තෙවසරකට පසුව දිනක මැගී සාලයේ කවුළුව අසළ මැහුමක නිරත වී සිටිනා අතරේ වැකම් මහතා වත්තට ඇතුළු වනු දුටුවාය. නමුත් ඔහු සුපුරුදු ලෙස තනිවම නොසිටි අතර අසෙකු පිට නැගි ලෝගුවක් හැඳගත් තවත් අයෙක් ඔහු සමග සිටියේය. ඔවුන් කවුළුව අසළට එන තෙක්ම ඒ ෆිලිප් බව හඳුනාගැනීමට මැගීට නොහැකි වූ අතර ඔහු සිය හිස් වැස්ම ඔසවා ඇයට ආචාර කළේය. ඔහුගේ ක‍්‍රියාව දුටු ඔහුගේ පියා වහා හැරී බැලූවේය.
මැගී ඉක්මණින් කවුළුව වෙතින් ඈත් වී උඩු මහළේ සිය කාමරය වෙත ගියාය. වැකම් මහතා ඇතැම් විට පැමිණ ගිණුම් පොත් පරීක්ෂා කර බැලූ අතර මෙතරම් වසර ගණනකට පසුව ෆිලිප්ව හමු වුවද පියවරුන් දෙදෙනා හමුවේ එහි කිසිදු ප‍්‍රීතියක් නොතිබෙනු ඇති බව මැගී කල්පනා කළාය. සමහරවිට, කවදා හෝ තමාට ඔහු හා අතට අත දී කතාබස් කළ හැකි වන දිනයකදී ඇය ඔහුව හමු වනු ඇත. තව දුරටත් ඔවුනට මිතුරන්ව සිටිය නොහැකි වුවද ඔහු ටොම්ට කාරුණික වූ අන්දමත්, අතීතයේදී ඔහු ඇයට පැවසූ දෑ පිළිබඳවත් ඇයට ඔහු හා කතා කළ හැකි වනු ඇත.
ෆිලිප් ස්ටෙලිං පූජකතුමා වෙත අධ්‍යාපනය ලබා පැමිණි පසු විදෙස්ගත වූ අතර නැවත ශාන්ත ඔග්ස් වෙත පැමිණ ඇත්තේ මෑතකදීය. විදේශයේ ගත කළ ජීවිතයෙන් පසුව ඔහු වෙනස් වී ඇත්දැයි මැගී කල්පනා කළාය; ඇතැම්විට ඔහු සමාජ ඇසුරට වඩාත් යොමු වී සිටිනවා වන්නට පුළුවන, මේ මොහොතේදී ඈ කිසිවක් පැවසුවත් ගණන් නොගන්නා තත්ත්වයක සිටිනවා වන්නට පුළුවන. නමුත් ඔහුගේ මුහුණ වෙනස් වී තිබුණේ සුළු වශයෙනි - ප‍්‍රමාණයෙන් විශාල වී තිබුණු එහි වූයේ අළු පැහැති දෑස් හා ලෙලදෙන දුඹුරු පැහැ හිසකෙස් වලින් යුතු වූ සුදුමැලි පිරිමි ළමයාගේම මුහුකුරා ගිය පෙනුමකි; අනුකම්පාව උපදවනසුළු ඔහුගේ ආබාධිත බව එලෙසම වූ අතර තමාට සැබැවින්ම ඔහු හා වදන් කිහිපයක් හෝ දෙඞීමට ඇත්නම් යයි මැගීට සිතුණි. ඇතැම්විට ඔහු ඒ වන විටත් සුපුරුදු කුලෑටි බවින් යුතු විය හැකි අතර මැගී ඔහු දෙස කාරුණිකව බලනවාට කැමති වනවා වන්නට පුළුවන. නමුත් නැවතත් පහළට බැසීමට ඇගේ සිතේ ලැජ්ජාවක් ඇති වූ අතර ෆිලිප් සහ ඔහුගේ පියා නැවතත් ශාන්ත ඔග්ස් බලා පිටව යනවා දකින තෙක් ඇය කාමරයටම වී සිටියාය.
