ.
සිසිලි:
ජැක් මාමේ, ඔයා දැන් අර්නස්ට්ට අතට අත දීලා එයාව පිළිගත්තෙ නැත්තං, මං ආයෙ කවදාවත් ඔයාට සමාවක් දෙන්නෙ නෑ.
ජැක්:
කවදාවත් සමාවක් දෙන්නෙ නෑ?
සිසිලි:
නෑ, නෑ, නෑමයි!
ජැක්:
හරි, මේක තමයි මං මේ මිනිහට අතට අත දෙන අන්තිම වතාව. [ඔරවාගෙනම ඇල්ජර්නන්ට අතට අත දෙයි.]
චැසියුබල්:
මේ වගේ සමාදානවීමක් දකින්න ලැබුණ එක වාසනාවක්, නේද? මං හිතන්නේ අපි මේ අයියා මලෝ දෙන්නාට ටිකක් තනියම ඉන්න දීලා ගියානං හොඳයි.
මිස් ප්‍රිස්ම්:
සිසිලි, එන්න අපිත් එක්ක.
සිසිලි:
හොඳයි මිස් ප්‍රිස්ම්. මගේ සමාදාන මෙහෙයුම ඉවරයි.
චැසියුබල්:
ඔයා අද හරිම හොඳ වැඩක් කළේ දරුවෝ.
මිස් ප්‍රිස්ම්:
අපි දැම්මම නිගමනවලට බහින්න හොඳ නෑ.
සිසිලි:
මටනම් හරිම සතුටුයි. [ඔවුහු පිටව යති.]
ජැක්:
තමුසෙ මහ කපටි මිනිහෙක් ඇල්ජි. පුළුවන් ඉක්මණට මෙහෙන් මකබෑවිලා ගියානං හොඳයි. මං කැමති නෑ මෙහෙ බන්බරියන්ව තියාගන්න.
[මෙරිමන් පැමිණේ.]
මෙරිමන්:
අර්නස්ට් මහත්මයාගේ බඩුමුට්ටු මං ඔබතුමාගේ කාමරේට අල්ලපු කාමරෙන් තිබ්බා. එහෙම හොඳයි නේද හාමු?
ජැක්:
මොකක්?
මෙරිමන්:
අර්නස්ට් මහත්මයාගේ බඩුමුට්ටු, හාමු. ඒවා මම ඔබතුමාගේ කාමරේට අල්ලපු කාමරෙන් තිබ්බා.
ජැක්:
මේ මිනිහගෙ බඩුමුට්ටු?
මෙරිමන්:
එහෙමයි හාමු. ගමන් මළු තුනයි, සබන් පුයර පෙට්ටියයි, තොප්පි දෙකයි, ලොකු කෑම පෙට්ටියයි.
ඇල්ජර්නන්:
මේ වතාවේ මට සතියකට වඩා ඉන්න අමාරුයි.
ජැක්:
මෙරිමන්, දැම්මම එන්න කියනවා රේස් කරත්තෙකට. අර්නස්ට් මහත්තයාට ටවුමෙන් පණිවිඩයක් ඇවිල්ලා වහාම එන්න කියලා.
මෙරිමන්:
හොඳමයි හාමු. [යළි නිවස තුළට යයි.]
ඇල්ජර්නන්:
තමුසෙ මහ බොරුකාරයෙක්නෙ ජැක්. මට ටවුමෙන් පණිවිඩයක් ආවෙ නෑනේ.
ජැක්:
ආවා.
ඇල්ජර්නන්:
කවුරුත් කතා කරනවා මට ඇහුණෙ නෑනේ.
ජැක්:
මහත්මයෙක් විදිහට තමුසෙට තියෙන වගකීම තමුසෙට කතා කරනවා.
ඇල්ජර්නන්:
මහත්මයෙක් විදිහට මට තියෙන වගකීම කවදාවත් මගේ සතුටට පොඩ්ඩක්වත් බාධා කරන්නෙ නෑ.
ජැක්:
මට පේනවා ඒ බව.
ඇල්ජර්නන්:
සිසිලි හරිම සීදේවී කෙල්ලෙක් ඕයි.
ජැක්:
තමුසෙට අයිතියක් නෑ සිසිලි කාර්ඩිව් ගැන එහෙම කතා කරන්න. මං කැමති නෑ ඒකට.
ඇල්ජර්නන්:
මං කැමති නෑ තමුසෙ ඔය ඇඳං ඉන්න ඇඳුමට. තමුසෙ සම්පූර්ණයෙන්ම විකාරයක් වගේ ඕක ඇඳං ඉන්න කොට. ගිහිං ඕක මාරු කරගන්නවාකො. තමුසෙගෙම ගෙදර අමුත්තෙක් විදිහට සතියක්ම ගත කරන්න යන මනුස්සයෙක් වෙනුවෙන් ඔහොම දුක් වෙන එක හරි නෑනේ. ඒක මහ විහිළුවක්නේ.
ජැක්:
තමුසෙ අමුත්තෙක් විදිහටවත් වෙන මොකෙක් විදිහටවත් මේ ගෙදර සුමානයක් ඉන්නෙ නෑ. තමුසෙ යන්න ඕනෙ... හතරෙ කෝච්චියෙ.
ඇල්ජර්නන්:
තමුසෙ ඔහොම දුක් වෙනකොට මං කොහොමද තමුසෙව දාලා යන්නෙ? චැහ්, හරිහමං යාළුවෙක් එහෙම වැඩ කරන්නෙ නෑ. මං ඔහොම මළගිය ප්‍රාණකාරයෙක් වෙනුවෙන් දුක් වෙවී ඉන්නකොට තමුසෙ යනවද මාව දාලා? නෑනෙ. එහෙම දෙයක් කළොත් මං හිතන්නේ තමුසෙ මහ හිතක් පපුවක් නැති මිනිහෙක් කියලා.
ජැක්:
හරි, මං ඇඳුම් මාරු කරගෙන ආවොත් තමුසෙ යනවද?
ඇල්ජර්නන්:
ඔව්, තමුසෙට එච්චර වෙලා නොගෙන ඇඳුම් මාරු කරං එන්න පුළුවන්නං. තමුසෙ තරම් ඇඳුම් අඳින්න වෙලාව ගත කරන මිනිහෙක්ව මම වෙන දැකලම නෑ. කොච්චර වෙලා අරං ඇන්දත් ආයෙ අමුතු වෙනසක් තියෙනවා කියලයැ.
ජැක්:
තමුසෙ වගේ කොච්චරවත් ඕනෙවට වඩා ඇඳුම් පොරවගෙන ඉන්නවට වඩා ඒක හොඳයි.
ඇල්ජර්නන්:
මං ඉඳ හිට ටිකක් වැඩිපුර ඇඳුම් ඇන්දට මක් වෙනවද, ඊට හරියන්න මං වැඩිපුර ඉගෙනගෙන තියෙනවනේ.
ජැක්:
තමුසෙගෙ මාන්නක්කාරකම විකාරයක්, තමුසෙගෙ හැසිරීම ඊටත් වඩා විකාරයක්, තමුසෙ මගේ මේ වත්තෙ මෙහෙම හිටගෙන ඉන්න එක තනිකරම විහිළුවක්. කොහොමහරි, තමුසෙ දැන් හතරෙ කෝච්චිය අල්ලගෙන ආපහු යනවා. තමුසෙට යහතින් ආපහු යන්ඩ ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. තමුසෙගෙ ඔය බන්බරියාවෙන් තමුසෙට ඇති වෙන සෙතක් නෑ. [නිවස තුළට යයි.]
ඇල්ජර්නන්:
මොකද නැත්තෙ, සෙත් ශාන්තියක්ම වෙලා තියෙන්නේ. මං සිසිලිට ආදරෙයි. එච්චරයිනෙ ඕනේ. [සිසිලි උද්‍යානය පසුපසින් මතු වෙයි. ඇය මල් පැළවලට වතුර වත්කරන්නට පටන්ගනියි.] ඒත් ආපහු යන්න කළින් මං තව බන්බරියාවකට වැඩ ලෑස්ති කරලා යන්න ඕනෙ. ආ, අර ඉන්නෙ.
සිසිලි:
ආ, මං මේ ආවේ රෝස මල් වලට වතුර ටිකක් දාන්න. මං හිතුවේ ඔයා ජැක් මාමා එක්ක ඇත්තෙ කියලා.
ඇල්ජර්නන්:
එයා ගියා මට රේස් කරත්තයක් ලෑස්ති කරන්න.
සිසිලි:
මාමා ඔයාව වටපිට බලන්න එක්ක යනවා කිව්වද?
ඇල්ජර්නන්:
එයා මාව ගෙදර යවන්නයි ලෑස්ති වෙන්නේ.
සිසිලි:
ඒ කියන්නේ අපිට වෙන් වෙන්න වෙනවද?
ඇල්ජර්නන්:
ඒ වගෙයි පේන්නේ. හරිම දුකයි.
සිසිලි:
කෙනෙක්ව හම්බවෙච්ච ගමන්ම එයාගෙන් වෙන්වෙන්න සිද්ද වෙන එක හරිම වේදනාවක්. පරණ යාළුවෝ ළඟ නැති පාළුව කෙනෙකුට දරාගෙන ඉන්න පුළුවන්. ඒත් මේ මුණගැහුණගමන් කෙනෙක්ගෙන් පොඩි වෙලාවකට හරි වෙන්වෙන්න සිද්ද වෙන එකනම් දරාගන්න බෑ.
ඇල්ජර්නන්:
ඒකනෙ.
[මෙරිමන් පැමිණෙයි.]
මෙරිමන්:
රේස් කරත්තෙ ඇවිල්ලා මහත්මයා. [ඇල්ජර්නන් සිසිලි වෙත ආයාචනාත්මක බැල්මක් හෙලයි.]
සිසිලි:
ඒකට ඉන්න කියන්න මෙරිමන්... විනාඩි පහක්.
මෙරිමන්:
හොඳයි පුංචි නෝනා. [මෙරිමන් පිටව යයි.]
ඇල්ජර්නන්:
සිසිලි, ඔයා අමනාප වෙන්නෙ නැත්තම් මං පොඩි කාරණාවක් කියන්නද? අවංකවම, විවෘතවම කියනවනම්, මට ඔයාව පේන්නේ සර්ව සම්පූර්ණ බවේ හැබෑම ප්‍රතිමූර්තියක් වගේ.
සිසිලි:
ඔයාගෙ අවංකකම මං හරිම අගය කරනවා අර්නස්ට්. ඔයා ඒ කියපු එක මං පොඩ්ඩක් මගේ දිනපොතේ ලියාගන්නද. [මේසය වෙත ගොස් දිනපොතේ සටහන් කරන්නට පටන් ගනියි.]
ඇල්ජර්නන්:
ඔයාට දිනපොතකුත් තියෙනවද? ඒක පොඩ්ඩක් මටත් පෙන්නන්නකො, මං ඕන දෙයක් දෙන්නං ඒ වෙනුවට.
සිසිලි:
අපොයි බෑ. [ඒ මතින් අතක් තබාගනියි.] ඒකෙ තියෙන්නේ මේ තරුණ ගෑණු ළමයෙකුගේ සිතුවිලි, සංකල්පනා. කවදාහරි ඒක පොතක් විදිහටත් එළියට එන්න බැරි නෑ. එතකොට බැරියෑ ඔයාටත් එකක් අරගෙන බලාගන්න. දැන් අර්නස්ට්, ඔයා කිය කිය හිටපු කතාව නතර කරන්න එපා. මං හරි කැමතියි අසා ලිවීමට. 'ප්‍රතිමූර්තියක් වගේ' කියන තැනට වෙනකල් මං ලියාගත්තා. ඊට පස්සෙ?
ඇල්ජර්නන්:
[පුදුමයට පත් වූ ලෙසින්] අහ්ම්! අහ්ම්!
සිසිලි:
අයියෝ කහින්න එපා අර්නස්ට්. කෙනෙක්ට අහගෙන ලියන්න කියවද්දි හරියට කතා කරන්න ඕනෙ, කහින්න හොඳ නෑ. අනික මං දන්නෙත් නෑ කැස්සක් ලියන හැටි. [ඇල්ජර්නන් කතා කරන අතරේ දිගටම සටහන් කරගනියි.]
ඇල්ජර්නන්:
[ඉක්මණින් කතා කරමින්] සිසිලි, ඔයාගෙ මේ අසමසම, අසිරිමත් සුන්දරත්වය දැකපු මොහොතේ ඉඳලා මට ඕනෙ වුණේ ඔයාට ආදරේ කරන්න. ආදරෙන් වියරු වැටිච්ච පිස්සෙක් වගේ, ඔයා මත්තෙම නැහීගෙන ඔයාට ආදරේ කරන්න.
සිසිලි:
වියරු වැටිච්ච පිස්සෙක් වගේ, මං මත්තෙම නැහීගෙන මට ආදරේ කරනවා කියලා කියන්න ඕනෙ නෑ. අනිත් එක, මොකද්ද මේ මං මත්තෙම නැහීගෙන කියන එකේ තේරුම?
ඇල්ජර්නන්:
සිසිලි!
[මෙරිමන් පැමිණෙයි.]
මෙරිමන්:
රේස් කරත්තෙ බලා ඉන්නවා මහත්මයා.
ඇල්ජර්නන්:
ඒකට කියනවා ලබන සතියෙ මේ වෙලාවටම එන්න කියලා.
මෙරිමන්:
[මෙරිමන් සිසිලි දෙස බැලුවද, ඇය කිසිවක් පවසන්නේ හෝ ප්‍රකාශ කරන්නේ හෝ නැත.] හොඳමයි. [පිටව යයි.]
සිසිලි:
ඔයා ලබන සතියේ මේ වෙලාව වෙනකල්ම ඉන්නවා කියලා දැනගත්තොත් ජැක් මාමාට හොඳටම තරහා යයි.
ඇල්ජර්නන්:
අයියෝ, එයා ගැන හිතන්න එපා. ඔයා ගැන ඇරෙන්න මේ ලෝකේ වෙන කවුරුවත් ගැන මං හිතන්නේ නෑ. මං ඔයාට ආදරෙයි සිසිලි. ඔයා මාව කසාද බඳිනවා නේද?
සිසිලි:
මෝඩ කොල්ලා! ඔව්, මොකද නැත්තෙ. ඇයි අනේ, අපි දැන් තුන් මාසෙකට උඩදිම විවාහ ගිවිසගත්තනෙ.
ඇල්ජර්නන්:
තුන් මාසෙකට උඩදි?
සිසිලි:
ඔව්, මේ බ්‍රහස්පතින්දට හරියටම මාස තුනයි.
ඇල්ජර්නන්:
ඒත් කොහොමද අපි විවාහ ගිවිසගත්තෙ?
සිසිලි:
මෙහෙමයි, මගේ ජැක් මාමා එයාගෙ තක්කඩි මල්ලි ගැන අපිට කිව්ව දව්සේ ඉඳලා මං මිස් ප්‍රිස්ම් එක්ක වැඩිපුරම කතා කළේ ඔයා ගැන. කෙනෙක් ගැන වැඩි වැඩියෙන් කතා කරන කොට ඒ කෙනා ගැන හිතේ වැඩි වැඩියෙන් කැමැත්තක් ඇති වෙනවා. එයා බොහොම විශේෂ කෙනෙක් කියලා දැනෙන්න පටන්ගන්නවා. ඒක මෝඩයි වගේ තමයි, ඒත් අර්නස්ට්, මං ඔයාට ආදරේ කරන්න පටන්ගත්තා.
ඇල්ජර්නන්:
වස්තුවේ! එතකොට කවදද විවාහ ගිවිසගැනීම සිද්ද වුණේ?
සිසිලි:
පෙබරවාරි දා හතරවෙනිදා. මං ඉන්නවද නැද්ද කියලාවත් හොයන්න ඔයාට කිසිම ඕනකමක් තිබ්බෙ නෑනේ, ඉතිං මට ඇති වෙලා දෙකෙන් එකක් බේරගන්න මං හිත හදාගත්තා. ඊට පස්සෙ මගේ හිතත් එක්කම සෑහෙන්න රණ්ඩු වෙලා රණ්ඩු වෙලා මං අන්තිමේදි මේ ගහ යටදි ඔයාගෙ විවාහ යෝජනාව පිළිගත්තා. ඊළඟ දවසෙ මං මේ පොඩි මුද්ද ඔයාගෙ නමින් අරගත්තා. මෙන්න මේ හැබෑ ආදරේ ගැටේ තියෙන වළල්ල තමයි මං හැමදාම දාගෙන ඉන්නම් කියලා ඔයාට පොරොන්දු වුණේ.
ඇල්ජර්නන්:
මමද මේක ඔයාට දුන්නෙ? ඒක හරි ලස්සනයිනෙ.
සිසිලි:
ඔව්, ඔයාට හොඳ කලාත්මක ඇහැක් තියෙනවා අර්නස්ට්. ඔයා ගෙව්ව නැහැදිච්ච ජීවිතේට මං සමාව දුන්නෙ අන්න ඒ හින්දා. මෙන්න මේ පෙට්ටියේ තමයි මං ඔයාගෙ ලියුම් ඔක්කොම දාලා අරන් තියාගෙන ඉන්නේ. [මේසය අසළ දණගසාගෙන පෙට්ටියක් විවර කර නිල් පැහැති රිබන් පටියකින් ගැටගැසූ ලියුම් මිටියක් පිටතට ගනියි.]
ඇල්ජර්නන්:
මගේ ලියුම්! ඒත් මගෙ රත්තරන් සිසිලි, මං කවදාවත් ඔයාට ලියුම් ලියලා නෑනේ.
සිසිලි:
ඒක ඉතින් ඔයා මට අමුතුවෙන් කියන්න ඕනෙයැ අර්නස්ට්. ඔයාගෙ ලියුම් ඔයාට ලියලා දුන්නෙත් මමමනෙ, මට ඒක හොඳට මතකයි. මං සතියට තුන්පාරක් ලියුම් ලිව්වා, සමහරවිට ඊටත් වැඩියෙන්.
ඇල්ජර්නන්:
අනේ මට ඒවා කියවන්න දෙනවද සිසිලි?
සිසිලි:
අපොයි බෑ. ඔයා ඔළුව උදුම්මවගනියි ඒවා කියවලා. [පෙට්ටිය යළි තැන්පත් කරයි.] මං අපෙ විවාහ ගිවිසුම කඩලා දැම්මට පස්සෙ ඔයා ලියපු ලියුම් තුන තමයි ලස්සනම. ඒවායෙ අකුරුත් වැරදියි. දැනටත් මට ඒවා ආපහු කියවද්දි ඇඬෙනවා.
ඇල්ජර්නන්:
අපේ විවාහ ගිවිසුම කැඩිලත් ගියාද?
සිසිලි:
ඔව්නේ. මාර්තු විසි දෙවෙනිදා. මේ තියෙන්නෙ ලියලා, ඔන්න ඔයාම බලාගන්න. [දිනපොත පෙන්වයි.] 'අද මම අර්නස්ට් සමග තිබූ විවාහ ගිවිසුම බිඳ දැමුවා. වෙන කරන්න දෙයක් නැහැ. අද හරිම ලස්සන දවසක්.'
ඇල්ජර්නන්:
ඒත් ඇයි ඔයා ඒ ගිවිසුම කඩලා දැම්මේ? මං මොනවා කළාටද? මං මුකුත් කළේ නෑනේ. සිසිලි, ඔයා අපේ විවාහ ගිවිසුම කඩලා දාපු බව ඇහැව්වාම මගේ හිතට හරිම අමාරුයි. අනික එච්චර ලස්සන දවසකදි.
සිසිලි:
එක වතාවක් හරි කැඩුණෙ නැත්තං ඒක හැබෑම ගිවිසුමක් වෙන්නෙ කොහොමද. ඒත් ඊළඟ සතිය වෙන්නත් කළින් මං ඔයාට සමාව දුන්නා.
ඇල්ජර්නන්:
[ඈ වෙත ළඟා වී දණ නමාගනියි.] ඔයා දේවදූතියක් සිසිලි.
සිසිලි:
ඔයා හරිම ප්‍රේමණීය හාදයෙක්. [ඔහු ඇයව සිපගනියි. ඇය සිය අතැඟිලි ඔහුගේ හිසකෙස් අතරින් රැගෙන යයි.] ඔයාගෙ කොණ්ඩෙ මේ ඉබේමද රැළි වෙලා තියෙන්නේ?
ඇල්ජර්නන්:
ඔව් වස්තුවේ.
සිසිලි:
මට හරි සතුටුයි.
ඇල්ජර්නන්:
ඔයා ආයෙ කවදාවත් අපේ විවාහ ගිවිසුම කඩන්නෙ නෑ නේද සිසිලි?
සිසිලි:
ඔයාව ඇත්තටම මෙහෙම මුණගැහුණට පස්සෙ මට ඒක දැන් කඩන්න පුළුවන් වෙන එකක් නෑ. හැබැයි, මට එක ප්‍රශ්නයක් තියෙනවා ඔයාගෙ නම ගැන.
ඇල්ජර්නන්:
ඔව්, අහන්න. [දෙගිඩියාවෙන්.]
සිසිලි:
ඔන්න ඔයා මට හිනාවෙන්නනම් එපා හොඳද. මගෙ පුංචි කාලෙ ඉඳන්ම තිබ්බ හීනයක් තමයි කවදාහරි අර්නස්ට් කියන නම තියෙන කෙනෙකුට ආදරේ කරන එක. [ඇල්ජර්නන් නැගිට සිටියි. සිසිලිද ඒ සමග නැගිටියි.] ඒ නමේ තියෙනවා හරිම විශ්වාසනීය හැඟීමක්. අර්නස්ට් කියන නම නැති මහත්තුරුන්ව කසාද බැඳපු ගෑණු ගැන මට තියෙන්නෙ ලොකු දුකක්.
ඇල්ජර්නන්:
ඒත් මගේ වස්තුවේ, බැරිවෙලාවත් මට වෙන නමක් තිබුණනං ඔයා මට ආදරේ කරන්නෙ නැද්ද එතකොට?
සිසිලි:
මොන වගේ නමක්ද?
ඇල්ජර්නන්:
කැමති නමක් -- අපි කියමුකෝ -- ඇල්ජර්නන් වගේ නමක්...
සිසිලි:
ඒත් මං කැමති නෑනෙ ඇල්ජර්නන් කියන නමට.
ඇල්ජර්නන්:
ඒත් මගේ රත්තරං පුංචි ආදර වස්තුවේ, මට තේරුම් ගන්න බෑ ඇයි ඔයා ඇල්ජර්නන් කියන නමට කැමති නැත්තෙ කියලා. ඒක නරක නමක් නෙවෙයිනේ. ඒක බොහොම වංශවත් නමක්. බංකොලොත් උසාවියට යන වැඩිහරියක් දෙනාගෙ නම ඇල්ජර්නන්. ඒත් ඇත්තටම සිසිලි... [ඈ වෙත ළඟා වෙමින්]... මගේ නම ඇල්ජි වුණානං ඔයාට මට ආදරේ කරන්න බැරිද?
සිසිලි:
මං ඔයාට ගරු කරයි අර්නස්ට්, මං ඔයාගෙ චරිතය අගය කරයි. ඒත් ඔයාට මගේ සම්පූර්ණ අවධානයනම් දෙන්න බැරි වෙයි.
ඇල්ජර්නන්:
මේ... සිසිලි! [හිස් වැස්ම අතට ගනිමින්] මේ පැත්තෙ ඉන්න ඔයගොල්ලන්ගෙ ප්‍රධාන දේවගැතිතුමා පල්ලියෙ වැඩකටයුතු සේරම ගැන හොඳට දන්න කෙනෙක් නේද?
