මැගී පළමුවෙන්ම ගියේ ඇගේ පියාගේ සොයුරිය වූ ග‍්‍රිටී මොස් නැන්දාව බැලීමටය. ඈ එහි ගොසින් එළැඹුනු සිව් වන දිනයේදී ඇයත්, නැන්දාත් නැන්දාගේ දරු පිරිසත් මිදුලේ කුකුල් පැටවුන්ට ආහාර දෙමින් සිටිනා අතර නැන්දා එක්වරම විස්මයට පත් හඬක් පිට කළාය. "දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! අර කවුද අර එන මහත්තයා?"
උසැති දුඹුරු පැහැ අශ්වයෙකු පිට නැගි තැනැත්තෙකු ගේට්ටුවෙන් ඇතුළු වෙමින් සිටි අතර වේගවත් ගමනක යෙදුනු සලකුණු කියා පාමින් අශ්වයාගේ ගෙල අඳුරු පැහැයෙන් දිස් වුනි. මැගීගේ හිසත් පපුවත් සන්ත‍්‍රාසය මුසු වූ කම්පනයකින් වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේය.
"කවුද ඒ මගෙ දරුවෝ?" අමුත්තා මැගී හඳුනන්නෙකු බව ඇගේ මුහුණෙන් වටහාගත් නැන්දා ඇසුවාය.
"ඒ ස්ටීවන් ගෙස්ට් මහත්මයා," මැගී ඇසෙන නෑසෙන හඬින් කීවාය. "අපේ ලුසීගේ - ලුසීගේ හොඳ යාළුවෙක්."
ඔවුන් ආසන්නයට ආ ස්ටීවන් අසු පිටින් බිමට පැන සිය හිස්වැස්ම ඔසවා ආචාර කළේය.
"අස්සයාව අල්ලගන්න විලී," මොස් මහත්මිය ඇගේ දොළොස් හැවිරිදි පුත‍්‍රයාට කීවාය.
"නෑ, කමක් නෑ, ස්තූතියි," නොඉවසිල්ලෙන් හිස ගස්වන අශ්වයාගේ රැහැන් පටියෙන් අදිමින් ස්ටීවන් කීවේය. "මං ඉක්මණට යන්න ඕනේ. මිස් ටුලිවර්ට පණිවිඩයක් තියෙනවා - පොඩ්ඩක් තනියම කතා කරන්න පුළුවන්ද?" ඔහු කලබලයෙන් කතා කළේ පවසන්නට ඇත්තේ හෙළිදරව් කිරීමට පහසු පණිවිඩයක් නොවන බව පසක් කරමිනි. කලබලකාර පෙනුමකින් යුතු අමුත්තාගේ හදිසි පැමිණීමෙන් චකිතයට පත්ව සිටි මොස් මහත්මිය ඔහුට නිවස තුළට ආරාධනා කළ යුතුදැයි සිතන අතරේ දැඩි ලෙස අපහසුවට පත්ව කිසිවක් කියාගත නොහැකිව සිටි මැගී නිහඬවම සිය හිස්වැස්ම පැලඳගෙන ගේට්ටුව දෙසට පිය නැගුවාය.
ස්ටීවන්ද ආපසු හැරී අශ්වයාද රැගෙන ඈ අසළින් ගමන් කරන්නට පටන්ගත්තේය. මාවතෙන් පිට වී යාර හතරක් පහක් පමණ පසු කරන තෙක් කිසිවෙකුත් කතා කළේ නැත. අනතුරුව, එතෙක් වේලා ඉදිරිය බලාගෙනම ගමන් කරමින් සිටි මැගී ආපසු හැරුණාය. ඇගේ කටහඬ කලබලකාරී විය. "මට ඕනෙ නෑ තවත් ඉස්සරහට යන්න. මාත් එක්ක මෙහෙම තනියම කතා කරන්න ඕනෙ කියලා මට ලැජ්ජා කරපු එක හොඳ දෙයක් කියලා ඔයා හිතං ඉන්නවද මං දන්නෙ නෑ."
"මං ආව එක ගැන ඔයා තරහෙන් ඉන්නෙ කියලා මං දන්නවා," ස්ටීවන් දුක්බර හඬින් කීවේය. "මිනිහෙක් කොයිතරං අමාරුවක වැටිලා ඉන්නවද කියන එක ඔයාට වැඩක් නෑනේ - ඔයා හිතන්නේ ඔයාගේ උජාරුව ගැන විතරයි!"
මැගී තැතිගත් මුහුණින් ඔහු දෙස බැලූ අතර ඔහු දිගටම කතා කළේය. "හරියට මට මේ වෙලා තියෙන දේවල් මදි වගේනේ - මං ඔයා ගැන ආදරෙන් පිස්සු වැටිලා - ඒත් මං මනුස්සයෙකුට දරුණුවටම දැනෙන ඒ හැඟීම් පාලනය කරගෙන ඉන්නේ, මොකද මං අනිත් අය ගැනත් හිතන නිසා, ඒගොල්ලන්ට අවංක වෙන්න ඕනෙ නිසා! ඒ තියෙද්දිත්, ඔයා මට සලකන්නේ හරියට මං ඔයාට ඕනකමින් නපුරුකං කරන මදාවියෙක් වගේනේ! මට ඕන දේ කරන්න ඕනෙනං මට පුළුවන් ඔයාට මාව කසාද බැඳගෙන මගේ දෙපලයි මගේ මුළු ජීවිතේමයි ඔයාගෙ කරගන්න කියන්න, ඒවායෙන් ඔයාට ඕන දෙයක් කරන්න කියන්න!"
"ඔහොම කතා කියන්න එපා - මට අහං ඉන්න බෑ," මැගී සන්තාපයෙන් බිමට යොමාගත් දෑසින් යුතුව කීවාය.
"නෑ මං කියන්න ඕනේ," ස්ටීවන් කීවේය. "බලන්න මං දිහා - මට මොකද වෙලා තියෙන්නේ කියලා! දවස ගානේ මං හැතැප්ම තිහක් විතර අස්සයා පිටේ නැගලා යනවා ඔයා ගැන හිතෙන එක නවත්තගන්න."
මැගී ඔහු දෙස බැලූවේ නැත. ඇය ඔහු දෙස බලන්නට බිය වූවාය. ඇය ඒ වන විටත් ඔහුගේ වෙහෙසකර බවින් මිරිකුණු මුහුණ දැක තිබුණි. නමුත් ඇය මෘදු කටහඬින් කතා කළාය. "මං ඔයා ගැන නපුරු විදිහට හිතන්නෙ නෑ."
"එහෙනං වස්තුවේ, බලන්න මගෙ දිහා," ස්ටීවන් සිය ආකර්ශනීය බවේ ගැඹුරුතම හා මෘදුතම හඬින් කතා කළේය, "දැන්මම යන්න එපා. මට එක මොහොතක සතුටක් දෙන්න - ඔයා මට සමාව දුන්න බව මට දැනෙන්න ඉඩ අරින්න."
"මං ඔයාට සමාව දෙනවා," එම හඬින් ඇති වූ කම්පනයෙන්ද, තමා ගැන වඩාත් වැඩි වූ බියකින්ද යුතුව මැගී කීවාය. "ඒත් අනේ දැන් මට යන්න දෙන්න. ඔයාත් දැන් යන්න!" ඇගේ දෑස් කෙවෙනි අතුරින් විශාල කඳුළු බිඳුවක් රූරා වැටුණි.
"මට යන්න බෑ - ඔයාව දාලා යන්න බෑ," ස්ටීවන් සෙනෙහසින් පිරුණු ආයාචනාත්මක හඬින් කීවේය. ගේට්ටුවෙන් එබී බැලූ විලී මොස්ගේ රුව දුටු ඔහු හඬගෑවේය, "ඒයි! මෙහෙ එන්න, විනාඩි පහකට මේ අස්සයව අල්ලගන්න."
"අනේ එපා," මැගී ඉක්මණින් කීවාය. "මගේ නැන්දා මොනවත් හිතයි."
"කමක් නෑ," ස්ටීවන් නොඉවසිල්ලෙන් කීවේය; "ඒගොල්ලෝ කාටවත් කියන එකක් නෑ." ඔහු එහි ආ විලී වෙත අශ්වයාගේ රැහැන් පටිය පෑවේය. "මේ අහළ පහළ පොඩ්ඩක් ඇවිද්දවන්න." ඔහු යළිත් මැගී වෙත හැරුණු අතර ඔවුන් දෙදෙනා යළිත් ගමනාරම්භ කළෝය. "මගේ අතින් අල්ලගන්න," ඔහු මෘදු ලෙස කීවේය.
"මේකනං කොහෙන් කෙළවර වෙයිද මං දන්නෙ නෑ," මැගී ඔහුගේ අත තුළින් සිය අත රුවාගනිමින් කීවාය. "මේක හොඳ නෑ. ලුසී ගැන හිතන්නකෝ!"
"මං එයා ගැන හිතනවා, එයා හුඟාක් හොඳයි. මං - " ස්ටීවන් සිය අනෙක් අතින් මැගීගේ අත අල්ලාගත් අතර කතා කිරීමට අපහසු බවක් දෙදෙනාටම දැනුණි.
"මටත් තව බැඳීම් තියෙනවා," අවසානයේ මහත් පරිශ‍්‍රමයක් දරා මැගී කීවාය. "ඔයයි ලුසීයි ගැන අමතක කළත්."
"ඔයා ෆිලිප් වැකම් එක්ක විවාහ ගිවිසගෙනද?" ස්ටීවන් ඇසුවේය. "එහෙමද?"
"මං ඒ ගැන එහෙමයි හිතන්නේ - මට වෙන කෙනෙක්ව බඳින්න බෑ."
හිරු රැසින් එළිය වූ මාවතෙන් අතුරු මාවතකට හැරෙන තෙක් ස්ටීවන් යළිත් නිහඬව සිටියේය. අනතුරුව එක්වරම පුපුරා හැලූනේය. "මේ මොන විකාරයක්ද - හිතාගන්නවත් පුළුවන් දෙයක්ද! මැගී, මං ඔයාට ආදරේ කරන තරමටම ඔයත් මට ආදරෙයිනං අපි දෙන්නා වෙනුවෙන් අපිට අනෙක් හැම දේම අත ඇරලා දාන්න පුළුවන් වෙන්න ඕනේ. මොකක් හරි වැරදීමකින් ඇති වෙච්ච බැඳීම් බිඳලා දාලා අපි දෙන්නා කසාද බඳින්න ඕනේ."
"ඊට හොඳයි මං මැරිලා යනවා," මැගී පහත් කටහඬකින් කීවාය.
"එහෙනං කියන්න මට ඔයා මං ගැන හිතන්නෙ නෑ කියලා," ඔහු වියරු වැටීමට ආසන්න වූවෙකු සේ කීවේය. "කියන්න ඔයා මට වඩා වෙන කෙනෙකුට ආදරේ කරනවා කියලා." නමුත් මැගී නිහඬවම සිටියාය. "ඔයා මට ආදරෙයිනං වස්තුවේ," ස්ටීවන් එවර වඩා කාරුණික හඬකින් කීවේය, "අපි දෙන්නා බඳින එකයි හොඳම දේ - හරි දේ. ඒකෙන් ඇති වෙන්න පුළුවන් හිත් අමාරුකම් ගැන අපි මොනවා කරන්නද? අපි මේ ආදරේ හොයාගෙන පස්සෙන් ගියෙ නෑනේ. ඒක වළක්වගන්න පුළුවන් හැමදේම අපි කළා. දැනට තියෙන බැඳීම් වල විශ්වාසය රකින්න මං උත්සාහ කරපු තරම දෙයියෝ විතරයි දන්නේ. ඒත් ඒකෙන් වුනේ හැමදේම තවත් නරක අතට හැරිච්ච එක. මුළදිම මේ ගැන කතා කරගත්තනං ඉවරයි. කියන්න මට ආදරෙයි කියලා මගෙ වස්තුවේ," ඇගේ මුහුණ දෙස බලමින් ඔහු ඉල්ලා සිටියේය. "අපි දෙන්නා අයිති අපි දෙන්නටනං ලෝකෙ වෙන අනිත් දේවල් ගැන මොකටද හිතන්නේ?" ඇගේ සුසුම් ඔහුගේ මුහුණේ වදින තරමටම ඔහුගේ දෙතොල් ඇගේ දෙතොල් වලට ආසන්නව තිබුණි. නමුත් ඔහු තුළ ඈ වෙනුවෙන් වූ ආදරයේ තිබුණේ මහත් බිහිසුණු බවකි. "කොහොමත් මං ලුසීට පොරොන්දු දීලා නෑ; එයාගෙන් පොරොන්දු අරගෙනත් නෑ: ලුසී වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන්ගත්තොත් මට එයාට අයිතිවාසිකං කියන්න විදිහක් නෑ. ඔයත් ෆිලිප්ට එහෙම පොරොන්දුවක් දීලා නැත්තං අපි දෙන්නම නිදහස්."
"ඔයා ඔය කියන්නේ හිත රවට්ටගන්න - ඔයාට ඇත්තට දැනෙන දේ නෙවෙයි," මැගී අවංකව කීවාය. "ඔයාට දැනෙනෙන්නේ මට දැනෙන දේමයි - හැබෑ බැඳීම් තියෙන්නේ අපි අනිත් අයගේ හිත් වල ගොඩනගපු හැඟීම් මත, බලාපොරොත්තු මත. නැත්තං විශ්වාසය කියලා දෙයක් මේ ලෝකේ තියෙන්න විදිහක් නෑනේ." ඇය කතාව මඳකට නතර කළ අතර එය ස්ටීවන්ට නිහඬව සිටීමට වාරය විය. "මගේ ජීවිතේදී මට මූණදෙන්න වෙච්ච ගොඩක් දේවල් මට අමාරුයි, අපැහැදිලියි," මැගී වේදනාබර දෑසින් යළිත් කතා කළාය, "ඒත් එක දෙයක් මං බොහොම පැහැදිලිව දකිනවා - ඒ තමයි මගේ සතුට වෙනුවෙන් අනුන්ගේ සතුට නැති කරන්න මට බැරි බව. ආදරය ස්වභාවික දෙයක් තමයි; ඒත් අනුකම්පාවත්, විශ්වාසයත්, මතකයත් ඒ වගේමයි. මං වෙන කෙනෙකුගේ හිතේ දුකක් ඇති කළොත්, ඒ ගැන මං මුළු ජීවිත කාලෙම විඳවයි. අපේ ආදරය විසක් වෙයි. මට බල කරන්න එපා - මට උදව් කරන්න! මට උදව් කරන්න - මං ඔයාට ආදරේ නිසා."