එය ජූනි මාසය වූ අතර දවසේ වැඩ කටයුතු නිමා වීමෙන් පසුව සන්ධ්‍යාවේ ඇවිදීමට යන්නට මැගී ප‍්‍රිය කළාය. ඈ එලෙස නිතර ගිය තැනක් වූයේ ඩෝල්කොට් මෝලෙන් එතරම් ඈතක නොවූ රත් තැන්නයි. ඇය විශේෂයෙන්ම ගිම්හානයේදී එහි යාමට ප‍්‍රිය කළාය. එහි වූ ඈශ් ගසක් පාමුල තණ බිස්සේ වාඩි වී අතු පතරින් පෙරී එන හිරු එළිය දෙස බලමින් රැහැයියන්ගේ හඬට කන් දී සිටීමට ඇය ආශා කළාය. එම සන්ධ්‍යාවේද ස්කොච් පඳුරු අතරින් වැටුණු කුඩා අඩිපාරක් මතින් ඇය නිම්නය වෙත ඇවිද ගියාය - ඇය ලා නිල් පැහැති ගවුමකින් හා පැරණි කළු සේද සාළුවකින් සැරසී සිටියාය. කිසිවෙකුටත් නොපෙනෙතැයි සිතෙනා මානයකට පැමිණි පසු ඇය සිය හිස් වැස්ම ගලවා අතේ එල්ලාගත්තාය. ඇගේ පෙනුම අවුරුදු දහසයකට වඩා වැඩි වූ අතර ඇගේ තළ එලළු සමත් තද කළු කෙස් වැටියත් නිසා ඉතාම සුන්දර යුවතියක වූවාය.
නැවුම් වාතාශ‍්‍රයත් හිරු එළියත් විඳිමින් නිහඬව ඇවිද යන අතර එක්වරම සෙළවෙන ඡායාවක් ඇගේ නෙත් කොනට හසු විය. හිස එසවූ ඇය දුටුවේ ෆිලිප් වැකම් ය. පළමුව සිය හිස්වැස්ම ඔසවා ආචාර කළ ඔහු රත් පැහැ ගත් මුහුණින් යුතුව ඈ අසළට ඇවිත් සිය සුරත දිගු කළේය. මැගීද පුදුමයෙන් රතු වූ මුහුණෙන් නමුත් හිත මිතුරු ලීලාවකින් ඔහුට අතට අත දුන් ඇය, "මම ගැස්සුනා ෆිලිප්. මෙහෙදි මට කාවවත් හම්බවෙලා නෑ මීට කළින්. ඔයා කොහෙද මේ පැත්තේ? මාව හම්බවෙන්නමද ආවේ?"
"ඔව්," අපහසුවට පත් වූ හඬකින් ෆිලිප් කීවේය. "මට ඔයාව දකින්න ඕන වුනා. ඊයෙත් මං බලං හිටියා ඔයා එළියට එයිද කියලා, ඒත් ඔයා ආවෙ නෑ. ආපහු අද බලං ඉන්න කොට දැක්කා ඔයා මේ පැත්තට එනවා. ඉතිං මං ඉක්මණට ඇවිත් ගං ඉවුර පැත්තෙන් ආවා. ඔයාට මා එක්ක කේන්ති නෑ නේද එහෙම කළාට?"
"නෑ," මැගී සරලව කීවාය, "ඔයා ආපු එක ගැන මට සතුටුයි, මටත් ඕන වෙලා තිබ්බේ ඔයත් එක්ක කතා කරන්න. ඒ දවස් වල ඔයා මටයි අයියටයි කරුණාවෙන් සලකපු හැටි මට අමතක නෑ; ඒත් ඔයාට අපිව මතකද කියලා මට විශ්වාසයක් තිබ්බෙ නෑ."
