සොබාදහම නිරතුරුවම තමා සිදු කළ හානි හිරු එළිය හා මිනිස් ශ‍්‍රමය උපයෝගී කොටගෙන ප‍්‍රතිපූරණය කරයි. ගංවතුරෙන් සිදු වූ අලාභ හානි වල සලකුණු බොහොමයක්ද වැඩි දවසක් නොගොසින්ම යථා තත්ත්වයට පත් විය.
ඩෝල්කොට් මෝල යළි ඉදි කෙරුණි. ගංවතුර බැස ගොස් නොබෝ දිනකින්ම එකිනෙකාට තදින් තුරුළු වී හිඳගෙනම අවසන් ගමන් ගොස් සිටි දෙදෙනෙකු වෙනුවෙන් ඩෝල්කොට් සුසාන භූමියේ සොහොන් කොතක් ඉදි විය. එයට ගෞරව දැක්වීමට වෙන් වෙන්ව එහි නිතරම ආ ගිය දෙදෙනෙක් වූහ. ඔවුන් දෙදෙනාටම හැඟුණේ සිය ජීවිතයේ සතුටද සන්තාපයද එම සොහොන තුළ සදාතනිකව මිහිදන්ව ඇති බවයි.
ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් කලකට පසුව සුන්දර පෙනුමැති තැනැත්තියක සමගින් එහි පැමිණීමට පටන් ගත් නමුත් ඒ එම සොහොන් කොත ඉදි කොට බොහෝ කලකට පසුවය. අනෙක් තැනැත්තා සැමදාම හුදෙකලාවම සිටියේය. ඔහුගේ මිහිදන් වූ සදාතනික මිතුදම රත් තැන්නේ තුරු ලතා අතර සදා ජීවමාන බව ඔහු විශ්වාස කළේය.
එම සොහොන් කොතේ ටොම් හා මැගී ටුලිවර් යන නාමයන් සටහන්ව තිබූ අතර නම් වලට පහළින් එහි මෙසේද සටහන්ව තිබිණ-
'එම සොයුරු පෙම මරණයටද වෙන් කළ නොහැකි විය.'
ඩෝල්කොට් මෝල යළි ඉදි කෙරුණි. ගංවතුර බැස ගොස් නොබෝ දිනකින්ම එකිනෙකාට තදින් තුරුළු වී හිඳගෙනම අවසන් ගමන් ගොස් සිටි දෙදෙනෙකු වෙනුවෙන් ඩෝල්කොට් සුසාන භූමියේ සොහොන් කොතක් ඉදි විය. එයට ගෞරව දැක්වීමට වෙන් වෙන්ව එහි නිතරම ආ ගිය දෙදෙනෙක් වූහ. ඔවුන් දෙදෙනාටම හැඟුණේ සිය ජීවිතයේ සතුටද සන්තාපයද එම සොහොන තුළ සදාතනිකව මිහිදන්ව ඇති බවයි.
ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් කලකට පසුව සුන්දර පෙනුමැති තැනැත්තියක සමගින් එහි පැමිණීමට පටන් ගත් නමුත් ඒ එම සොහොන් කොත ඉදි කොට බොහෝ කලකට පසුවය. අනෙක් තැනැත්තා සැමදාම හුදෙකලාවම සිටියේය. ඔහුගේ මිහිදන් වූ සදාතනික මිතුදම රත් තැන්නේ තුරු ලතා අතර සදා ජීවමාන බව ඔහු විශ්වාස කළේය.
එම සොහොන් කොතේ ටොම් හා මැගී ටුලිවර් යන නාමයන් සටහන්ව තිබූ අතර නම් වලට පහළින් එහි මෙසේද සටහන්ව තිබිණ-
'එම සොයුරු පෙම මරණයටද වෙන් කළ නොහැකි විය.'
- සමාප්තයි -
මෙතෙක් මා හා රැඳී සිටිමින් කතාව රසවිඳි මගේ ආදරණීය හිතවතුන් හැමදෙනාටම බොහොමත්ම ස්තූතියි.

ඔයාට විශ්වාස කරන්න පුළුවන් වෙයිද මන්දා, මේ සොබා දහම තමා විසින් කරන හානි..,, කියවනකොටම ලොකු භූමි කම්පාවක් උනා. මට මෙච්චර කාලෙකට දැනුන ලොකුම එක. තාම ඔළුව කැරකෙනවා වගේ.
