සැප්තැම්බරයේ දෙවන සතියේ දිනක මැගී යළිත් සිය හුදෙකලා කාමරයේ හිඳගෙන සිටියාය. මධ්‍යම රාත‍්‍රිය පසු වී බොහෝ වේලා ගතව තිබූ අතර පිටත ඉතා තදින් වැසි වහිමින් තිබිණ. ෆ්ලොස් නදියේ ඉහළ ගම්මාන වල දෙසතියක් පුරා වැසි වැටුණු අතර ගෙවුණු දින දෙක තුළ පහත් බිම් වලට නොකඩවා වැසි ඇද හැලෙමින් තිබුණි. වැඩිහිටියෝ වසර හැටකට පමණ එපිට මෙවැනිම වූ කාලගුණයක් යටතේ උදා වූ ගංවතුර තත්ත්වය මෙනෙහි කරමින් හිස් වනමින් කතාබස් කළහ. එම ගං වතුරේදී පාලමද කඩා වැටුණු අතර මුළු නගරයම මහත් සේ පීඩාවට පත් විය.
සැප්තැම්බරයේ මෙම රාත‍්‍රියේදී මැගී වැන්නන් කිහිප දෙනෙකු හැරුණු කොට අන් සැවොම නින්දේ පසු වූහ. ඇය එක් ඉටිපන්දමක් පමණක් දල්වාගෙන ඇගේ කාමරයේ රැඳී සිටියාය. එක්වරම ඇයට සිය දෙපා අසළින් තැතිගන්වනසුළු සීතලක් දැනුණි: ඇගේ දෙපා වසාගෙන ජලය පිරී තිබුණි. ඇය එක් වරම නැගී සිටියාය: දිය පහර බරාඳය ඔස්සේ ගලා විත් දොර හරහා ඇගේ කාමරයට ඇතුළු වී තිබුණි. ගංගාව පිටාර ගලා ඇති බවට ඇය අනුමාන කළාය.
උඩු මහලේ වූ බොබ්ගේ කාමරය වෙත ඉක්මණින් ගිය මැගී ඔහුගේ උරහිසින් සොලවා අවදි කළාය. "බොබ්, ගංවතුර ගලලා! ගෙටත් ඇවිල්ලා," ඇය කලබලෙන් කීවාය. "ඔරු දෙක බේරගන්න පුළුවන්ද කියලා බලමු." බොබ්ගේ නිවසේ ඉදිරිපස දොර අසළ රඳවා තිබූ ඔරු දෙකක් ඔහු සතුව තිබුණි. නිවාඩු කාල වලදී ඔහු ඒවා සංචාරකයන්ට කුලියට ලබා දුන්නේය. මේ මොහොතේදී ගංවතුරින් විපතට පත් වූවන් බේරා ගැනීමට ඒවා මහත් සේ ප‍්‍රයෝජනවත් විය හැක.
පහත මාලයෙන් විශාල හඬක් ඇසුණු අතර මැගී යළිත් එහි දිව ගියාය: එක් ඔරුවක් ජනේලය බිඳගෙන සාලයට ඇතුළු වී තිබුණි.
"අන්න ඔරුවක්!" මැගී කෑ ගැසුවාය. "බොබ්, එන්න ඉක්මණට!" තවත් මොහොතකුදු පමා නොවූ මැගී ජනෙල් පඩිය මතට නැග ඔරුවට ගොඩ වූවාය. ඈ පසුපසින්ම ආ බොබ් අනෙක් ඔරුවට ගොඩ වීමට සමත් විය. ඒ සමගම ආ රළ පහරින් ඔරු දෙකම ගංගාව වෙත ඇදී ගියේය.
මඳ වේලාවක් ගත වන තුරු මැගීට කිසිවක් හරි හැටි පෙනුණේ නැත: සැඩ ජල පහරට හසුව ඔරුව ඒ අතටත් මේ අතටත් කැරකෙද්දී ඔරු පතුළට කිඳා බැස්ස මැගී එක් හබලක් දෑතින්ම අල්ලාගෙන සිටියාය. ඇයට සිය සොයුරා හා මව සිහිපත් විය. නිවහනේ කෙබඳු තත්ත්වයක් ඇත්ද? වරක් ගංවතුරෙන් එයට දැඩි සේ අලාභ හානි සිදු විය. ඔවුන් සිටිනවා ඇත්තේ භයානක තත්ත්වයකය - බියපත්වය: ඇගේ මව හා සොයුරා, තනිවම, ඔරුවක් අසලකවත් නොමැතිව!
"අනේ දෙයියනේ, මේ කොහෙද? ගෙදර කොයි පැත්තෙද?" ඇය නොඉවසිල්ලෙන් තමාටම පැවසුවාය.
අඳුර අතරින් සිය දෙනෙත් වෙහෙසා බැලූ ඇයට ගස් හා නිවෙස් වල හැඩ යාන්තමින් දෙනෙතට හසු කරගැනීමට හැකි විය. ඒ වන විට ඇය සිටියේ ශාන්ත ජල තලයක් මතය - ඇය සිටින්නේ ගං වතුරට හසු වූ කුඹුරු යායේ විය යුතුය; ගංගාව ඇත්තේ කොයි පැත්තේද? අවසානයේදී එය දුටු ඇය දෙවැනි හබලද අතට ගෙන අළුත් වූ බලාපොරොත්තු වලින් යුතුව ඔරුව පදින්නට වූවාය. හිරු උදා වන ලකුණු පෙනෙන්නට වූ අතර කුඩා උස් බිමක රැඳී සිටි අසරණ බැටළු රැළක් ඇය දුටුවාය. ඇගේ තෙත ඇඳුම සිරුරට ඇලී තිබූ අතර දිය බේරෙන හිස කෙස් සුළඟට හසුව ඈ වටා විසිරී තිබිණ, නමුත් ඇයට ඒ කිසිවක් පිළිබඳව දැනුණේ නැත. සිය උපරිම වෙර යොදා දිය පිරි කුඹුරු යාය මතින් ඔරුව ගෙන ගිය ඇයට අවසානයේදී හුරුපුරුදු සලකුණු දිස් විය: පැරණි ස්කොච් පඳුරු දකුණු පසින්, කන්දේ එක් පසක වූ විසල් චෙස්ට්නට් රුක. නමුත් මෝලේ වහල - එය කොහිද? එය කොතැනකවත් නැත. මැගීගේ හදවත බියෙන් ගැහෙන්නට පටන්ගත්තේය. නමුත් අවසානයේදී ඇය සිය නිවස දුටුවාය - එය ස්ථාවරව තිබුණි; පළමු මහළම ජලයෙන් යටව තිබුණද නිවස ශක්තිමත්ව තිබුණි.
ඉතිරිව තිබූ සියලූම ශක්තිය යොදා මැගී ඔරුව නිවස අසළට ගෙන ආවාය. පළමුව ඇයට කිසිඳු හඬක් ඇසුණේ නැත: කිසිවක් සෙලවෙන බවක් දුටුවේ නැත. ඔරුව උඩු මහළේ කවුළුවක් වෙත ආසන්නව තිබුණි. ඇය හැකි උපරිම හඬින් කෑ ගැසුවාය, "අයියේ! අම්මේ! ඔයාලා කොහෙද? මම මැගී!"
ඉක්මණින්ම අට්ටාලයේ කවුළුව විවර වූ අතර ටොම්ගේ කටහඬ ඇසුණි. "කවුද ඔය? ඔරුවක් තියෙනවද?"
"මේ මම අයියේ - මැගී. අම්මා කෝ?"
"අම්මා මෙහෙ නෑ ගැරම් වලට ගියා පෙරේදා. මං එන්නං පල්ලෙහා ජනේලේ ලඟට."
"මැගී, තනියම?" ඔරුව වූ මට්ටමේ වූ කවුළුව විවර කළ ටොම් ඉමහත් පුදුමයෙන් කීවේය.
"ඔව් අයියේ. නගින්න ඉක්මණට. තව කවුරුවත් ඉන්නවද?" ටොම් ඔරුවට නගින අතරේ මැගී ඇසුවාය.
"නෑ," ටොම් කීවේය. "මෝලෙන් කොටසක් කඩන් වැටිච්ච වෙලාවේ මෝලේ හිටපු කෙනා වතුරට අහු වෙන්න ඇති මං හිතන්නේ. මං කතා කළා, කතා කළා, උත්තරයක් නෑ. හබල් මට දෙන්න මැගී." ටොම් ශක්තිමත් දෑතින් ඔරුව හැසිරුවේය. එය යළිත් ඉක්මණින්ම ගංගාවේ දිය වැල සමග එකතු වූ අතර නොපමාව ඔවුන්ට යළිත් ශාන්ත ඔග්ස් බලා යා හැකි වනු ඇත. නමුත් ඔවුන් වෙත ගංගාව ඔස්සේ අළුත් අනතුරක් ලඟා වෙමින් තිබුණි. ගං වතුරට හසු වූ ගබඩාවකින් දිය වැලට එකතු වූ විශාල ලී කොටන් පෙළක් ගංගාව ඔස්සේ පා වී එමින් තිබුණි. ජලයෙන් යට වූ කුඹුරු මත ඔරුවක නැගී සිටි මිනිසුන් කිහිප දෙනෙක් අනතුර දැක "ඔරුව දිය වැලෙන් අහකට ගන්න!" යැයි කෑ ගසා ටොම්ට පැවසූහ.
නමුත් එය එක් වරම සිදු කළ හැකි දෙයක් නොවීය. ඉදිරියට නෙත් යොමු කළ ටොම් ඔවුන් වෙත වේගයෙන් ලඟා වෙමින් තිබූ මරණය දුටුවේය. විශාල ලී කොටන් එකිනෙක ගැටී දිය පහර හරහට විශාල බාධකයක් ලෙසින් වේගයෙන් ඉදිරියට ඇදී එමින් තිබුණි.
