සතියකට පසුව මැගී ආපසු ශාන්ත ඔග්ස් බලා පැමිණියේ පාලිකාවක ලෙසින් ඇගේ නව රැකියාවේ වැඩ බාරගන්නා තෙක් වූ කාලය ලුසී සමග ගත කිරීමටය. ඇය ග්ලෙග් නැන්දාගේ නිවසට පැමිණීමට පොරොන්දු වී සිටි බැවින් දිවා කාලයේදී ලුසීව මගහැර සිටීම අපහසු නොවීය. එසේම පෙර සති කිහිපයට වඩා ඇය ඇගේ මව සමගද වැඩි වේලාවක් ගත කළාය. නමුත් සන්ධ්‍යා කාලයේදී ඇයට ලුසීගෙන් ගැලවීමක් නොවීය; "නැත්තං මං කොයි වෙලාවෙද ඔයාව හම්බවෙන්නේ?" ලුසී විමසා සිටියේ කඳුළු පිරි දෑසිනි. එය පිටු පෑමට නොහැකි කාරුණික හිතවත් ඉල්ලීමකි. එසේම ස්ටීවන් ගෙස්ට් ද හැකි සෑම විටෙකම ඩීන් නිවසින් රාත‍්‍රී ආහාරය ගැනීමට පුරුදුව සිටියේය. මුල් දින කිහිපයේදී ඔහු මැගී පිටව යන තුරු සන්ධ්‍යා කාලයේදී එහි නොයා සිටීමට තමාටම ශපථ කරගෙන සිටියේය. නමුත් සිව් වන දිනය වන විට ඔහු සිය අදහස වෙනස් කරගත්තේය: මැගීව ටික කළකට හෝ දැකගත හැකි මොහොතක්, තවත් එක් ස්පර්ශයක් හෝ බැල්මක් ලබාගත හැකි මොහොතක් අපතේ නොයැවිය යුතුයැයි ඔහු කල්පනා කළේය. ඔහු එසේ නොකර සිටිය යුත්තේ මන්ද? ