ගැහැණු ළමුන් දෙදෙනා එදින නිදන්නට සූදානම් වද්දී ලුසී යළිත් ෆිලිප් වැකම් ගැන කතා කළාය.
"අපිට හෙට හවස හොඳ සින්දු ටිකක් අහන්න පුළුවන් වෙයි," ඇය සතුටින් කීවාය. "ස්ටීවන් ෆිලිප්වත් එක්කං එයි."
"අනේ ලුසී, මට එයාව හම්බවෙන්න බෑ," මැගී සුදුමැලි වෙමින් කීවාය. "අඩුම ගානේ අයියගෙන් අහන්නෙ නැතුව එයාව හම්බවෙන්න බෑ."
"ටොම් අයියා ඒ තරමටම නපුරෙක්ද අනේ?" ලුසී පුදුමයෙන් ඇසුවාය. "මං වගකීම ගන්නං එහෙනං - එයාට කියන්න මමයි ෆිලිප්ව ගෙන්නගත්තේ කියලා."
"ඒත් ලුසී," මැගී තතනමින් කීවාය, "අපේ තාත්තා නැතිවෙන්න කළින් මං අයියට පොරොන්දු වුනා එයාගෙ අවසරයක් නැතුව ආයෙ ෆිලිප් එක්ක කතා කරන්නෙ නෑ කියලා."
"ඒත් මංනං ඒ වගේ අසාධාරණ කතාවක් අහලම නෑ. අසරණ ෆිලිප්ගෙන් මොකද්ද වෙන්න පුළුවන් හානිය? මං ටොම් අයියා එක්ක ඒ ගැන කතා කරන්නද?"
"අනේ එපා," මැගී කීවාය. "හෙට මමම ගිහින් එයාව හම්බවෙලා කියන්නං ෆිලිප් මෙහෙ එයි කියලා."
ඔවුන් දෙදෙනාම මොහොතක් නිහඬව සිටි අතර අනතුරුව මැගී කතා කළාය. "මං ඔයාට ෆිලිප් ගැන කියන්නං. ඒත් ලුසී මේ ගැන කාටවත් කියන්න එපා; අඩුගානේ ස්ටීවන් ගෙස්ට්ටවත්."
කතාව බොහෝ වේලාවක් පුරා දිග හැරුණි, කවුරුන් හෝ සමගින් තම හැඟීම් එලෙස බෙදාගැනීමෙන් දැනෙන සහනය මැගී ඉන් පෙර අත්විඳ තිබුණේ නැත: ඒ හැරෙන්නට ඈ වෙත යොමු වී තිබූ ලුසීගේ අනුකම්පාවෙන් හා උනන්දුවෙන් පිරි මුහුණ ඇයව තව තවත් දිරිමත් කළේය.
"ඔන්න ලුසී, මං ඔයාට ඔක්කොම කිව්වා!" කතාව අවසානයේදී මැගී මඳ සිනාවක් පාමින් කීවාය.
"ඔයා ෆිලිප්ට ආදරේ කරපු එක කොච්චර සුන්දර දෙයක්ද: මං කවදාවත් හිතුවෙ නෑ එයාට ඒ තරං සතුටක් ලැබෙයි කියලා," ලුසී කීවාය. "මංනං හිතන්නේ ඔයා එයාව අත් අරින්න ඕනෙ නෑ. ඔයා හෙට උදේ ගිහිං ටොම් අයියව හම්බවෙලා එන්නකෝ."
එසේම සිය සොයුරා හමුවීම සඳහා මැගී පසුදින උදෑසන පිටත් වූ අතර ඔහු දිවා ආහාර වේල සඳහා නැවත සිය නවාතැනට පැමිණීමට නියමිත මොහොතේ එහි ලඟා වූවාය.
ටුලිවර් මහතාගේ මරණය සිදු වූ කාල වකවානුවේදී ලුසීගේ මව බෙහෙවින් රෝගාතුරව සිටි අතර ටුලිවර් මහත්මිය ඇයට සත්කාර කිරීම සඳහා ඩීන් නිවසට පැමිණියාය. ඩීන් මහත්මිය මිය යාමෙන් පසුව ඇය නිවසත් ඇගේ යොවුන් දියණිය - ලුසීවත් බලා ගනිමින් එහිම නතර වූවාය. ටොම්ට ශාන්ත ඔග්ස් හි නවාතැනක් ලැබුණි. ඒ ඉන් අට මසකට පෙර විවාහ වූ බොබ් ජේකින්ස් හා ඔහුගේ බිරිඳ ජීවත් වූ ගංගාව අසළ පැරණි නිවසේ අමතර කාමරයකි. ඔවුහු ටොම්ව එහි නතර කරගත්තේ ඉතාමත් සතුටිනි.