මැගීගේ වදනක් පාසා ඇගේ කටහඬට එක් වූයේ අවංක බවයි; ඇගේ මුහුණ රත් පැහැ ගැන්වී තිබූ අතර විසල් වූ දෑසේ වූයේ ආදරයෙන් පිරුණු ආයාචනාවකි. ස්ටීවන් තුළ මහත්මා ගති යළි මතු කරලීමට ඇගේ වදන් සමත් විය. ඔහු නොපමාව ඇගේ අයැදුමට ප‍්‍රතිචාර දැක්වූවේය.
"රත්තරනේ," ඔහුගේ කටහඬ කෙඳිරීමකට වඩා වැඩි නොවීය, "මං කරන්නං, ඔයා කියන ඕන දෙයක් කරන්නං. ඒත් - එක හාද්දක් - එකම එකක් - අන්තිම වතාවට - අපි වෙන් වෙන්න කළින්."
එක් හාදුවක් - අනතුරුව දිගු බැල්මක්. අවසානයේදී මැගී කටහඬ අවදි කළාය. "මට යන්න දෙන්න - අපි ඉක්මණට ආපහු යමු."
ඇය ඉක්මන් ගමනින් මාවත ඔස්සේ ආපසු ඇවිද ආ අතර තවත් වදනක් හෝ ඔවුන් අතරේ හුවමාරු වූයේ නැත. ඔවුන් විලී හා අශ්වයා පෙනෙන මානයට පැමිණි පසු නතර වූ ස්ටීවන් හිස වනා ඔහුට හඬ ගැසුවේය. නිවසේ දොර අසළ මොස් මහත්මිය රැඳී සිටියාය. සංවාදය දැඩි සේ වේදනාබර වූවක් බව මැගීගේ මුහුණ දුටු ඇය වටහාගත්තාය. "මෙහෙන් වාඩි වෙන්න මගෙ දරුවෝ," ඇය කාරුණිකව කීවාය. ඔවුහු ආලින්දය අසළ බංකුව මතින් වාඩි වූහ.
"අනේ ග‍්‍රිටී නැන්දේ, මං මහා නරකයි. අවුරුදු පහළොවේදීම මං මැරිලා ගියානං ඉවරයි. ඒ කාලෙදි දේවල් අත අරින්න ලේසියි - දැං අමාරුයි."
සිය නැන්දාගේ ගෙල වටා දෑත් යැවූ අසරණ යුවතිය හඬනගා වැළපෙන්නට පටන්ගත්තාය.

- මතු සම්බන්ධයි -

අනේ අසරණ මැගී.. හයියෝ වෙච්චි දෙයක්..
ReplyDeleteමේ චරිත මැවිලා තියෙන ලස්සන බලන්න නිර්මාණි. මේ වෙලාවෙදි මැගී විතරක් නෙවෙයි මට හිතෙන්නේ ස්ටීවනුත් අසරණයි. එයාට මැගී වගේ හිත පාලනය කරගන්න ශක්තියක් නෑ, පුළුවන් තරම් උත්සාහ කරලා අන්තිමට පැරදිලා තමයි එයා මැගීව හොයාගෙන ආවේ.
Deleteඒක ඇත්ත සිතූ.. මේකනම් අපූරු කතාවක්.. ඔයා හොඳ කතාවක් තෝරගෙන තියෙන්නේ..
Deleteහාට් එක පාටිෂං කරන්ඩ වෙනව :)
ReplyDeleteහ්ම්. :(
Deleteඔබගෙන්දෝ ඔහුගෙන්දො මා හෙට දින සමුගන්නේ.
ReplyDeleteමට නම් දුක ලුසි ගැනයි.හොඳ කරන්න ගිහින් නිකරුනේ දුක් ගන්නයි වෙන්නෙ.
ඔව්, ලුසී ගොඩක් පව්. මේ හතර දෙනාගෙන් ලොකුම අසාධාරණේ වෙලා තියෙන්නේ එයාට.
Delete