පසු දින උදෑසන දහය වන විට ටොම් ඩීන් මාමා හමු වීම සඳහා ශාන්ත ඔග්ස් බලා යමින් සිටියේය. රැකියාවක් සොයා ගැනීම පිළිබඳ උපදෙස් ලබාගැනීමට සුදුසුම තැනැත්තා ඔහු බව ටොම් කල්පනා කළේය. ඔහුටද ඔහුගේ මාමා මෙන් විය හැකි වනු ඇත - වැදගත් ව්‍යාපාරයක තනතුරක් ලබා සීඝ‍්‍රයෙන් දියුණු විය හැකි වනු ඇත. ඩීන් මාමා ගෙස්ට් සහ සමාගමට කෙතරම් වටිනා පුද්ගලයෙකු වීද යත් ඔහුට එම සමාගමේ කොටස් පවා පිරිනැමූ බව කලකට පෙර ටොම්ගේ පියා පවසනු ඔහුට මතකය; තමාද ක‍්‍රියා කළ යුත්තේ එලෙසින්ම බවට ටොම් නිශ්චය කළේය. ඔහු ඔහුගේ මවත් සොයුරියත් වෙනුවෙන් සියල්ල සපයා දෙනු ඇති අතර ඔහු උසස් චරිතයකින් හෙබි පුද්ගලයෙකු බව සියල්ලන්ම පවසනු ඇත.
ෆ්ලොස් නදිය මතින් දිවුනු පාලම පසු කොට ශාන්ත ඔග්ස් නගරයට පිවිසෙන අතරේ ඔහු කල්පනා කරමින් සිටියේ තමා පෝසත් වූ පසු තමා පියාගේ මෝල හා ඉඩම යළිත් මිල දී ගෙන එහි පදිංචි වන බවය: ඔහු එය වඩා නවීන පෙනුමකින් තබාගැනීමට කැමති වනු ඇති අතර ඔහුට ඇති තරම් අශ්වයන් හා සුනඛයන් එහි තබාගත හැකි වනු ඇත. ඔහුට පළමුවෙන්ම කරන්නට ඇත්තේ ගෙස්ට් හා සමාගමේ රැකියාවක් ලබාගැනීම පමණි.
නමුත් අවසානයේ ටොම් ඩීන් මාමාව හමු වීමේ බලාපොරොත්තුවෙන් ගෙස්ට් සහ සමාගමේ කාර්යාලය වෙත ලඟා වූ විට ලිපිකරුවෙකුගෙන් දැනගන්නට ලැබුණේ ඔහු බ‍්‍රහස්පතින්දා දින වල උදෑසන එහි නොපැමිණෙන බවය. ඔහු එම වේලාවේ ගත කළේ ගෙස්ට් සමාගමටම අයත් වූ බැංකුවකය. බැංකුවේදී ටොම්ව ඔහුගේ මාමා සිටි පෞද්ගලික කාමරයට කැඳවාගෙන යන ලදි. ඩීන් මහතා ගිණුම් පරීක්ෂා කරමින් සිටි අතර ටොම්ව පිළිගැනීමෙන් පසුවද ඔහු සහ ලිපිකරුවා එම කටයුත්තේම තවත් අඩ හෝරාවක් පමණ නිරතව සිටියෝය. බැංකුව වසන තෙක්ම තමාට එලෙස හිඳින්නට වනු ඇත්දැයි ටොම් කල්පනා කළේය. නමුත් අවසානයේදී අසුනේ කෙළින් වූ ඩීන් මාමා ලිපිකරුවාව පිටත් කර යවා ටොම් දෙසට හැරුණේය.
"ඉතිං ටොම්," ඔහු කීවේය, "මොකද්ද කාරණේ?"
"කරදර කළාට සමා වෙන්න මාමේ," ටොම් මඳ චකිතයකින් යුතුව කීවේය, "ඒත් මං හිතුවා මට උපදෙසක් ගන්න පුළුවන් හොඳම කෙනා මාමා තමයි කියලා."
"එහෙමද!" ඩීන් මහතා වඩාත් උනන්දුවකින් සිය ඥාති පුත‍්‍රයා දෙස බැලූවේය. "කියමු බලන්න."