මැගී වෙනුවෙන් දොර විවෘත කළේ බොබ්ගේ බිරිඳය. කුඩා සිරුරකින් යුතු වූ ඇගේ මුහුණ ලන්සි බෝනික්කෙකුගේ මෙන් විය. "මේ මැගී නෝනානේ. එන්න පුංචි නෝනා, ඇතුළට එන්න." ඇය එසේ කියමින් ටොම් ආහාර ගැනීමට සූදානම් වෙමින් සිටි සාලය වෙත මැගීව කැඳවාගෙන ගියාය.
"පරක්කු වෙන්න බෑ අයියේ," ටොම් ඇයව පිළිගැනීමට නැගී සිටිනා අතරේ මැගී කීවාය. "මං ඉක්මණට කියන්නං මං ආපු කාරණේ, නැත්තං ඔයාට කෑම කන්නත් පරක්කු වෙයි."
මැගීගේ තැතිගත් භාවය දුටු ටොම් ඈ කියන්නට යන්නේ කුමක් ගැනදැයි අනුමාන කළේය. එම සැකයෙන් ඔහුගේ කටහෙඬ් උණුසුම් බව පහව ගියේය. "මොකක් ගැනද?"
එම ස්වරය මැගී තුළ පෙරළිකාරී බවක් ඇති කළේය. සොයුරා දෙස කෙළින් බලාගෙන ඇය ස්ථිර හඬකින් කතා කළාය, "ෆිලිප් වැකම් ගැන මං ඔයාට වෙච්ච පොරොන්දුවෙන් මාව නිදහස් කරන්න කියන්නයි මං ආවේ."
"හරි එහෙනං," ටොම් පෙර සේම රළු හඬින් කීවේය. ඔහු ඔරවමින් මැගී වෙතින් දෙනෙත් ඉවතට හරවාගත්තේය. අනතුරුව යළිත් ඈ වෙත හැරී සෙමින් එහෙත් අවධාරණාත්මක හඬින් කතා කළේය. "ඒ ගැන මට දැනෙන විදිහ ඔයා දන්නවනේ මැගී. තාත්තා ජීවත් වෙලා ඉන්නකල් තාත්තාට ඔයාට අපි හැමෝටම ලැජ්ජා වෙන දෙයක් ඔයා අතින් වෙන එක වළක්වගන්න මට පුළුවන් හැමදේම මම කළා. දැං ඔයාට කැමති තීරණයක් ගන්න පුළුවන් - ඒත් මගේ ස්ථාවරයේ වෙනසක් නෑ. ෆිලිප් වැකම් ගැන ඔයා ආපහු ආදරවන්තයෙක් විදිහට හිතනවනං ඔයාට අයියා කෙනෙක් නෑ කියලා හිතාගන්න වෙයි."
"මට එහෙම කරන්න බෑ අයියේ - ඒක අපි හැමෝටම දුකක් වෙයි. මං ඉක්මණටම වෙන රස්සාවකට යනවනේ, එතකල් මම මෙහෙ ඉන්නකල් ආපහු එයාව යාළුවෙක් විදිහට ආශ‍්‍රය කරන්න කැමතියි. ලුසීත් කැමතියි අපි ආයෙ හම්බවෙනවට."
ටොම්ගේ මුහුණේ වූ දරදඬු බව මඳක් ලිහිල් විය. "මාමලාගෙ දිහාදි ඔයා එයාව ඉඳහිට හම්බවුනාට මට කමක් නෑ - ඒ ගැන එච්චර හිතන්න දෙයක් නෑ," ඔහු වඩාත් කාරුණික හඬකින් කීවේය. "එයා ලුසීලගේ ගෙදර එනවනං ඔයා එයාව මුණගැහුණට කමක් නෑ. එයා ලුසීගේ අමුත්තෙක්නේ. ඔයා හොඳට ඉන්නකල් මං ඔයාට හොඳ අයියෙක් වෙලා ඉන්නවා."
