ග්වෙන්ඩලින්:
මොකද්ද කිව්වෙ?
සිසිලි:
[ලැජ්ජාවෙන්, එහෙත් විශ්වාසයෙන්] ග්වෙන්ඩලින්, මට මේක ඔයාගෙන් හංගන්න ඕනෙ නෑ. අපේ ගමේ පත්තරේ ලබන සතියෙම ඒ ගැන ලස්සන ලස්සන කතන්දර ලියවිලා තියෙයි. අර්නස්ට් වර්දිං මහත්මයායි මමයි විවාහ ගිවිසගත්තා.
ග්වෙන්ඩලින්:
[ආචාරශීලීව නැගිටිමින්] ආදර සිසිලි, මං හිතන්නෙ කොතනක හරි පොඩි වැරදීමක් වෙලා තියෙනවා. අර්නස්ට් වර්දිං මහත්මයා විවාහ ගිවිසගත්තෙ මාත් එක්ක. ඒක ගැන මේ සෙනසුරාදා මෝනිං පෝස්ට් පත්තරේම විස්තරේ වැටෙයි.
සිසිලි:
[බෙහෙවින් ආචාරශීලීව නැගිටිමින්] මං හිතන්නේ ඔයාටයි කොතන හරි වැරැද්දක් වෙලා තියෙන්නේ. අර්නස්ට් මට විවාහ යෝජනාව ගෙනාවෙ මේ දැන් මිනිත්තු දහයකට කළින්. [දිනපොත පෙන්වයි.]
ග්වෙන්ඩලින්:
[සිය උපැස් යුවළ හරහා විමසුම් දෑසින් එය පරීක්ෂා කර බලයි.] හරිම පුදුමයිනේ. එයා මගෙන් එයාව කසාද බඳිනවද කියලා ඇහැව්වේ මේ ඊයෙ, හරියටම හැන්දෑවෙ පහමාරට. ඔයාට සැකනම් මෙන්න බලන්න. [ඇගේ දිනපොතද පිටතට ගෙන පෙන්වයි.] මං මගේ දිනපොත නැතුව කොහෙවත් යන්නෙ නෑ. කෝච්චියෙ යද්දි කියවන්න හරිහමං පොතක් තියෙන්න එපැයි කවුරු ළඟ වුනත්. මට බොහොම කණගාටුයි සිසිලි ඔයාගෙ හිත බිඳින්න වුණාට. ඒත් මගෙන්නෙ එයා මුළින්ම ඇහැව්වේ.
සිසිලි:
ඒකෙන් ඔයාට කොයි විදිහකින් හරි රිදීමක් වුණානම් මට ඇත්තටම දුකයි ග්වෙන්ඩලින්, ඒත් මං හිතන්නේ මං පෙන්නලා දුන්නොත් හොඳයි අර්නස්ට් ඔයාට විවාහ යෝජනාව කළාට පස්සේ එයාගෙ හිත වෙනස් වෙලා තියෙන බව.
ග්වෙන්ඩලින්:
[කල්පනාකාරීව] ඒ අසරණයා මොකක් හරි මෝඩ පොරොන්දුවකට උගුලට අහුවෙලානම් මගේ යුතුකම තමයි ඉක්මණටම එයාව ඒකෙන් බේරගන්න එක.
සිසිලි:
[කල්පනාකාරීව, දුක්බරව] මගේ අසරණ කොල්ලා මොනවගේ අවාසනාවන්ත හුටපටේක පැටලිලා හිටියත් අපි බැන්දට පස්සෙ කවදාවත් මං ඒ ගැන මතක් කරලා එයාට දොස් කියන්නෙ නෑ.
ග්වෙන්ඩලින්:
තමුන් මේ හුටපටයක් කියලා නොකියා කියන්නේ මේ මං ගැනද මිස් කාර්ඩිව්? තමුන් මහ උද්දච්ඡ ගෑනියක්. මේ වගේ වෙලාවකදි හිතේ තියෙන දේ එහෙමම කියන්න ඕනෙ. නැත්තං වැඩක් නෑ.
සිසිලි:
එතකොට තමුන් කියන්නේ මිස් ෆෙයාර්ෆැක්ස්, මං අර්නස්ට්ව උගුලක පටලවාගෙන විවාහ ගිවිසගත්තා කියලද? මොන නැහැදිච්ච කතාවක්ද? මේ වෙලාවේ ඔය මෝඩ සිරිත් විරිත් වෙස්මූණු දාගෙන ඉන්න බෑ. මං ඉස්කෝප්පයක් දැක්කොත් ඒකට ඉස්කෝප්පෙ කියලා කියනවා.
ග්වෙන්ඩලින්:
[උපහාසාත්මකව] මං හරිම සන්තෝසෙන් කියන්නෙ, මං කවදාවත් ඉස්කෝප්පයක් දැකලා නෑ. අපේ සමාජ පන්ති අතර සෑහෙන ලොකු පරතරයක් තියෙනවා කියලා ඒකෙන්ම පේනවා.
[සේවකයෙකුද සමග මෙරිමන් පැමිණේ. ඔහුගේ දෑතේ බන්දේසියක්, මේස රෙද්දක් සහ පිඟන් ධාරකයක් ඇත. සිස්ලි ප්‍රති-උත්තරයක් දෙන්නට සූදානම් වුවද සේවකයන් හමුවේ එය වළක්වාගනියි. කාන්තාවන් දෙදෙනාම නොරුස්නා බැලුම් හෙලමින් තම කෝපය යටපත් කරගෙන නිහඬව සිටිති.]
මෙරිමන්:
මං වෙනදා විදිහටම මෙතන තේ මේසෙ ලෑස්ති කරන්නද පුංචි නෝනා.
සිසිලි:
[දරදඬු තැන්පත් හඬකින්] ඔව්, වෙනදා වගේ. [මෙරිමන් මේසය අස් කර මේස රෙද්ද එලයි. දිගු නිහැඬියාවකි. සිසිලි හා ග්වෙන්ඩලින් එකිනෙකා වෙත ඔරවති.]
ග්වෙන්ඩලින්:
මේ පැත්තේ ඇවිදින්න යන්න ලස්සන තැන් තියෙනවද මිස් කාර්ඩිව්?
සිසිලි:
අපොයි ඔව්! ගොඩක් තියෙනවා. මේ ළඟම තියෙන කන්දක් උඩට ගියාම කෝරළ පහක් යනකල් ඈතට පේනවා.
ග්වෙන්ඩලින්:
කෝරළ පහක්! අපෝ මං කැමති නෑ; මට ඔච්චර සෙනග ගොඩක් පේන්න බෑ.
සිසිලි:
[මෘදු හඬින්] ඒක වෙන්නැති ඔයා නගරෙ ජීවත් වෙන්න මං හිතන්නෙ? [ග්වෙන්ඩලින් දෙතොල් සපාගෙන, නොසන්සුන් ලෙසින් තම කුඩා කුඩයෙන් පයට තට්ටු කරයි.]
ග්වෙන්ඩලින්:
[වටපිට බලමින්] මේ වත්ත හරි පිළිවෙලයි මිස් කාර්ඩිව්.
සිසිලි:
ඔයා ඒකට කැමති වෙච්ච එක ගැන මට සතුටුයි මිස් ෆෙයාර්ෆැක්ස්.
ග්වෙන්ඩලින්:
මං හිතුවෙම නෑ මේ ගම් පළාත් වල මල් පිපෙනවා ඇති කියලා.
සිසිලි:
අපොයි, ලන්ඩන් වල මිනිස්සු ඉන්න තරමටම මෙහෙ මල් තියෙනවා මිස් ෆෙයාර්ෆැක්ස්.
ග්වෙන්ඩලින්:
ඇත්තටම, මට හිතාගන්න බෑ කවුරුවත් ගමක ජීවත් වෙන්නෙ කොහොමද කියලා. ඉන්නවට වඩා මැරෙණ එක හොඳයි කියලා හිතෙන තරමට මහා කම්මැලි ජීවිතයක්නේ.
සිසිලි:
ආ, ඔය පත්තර වල වගා පරිහානිය කියලා කියන්නේ ඔය ගැන තමයි නේද? මං හිතන්නේ රදළ පවුල්වල අයට දැන් සෑහෙන්න ඔය ලෙඩේ තියෙනවා. හරියට වසංගතයක් වගේලු. තේ ටිකක් බොමුද මිස් ෆෙයාර්ෆැක්ස්?
ග්වෙන්ඩලින්:
[දැඩි ආචාරශීලී බවකින්] බොහොම ස්තූතියි. [පසෙකට හැරී] නැහැදිච්ච කෙල්ල! ඒත් තේ උගුරක් නොබී පුළුවනෑ!
සිසිලි:
[ප්‍රියමනාප හඬින්] සීනි?
ග්වෙන්ඩලින්:
[නොසැලකිල්ලෙන් මෙන්] නෑ, එපා. සීනි දාලා තේ බොන එක පරණ කාලේ විලාසිතාවක්. [ඈ දෙස කෝපයෙන් බැල්මක් හෙලන සිසිලි, සීනි හැඳි හතරක්ම තේ කෝප්පයට දමයි.]
සිසිලි:
[සැරෙන්] කේක්ද කන්නෙ, පානුයි බටරුයිද?