"මට රස්සාවක් හොයාගන්න ඕනෙ මාමේ, සල්ලි ටිකක් හොයාගන්න ඕනේ."
"රස්සාවක්?" ඩීන් මහතා කීවේය. "අපි බලමුකෝ, දැං වයස කීයද?"
"දාසයයි - මං කීවේ, දා හත වෙන්න ලඟයි," ටොම් කීවේය.
"හොඳයි, ඔයා හොඳට ඉගෙනගත්තනේ," ඔහුගේ මාමා කීවේය. "ගිණුම් තියන්න එහෙම හොඳට පුළුවන් ඇතිනේ? ඔයාට පොත් තැබීම ගැන දැනුමක් තියෙනවද?"
"නෑ," ටොම් සමාව අයදින හඬකින් කීවේය. "ඒත් ස්ටෙලිං පූජකතුමා කිව්වා මගේ අත් අකුරු ගොඩක් හොඳයි කියලා මාමේ, මේ තියෙන්නේ මං ලියපුවා," තමා පෙර දිනයේ සූදානම් කරගත් ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් ඔහු කීවේය.
"ඔව්, ඒක හොඳයි, ඒක හොඳයි," ඩීන් මහතා කීවේය. "ඒත් ලෝකෙන්ම ලස්සන අත් අකුරු තිබ්බත් ඒකෙන් ඔයාට පිටපත් කරන ලිපිකරුවෙකුට වඩා උසස් තනතුරක් ගන්න බෑ, ඔයා ගිණුම් ගැනවත් පොත් තැබීම ගැනවත් මුකුත් දන්නෙ නැත්තං. පිටපත් කරන ලිපිකරුවෙක්ට ලැබෙන්නේ බොහොම අඩු පඩියක්. ඔයා ඉස්කෝලෙදි මොනවද ඉගෙනගත්තෙ එතකොට?"
"අපි ලතින් ඉගෙනගත්තා," ටොම් වදන් ගලපමින් පැවසුවේය. "සෑහෙන්න ලතින් ඉගෙනගත්තා; තව ග‍්‍රීක භාෂාවයි රෝම ඉතිහාසයයි; තව ඉයුක්ලිඩ්; ආයෙ සතියට එක දවසක් වීජ ගණිතය තිබුණා. තව ඉංග‍්‍රීසි සාහිත්‍යයෙනුත් ගොඩක් පොත් අපි ඉගෙනගත්තා."
ඩීන් මහතා සිය මුව උල් කළේය. "හොඳයි," ඔහු අවසානයේදී උදාසීන හඬකින් කීවේය, "ඔයා මේ දේවල් අවුරුදු තුනක්ම ඉගෙනගත්තනේ - ඔයාට ඒවා ගොඩක් හොඳට පුළුවන් ඇති. ඉතිං ඒවැයින් ප‍්‍රයෝජනයක් ගන්න පුළුවන් තැනකට ගියොත් මොකද?"
රතු වූ ටොම් ඉක්මණින් කතා කළේය, "අනේ ඒ පැත්තෙන් රස්සාවක් කරන්න මං කැමති නෑ මාමේ. මම ලතින් වලටවත් අනිත් ඒවටවත් කැමති නෑ. ඒවායින් ඉස්කෝලෙක උගන්නනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද කියලා මම දන්නෙ නෑ; එහෙම උගන්නන්නත් මම ඒවා ගැන ඒ තරං දන්නෙ නෑ. මං කැමතියි මට ඉස්සරහට යන්න පුළුවන් තැනකට එකතු වෙන්න, මං කරන දේට හොඳ පඩියක් ලැබෙන තැනකට. මං අම්මවයි නංගිවයි බලාගන්නත් ඕනේ."
"ආහ්, ඒක කියන එක බොහොම ලේසියි කරනවට වඩා," ඩීන් මහතා අවිශ්වාසයෙන් හිස වනමින් පැවසුවේය.
"ඒත් මාමත් දියුණු වුනේ ඒ විදිහට නේද?" ටොම් ඇසුවේය. "මං කිව්වේ, මාමා තමන්ගෙම හැකියාවෙන් ඉස්සරහට ආපු කෙනෙක් නේද?"