නැගී සිටි මැගී සිය සුරත ඔහුගේ උරහිස මතින් තැබුවාය. "අයියේ, මං දන්නවා ඔයාට ලොකු බරක් පැටවිලා තියෙනවා, ඉතිං මාත් ඔයාට තව කරදර වැඩි කරන්න කැමති නෑ - ඔයාගෙ හිත සතුටින් තියන්නයි මට ඕනේ. ඒ වුනාට මං කොහොමත් හරි වදකාරියෙක් නේද?"
එම දයාබර මුහුණ දෙස බලා ටොම් මඳ සිනහවක් පෑවේය. "නෑ මැගී," ඔහු කීවේය.
"මං ඉඳහිට ඇවිත් ඔයාව බලලා ගියාට කමක් නැද්ද?"
"ඔව්, එන්න. ඒ වුනාට දැං දුවලා යන්න. මට ආපහු යන්න පරක්කු වෙයි," ටොම් සිය අත් ඔරලෝසුව දෙස බලමින් කීවේය.
"මට හාද්දක් දෙන්නවත් වෙලා නැද්ද?"
ටොම් නැවී ඇගේ කම්මුල සිප ගත්තේය. "ඔන්න! හොඳ ළමයෙක් වගේ ඉන්න!"
මැගී ආපසු ගියේ සැහැල්ලූ සිතිනි. එම සන්ධ්‍යාවේ යළිත් ෆිලිප්ව දකින තෙක් ඇය සිටියේ නොඉවසිල්ලෙනි.
නමුත් ෆිලිප් පැමිණියේ නැත. ඔහු නිවසින් බැහැරව ඇති බවට - බොහෝ දුරට දර්ශන තල සිතුවමට නැගීමට කොහේ හෝ ගොස් ඇති බවට - ස්ටීවන් ගෙස්ට් පණිවිඩය රැගෙන ආ අතර ඔහු යළි පැමිණෙන දිනක් පිළිබඳව කිසිවක් නොදත්තේය. සැබැවින්ම ෆිලිප් යළි නගරයට පැමිණ ලුසීගේ ලිපි දෙකම දුටුවේ ඉන් දෙසතියකට පසුවය. මැගී එහි පැමිණ ඇති බව දැනගැනීමට පෙරම ඔහු පිටව ගොස් තිබුණි.
එම දෙසතිය තුළ මැගීගේ සිතේ පිරී තිබූ හැඟීම් තේරුම් ගැනීමට ඇතැම්විට කෙනෙකුට යළිත් දහ අට හැවිරිදි වියට යාමට සිදු වනු ඇත. එම දින දහ හතර තුළ ස්ටීවන් ගෙස්ට් ලුසී අසළ නොරැඳුනු හෝරාවන් එතරම් තිබුණේ නැත. ඔහු ඈ අසළ හිඳගෙන සිටිමින් හෝ, ඇය පියානෝව වයන අතර ඈ අසළ සිටගෙන සිටිමින් හෝ එළිමහනේ ඈ සමග ඇවිදිමින් හෝ කල් ගත කළ අතර ඔහු තුළ ලුසී කෙරෙහි ඇති සැලකිලිමත් බව පැහැදිලිවම ස්ථාවර වෙමින් තිබුණි. ලුසී පසුවූයේ ඉතාමත් සතුටිනි: ඒ මැගීගේ පැමිණීමෙන් පසුව ස්ටීවන්ගේ ප‍්‍රියමනාප බව හා හාස්‍ය රසයද තවත් වැඩි වී තිබීම නිසාය. තෙවැන්නෙකු ඉදිරියේදී තම ආදරවන්තයාගේ සමාගමයෙන් සතුටක් ලබන, එසේම සංවාදය බොහෝ විට එම තෙවැන්නාට යොමු වීම පිළිබඳව කිසිසේත්ම ඊර්ෂ්‍යාවක් හට නොගන්නා යෞවනියක ගැන සිතාගත හැකිද? නමුත් ලුසී වැනි සියුමැලි හදවතක් ඇත්තියක සම්බන්ධයෙන් ඒ පිළිබඳව පුදුම විය යුතු නැත. අනෙක් අතට, ස්ටීවන් හිඳ සිටියේ ලුසී අසළය, ඔහු අල්ලාගෙන සිටියේ ඇගේ අතය; සෑම දිනෙකම ඈ වෙත සුපුරුදු මෘදු ආචාරශීලී භාවය ඔහු පිරිනැමුවේය, ඇගේ උවමනාවන් පිළිබඳව දැන සිටියේය. එය ස්ටීවන් පවා