ReplyDeleteෆෝන් එක කෑ ගහනවා "භූමි කම්පාවක්" " භූමි කම්පාවක්" කියලා. මම මේසෙ යටට වෙලා ෆෝන් එකත් අතේ තියාගෙන කල්පනා කලේ මැගිටයි ටොම්ටයි වෙච්ච දේම මට වෙන්න යනවද කියලා. මට පේන මුහුද නම් කලබලයක් නෑ. ඒ නිසා මම ගැන බයක් නෑ. ඒත් කොතනක හරි මිනිස්සුන්ට සොබා දහමෙන් කරදරක් මේ වෙලාවෙ
ඔළුව හෙල්ලිච්ච පාරට වෙන බහුභූතයක් ලිව්වා මිස ඔයාට ඕනි අදහස ලියන්න බැරි උනානෙ.
Deleteමගේ අදහසෙ වෙනසක් නෑ සිත්තමී. මුලින් ගොඩ නැඟුන කතාවට නම් කිසිම සාධාරණයක් ඉෂ්ඨ නොකර කතාව අවසන් කළ බවක් තමයි මට හැඟෙන්නෙ. පුංචි කාලෙ කියවපු සුරංගනා කතාවල වගේ "ඉන්පසු සියල්ලෝම සතුටින් ජීවත් වූහ" වගේ අවසානයක් මං බලාපොරොත්තු වෙන්නෑ. නමුත් කතාවක් කියවලා ඉවර උනාම ඇතිවෙන්නෙ හිස් බවක් නම් මට ඒ කතාව හොදයි කියලා හිතෙන්නෑ (ඒක මගේ පුද්ගලික කැමැත්තක් ).
ඔයා මේක පරිවර්තනය කළේ මුල් පොතින් නෙවෙයිනෙ, ඒකත් මේ කතාවෙ අවසානය සාර්ථකව නොදැනෙන්න එක හේතුවක් වෙන්න ඇති. මං කියන්නෙ ඔයාගෙ පරිවර්තනය අසාර්ථකයි කියලා නෙවෙයි, ඒකෙ යම් යම් තැන්වල අඩුපාඩු තිබුනත් ඔයා බොහොම සාර්ථකව ඒ කටයුත්ත කලා කියලා මං හිතනවා (මොකද මං මුල් පොත කියවලා නෑ).
ඔයාගෙ ඊළඟ කතාව බලාපොරොත්තු වෙනවා ඉක්මනට (කිසිසේත්ම නිවාඩු අනුමත කළ නොහැකි බව සලකන්න )
හප්පච්චියේ සඳු! භූමි කම්පාවක්? ඔයා ඉන්නෙ ජපානෙ නේද? මුකුත් කරදරයක් නෑ නේද? කාටවත්ම? ඒ කලබල අස්සෙත් ඔයාගෙ අදහස මේ විදිහට ඉදිරිපත් කළාට ගොඩාක් ස්තූතියි!
Deleteඅන්තිමට හිතට හිස් බවක් දැනෙන කතා වලට මමත් පොඩ්ඩක්වත් කැමති නෑ. මේ කතාව කියෙව්වම අවසානය දුකක් වුනත් මට එහෙම හිස් බවක් දැනුණෙ නෑ. දැනුණෙ කියාගන්න බැරි තරමේ ගැඹුරු හැඟීමක්. ඒ නිසාමයි මම මේක හැමෝම එක්ක බෙදාගන්න හිතුවේ. ඒක ඒ ව්දිහට ඔයාලට දැනුණෙ නෑ කියන්නේ මගේ පරිවර්තනය අසාර්ථකයි. :( මුල් පොතේ මේ හැඟීම මීටත් වඩා දැනෙනවා ඇති. ඒක මමත් කියවලා නෑ, තාම පිටු පහක් හයක් වගේ තමයි කියවලා තියෙන්නේ. මට ඒ පොඩි සංක්ෂිප්ත පොතම තමයි එච්චර ලස්සනට දැනුණේ.
අපුරු පරිවර්තනයක්. තවත් කාලයක් අවැසියි කියවා බලන්නට.
ReplyDeleteස්තූතියි සොමියා! කාලෙ අරන් හෙමීට කියවලා ඔයාගේ අදහසත් කියන්නකෝ. :)
Deleteසුන්දර කතාවක් දුක්බර අවසානයක්... කතාව පරිවර්ථනය කරපු ඔයාට සුතුතී... ආයෙත් මේ වගේ කතාවක් පරිවර්ථනය කරලා දාන්න...
ReplyDeleteගොඩාක් ස්තූතියි නංගි, හැමදාම කතාව කියවන්න ආවටත්, ඔයාගේ අදහස් එකතු කරලා මාව දිරි ගැන්නුවාටත්! :)
Deleteමං හිතපු විදිහ ඔයා අහලා තිබුනට කියන්න බැරි උනානේ..