සිසිලි:
අපොයි ඔව්. චැසියුබල් පූජකතුමා බොහොම උගත් කෙනෙක්. එයා කවදාවත් එක පොතක්වත් ලියලා නෑ, පොතක ලියන්න බැරි තරම් ගොඩක් දේවල් එයා දන්නවා.
ඇල්ජර්නන්:
මට එතුමාව දැම්මම හම්බවෙන්න ඕනෙ බොහොම වැදගත් බෞතීස්මයක් - මං කිව්වෙ බොහොම වැදගත් වැඩක් ගැන කතා කරගන්න.
සිසිලි:
අනේ, එහෙමද!
ඇල්ජර්නන්:
මං පැය බාගෙකට වඩා ගන්නෙ නෑ.
සිසිලි:
අපේ විවාහ ගිවිසගැනීම පෙබරවාරි 14 සිද්ධ වුණාට අපි පළවෙනි වතාවට හම්බවුණේ අදනේ. ඉතිං එහෙම තියෙද්දි ඔයා පැය බාගයක් තරම් දිග වෙලාවකට මාව අත ඇරලා යනවා කියලා හිතද්දි හරි දුකයි. විනාඩි විස්සක් මදි වෙයිද?
ඇල්ජර්නන්:
මං ඉක්මණටම එන්නං. [ඇයව සිපගෙන උද්‍යානය හරහා දිව ගොස් පිටව යයි.]
සිසිලි:
හරි කලබලකාරයෙක්නේ! මං හරි කැමතියි එයාගෙ කොණ්ඩෙට. එයාගෙ විවාහ යෝජනාව මගේ දිනපොතේ ලියාගන්න ඕනෙ.
[මෙරිමන් පැමිණේ.]
මෙරිමන්:
ෆෙයාර්ෆැක්ස් මෙනෙවිය කියලා කෙනෙක් ඇවිත් ඉන්නවා වර්දිං මහත්මයා මුණගැහෙන්න. ඒ නෝනා කියන විදිහට බොහොම වැදගත් කාරණාවකට.
සිසිලි:
වර්දිං මහත්මයා පුස්තකාලෙ නැද්ද?
මෙරිමන්:
දැන් ටිකකට කළින් එතුමා දේවස්ථානය පැත්තට ගියා.
සිසිලි:
ඒ නෝනාට මෙහෙට එන්න කියන්න; වර්දිං මහත්මයා ඉක්මණට එයි. අපිට තේත් අරගෙන එන්න.
මෙරිමන්:
හොඳමයි පුංචි නෝනා. [පිටව යයි.]
සිසිලි:
මිස් ෆෙයාර්ෆැක්ස්! ජැක් මාමා එක්ක ලන්ඩන් වල සමාජසේවා වැඩ කරන හොඳ වයසක නෝනා කෙනෙක් වෙන්න ඇති. සමාජසේවා වැඩ කරන ගෑනු අයට මං එච්චරම කැමති නෑ. ඒවා ගෑනුන්ට හරි යන වැඩ නෙවෙයිනේ.
[මෙරිමන් පැමිණේ.]
මෙරිමන්:
ෆෙයාර්ෆැක්ස් මෙනෙවිය.
[ග්වෙන්ඩලින් පැමිණේ. මෙරිමන් පිටව යයි.]
සිසිලි:
[ඈ හමුවීමට ඉදිරියට එමින්] මම සිසිලි කාර්ඩිව්.
ග්වෙන්ඩලින්:
සිසිලි කාර්ඩිව්? [ඈ වෙත පැමිණ අතට අත දෙයි.] හරිම ලස්සන නමක්නේ! මට හිතෙනවා අපි දෙන්නා හොඳ යාළුවෝ වෙයි කියලා. මං හරිම කැමතියි ඔයාට. කෙනෙක් දිහා බැලුවාම මට මුළින්ම දැනෙන දේ කවදාවත් වරදින්නෙ නෑ.
සිසිලි:
මෙච්චර පුංචි වෙලාවකින් ඔයා මට මෙච්චර කැමති වෙච්ච එක කොච්චර දෙයක්ද. එන්න, ඉඳගන්න.
ග්වෙන්ඩලින්:
[හිටගෙනම] මං ඔයාට සිසිලි කියලා කතා කළාට කමක් නෑ නේද?
සිසිලි:
අනේ කමක් නෑ! මං හරිම කැමතියි.
ග්වෙන්ඩලින්:
ඔයත් මට ග්වෙන්ඩලින් කියලා කතා කරනවා නේද?
සිසිලි:
ඔයා කැමති එහෙමනං මං එහෙම කතා කරන්නම්.
ග්වෙන්ඩලින්:
එහෙනං ඔක්කොම හරිනෙ නේද?