"හ්ම්, ඔව්," ඩීන් මහතා සිය අසුනේ මඳක් දිග ඇදෙමින් සිය ජීවිත කතාව පවසන්නට සූදානම් වෙමින් කීවේය. "ඒත් මං ඒක කළේ මෙහෙමයි. මං මගේ ඇස් කන් ඇරගෙන හිටියා ඉලන්දාරියා, මං මගේ හාම්පුතාගේ ඉලක්ක මගේ ඉලක්ක කරගත්තා. පටන්ගනිද්දි මට ඒ හැටි උගත්කමක් තිබ්බෙ නෑ, ඒත් මට තේරුණා ගිණුම් ගැන හරි දැනුමක් නැතුව මට වැඩි දුරක් යන්න බෑ කියලා. ඉතිං මං රස්සාවෙන් පස්සේ හවස් වරුවේ ඒවා ඉගෙනගත්තා."
"ඉතිං මාමේ," ටොම් වාද කළේය, "මමත් කැමතියි එහෙම කරන්න. මටත් ඒ විදිහටම කරන්න බැරි වෙයිද?"
"ඒක තමුන් කවුද කියන එක මත රඳා පවතිනවා මගෙ කොල්ලෝ," ඩීන් මහතා කීවේය. "ඒත් මං මෙන්න මේක කියන්න ඕනේ. ඔයාගෙ තාත්තා ඔයාව ස්ටෙලිං ගාවට යවලා කරලා තියෙන්නේ වැරැද්දක්. ස්ටීවන් ගෙස්ට් ඉලන්දාරියා වගේ කෙනෙක් ලබන්න ඕනේ අධ්‍යාපනයක් තමයි ඔයාට ලැබිලා තියෙන්නේ. එයාට මුළු ජීවිත කාලෙම චෙක් වලට අත්සන් කරනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න ඕන වෙන්නෙ නෑ, ඉතිං අනිත් ඕන කුණු ගොඩක් එක්ක ලතින් වගේ දේවලූත් එයාගෙ ඔළුව ඇතුළේ ගොඩගහගෙන ඉන්න ඉඩ තියෙයි."
ටොම් සිය දෙතොල් තදින් හපාගත්තේය. තමාට හඬන්න උවමනා බව ලැජ්ජාවෙන් නමුත් ඔහුට දැනුණේය.
"ඔයාට ඕනෙ මගෙන් උදව් ගන්න යම් තැනකට එන්න," ඩීන් මහතා දිගටම කතා කළේය. "මම හරිම කැමතියි ඒ ගැන මොනවාහරි කරන්න පුළුවන්නම්. ඒත් ඔයත් මතක තියාගන්න ඕනේ ඔයා කවුද කියලා - හරිහමන් දෙයක් ගැන පුහුණුවක් ලබලා නැති අවුරුදු දාසයක කොලු ගැටයෙක්. ඔයාට කාගෙහරි අත් උදව්කාරයෙක් විදිහට වැඩක් හොයාගන්න පුළුවන් වෙයි - සමහරවිට බෙහෙත් සාප්පුවක වගේ. ඒ වගේ තැනකදි ඔයාගෙ ලතින් වලින් වැඩක් ගන්න පුළුවන් වෙයි..." ටොම් කතා කරන්නට උත්සාහ කළද ඞීන් මහතා අතක් ඔසවා ඔහුව නතර කළේය. "ඔහොම ඉන්න! මං කියන දේ අහලා ඉන්න. ඔයාට අත් උදව් කාරයෙක් වෙන්න ඕනෙ නෑ - මං දන්නවා, මං දන්නවා. ඒත් ඔයා පිටපත් කරන ලිපිකරුවෙක් වුනොත් ඔයාට තියෙන්නේ මේසයක් ලඟට වෙලා මුළු දවසම කඩදාසියි තීන්තයි දිහා බලං ඉන්න එක විතරයි. ඒකෙ කිසිම අනාගතයක් නෑ. ඔයාට දෙන්න පුළුවන් හොඳම අවස්ථාව බඩු ගබඩාවක වැඩ කරන එක, ඒත් ඔයා ඒකට කැමති වෙයි කියලා මං හිතන්නෙ නෑ. සීතලෙයි වැස්සෙයි වැඩ කරන්න වෙනවා, එක එක ජාතියෙ මිනිස්සු එක්ක එකට වැඩ කරන්න වෙනවා. ඔයා එහෙම දේකට මූණ දෙන්න තරම් තැලිලා පොඩි වෙලා නෑ."