Deleteමං හිතුවේ මෙහෙමයි..
ඩෝල්කෝට් මෝලත් කොහොම හරි ටොම් ගනී හිතුවා.. ඒ වගේම ටොම් වැකම් එක්කත් යාලුවෙලා මැගීට එයා බලාපොරෙත්තු
උණු ආදරේ ලැබෙයි හිතුවා.. ලුසී ස්ටීවනුයි එකතුවෙයි හිතුවා.. ඒකනම් වෙලානේ..
ඔන්න කොහොමයි හිතුවේ.. ඒත් හීනෙන්වත් නොහිතපු දෙයක්නේ උනේ..
ජීවිතේදි ඕන තරම් දුක හම්බෙන හිංද කතාවක් හරි සතුටින් ඉවර වෙනවට කැමතියි ඒත් කතන්දර වෙන්නෙත් ජීවිතමනෙ මිනිස්සු සතුටට වඩා දුක විඳිනව.මේක හොඳින් ඉවර වුනා නම් මෙච්චර දැනෙන එකකුත් නැහැ..
ReplyDeleteස්තූතියි.!
ප.ලි.
බ්ලොග් එකට නිවාඩු අනවශ්‍යයි :)
/* මේක හොඳින් ඉවර වුනා නම් මෙච්චර දැනෙන එකකුත් නැහැ.. */
Deleteඅන්න මට හිතුනෙත් මේකම තමයි. මේක හොඳින් ඉවර වෙනවා කියන්නේ අර කළින් දවසක අහසෙන් එන කසුන් මල්ලි කිව්වා වගේ මැගී ෆිලිප්ව බඳිනවා, ලුසී ස්ටීවන්ව බඳිනවා, ටොම් සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවා කියන එක. ඒත් මේ වගේ මුළ ඉඳන් ගලාගෙන ආපු කතාන්දරයක් ඒ වගේ ඉවර වුණොත් ඒක නිකම්ම නිකම් කතාවක් විතරක් වෙනවා. මේ අවසානයෙන් හිතට දැනුණා වගේ හිත පිරිලා යන ගැඹුරක් දැනෙන එකක් නෑ. ටිකක් හිතලා බැලුවොත් පොඩි කාලෙදි ඒ අයියයි නංගියි අතර තිබ්බ බැඳීම, අම්මා කොච්චරවත් මේ දෙන්නා වතුරෙ ගිලිලා මැරෙයි කියලා බයෙන් හිටපු එක වගේ දේවල් මේ අවසානෙත් එක්ක ආයෙමත් මතක් වෙලා කතාන්දරය අංග සම්පූර්ණ කරනවා.
ඔයාටත් ගොඩාක් ස්තූතියි කසුන්! :)
ඔයාලා හුඟාක් දෙනෙක් දන්න තැනක්නේ මූණු පොතේ 'පොත් කියවන අය' කණ්ඩායම. ඒ සමූහයේ මීට සති කීපයකට කළින් මේ පොත ගැන අපූරු විචාරයක් පළ වුනා. ඒ ඇසුරෙන් ඒ තරමටම අපූරු සංවාදයක් ගොඩනැගුණා. මේ තියෙන්නේ එතනට යන පාර.
ReplyDeleteඒ සංවාදයේදී එක සොයුරියක් එකතු කරපු අදහසක් මම මෙතන උපුටා දක්වන්නම්. මේ කතාන්දරය ගැන මගේ අදහසත් කිසිම වෙනසක් නැතුව ඒ සොයුරියගේ වචන ඇතුළේ තියෙනවා.
"Maggie's and Philip's relationship is not just based on sympathy eventhough sympathy plays a major role here. I think they kinda misunderstood their friendship into something else. Not Philip of course, he showed genuine romantic feelings for Maggie but she on the contrary only had an infaturation which she mistakenly took for love. Again, with Stepehen it seemed like that the couple had real chemistry but I always had this doubt that even with Stephen, what Maggie had was a moment's fluttering of heart. Nothing more nothing less. That's how Eliot has secured Tom's place in the novel. Mill on the Floss was not a story about a mere love triangle. It's about Maggie and Tom. Nor charms of Stephen neither sympathy for Philip could snatch away Tom's importance over the plot."
"Eliot is marvellous in plot development!!!! Even much better than Austen and Brontès. Eliot does not narrate the story for the reader to leisurely listen and enjoy. She takes the story into his heart, mind and soul by familiarizing the plot so that the reader can actually sense it, feel it and act along with it."