දැන නොසිටි ඔහුගේ හෘද සාක්ෂියේ ක‍්‍රියාකාරීත්වයකි. මැගී වෙත වූ ඔහුගේ පුද්ගලික අවධානය එයට සාපේක්ෂව ඉතාමත් අල්පය. ලූසී නොමැති විටෙක ස්ටීවන් එහි පැමිණියහොත් ඔවුන් දෙදෙනා එකිනෙකා හා කතා කරන්නේ පවා නැත: එවන් විටෙක ස්ටීවන් පොත් රාක්කය අසළ රැඳී සංගීතය පිළිබඳව වූ පොත් පෙරළා බලන අතර මැගී සිය මැහුම වෙත නැඹුරු වී සිටියි. ඇඟිලි තුඩු අගට පවා ඔවුන් දෙදෙනාට අනෙකා එහි සිටීම පිළිබඳව දැනුණද කිසිවෙකුත් ඒ ගැන කල්පනා කරන්නට හෝ නිහඬව මෙය කොතැනින් කෙළවර වනු ඇත්දැයි සිතන්නට හෝ පටන්ගෙන තිබුණේ නැත. මැගීට දැනුණේ ජීවිතය ඇයට අළුත් යමක් උගන්වන්නට සූදානම් වන බව පමණි; ඇය එක එල්ලේ ඇයට බලපෑ ආසන්න අත්දැකීම් තුළ ගිලී සිටි අතර එවැන්නකට අවසර දීමට හෝ තේරුම් ගැනීමට තරම් ශක්තියක් ඈ තුළ ඉතිරිව තිබුණේ නැත. ස්ටීවන් උවමනාවෙන්ම තමා පිළිබඳව, තමා තුළින් සිතට නැගෙන ප‍්‍රශ්න වළක්වාගත් අතර මැගීගේ ආකර්ශනය පිළිබඳව පිළිගැනීමට සූදානම්ව සිටියේ නැත.
නමුත් දිනෙන් දින තත්ත්වය වඩ වඩාත් බරපතල වූ අතර සියල්ල හෙළිදරව් වීමේ දිනය වැඩි ඈතක නොවීය.

- මතු සම්බන්ධයි -
අනේ සිතු දැන්නම් ඊලඟ කොටස කියවනකල් ඉවසුමක් නෑ...
ReplyDeleteමොකද කියන්නෙ එහෙනං, දැම්මම ඊලඟ කොටස දාන්නද? :D ඉවසන්න ළමයා ඉවසන්න.
Deleteඅපොයි ඒ කියන්නේ වැඩේ සෙට්. ලුසී ට අඬන්න වෙන්නේ.
ReplyDeleteදැන්ම කොහොමද එහෙම කියන්නේ? :)
Deleteමේ මේ අපිව අව්ස්සන්න ඔය එක එක ඒව ලියන්නෙපා හලෝ. හරි අන්තිමට මෙහෙම නේද වෙන්නේ?
ReplyDeleteපිලිප් මැගීව විවාහ කරගන්නව. ගේට් ලුසී විවාහ කරගන්නව. තෝමස් හොඳට දිව්නු වෙලා ආයේ මෝලත් තමන් යටතට ගන්නව.
එහෙම නේද? නැත්නම් මං මේක කියවන්නෑ.
ඔය කිව්ව කාරණා තුනෙන් දෙකක් හරි ඔන්න. ඒ හින්දා කතන්දරේ දිගටම කියවන්න, හොඳද හලෝ? :D
Deleteමේක හරියන එකක් නෙවෙයි...මගෙ ඔලුවත් එක්ක කහන්ට ඇල්ලුව ඊලඟට මක් වෙයිද කියල හිතාගන්ට බැරුව. ඊට පස්සෙ ආය සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ මහපොතම අරගෙන බැලුව....අපොයි!
ReplyDeleteඔලුව කහන්ට ගත්තය කිව්වා? තට්ටෙ අතගාලා බලන්ඩ අයියෙ උකුණෙක්වත් ඉන්නවද කියලා. මහ පොත අරගෙන බැලුවය කියලා අපොයි කියන්නේ මොකෝ, ඒක උස්සගන්ඩ බැරි තරං බරද? :P
Deleteආ, අන්න දැන් ඊලඟ කොටසත් දාලා මේ ආවේ, ඒකත් ඔහොමම කියවලා බලන්ඩකො එහෙනං ඈ. :)