ටොම් නිර්භීතව කතා කළේය. "අන්තිමේදී මට හොඳක් වෙනවනං මං ඕන දේකට ලෑස්තියි මාමේ," ඔහු කීවේය. "මේ දැන්ම මට දෙන්න පුළුවන් රස්සාවක් මාමා ලඟ තියෙනවද? මං කැමතියි දැම්මම වැඩ පටන්ගන්න."
"පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න! අපි ඔච්චර හදිසි වෙන්න හොඳ නෑ. මං ඒ ගැන හිතලා බලන්නං දරුවෝ, මං හිතලා බලන්නං." ඒ මොහොතේදී ලිපිකරුවා නැවතත් කාමරයට පැමිණි අතර ඩීන් මහතා යළි කතා කළේය, "දැනට මීඩ වඩා කියන්න දෙයක් නෑ ටොම්, මං දැන් ආපහු වැඩ පටන්ගන්න ඕනේ. පරිස්සමෙන් යන්න. අම්මව මතක් කළා කියන්න."
සුහද සමුගැන්මක් සඳහා ඩීන් මහතා සිය අත දිගු කළ අතර ඔහුට සමු දුන් ටොම් යළිත් ශීතල තෙත්බර එළිමහනට පිවිසුණේය. නිවෙස බලා සෙමින් ඇවිද යන අතරේ ඔහුගේ සිතෙහි නුදුරු අනාගතය පිළිබඳව කිසිදු සුභදායී හැඟීමක් නොවීය; ඔහුට දැනුණේ වර්තමානය ඉතාමත් කටුක බව පමණි. ඔහු, ටොම් ටුලිවර්, ලෝකයට නොවැදගත් පුද්ගලයෙකු ලෙසින් පෙනී ගිය අතර ජීවිතයේ ප‍්‍රථම වතාවට තමා කිසිවක් කරගත නොහැකි නොසැලකියයුතු පුද්ගලයෙකු බවට වූ හැඟීමකින් වෙලාගත් ඔහුගේ හදවත රිදුම් දෙන්නට විය. නොබෝ දිනකින්ම ඔවුන්ගේ ගෘහ භාණ්ඩ අතුරින් බොහොමයක් අලෙවි වනු ඇති අතර සති කිහිපයක් ගෙවී යන්නට පෙරම නිවස වෙන්දේසි වනු ඇත. එම අවාසනාවන්ත දිනයට පෙර ඔහු සිය පවුල ජීවත් කරවිය හැකි සහ පදිංචියට වෙනත් ස්ථානයක් සොයාගත හැකි රැකියාවක් සොයාගන්නේ කෙසේද?
ගෘහ භාණ්ඩ අලෙවිය දෙසැම්බරයේ එක් අඳුරු දිනයකදී සිදු විය. ටුලිවර් මහතා ඒ වන විට විටින් විට ප‍්‍රකෘති සිහිය ලබන තත්ත්වයක සිටි නමුත් වාසනාවකට මෙන් එදින නිවසේ වූ කලබලය ගැන ඔහුට වැටහීමක් නොවීය. තමා සන්තකව තිබූ දෑ නන්නාඳුනන්නන් විසින් මිළට ගෙන රැගෙන යනු ලබන අන්දම බලා හිඳින්නට සිදු වූ එම දිනය ටුලිවර් වරුන් හට මහත් භයංකාර දිනයක් වූ නමුත් අවසානයේදී සියල්ල නිමා වී නිවස නැවතත් නිහඬතාවයේ ගිලී ගියේය.