"ඒක එනවා, මැගී!" යැයි ගැඹුරු ගොරහැඬි හඬකින් කෑ ගැසූ ටොම් හබල් අත් හැර මැගීව තුරුළු කරගත්තේය.
ඊලඟ මොහොතේ ඔවුන්ගේ ඔරුව ජල තලය මත පෙනෙන්නට නොවීය - විශාල බාධකය පමණක් ජයග‍්‍රාහී ලීලාවෙන් නොනැවතී ඉදිරියට ඇදෙමින් තිබිණ.
ඔරුවේ පතුල යළිත් මතු වී උදා හිරු එළියෙන් රන් වන් පැහැ ගත් ජල තලය මත කළු ලපයක් සේ දිස් විය - නමුත් සොයුරාත් සොයුරියත් කිසිදා වෙන් නොවන සේ එකට වෙලී ජල කඳ තුළ අතුරුදන්ව ගොස් සිටියෝය.

- 'ෆ්ලොස් නදිය අසබඩ' කතාන්දරය මෙතැනින් අවසන් වේ. කෘතිය අවසානයේ සඳහන් වන සමාප්ති සටහන මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. -

කතාව ලස්සන උනාට මටනම් ඒ අවසානයට කැමැත්තක් ඇති වුණේ නෑ. ( ඒ දුක හිතෙන අවසානයක් නිසා දැනුන දෙයක් නෙවෙයි). මුළු කතාවෙම තිබුන සුන්දරත්වය වතුර පාරට ගහගෙන ගියා වගේ.
ReplyDeleteමම දැන් සමාප්ති සටහනත් දාන්නයි යන්නේ. ඒකත් කියවලාම කියන්නකෝ මේ අවසානය ගැන ඊට පස්සේ මොකද හිතෙන්නේ කියලා. :)
Deleteඔයා කතාවෙ මුළ දී, මැද දී කරපු කොමෙන්ට් ඔකොම හරි.. අපි කැමති අවසානයක් ලැබෙන්නේ නෑ..
ReplyDeleteමං අද දවසම බැලුවා මේක කියවන්න.. ඒත් දැන් හරිම දුකයි.. ආරම්බෙදි කියුව වගේ මේක කියෙව්වට එපා වෙන්නැති, අවසානයේ ඇසට කඳුලක් ඉතුරු උනු කතාවක් සිතූ..
මොනව උනත් කතාව අපූරුයි.. ස්තුතී සිතු...
තවත් මේ වගේ කතාවක් ලියමු නේද??
අපි කැමති අවසානයක් විදිහට ඔයා බලාපොරොත්තු වුනේ මොන වගේ දෙයක්ද? කියන්න බලන්න. ගොඩාක් ස්තූතියි නිර්මාණි. දැනටනම් ලියලා ඉවර වෙච්ච කතන්දර මුකුත් නෑ. ඒත් අතරමග නතර වෙච්ච එව්වනම් බර ගාණක් තියෙනවා. දිග කතා පල කරනවනම් මම කොහොමත් මුළු කතාවම ලියලා ඉවර වෙලා තමයි පල කරන්නේ. ඒ නිසා අපි බලමුකෝ හෙමින් සැරේ.
Deleteමේ, අමතක නොකර සමාප්ති සටහනත් කියවන්න හොඳද? :)
මේක කියවල මං ආපහු කලිං කොටස බලන්ඩ ගියා මට කොටසක් මගහැරිලද බලන්ඩ, මේ වගේ ඉවර වෙන කතා වලට මං කැමතිද නැද්ද කියල මටවත් තාම හිතාගන්ඩ බෑ ඒත් කියවනව.
ReplyDeleteස්තූතියි පරිවර්තනය කරල ඉක්මනිං කියවන්ඩ දැම්මට.දැන් අර මල්දමේ ලීව වගේ කතාවක් ලීවොත් නරකද :)
ඔයා කළින් කොටසේ දාපු කමෙන්ට් එකේ හැටියට මේ අවසානය කියවලා ඔයාට දැනුණ ශොක් එක මට හිතාගන්න පුළුවන්. සමාප්ති සටහනත් කියවන්නකෝ, මම තව ටිකකින් දානවා ඒක.
Deleteමල්දමේ ලියපු කොයි කතාව ගැනද ඔයා මේ කියන්නේ? :)
අදයි මේ පැත්තට ආවේ. කතාව මුල ඉඳන්ම කියවන්න ඕනේ.
ReplyDeleteවැහි පොකුරවත් ආදරෙන් පිළිගන්නවා. ගොඩාක් ස්තූතියි මේ පැත්තට ආවට. කතාව මුළ ඉඳන් කියවලා එහෙනම් කියන්නකෝ හිතට දැනුණ දේ. :)
Delete