"මං ඔයා ගැන හිතපු තරමටම ඔයත් මං ගැන හිතුවා කියලා මට විශ්වාස කරන්නත් බෑ," ෆිලිප් පැකිලෙමින් කීවේය. "දන්නවද, මං රට ඉන්න කොට ඔයාගෙ පින්තූරයක් ඇන්දා, ඔයා කිංස් ලෝර්ටන් වල නවතින්න ආපු කාලේ මතකෙන්." ඔහු සාක්කුවෙන් පිටතට ගත් කවරයක් විවෘත කළේය. ඇගේ කුඩා කාලයේ රුවක්, සිය කළු කෙස් වැටිය දෙකන් පිටුපසින් රඳවාගෙන මේසය මතට නැඹුරු වී දෑත් මත මත හිස රුවාගෙන ඇගේ සොඳුරු සිහින දකින දෙනෙත් යුග ඈතට යොමාගෙන සිටින අයුරු මැගී දුටුවාය. දිය සායම් වලින් ඇඳ තිබූ එය අති විශිෂිඨ ආලේඛ්‍ය චිත‍්‍රයක් විය.
මඳ සිනහවක් පෑ මැගී සතුටින් රතු වූවාය. "මං මොන තරං විකාර පොඩි කෙල්ලෙක්ද ඒ කාලේ!" ඇය කීවාය. "මට මතකයි මේ විදිහට කොණ්ඬේ තියාගෙන මේ රෝස පාට ගවුම ඇඳගෙන ඉන්නවා. මං නං නියම අහිගුණ්ඨකයෙක් තමයි. තාමත් එහෙමද මන්දා," ඇය කීවාය. සුළු නිහැඬියාවකට පසු ඇය යළිත් කතා කළාය. "මං ලොකු වුනාම ඉඳියි කියලා ඔයා බලාපොරොත්තු වෙච්ච විදියට මං ඉන්නවද ෆිලිප්?" ඇය ඇසුවාය.
ෆිලිප් නිහඬව ඈ දෙස දිගු වේලාවක් බලා හිඳ අනතුරුව "නෑ මැගී," යැයි ශාන්තව පැවසුවේය.
මැගීගේ මුහුණින් සතුට අතුරුදන් වූ අතර ඇගේ දෙතොල් වෙවුලන්නට විය. ෆිලිප් දිගටම ඈ දෙස බලා සිටියේය; අනතුරුව සෙමින් කතා කළේය. "මං බලාපොරොත්තු වුනාටත් වඩා ඔයා ගොඩක් ලස්සන වෙලා."
"ඇත්තමද?" මැගී යළිත් සතුටෙන් රත් පැහැ ගැන්වෙමින් ඇසුවාය. ඇය වෙනත් කිසිවක් නොකියා ඉදිරියට ඇවිද ගිය අතර ෆිලිප් ඈ දෙස බලමින් අසළින් ඇවිද ආවේය. ඔහු නිහඬතාවය ප‍්‍රිය කළ බවක් හැඟුනි. ඔවුහු වන ලැහැබක් පසු කොට නැවත එළිමහනකට පිවිසුණෝය. නමුත් ඔවුනට ඉහළින් වූ හිරුගේ ආලෝකය වැඩි වන අතර මැගීගේ මුහුණෙන් ආලෝකය කෙමෙන් අතුරුදන් වන්නට විය. ඇය නතර වී ෆිලිප් දෙස බලා දුකින් කතා කළාය, "අපිට යාළුවො විදිහට ඉන්න පුළුවන් වුනානං කොච්චර දෙයක්ද. ඒත් මට මං ආදරේ කරපු අනෙක් හැම දෙයක්ම වගේ ඒ යාළුකමත් අත ඇරලා දාන්න වෙලා තියනවා. පොඩි කාලේ මං ආස කරපු කිසිම දෙයක් මට දැන් තියාගන්න බෑ. අපේ හැම දෙයක්ම විකුණන්න වුනා; අයියත් වෙනස් වෙලා - තාත්තත් එහෙමයි. පොඩි කාලේ මං ආදරේ කරපු හැම දේකින්ම මට වෙන් වෙන්න වෙලා. ඔයාගෙනුත් වෙන් වෙන්න වෙනවා."