I'll come up with my comment soon. Don't go far away.. :)
ReplyDeleteThank you ayya. Awaiting impatiently to see your comment. :)
Deleteහ්ම්,කතාවේ අවසානයට පුද්ගලිකව මමත් කැමති නැහැ.අර සමහර නට්‍යාවල වීරයාව එක් පාරටම මරලා දනවා වගේනේ මේක ඉවර වුනේ.
ReplyDeleteඅක්කාගේ පරිවර්තනය මමත් හොඳට රසවින්දා.නමුත් කතාවේ සමහර තැන් අඩුයි වගේ දැනුනා.එක අක්කාගේ වරදක් නොවේ.මට හිතෙන්නේ මුල් කෘතියේ තියෙන ගොඩක් කොටස් කෙටි කරපු පොතේ නැතිව ඇති නිසා වෙන්න ඇති මට එහෙම හිතෙන්නේ.
කෙසේ නමුදු මේ රසවත් පරිවර්තනය වෙනුවෙන් අක්කාට ස්තුතියි.
අන්තිමට මැගීගේ අම්මා කිව්ව දේ හරි ගියා එහෙනම්.
ඔයාටත් ගොඩාක් ස්තූතියි මල්ලි. මුල් පොතට සාපේක්ෂව සංක්ෂිප්ත පොතේ කතාන්දරයේ ප්‍රධාන සිදුවීම් වල අඩුවක් නැතුව ඇති මං හිතන්නේ. මම මුල් පොතේ දැනට කියවලා තියෙන ටික ගත්තොත් පසුබිම් වර්ණනාව ගොඩාක් විස්තර සහිතව තියනවා. ටොම්ව ඉස්කෝලෙට යවන එක ගැන ටුලිවර් නෝනයි මහත්තයායි කතා කරන ටිකේදි නෝනා සෑහෙන දේවල් කතා කරනවා. ඒවා හාස්‍යය එකතු වුන මුඛරි දෙබස්. ඊලඟට රයිලි මහත්මයා එන පරිච්ඡේදෙදි මැගී එයාට පොතක තියෙන දේවල් විස්තර කරන ලොකු කොටසක් තියනවා. මේ වගේ සාහිත්‍යාලංකාර දේවල් තමයි මං හිතන්නේ සංක්ෂිප්ත පොතේ අයින් කරලා තියෙන්නේ. කාටහරි පුළුවන්නම් වෙලාවක් හොයාගෙන මුල් පොතම කියවන්න, ලොකු දෙයක් එකතු කරගන්න පුළුවන් වෙයි රසවින්දනයට වගේම සමහරවිට ජීවිතයටත්. මම මේ ටික ටික හරි වෙලාව හොයාගෙන ඒක කියවන්න පටන්ගත්තෙ ඒකයි. ටිකක් අමාරු සම්භාව්‍ය ඉංග්‍රීසි තියෙන්නේ. :)
Deleteඑලියට් නෝනා මහත්මිය ලියූ අවසානය පිළිබඳව මගේ ද පළමුව වූයේ අපැහැදීමකි. සඳ වියමන් පැවසූ සේම එය කථාව සුඛාන්තයක් නොවීම අරභයා පැනනැඟුනක් නොවේ.දුඛාන්ත නිමාවක් සහිත අන්දර වලටද මම ප්‍රිය කරමි.
ReplyDeleteඑහෙත් මසිත හටගත් අතෘප්තිකර ස්වභාවයට හේතුවූයේ මෙහි අවසානය යම් පමණකට අවප්‍රාප්තියකැයි (Anti climax ) යන හැඟීමෙන් මිදෙන්නට අපහසුවීම විය යුතුය. එහෙත් සිත්තමී සටහන් කල සබැඳිය ඔස්සේ වත් පොතෙහි "ෆ්ලොස් නදිය අසබඩ" අරභයා පැවති සංවාදය කියවීමෙන් ඉක්බිති මම මගේ අදහස වෙනස් කොට ගතිමි.
