එලෙසින් පැමිණියේය... කවිය
මා සොයාගෙන
නොදනිමි කොතැනකින්
එය ආවේදැයි කියා
ශිශිරයෙන්ද, නැතහොත් ගංගාවකින්ද,
නොදනිමි.
කෙලෙසින් කවදාද,
නැත එය හඬක් නොනැගීය,
වදන් හෝ නිහඬතාවයක්ද එහි නොවීය,
මාවතක් විය එය මා කැඳවූ
රාත්‍රිය විහිද ගිය අතු පතරින්
විටෙක වෙනෙකෙකු වෙතින්
බිහිසුණු ගිනි ජාලා මැදින්
හුදෙකලා ආගමනයක,
සිටියෙමි මම නන්නාඳුනන්නෙක්ව
ලඟා විය එය මා වෙත.
නොදැන සිටියෙමි කුමක් කිව යුතුදැයි
මුව ගොළු විය,
දෑස් අඳ විය,
මාගේ ආත්මය තුළ ජනිත විය යමක්,
ඇවිස්සීමක්,
මතකයෙන් ගිලිහී ගොස් තිබූ පියාපත් යුවලක්,
මම මගේ ගමන් මග ඇරඹුවෙමි,
අරුත් ගන්වමින් ඒ ගිනි දළු
අකුරු කළෙමි කුළුඳුල් වදන් පෙළ
දුර්වල හරසුන්,
සුපිරිසුදු විකාරයක්,
කිසිවක් නොදත්තෙකුගේ
සුපිරිසුදු පාණ්ඩිත්‍යයක්.
එක් වරම
දුටිමි මම
බැමි ලිහුණු, දොරටු විවර වුනු
දෙව්ලොව,
ග්‍රහ තාරකාවන්,
හද ගැහෙන පැළ පොඩි,
සිදුරු වූ සෙවණැලි,
ඊතල, ගිනි දළු සහ මල් සමගින්
පෙරී ආ,
සුළං හමන රාත්‍රිය,
විශ්වය.
ඉදින් මම,
අති ක්ෂුද්‍ර ප්‍රාණියෙකුව
තරු පිරුණු රික්තයෙන් හා ආශාවෙන් මත්ව
අභිරහසේ පිළිබිඹුවක්ව
පතුලක් නොමැති ගැඹුරු ආගාධයේ
සුජාත විමි,
තාරුකා සමගින් සැරිසැරුවෙමි,
විවර වූ මගේ හදවත
හමනා සුළඟ හා මුසු කළෙමි.
***
මේ නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී පැබ්ලෝ නෙරුඩාගේ (Pablo Neruda 1904 - 1973) Poetry නමැති අති විශිෂ්ඨ පද්‍ය නිර්මාණයේ පරිවර්තනයයි. වසර ගණනාවකට කළින් මේ පද්‍ය නිර්මාණය පරිවර්තනය කරලා තිබිලා මට ආයෙ පරණ ලිපි බලන අතරෙදි හමු වුනා. ඒ පරිවර්තනයේ තිබුණ අඩුපාඩු කීපයක් නිවැරදි කරලා නැවත සංස්කරණය කරලා තමයි ඔයගොල්ලන්ට මේ කියවන්න දුන්නේ. ඒ එක්කම මතක් වුනා මේ වගේ මිණිමුතු මග නොඅරින නිදන් ආකරයක් ගැන - නිලූක කදුරුගමුව සොයුරාගේ පරිවර්තන. එතනට ගිහින් බැලුවාම මේ තියෙන්නේ එතනත්. ඒ සොඳුරු, කෘතහස්ත පරිවර්තනය දුටුවාම අයෙ වතාවක් හිතුනා මට තව කොච්චර දුරක් යන්න තියෙනවද කියලා.

අපූරුයි.. මං ඒත් බැලුවා තාම මොකෝ මොකුත් අරන් ආවෙ නැත්තෙ ඇයි කියලා?
ReplyDeleteස්තූතියි නිර්මාණි! :)
Deleteනිලුක ගේ පරිවර්තනයත් කියවල තිබ්බ.. මේකත් ඉතාම හොඳ මට්ටමේ තියෙනවා.. :) ස්වතන්ත්‍ර කවියක් ලියමුද මේකත් ඇසුරු කොටගෙන ඊළඟට?
ReplyDeleteගොඩාක් ස්තූතියි අයියේ! ස්වතන්ත්‍ර එකක් නේද, හ්ම් බලමුකො. :)
Deleteනිලුකගේ පරිවර්තන අපුරුයි.මේකත් නරක නැහැ.
ReplyDeleteThank youuuuuu! :)
Delete