මැගී කතා කරන අතරේ ඇගේ කටහඬ වඩ වඩාත් මෘදු හා හැඟුම්බර වූ අතර කෙමෙන් ඇගේ දෑසට කඳුළු උනා ආවේය. ෆිලිප්ගේ මුහුණේ වූයේ ගැඹුරු වේදනාවකි. නමුත් ඔහු මෘදු හඬින් කතා කළේය. "මං දන්නවා - මට තේරෙනවා ඔයා කියන දේ. ඒත් ඒක හරි නෑ මැගී, අනිත් අයගේ තේරුමක් නැති දේවල් වලට තමන්ගේ හැම දේම කැප කරන එක. මමත් මගේ තාත්තා වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරයි; ඒත් මං කවදාවත් යාළුකමක්, නැත්තං - නැත්තං මං ගොඩක් ආදරේ කරන කෙනෙක්ව අත අරින්නේ නෑ එයාට කීකරු වෙන්න ඕනෙ නිසා, මං ඇත්තටම තාත්තා හරියි කියලා හිතන්නෙ නැත්තං."
"මං දන්නෙ නෑ," මැගී දෙගිඩියාවෙන් පැවසුවාය. "මට තරහා ගිය වෙලාවට, නැත්තං දුකෙන් ඉන්න කොට මට හිතෙනවා මං මේ කිසි දෙයක් අත අරින්න ඕනෙ නෑ කියලා; ඒත් මට මතක් වෙනවා මගේ අසරණ තාත්තා කොච්චර කරදර වින්දද කියලා, එතකොට මට මොනවා නැති වුනත් තාත්තට තවත් හිත් වේදනාවක් නොදී ඉන්න පුළුවන් ඕනම දෙයක් කරන්න මට හිතෙනවා."
"ඒත් අපි ඉඳලා හිටලා හම්බ වුනොත් ඒක ඔයාගෙ තාත්තට හිත් වේදනාවක් වෙයිද?" ෆිලිප් ඇසුවේය. ඔහු පවසන්නට ගියේ වෙනත් කරුණක් වුවද ඔහු තම වදන් පාලනය කරගත්තේය.
"මං හොඳටම දන්නවා තාත්තා ඒකට කැමති වෙන්නෙ නෑ," මැගී පීඩාවට පත් වූ හඬින් කතා කළාය. "තාත්තා සමහර දේවල් ගැන හරියට හිතනවා." ඇය සුසුමක් හෙලූවාය. "තාත්තා කොහෙත්ම සතුටෙන් නෙවෙයි ඉන්නේ," ඇය අසරණව කීවාය.
"මමත් නෑ," ෆිලිප් එකෙණෙහිම කීවේය.
"ඇයි?" මැගී මෘදු හඬින් ඇසුවාය. "අඩුගානේ - ඒත් මං අහන එක හොඳ නෑ - ඒ ගැන මට හරිම කණගාටුයි."
ෆිලිප් යළිත් ගමනාරම්භ කළ අතර තනිවම මුමුණන්නාක් වැනි හඬකින් කතා කළේය, "මං මට ලැබුණනං හොඳයි කියලා හිතන ගොඩක් දේවල් තියනවා මේ ලෝකේ. අනිත් අයට තියන, මං ආබාධිතයෙක් හින්දාම කවදාවත් මට නොලැබෙන දේවල්. මගේ ජීවිතේ කවදාවත් ලස්සන දේවල් තියන එකක් නෑ; මං ජීවත් වෙලා ඉන්න එක මහා අපරාදයක්."
"අනේ ෆිලිප්," මැගී කීවාය. "එහෙම හිතන්න එපා." නමුත් ඇගේ හදගැස්මට ෆිලිප්ගේ කණගාටුවේ වූ යමක් එකතු වී තිබිණ.
"හරි එහෙනං," ඔහු ක්ෂණිකව ඈ වෙත හැරී සිය අළු පැහැති දෑසින් ඇගේ මුහුණ දෙස එක එල්ලේ බලමින් කතා කළේය. "මට ජීවත් වෙන එක සතුටක් වෙයි මට ඔයාව ඉඳ හිට හරි දකින්න ඉඩ දුන්නොත්."
"ඒත් අපි කොහොමද හම්වබෙන්නේ ෆිලිප්?" මැගී ගොත ගසමින් ඇසුවාය.