ග්වෙන්ඩලින්:
[අලස බව පිරි හඬකින්] පානුයි බටරුයි හොඳයි. ඉහළ පැලැන්තියේ ගෙවල් වල දැන් කාලේ කේක් පාවිච්චි කරන්නෙ නෑ.
සිසිලි:
[විශාල කේක් කැබැල්ලක් කපා බන්දේසියෙන් තබයි.] ඕක දෙන්න මිස් ෆෙයාර්ෆැක්ස්ට.
[එය පිළිගන්වන මෙරිමන් සේවකයා සමග පිටව යයි. තේ කෝප්පය රස බලන ග්වෙන්ඩලින්ගේ මුහුණ ඇඹුල් වේ. එක්වරම කෝප්පය පහත හෙළන ඇය බටර් තැවරූ පාන් ගැනීමට අත දිගු කර, එය කේක් කැබැල්ලක් බව දකියි. ඇය කෝපයෙන් නැගී සිටියි.]
ග්වෙන්ඩලින්:
මගෙ තේ කෝප්පෙට සීනි බාල්දියක්ම හලලා, මං කන්නෙ පානුයි බටරුයි බව බොහොම පැහැදිලිවම කිව්වට පස්සෙත් මට කේක් දීලා. මං බොහොම මෘදු මොළොක් හිතක් තියෙන, ප්‍රියමනාප කෙනෙක් බව තමයි හැමෝම කියන්නේ. ඒත් මං තමුන්ට අවවාද කරනවා, මිස් කාර්ඩිව්, තමුන් මේක දුරදිග ගෙනියනවා බොහොම වැඩියි!
සිසිලි:
[නැගිටිමින්] මගේ අසරණ, අහිංසක කොල්ලාව කාගේ හරි කට්ට කෛරාටිකකම් වලින් ගලවගන්න මං ඕනතරම් දුරකට දිගකට යන්න ලෑස්තියි.
ග්වෙන්ඩලින්:
තමුන්ව දැක්ක ගමන්ම මං සැක කළා තමුන් මහා කපටි වංචාකාරියෙක් කියලා. මාව ලේසියෙන් රවට්ටන්න බෑ. මිනිස්සු ගැන මට මුළින්ම දැනෙන දේ කොයිවෙලෙත් හරියටම හරි.
සිසිලි:
මං හිතන්නේ මිස් ෆෙයාර්ෆැක්ස්, මං තමුන්ගේ වටිනා කාලය නාස්ති කරනවා. තමුන්ට හරි යන තව ඕනතරම් අය මේ අහළ පහළ ඇතිනෙ. ගිහින් ඒගොල්ලොත් එක්ක කතා කර කර හිටියනම් මොකද.
[ජැක් පැමිණේ.]
ග්වෙන්ඩලින්:
[ඔහුව දැක] අර්නස්ට්! මගෙ රත්තරං අර්නස්ට්!
ජැක්:
ග්වෙන්ඩලින්! වස්තුවේ! [ඈ සිපගැනීමට ඉදිරියට නැඹුරුවෙයි.]
ග්වෙන්ඩලින්:
[පසුපසට වෙමින්] පොඩ්ඩක් ඉන්න! ඔයා මෙන්න මේ මෙතන ඉන්න ගෑනු ළමයාව කසාද බඳින්න පොරොන්දු වෙලාද ඉන්නෙ කියලා මට කියලා ඉන්න. [අත දිගු කර සිසිලිව පෙන්නයි.]
ජැක්:
[සිනාසෙමින්] මේ පුංචි සිසිලි කෙල්ල! අපොයි නෑ! ඔයාගෙ ඔය සීදේවි ඔළුවට එහෙම එකක් ඇතුල් වුණේ කොහොමද?
ග්වෙන්ඩලින්:
ඇති යන්තං. ඔන්න දැන් පුළුවන්. [සිය කම්මුල දිගු කරයි.]
සිසිලි:
[ඉතාමත් ප්‍රියමනාප හඬින්] මං දැනගත්තා මෙතන මොකක් හරි වැරැද්දක් වෙලා තියන බව, මිස් ෆෙයාර්ෆැක්ස්. ඔය ඔයාගෙ ඉණ වටේට අත් දෙක දාගෙන ඉන්න මහත්මයා තමයි මගේ භාරකාරයා, ජෝන් වර්දිං මහත්මයා.
ග්වෙන්ඩලින්:
මොකද්ද කිව්වෙ?
සිසිලි:
මේ ඉන්නෙ ජැක් මාමා.
ග්වෙන්ඩලින්:
[ඈත් වෙමින්] ජැක්! හපොයි!
[ඇල්ජර්නන් පැමිණෙයි.]
සිසිලි:
මේ ඉන්නේ අර්නස්ට්.
ඇල්ජර්නන්:
[අන් කිසිවෙකුවත් නොදකින ඔහු කෙළින්ම සිසිලි වෙත යයි.] මගෙ වස්තුවේ! [ඈ සිපගැනීමට සූදානම් වෙයි.]
සිසිලි:
[පසුපසට නැඹුරු වෙමින්] පොඩ්ඩක් ඉන්න අර්නස්ට්! මෙන්න මේ මෙතන ඉන්න නෝනාව ඔයා කසාද බඳින්න පොරොන්දු වෙලාද ඉන්නෙ?
ඇල්ජර්නන්:
[වටපිට බලමින්] මොන නෝනාවද? හත් දෙයියනේ! ග්වෙන්ඩලින්!
සිසිලි:
ඔව්! හත් දෙයියන්ගෙ ග්වෙන්ඩලින්ව?
ඇල්ජර්නන්:
[සිනාසෙමින්] අපොයි නෑ! ඔයාගෙ ඔය සීදේවි ඔළුවට එහෙම එකක් ඇතුල් වුණේ කොහොමද?
සිසිලි:
ඇති යන්තං. [ඇගේ කම්මුල පාමින්] ඔන්න දැන් පුළුවන්. [ඇල්ජර්නන් ඇයට හාද්දක් පිරිනමයි.]
ග්වෙන්ඩලින්:
මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා, මිස් කාර්ඩිව්. ඔය ඔයාව බදාගෙන ඉන්න මහත්මයා මගේ ඥාති සහෝදරයා, ඇල්ජර්නන් මොන්ක්‍රීෆ්.
සිසිලි:
[ඇල්ජර්නන් වෙතින් ඈත් වෙමින්] ඇල්ජර්නන් මොන්ක්‍රීෆ්! හපොයි! [කාන්තාවන් දෙදෙනා ජැක් හා ඇල්ජර්නන් වෙතින් ඈත් වී එකිනෙකා වෙත ළඟාවෙති.]
සිසිලි:
ඔයාගෙ නම ඇල්ජර්නන්ද?
ඇල්ජර්නන්:
එහෙම නෙවෙයි කියන්න බෑ මට.
සිසිලි:
අනේ!
ග්වෙන්ඩලින්:
ඔයාගෙ නම ඇත්තටම ජෝන් ද?
ජැක්:
[ආඩම්බරයෙන් මෙන්] මට ඕනෙනම් එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන්. මට ඕනෙනම් ඕනෙම දෙයක් ගැන එහෙම නෙවෙයි කියන්න පුළුවන්. ඒත් ඇත්තටම මගේ නම ජෝන් තමයි. දැන් අවුරුදු ගාණක ඉඳං.
සිසිලි:
[ග්වෙන්ඩලින් වෙත] අපි දෙන්නවම ලොකු බොරුවකට අහුවෙලා.
ග්වෙන්ඩලින්:
අනේ මගේ අහිංසක සිසිලි!
සිසිලි:
අනේ මගේ අසරණ ග්වෙන්ඩලින්!
ග්වෙන්ඩලින්:
[සෙමෙන් එහෙත් බැරෑරුම් ලෙස] ඔයා මට අක්කා කියලා කතා කරනවා නේද? [ඔවුන් දෙදෙනා වැළඳගනිති. ජැක් සහ ඇල්ජර්නන් ගොරවමින් ඉහළ පහළ ඇවිදිති.]
සිසිලි:
[මදක් ප්‍රබෝධයෙන්] මට මගේ භාරකාරතුමාගෙන් අහන්න එක ප්‍රශ්නයක් තියෙනවා.
ග්වෙන්ඩලින්:
අන්න හරි! වර්දිං මහත්මයා, අපිට තමුන්ගෙන් අහන්න එකම එක ප්‍රශ්නයක් තියෙනවා. කෝ තමුන්ගේ මල්ලි අර්නස්ට්? අපි දෙන්නම විවාහ ගිවිසගෙන තියෙන්නේ තමුන්ගෙ අර්නස්ට් මල්ලි එක්ක. ඉතින් අපි දෙන්නටම දැනගන්න ඕනෙ එයා මේ වෙලාවෙ කොහෙද ඉන්නෙ කියලා.
ජැක්:
[සෙමින්, පසුබාමින්] ග්වෙන්ඩලින් – සිසිලි – මේ වෙලාවේ ඇත්ත කියන එක මට හරි අමාරු දෙයක්. මට මෙහෙම අවස්ථාවකට මූණ දෙන්න වෙච්ච පළවෙනි වතාව මේ. ඉතිං මට වැඩි අත්දැකීමක් නෑ මෙහෙම අවස්ථාවකට මූණ දෙන්න ඕනෙ කොහොමද කියලා. කොහොමහරි, මං මේ කියන්නෙ, ඇත්තටම මට අර්නස්ට් කියලා මල්ලි කෙනෙක් හිටියෙ නෑ. මට කිසිම සහෝදරයෙක් ඇත්තෙම නෑ. මගෙ මුළු ජීවිතේටම සහෝදරයෙක් ඉඳලත් නෑ, මින් ඉස්සරහට එහෙම කෙනෙක් හදාගන්න කිසිම අදහසකුත් නෑ.
සිසිලි:
[පුදුමයෙන්] සහෝදරයෙක් නෑ?
ජැක්:
[උද්දාමයෙන්] නෑනේ!
ග්වෙන්ඩලින්:
[සැරෙන්] ඔයාට මොනම විදිහකවත් සහෝදරයෙක් හිටියෙම නැද්ද?
ජැක්:
[ප්‍රියමනාම ලෙසින්] කවදාවත් නෑ. මොනම විදිහකවත් සහෝදරයෙක් හිටියෙම නෑ.
ග්වෙන්ඩලින්:
ඒ කියන්නේ සිසිලි, අපි කා එක්කවත් විවාහ ගිවිසගෙන නෑ.
සිසිලි:
අනේ ඒ වගේ තත්ත්වෙකට කෙල්ලෙක් එකපාරටම වැටෙන එක කොච්චර පව්ද, නේද?
ග්වෙන්ඩලින්:
අපි යමු ගෙට. මේ දෙන්නා අපේ පස්සෙන් ගේ ඇතුළට එන එකක් නෑ. එච්චර හරියක් කරන්න ඒගොල්ලන්ට බෑ.
සිසිලි:
මිනිස්සුනම් මහ බයගුලු ජාතියක්, නේද?
[උදාරම් බැල්මෙන් යුතුව ඔවුහු නිවස තුළට පිටව යති.]
ජැක්:
මේ වගේ එපාකරපු වැඩවලට වෙන්නැති තමුසෙ බන්බරියාව කියන්නේ, මං හිතන්නෙ?
ඇල්ජර්නන්:
ඔව්, හරිම සුන්දර බන්බරියාවක්. මගෙ ජීවිතේට දැක්ක ලස්සනම බන්බරියාව.
ජැක්:
හරි, ඒත් තමුසෙට කිසිම අයිතියක් නෑ මෙහෙ ඔය කියන බන්බරියාව කරන්න.
ඇල්ජර්නන්:
පිස්සුද ඕයි? ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා තමුන් කැමති ඕන තැනක ඉඳන් බන්බරියාව කරන්න. හැබෑ බන්බරියෝ ඕන කෙනෙක් ඒ බව දන්නවා.
ජැක්:
හැබෑ බන්බරියො! අනේ දෙයියනේ!
ඇල්ජර්නන්:
මේකයි, කෙනෙක් කොයියම්ම දෙයක් හරි හැබෑවට කරන්න එපැයි. නැත්තං මොකද්ද ජීවිතෙන් ඇති වැඩේ. මං හැබෑවටම කළේ මේ බන්බරියාව. තමුසෙනම් මේ ලෝකෙ තියෙන මොන වැඩේද හැබෑවටම කළේ කියන්නනං මට කිසිම අදහසක් නෑ. කිසිම දෙයක් ගැන. තමුසෙ හැමදේම බොහොම සුළුවට ගන්න මිනිහෙක්නේ.
ජැක්:
මේ කාලකණ්ණි වැඩෙන් මං දකින එකම හොඳේ තමුසෙගෙ බන්බරි යාළුවා මකබෑවිලා ගිය එක. දැන් තමුසෙට ඉස්සර වගේ ගමට පැනලා යන්න වෙන්නෙ නෑ. ඒකනම් ඇත්තටම හොඳ දෙයක්.
ඇල්ජර්නන්:
තමුසෙගෙ මල්ලිත් පේන්න නැතුව ගියා නේද? තමුසෙටත් දැන් ඉස්සර වගේ හිතිච්ච ගමන් ලන්ඩන් වලට පැනලා දුවන්න වෙන්නෙ නෑ. ඒකත් ඉතිං නරකම නෑ.
ජැක්:
අනිත් කාරණාව තමුසෙ මිස් කාර්ඩිව්ට දාන බැල්ම. ඒ වගේ අහිංසක සුකුමාර පොඩි කෙල්ලෙක් දැපනෙ දාගන්න එක මහ කැත වැඩක් ඕයි. මං එයාගේ භාරකාරයා වුණත් නැතත් තමුසෙ ඒ කරපු වැඩේට සමාවක් දෙන්න බෑ.