සත්‍යය වශයෙන්ම මේ කථාව ගෙතී ඇත්තේ ටොම් සහ මැගී කේන්ද්‍ර කොටගෙන ඔවුන් අතවූ සොයුරු පෙම මුල්කොටගෙන බව මම ද විශ්වාස කරමි. ෆිලිප්, ස්ටීවන් සහ ඔවුන් දෙදෙන සමඟවූ මැගීගේ සබඳතාවයන් මෙන්ම ලුසී සහ මැගී අතර වී සදාතන මිත්‍රත්වය ද මේ මුඛ්‍ය තේමාව උලුප්පා මතු කරන්නාවූ අවශේෂ සාධකයින් පමණක්ම බව මට හැඟේ.එහෙත් වෘත්තාන්තයේ කේන්ද්‍රස්ථානය ගන්නා ප්‍රධාන චරිත දෙකෙන් එකක් වූ ටොම්ගේ චරිතය ගොඩනැඟුනු අන්දම සහ එලියට් මහත්මිය ඒ උදෙසා යොමුකොට ඇති අවධානය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මගේද අදහසයි. ඒ පිළිබඳව සිත්තමී හා සමඟ එකඟ වෙමි.
/ 'එම සොයුරු පෙම මරණයටද වෙන් කළ නොහැකි විය.' /
They has their misgivings, disputes and blazing rows. Most of time they went their own way. But deep inside they had an unwavering regard and love for each other.That''s why they came together after all to sleep forever embracing each other in eternal love.
PS - Thanks dear for your really lovely translation reading which was definitely an inspiring experience itself.
In addition thanks again for publishing the story continuously, more or less one part every day. You know Madam I really hate those procrastinating guys who never finish a story but sometimes drags them for more than a year. I can actually kill them ..bloody rascals...Grrrrrrrrh …..:)
Ok Madam then Adieu Until we meet again with another lovely translation…..
ෂා, දිග..... කමෙන්ට් එකක්. කෝ බලමු කියෝලා...
Deleteආ, ඒ ලින්ක් එකෙන් හරි කතාව තේරුණ එක මදැයි. මේ සාරාංශගත පොතේ ටොම්ගේ චරිතය හරියට ඉස්මතු වෙලා නෑ, මට ඒ අඩුව මුල ඉඳන්ම දැනුණා. ඒත් සමහරවිට මුල් පොතේ ඒ අයියගෙයි නංගිගෙයි කතාව මීට වඩා ලස්සනට විස්තර වෙලා ඇති.
Thank you very much for your comment ayya!
/* You know Madam I really hate those procrastinating guys who never finish a story but sometimes drags them for more than a year. I can actually kill them ..bloody rascals...Grrrrrrrrh …..:) */
Ah, yes, I too hate them. There are one or two big story tellers I know who drags stories for years and make the stories mixed and mingled in the readers' minds. I'm willing to join with your brigade to kill those bloody rascals. I'm on my way. Shall I bring the weapons too? :P
And thank you very much for all the support you gave me through out this translation! :)
Deleteපහුවෙලා හරි කමෙන්ට් එකක් දාන්න හිතුවා.
ReplyDeleteමුල් පොත කියෙව්ව නිසා ද මන්දා මට නම් කතාවේ අඩුවක් නැහැ. ඔයාගේ පරිවර්තනේටත් ගොඩක් කැමතියි. ඔයා සාදාරණයක් ඉටු කරා කියලා හිතෙනවා.
මුල් පොතත් කියවන්න. මිනිස්සුන්ගේ හැගීම් පුදුම විදියට ගැඹුරට විග්‍රහ කරන කතාවක්. මේ පොතේ සංක්ෂිප්ත පොත ඉංග්‍රීසි සාහිත්‍යය ට ඉගැන්නුවා නේ. ඒක උගන්නපු මිස් පුදුම දක්ෂ විදියට කතාව අපිට සමීප කරාද කියනවා නම්, පන්තියේ ගොඩක් ළමයි ඊට පස්සේ මුල් පොත හොයාගෙන කියෙව්වා.
ඒ දවස්වල අපි පන්තියේ කතා කරේ ටොම් ට ලුසී ගැන අදහසක් යටින් තිබුනද කියලත්. කොහොම වෙතත් මේ කතාව ප්‍රේම කතාවක් නෙමෙයි. :)
ගොඩාක් ස්තූතියි නිරෝ, ආදරෙන් පිළිගන්නවා මගේ කවි පොතට. මුල් පොත කියවපු කෙනෙක්ගෙන් මේ ගැන දැනගන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි. මටනම් තාම ඒක කියවන්න බැරි වුනා. ඉක්මණටම කියවන්න ඕනේ. මේක ප්‍රේම කතාවක් නෙමෙයි, ඒක ඇත්ත. ටොම් ගැන මටනම් එහෙම හිතිලම නෑ, එයා ලුසී ගැන හිතුවද කියලා. මුල් පොත කියවද්දි ඒකත් හිතේ තියාගෙන කියවන්න ඕනේ එහෙම දැනෙයිද බලන්න.
Deleteආයෙමත්, ගොඩාක් ස්තූතියි නිරෝ! :)