"ඔයා මට මෙහෙදි ඔයාව ඉඳ හිට හම්බවන්න ඉඩ දෙනවනං - ඔයත් එක්ක මෙහෙ ඇවිදින්න ඉඩ දෙනවනං - ඒ මාසෙකට සැරයක් දෙසැරයක් වුනත් මට ඇති. ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙත් නෑ, මගේ ජීවිතේටත් සතුටක් එකතු වෙනවා."
මැගී සෙමින් හිස දෙපසට වැනුවාය. ඇයට ඒ සඳහා සිත එකඟ කරගත නොහැකි විය. නමුත් ෆිලිප්ව එලෙස හමු වීමත්, මිතුදම දිගටම පවත්වාගෙන යාමත් අවිහිංසක ක‍්‍රියාවක් පමණක් නොව යහපත් දෙයක්ද වන බව ඇයට සිතුණි. ජීවිතය පිළිබඳව තෘප්තිමත් වන අන්දම තමා උගත් ආකාරය ඇතැම්විට ඔහුටද කියා දීමට හැකි වනු ඇත. අවම වශයෙන් එවැන්නකින් හානියක් විය නොහැක.
අවසානයේදී, මඳ චකිතයකින් යුතුව වුවද, ඔවුන් දෙදෙනාම රත් තැන්නේ ඇවිදින්නට ආ විටෙක එකිනෙකාට හමු විය හැකි බවට ඇය එකඟ වූවාය. කතිකා කරගත් දිනක ඔහුව හමු වීමට ඇය උදක්ම අකැමැති වූ අතර හමු වීම අහම්බයක් පමණක් විය යුතු බවද කියා සිටියාය. නමුත් යොවුන් වියේ ශුභවාදී බවින් පිරී ගොස් සිටි ෆිලිප් වර්තමානය පිළිබඳව සොම්නසින්ද, අනාගතය පිළිබඳව බලාපොරොත්තුවෙන්ද පිරුණු සිතින් එදින යළි නිවස බලා ගියේය.

- මතු සම්බන්ධයි -
මොකක් හරි එකක් පටාංංං ගන්ඩ වගේ යන්නෙ :)
ReplyDeleteඑහෙමද හිතෙන්නෙ? හා, අපි බලමුකො. :D
Deleteෂිකේ අම්මප, මෙවුං දෙන්න පංසලකට යවන්ට නැති හැටියක්…. නැද්ද බාං?...... බැරිද මොනවහරි දහං ගැටයක් ගහල එහෙම දෙයක් කරන්ට? I know you can do that…heh,heh…
ReplyDeleteපන්සලකට නේද? හ්ම්ම්... කෝ ඉන්ඩ බලාන්ඩ..... ආ මේ තියෙන්නේ. ඔය රෙඩ් ඩීප්ස් වලට එහා පැත්තේ ෆ්ලොස් ගඟේ තවත් අතු ගඟක් ගලනවා නයිල් කියලා. නෑ නෑ ඒ අර ප්‍රසිද්ද ලොකු ගඟ නෙවෙයි, මේක ඇවිල්ලා ඒ නමම තියෙන පොඩි ගඟක්. ඔය ගඟ මැද්දෑවෙ තියෙනවා පොඩි දූපතක්. ඔය දූපත මැද්දෙ කඳු ගැටයක් උඩ තියෙනවා පොඩි පන්සලක්. පන්සලේ නම මක්කැයි ඇහැව්වා? ඉන්ඩ, මං අර දෙන්නත් එක්ක ඒ පැත්තට ගිහිං ඇවිත් කියන්නං ඈ. :P
Deleteමොකක් හරි වෙනසක් වෙන්නයි යන්නේ වගේ දැනෙනවා....
ReplyDeleteවෙනසක්? හාපෝ! ඒ වචනෙ ඇහෙනකොටත් බය හිතෙනවා! :D
Deleteප්‍රේමය ලොව සැමතැනම ඇති...
ReplyDeleteසැම දෙනටම හමුවෙලා ඇතී...
Delete