ඇල්ජර්නන්:
මිස් ෆෙයාර්ෆැක්ස් වගේ මොළේ ඇති, ඇසූපිරූ තැන් ඇති කෙල්ලෙක් තමුසෙ රවට්ටපු විදිහ සාධාරණීකරණයකරන්න පුළුවන් කිසිම හේතුවක් මටත් පේන්නෙ නෑ. එයා මගේ නෑනා වුණත් නැතත් තමුසෙටත් ඒ කරපු වැඩේට කිසිම සමාවක් දෙන්න බෑ.
ජැක්:
මට ග්වෙන්ඩලින්ව කසාද බඳින්න ඕන වුණා, එච්චරයි. මං එයාට ආදරෙයි.
ඇල්ජර්නන්:
ඉතිං, මටත් ඕන වුණේ සිසිලිව කසාද බඳින්න විතරයි. මං එයාට ගොඩක් ආදරෙයි.
ජැක්:
තමුසෙට මිස් කාර්ඩිව්ව බඳින්න හම්බවෙන්නෙ නෑ.
ඇල්ජර්නන්:
තමුසෙටත් මිස් ෆෙයාර්ෆැක්ස් එක්ක එකතුවෙන්න හම්බවෙයි කියලා මටත් හිතෙන්නෙ නෑ.
ජැක්:
ඒක තමුසෙගෙ වැඩක් නෙවෙයිනේ.
ඇල්ජර්නන්:
ඒක මගෙ වැඩක් වුණානං මං ඒ ගැන කතා කරන්නෙ නෑනේ. [මේසය මත බඳුනක ඇති සීනි බනිස් කන්නට පටන්ගනියි.] තමුන්ගෙම වැඩ ගැන කතා කරන එක මහ බාල වැඩක්නේ. අර තැරැව්කාරයෝ තමයි එහෙම දේවල් කරන්නේ, රෑ කෑම සාද වලදි.
ජැක්:
මේ වගේ අමාරුවක වැටිලා ඉන්න වෙලාවක ඔහොම නිවාඩුපාඩුවේ ඉඳගෙන සීනි බනිස් කකා ඉන්නෙ කොහොමද ඕයි? තමුසෙනං මහ හිතක් පපුවක් නැති මිනිහෙක්.
ඇල්ජර්නන්:
මෙහෙම නැතුව ආයෙ උඩ පැන පැන සීනි බනිස් කන්නයැ. ඇඟ පුරාම සීනි නාගන්න තමයි වෙන්නෙ. සීනි බනිස් කනවනං කන්න ඕනෙ මෙහෙම නිවාඩුපාඩුවේ ඉඳගෙන තමයි. මේවා කන්න පුළුවන් එකම විදිහ තමයි මේ.
ජැක්:
මං කතා කරන්නේ ඉඳගෙන හරි, හිටගෙන හරි, උඩ පැන පැන හරි මෙහෙම වෙලාවක සීනි බනිස් කන එක ගැන මනුස්සයෝ.
ඇල්ජර්නන්:
මගේ හිත කරදර වෙච්ච වෙලාවට මං කරන්නෙ කෑම කන එක. ඒක තමයි මගේ හිත සනසවගන්න තියෙන එකම විදිහ. ඇත්තම කියනවනං, මං ලොකුම ලොකු අමාරුවක වැටිලා ඉන්න වෙලාවක කෑම බීම ඇර වෙන කිසිම දෙයක් දිහා මං බලන්නෙවත් නෑ. මේ වෙලාවේ මං සීනි බනිස් කන්නේ මං දුකෙන් ඉන්න හින්දා. ඒ නැතත් මං හරි ආසයි සීනි බනිස් කන්න. [නැගිටියි.]
ජැක්:
[නැගිටියි] එහෙමයි කියලා තමුසෙ මළ පෙරේතයෙක් වගේ ඔය ඔක්කොම ගිලලා දාන්න ඕනෙ නෑ! [ඇල්ජර්නන්ගෙන් සීනි බනිස් බඳුන උදුරා ගනියි.]
ඇල්ජර්නන්:
[ගල් බනිස් පිළිගන්වමින්] තමුසෙ කනවකො මේ ගල් බනිස්. මං මේවා කන්න කැමති නෑ.
ජැක්:
දෙයි හාමුදුරුවනේ! මනුස්සයෙක්ට තමුන්ගෙම වත්තෙ ඉඳගෙන තමුන්ගෙම සීනි බනිස් ගෙඩියක් කාගන්න නිදහසක් නැති හැටි!