එදින සන්ධ්‍යාවේ ඔවුන්ගේ විශ්වාසවන්ත සේවිකාව වූ කෙසියා උඩු මහළට පැමිණ පැවසුවේ ටොම් මහත්මයාව හමුවීමට කෙනෙකු පැමිණ ඇති බවය. ඔහුව හමුවීමට පැමිණි තැනැත්තා මුළුතැන්ගෙයි වාඩි වී සිටි අතර එහි ඇතුල් වූ ටොම් දුටුවේ ඔහුට වඩා දෙවසරකින් පමණ වැඩිමහල් වූ නිල් දෑසකට හා රතු හිසකෙස් වලට හිමිකම් කී පළල් සිරුරකින් යුතු වූ තරුණයෙකි.
"ඔබේ යටහත් සේවකයා, ටොම් පොඩි මහත්තයා!" රතු හිස කෙස් ඇත්තා ප‍්‍රීතිමත් සිනහවකින් යුතුව කීවේය. අනතුරුව ටොම්ගේ ව්‍යාකූලත්වයට පත් වූ මුහුණ දුටු ඔහු නැවතත් කතා කළේය, "ඇයි, බොබ්ව මතක නැද්ද?"
"මොනවා? බොබ් ජේකින්ස්!" වසර ගණනකට පෙරාතුව තමා හා කෙළි සෙල්ලමේ යෙදුණු ගැමි කොළුවා සිහිපත් වීමෙන් ටොම් කෑ ගැසුවේය.
"ඔව් ඔව්, බොබ් ජේකින්ස් තමයි! මතකද පොඩි මහත්තයා මට වතාවක් දැලි පිහියක් දුන්නා? මට ලැබිච්ච හොඳම පිහිය ඒක තමයි. දැන් ඒකේ තලේ කැඩිලා ගිහින් වුනත් මං ඒක හැම වෙලාවෙම පාවිච්චි කරනවා." ඉතාමත් වේගයෙන් එලෙස කියාගෙන ගිය බොබ් සිය සාක්කුවෙන් එම පිහිය ගෙන හැර පෑවේය.
"ඉතිං බොබ්," ටොම් සුහද ලීලාවෙන් කීවේය, "මගෙන් මොනවත් කෙරෙන්න ඕනෙද?"
"අපොයි නෑ පොඩි මහත්තයා," බොබ් පුදුමයෙන් කීවේ සිය පිහිය වසා නැවත සාක්කුවට දමාගනිමිනි. "මේ පවුල මෙහෙම අමාරුවක වැටිලා ඉන්දැද්දි, පොඩි මහත්තයාගේ තාත්තා ලෙඩ ඇඳේ ඉන්දැද්දි මං උදව් ඉල්ලගෙන එන්නෙ නෑ - මං මොනවත්ම ඉල්ලගෙන එන්නෙ නෑ."
"එහෙනං බොබ් ආවේ අපේ දුක බෙදාගන්නද?" ටොම් ඇසුවේය. "අපි ගැන හිතුවට ස්තූතියි බොබ්."
"මං කියන්නංකෝ මං ආවේ මොකද කියලා," දුර්වර්ණ කැන්වස් බෑගයක් සිය සාක්කුවෙන් පිටතට ගනිමින් බොබ් කීවේය. "සති දෙකකට විතර උඩදි මට පොඩි වාසනාවක් පෑදුනා - ටෝරිගේ මෝලේ එදා ගින්නක්, මමයි නිව්වේ, ඉතිං ටෝරි මහත්තයා මට රන් පවුම් දහයක් දුන්නා. මෙන්න ඒ ටික - එකයි අඩු ඔතන. ඒකෙන් මං අම්මට බඩු ටිකක් අරන් දුන්නා." බොබ් මේසය මතට බෑගය හිස් කළේය. "ඒවා ලැබිච්ච වෙලාවේ මට හිතාගන්න බැරි වුනා ඒවයෙන් මොනවා කරන්නද කියලා. මුළින් මං හිතුවේ මුගටින්වයි බල්ලන්වයි අරගෙන මීයො අල්ලන කෙනෙක් වෙනවා කියලා; ඊට පස්සේ මට හිතුණා මං ඊට වඩා හොඳ විදිහට ජීවත් වෙන්න ඕනෙ කියලා. ඉතිං ඒ ගමන මං කල්පනා කළා මං තොරම්බල් කාරයෙක් වෙනවා කියලා. පොඩි පොඩි දේවල් අරගෙන රට පුරා ගිහින් මං ගෑණු උදවියට ඇඳුං ආයිත්තං විකුණනවා කියලා. ඒක අපූරු ජීවිතයක් වෙයි!" මඳක් නතර වූ බොබ් එම සිතුවිලි නොතකා හරිමින් නැවතත් කතා කළේය. "ඒත් මං ඒවා ගැන හිතන්නෙ නෑ - පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ! මං මෝඩයෙක් නෙවෙයි, අනික මට වාසනාව තියෙනවා. මට තව ගින්නක් නිවන්න ඉඩක් ලැබෙයි සමහරවිට. ඉතිං මං සතුටුයි පොඩි මහත්තයා මේ කහවනු නවය අරගෙන මොනවට හරි යොදවනවනං. ලොකු වැඩක් කරගන්නනං බැරි වෙයි - ඒත් ඒකෙන් උදව්වක් ලැබෙයි."
ටොම්ට එය තදින්ම හිතට දැනුණි. "ඔහේ බොහොම කරුණාවන්ත හාදයෙක් බොබ්," ඔහු කීවේය, "අද හැන්දෑවේ මට ඔහේව අඳුනගන්න බැරි උනාට මං දන්නවා ආයෙනං කවදාවත් මට ඔහේව අමතක වෙන්නෙ නෑ. ඒත් මට මේ සල්ලි ගන්න බෑ. ඔහේගේ වාසනාව අරගත්තට මට ඒතරම් දෙයක් කරගන්න වෙන්නෙත් නෑ."
"මුකුත්ම කරගන්න බැරි වෙයිද පොඩි මහත්තයා?" බොබ් කණගාටුවෙන් ඇසුවේය. "මේවා මට ඕනෙ වෙයි කියලා හිතලා නොගෙන ඉන්න එපා. ඒ ගැන හොඳ පැත්තෙන් හිතන්න, අපේ පරණ යාළුකම වෙනුවෙන්වත් පොඩි මහත්තයා."
බොබ් කහවනු ඉදිරියට තල්ලූ කළද ටොම් හිස දෙපසට වැනුවේය. "නෑ, ඇත්තටම බොබ්, මට මේවා ගන්න බෑ," ඔහු කීවේය, "මං ඔහේගෙන් සල්ලි ගන්න අකමැතිව මෙහෙම කියනවා කියලා හිතන්න එපා. මං කාගෙන්වත් මුකුත්ම ගන්න කැමති නෑ, ඒකයි - මට ඕනේ මගේම විදිහට වැඩ කරන්න. ඒ වෙනුවට මං ඔහේට අතට අත දෙන්නංකෝ."
ටොම් සිය අත දිගු කළ අතර බොබ් නොපමාව තම රළු, කහට බැඳි අත දිගු කොට එය අල්ලාගත්තේය.
"හොඳයි එහෙනං, මං පොඩි මහත්තයට සුබ පතනවා," ඔහු කීවේය, "මට අතට අත දුන්නට බොහොම ස්තූතියි, සල්ලි අරගත්තෙ නැතත්."
ඔරවාගත් මුහුණින් එහි පැමිණ තේ උවමනාදැයි විමසූ කෙසියා නිසා බොබ්ගේ සමුගැනීම ඉක්මන් විය.

- මතු සම්බන්ධයි -
ෂා,බොබ් නියම යාළුවෙක්නේ.එහෙම හිත හොඳ යාලුවෝ ඉන්නවා නම් ජිවිතේ පහසුයි.
ReplyDeleteඔව් මනෝජ්, ඒක ඇත්ත. මේ තියෙන්නේ කාලෙකට කළින් මං යාළුවෝ ගැන ලියපු එකක්.
DeleteVery good...very good...The story is really flowing..like a...like a ...like a...Ahem! well... like a story... what else did you think?
ReplyDeleteOh really? I thought it was flowing like a... like a... like a... ahem! like a... නෑ එක්කො ඕනෙ නෑ...
Delete