සිසිලි:
මාත් හිතනවා. [නිහඬතාවයක්. ඔවුන් දෙදෙනාම එකට හිඳගනිති.]
ග්වෙන්ඩලින්:
මං හිතන්නෙ මං කවුද කියලා කියන්න දැන් වෙලාව හොඳයි. මගේ තාත්තා තමයි බ්‍රැක්නෙල් ආදිපාදවරයා. ඔයා මගේ තාත්තා ගැන අහලා නැතුව ඇති මං හිතන්නේ.
සිසිලි:
නෑනේ.
ග්වෙන්ඩලින්:
වාසනාවකට, තාත්තා ගැන අපේ පවුලෙන් පිට කවුරුවත් දන්නෙම නැති තරම්. ඒක එහෙම තමයි වෙන්න ඕනෙ. මිනිහෙක් ඉන්න ඕනෙ ගෙයක් ඇතුළෙ. කෙනෙක් එයාගෙ ගෙදර දොරේ වැඩ මග අරින්න පටන්ගත්තම ඒ මනුස්සයා ගනංගැනෙන්නේ හරියට ගෑනියෙක් විදිහට, නේද? මං කැමති නෑ ඒකට. ඒ වැඩෙන් වෙන්නෙ මිනිස්සු තව තවත් අවධානය ලබාගන්න එක. සිසිලි, මගේ අම්මා මගේ අධ්‍යාපනය ගැන කොච්චර වද වුණාද කියනවනං, පොත් කියවලාම මගෙ ඇස් දෙක පේන්නෙ නැතුව ගිහිල්ලා; මං මගෙ කණ්ණාඩි දෙක දාගෙන ඔයා දිහා බැලුවට කමක් නෑ නේද?
සිසිලි:
අනේ කමක් නෑ ග්වෙන්ඩලින්. මං හරි කැමතියි අනිත් අය මගෙ දිහා බලනවට.
ග්වෙන්ඩලින්:
[දිගු මිටකට සවි කරන ලද උපැස් යුවළ හරහා සිසිලි දෙස බැලීමෙන් පසු] ඔයා මේ ටික දවසකට මෙහෙ ඇවිත් යන්න ආවා වෙන්න ඇති නේද?
සිසිලි:
අපොයි නැහැ. මම මෙහෙ ඉන්නෙ.
ග්වෙන්ඩලින්:
[සැරපරුෂ හඬින්] ඇත්තට? ඔයාගෙ අම්මාත්, ඒ නැත්තං නැන්දා කෙනෙක්වත් අඩුගානේ මෙහෙ ඇති නේද එහෙනම්?
සිසිලි:
අනේ නෑ! මගෙ අම්මා නෑ, කිසිම නෑදෑයෙකුත් නෑ.ග්වෙන්ඩලින්:
හැබෑට?
සිසිලි:
මාව බලාගන්න අමාරු රාජකාරිය කරන්නේ මගේ භාරකාරයා. මිස් ප්‍රිස්ම්ගේ උදව් ඇතුව.
ග්වෙන්ඩලින්:
ඔයාගෙ භාරකාරයා?
සිසිලි:
ඔව්, වර්දිං මහත්මයා තමයි මගේ භාරකාරයා.
ග්වෙන්ඩලින්:
එහෙමද! හරි පුදුමයිනෙ, එයා මට කවදාවත් කියලා තිබ්බෙ නෑ එයා කාගෙවත් භාරකාරයෙක් කියලා. හරිම රහස් ගුහාවක් තමයි. ගෙවෙන හැම මොහොතකම එයාගෙ අපූරුව වැඩි වෙනවා. ඒත් මේ ආරංචියනම් මට තනිකරම සතුටක්ද කියන එකනම් හිතාගන්න බෑ. [නැගී සිට සිසිලි වෙත යයි.] මං ඔයාට හරි කැමතියි සිසිලි; මං ඔයාව දැකපු මොහොතෙ ඉඳලම ඔයාට කැමැත්තෙන් හිටියෙ! ඒත් මං කැමතියි -- වර්දිං මහත්මයා ඔයාගෙ භාරකාරයා බව මං දැන් දන්න එකේ -- මේ, ඔයා තව ටිකක් පේනවට වඩා වයසින් වැඩි වුණානම්, ඔය තරම් හිත ඇදගන්න ලස්සන පෙනුමක් ඔයාට නොතිබුණානම්. කොටින්ම කිව්වොත්--
සිසිලි:
අන්න හරි! කෙනෙක්ට අහන් ඉන්න අමාරු විදිහේ ඒවා කියද්දි අනිත් එක්කෙනා ඒවා කොටින්ම කියන එක හොඳයි.