ඇල්ජර්නන්:
ඒත් දැන් තමුසෙමනෙ කිව්වෙ සීනි බනිස් කන එක මහ හිතක් පපුවක් නැති වැඩක් කියලා.
ජැක්:
මං කතා කළේ මේ වගේ වෙලාවක තමුසෙ සීනි බනිස් කන එක ගැන. ඒකයි මේකයි වෙනස්.
ඇල්ජර්නන්:
ඒක වෙන්න පුළුවන්. ඒත් සීනි බනිස් කියන්නේ සීනි බනිස්. [ජැක් වෙතින් සීනි බනිස් බඳුන උදුරාගනියි.]
ජැක්:
ඇල්ජි, දෙයියන්ගෙ නාමෙට මෙහෙන් තොලොන්චි වෙලා පලයන් යන්න.
ඇල්ජර්නන්:
රෑ කෑම වේලක්වත් නොදී මට යන්න කියන්න තමුසෙට බෑ. ඒක හොඳ නෑ. මං රෑ කෑම කන්නෙ නැතුව ගේකින් එළියට බැහැලා යන්නෙ නෑ. කවුරුවත් එහෙම කරන්නෙ නෑ ඔය නිර්මාංශිකයො වගේ අය ඇරෙන්න. අනිත් එක මං මේ චැසියුබල් පූජකතුමා හම්බවෙන්න එන්නම් කියලත් පොරොන්දු වුණා හයට කාලක් තියෙද්දි, අර්නස්ට් කියන නමෙන් බෞතීස්ම වෙන්න.
ජැක්:
ඔය මෝඩ අදහස ඉක්මණට අත ඇරගන්න එක තමුසෙගෙ ඇඟට ගුණයි. මං චැසියුබල් පූජකතුමාව අද පහමාරට හම්බවෙන්න එන්නම් කියලා පොරොන්දු වුණේ අද උදේ. මමයි අර්නස්ට් කියන නමින් බෞතීස්ම වෙන්නේ. ග්වෙන්ඩලින් කැමති ඒ නමට. තමුසෙටයි මටයි දෙන්නටම අර්නස්ට් කියන නමෙන් බෞතීස්ම වෙන්න බෑනේ. ඒක හොඳ නෑ. ඒ නැතත්, මට ඕනෙනං බෞතීස්ම වෙන්න මට හැම අයිතියක්ම තියෙනවා. මං කවදාවත් බෞතීස්ම වෙලා තියෙනවද කියන්න කිසිම සාක්කියක් කොහෙවත් නෑ. හුඟක් වෙලාවට මං කවදාවත්ම බෞතීස්ම වෙලා නැතුව ඇති. පූජකතුමාත් එහෙම හිතනවා. ඒත් තමුසෙ එහෙම නෙවෙයිනේ. තමුසෙ දැනටමත් බෞතීස්ම වෙලානේ.
ඇල්ජර්නන්:
ඔව්, ඒත් මට දැන් අවුරුදු ගාණකින් බෞතීස්ම වෙන්න බැරි වුණා.
ජැක්:
ඒත් තමුසෙ කොහොමහරි බෞතීස්ම වෙලානේ. ඒකනෙ වැදගත්.
ඇල්ජර්නන්:
අන්න හරි. ඉතිං මං දන්නවා මගේ ශරීර සෞඛ්‍යය ඒ වැඩේට ඔරොත්තු දෙනවා කියලා. තමුසෙ හරියටම දන්නෙ නැත්තම් තමුසෙ කවදාවත් බෞතීස්ම වෙලා තියෙනවද නැද්ද කියලා, මං කියන්නෙ මේ වෙලාවෙ තමුසෙ එහෙම දෙයක් කරගන්නෙ නැතුව ඉන්න එක හොඳයි කියලා. ඒකෙන් තමුසෙ ලෙඩ වෙන්න පුළුවන්. තමුසෙගෙ බොහොම සමීප ඥාතියෙක් මේ සුමානෙ පැරිසියෙදි උණ සන්නිපාතෙ හැදිලා මළා කියලා තමුසෙට අමතක වුණා වෙන්න බෑනේ.
ජැක්:
ඔව්, ඒත් තමුසෙ කිව්වනෙ ඒක ආරෙට එන ලෙඩක් නෙවෙයි කියලා.
ඇල්ජර්නන්:
ඉස්සර එහෙම නෙවෙයි, ඒක මං දන්නවා -- ඒත් දැන් ඒක ආරෙට එනවලු. මේ විද්‍යාව කියන දේ දවසින් දවස හරිම ලස්සනට දියුණු වෙනවා, බොහොම වටිනා කියන කරුණු කාරණා හොයාගන්නවා.