ග්වෙන්ඩලින්:
හරි, කොටින්ම කිව්වොත් සිසිලි, මං කැමතියි ඔයාට වයස හතළිස් දෙකක් විතර වුණානම්, ටිකක් මෝඩ වුණානම්. අර්නස්ට් කියන්නේ කෙළින් වැඩ කරන කෙනෙක්. එයා තමයි සත්‍යයේත්, ගෞරවයේත් ප්‍රතිමූර්තිය. රවට්ටනවා තරම්ම එයා අකමැති දෙයක් තමයි ද්‍රෝහිකම කියන්නෙත්. ඒත් කොයි තරම් වැදගත්, උත්තම, උදාර මනුස්සයෙක් වුණත් තව කෙනෙකුගෙ දැපනෙ වැටෙන්න බැරි නෑ. මං මේ කියන කාරණාව ගැන ඈත ඉතිහාසයටත් වඩා මේ දැන් කාලෙ හොඳ උදාහරණ තියෙනවා. ඒක එහෙම නොවුණනම්, ඉතිහාසය කියන්නෙ කිසි වැදගැම්මකට නැති දෙයක් වෙනවා.
සිසිලි:
මොකද්ද කිව්වෙ? ග්වෙන්ඩලින්, ඔයා කිව්වෙ අර්නස්ට් කියලද?
ග්වෙන්ඩලින්:
ඔව්.
සිසිලි:
ආ, ඒත් මගේ භාරකාරයා අර්නස්ට් වර්දිං මහත්මයා නෙවෙයි, එයාගෙ අයියා.
ග්වෙන්ඩලින්:
[යළිත් හිඳගනිමින්] අර්නස්ට් මට කවදාවත් කියලා නෑනේ එයාට අයියා කෙනෙක් ඉන්නවා කියලා.
සිසිලි:
ඒ දෙන්නා ගොඩ කාලෙක ඉඳන් වැඩි ඇයි හොඳයියක් නෑ.
ග්වෙන්ඩලින්:
හරි හරි, ඒක තමයි එහෙනම්. දැනුයි මතක් වුණේ මට, කිසිම මිනිහෙක් සාමාන්‍යයෙන් තමුන්ගෙ සහෝදරයා ගැන කතා කරනවා මං අහලා නෑ. ගොඩක් මිනිස්සු කතාකරන්න අකමැති මාතෘකාවක් ඒක. සිසිලි, ඔයා මගෙ ඔළුවෙන් ලොකු බරක් හෑල්ලු කළා. ඇත්තටම මගෙ පපුව ටික ටික පිච්චීගෙන ආවේ. අපි දෙන්නා වගේ යාළුවෝ දෙන්නෙක් අතරට කිසිම කළු වළාකුළක් එනවට මම කැමති නෑ, එහෙම දෙයක් වුණොත් හරි අපරාදයක් නේද? ඔයාට හොඳටම විශ්වාසයි නේද ඔයාගෙ භාරකාරයා අර්නස්ට් වර්දිං මහත්මයා නෙවෙයි කියලා?
සිසිලි:
හොඳටම විශ්වාසයි. [මදක් නැවතී.] ඇත්තටම මමයි එයාගේ භාරකාරයා වෙන්න යන්නේ දැන්.

![]() |
| කළු ඇඳුමින් සැරසී සිටින ජැක් සහ ඔහු හා වාද කරන ඇල්ජර්නන් |

| සිසිලිගේ දිනපොතට එබෙන ඇල්ජර්නන් |

| ග්වෙන්ඩලින් හා සිසිලි |

- මතු සම්බන්ධයි -

ඊයේ කොටසත් එක්කම කියෙව්වා.. හපොයි දැන් මොකක් වෙයිද මන්දා.....
ReplyDeleteඊළඟ කෑල්ල තවත් රසවත්! :D
Deleteනියමයි... ඔයා යන වේගෙට වෙලාව හොයා ගන්න තමයි අමාරු සිත්තමී
ReplyDeleteස්තූතියි හීන දකින්නි. මම සාමාන්‍යයෙන් මුළු කතන්දරේම ලියලා/පරිවර්තනය කරලා ඉවර වුණාම තමයි බ්ලොග් එකේ පළ කරන්න ගන්නේ. මීට කළින් පළ කරපු කතන්දරත් එහෙමයි දැම්මේ. ඒ නිසා මම ලියපු දේ ගැන ඔයාලාගේ ප්‍රතිචාරය දැනගන්න තියෙන නොඉවසිල්ල නිසාම දවසට එක කොටස ගානේ auto publish වෙන්න schedule කරනවා. ඉරිදාට විතරක් බ්ලොග් එකට පොඩි නිවාඩුවක් දෙනවා. :)
Deleteඑළකිරි සහ ජලය.... නියමෙට වැඩේ දීල තියනව මැඩම්..බොහොම අනර්ගයි...බොහොම අනර්ගයි...:)
ReplyDeleteතැන්ක් යූ තැන්ක් යූ අයියණ්ඩි! :)
Delete