ජැක්:
[සීනි බනිස් තැටිය අතට ගනිමින්] විකාර; තමුසෙ කොයි වෙලාවෙත් විකාරමයි දොඩවන්නෙ.
ඇල්ජර්නන්:
ඕන්න ඒ ගමන තමුසෙ ආයෙත් සීනි බනිස් කනවා. ඕක කරන්න එපා ඕයි, තව දෙකයි ඉතුරු. [ජැක් වෙතින් යළිත් බඳුන උදුරාගනියි] මං කිව්වනේ මං සීනි බනිස් කන්න හරි ආසයි කියලා.
ජැක්:
ඒ වුණාට මං කැමති නෑ ඕයි ගල් බනිස් කන්න.
ඇල්ජර්නන්:
එහෙනං තමුසෙ මොන ඉටිගෙඩියකටද තමුසෙගෙ ගෙදරට එන මිනිස්සුන්ට ගල් බනිස් කවන්නෙ? තමුසෙගෙත් මහ පුදුමාකාර ආගන්තුක සත්කාරනේ තියෙන්නේ!
ජැක්:
ඇල්ජර්නන්. මං කිව්වෙ තමුසෙට මෙහෙන් යන්න කියලා. මං කැමති නෑ තමුසෙ මෙහෙ ඉන්නවට. ඉතිං යනවකො!
ඇල්ජර්නන්:
මං තාම තේ බීලා ඉවර නෑනේ! මේ තව සීනි බනිස් ගෙඩියකුත් ඉතුරුයි. [ජැක් ගොරවමින් අසුන තුළට කිඳා බසියි. ඇල්ජර්නන් නොනවත්වා අහාර ගනියි.]

![]() |
| සිසිලි තම දිනපොත ග්වෙන්ඩලින් හට පෙන්වමින් |

| ජැක් හා ඇල්ජර්නන් වෙතින් මෑත් වූ සිසිලි හා ග්වෙන්ඩලින් එකිනෙකා සනසවාගනිමින් |

| සීනි බනිස් පොරය |

II ජවනිකාව නිමාව
- මතු සම්බන්ධයි -

Crazy as a shit house rat කිව්වලු.
ReplyDeleteමරු ඕයි ඔන්න කණෝ පිනුං ....සීනි බනිස්/ගල් බනිස් කේස් එක නැඟලා යනවා...හෙහ්,හෙහ්,
මේ නාට්‍යයේ මං ආසම තැන ඔය වලිය තමයි. :D
DeleteMuffins & Tea Cakes මං සීනි බනිස් & ගල් බනිස් කළා කියලා වයිල්ඩ් මහත්තයා තරහා වෙන එකක් නෑනෙ නේද?
නියමයි ඕයි,ආ සොරි සොරි අක්කේ.නියමයි ඈ.
ReplyDeleteකියවන්න බැරි වෙච්චි කොටස් ඔක්කොම ඊයේ එකදිගට කියෙව්වා.
අපි නම් දුකට නොකා ඉන්නේ.ඒකටත් එක්ක ඇල්ජර්නන් උන්දැ.
තැන්කිව් ඕයි, ආ සොරි සොරි මල්ලි, තැන්කිව් ඈ. :D
Deleteඒකනෙ, ඇල්ජියා මාර පොරක්. හෙට අන්තිම කොටස. නොවැරදීම කියවන්න එන්න හොඳද. :)
ඉස්කෝලෙ කාලෙ අපේ යාළුවෙක් ගෑල්ළමයෙක්ගෙන් බූට් එකක් කාපු දුකට කඩේට ගිහින් ආප්ප දහයක් විතර කාගෙන කාගෙන ගියා කියහල්ලකො...
Deleteහා හා, මේ බුරම්පි අයියා නෙවෙයි එයැයිගෙ යාළුවෙක්ලු හොඳද! :P
Deleteමේ අක්කෙ දෙනවකො ඔය සීනි බනිස් බන්දේසිය මෙහාට. තනියෙම කන්න හොඳයැ? මං සීනි බනිස් කන්නම්. ඔහේ ගල් බනිස් කනව හරිද? ඇයි අර ගෙනාපු කේක් එහෙමත් ඇතිනෙ.
ReplyDeleteඕන්න කාගන්න එකයි ඇත්තෙ, මං ඔය බනිස් ජාති කන්න ඒ හැටි මනාපයක් නෑ. හැබැයි සිත්තරා එන්ඩ කළියෙං විගහිං කන්න වෙයි, එයානං බනිස් පප්පා! ඇල්ජි වගේ තමයි. :D ඔව්වොව් කේකුත් තියෙනවා, අර සිසිලි ග්වෙන්ඩලින්ට කපලා දීපු කෑල්ල.
Delete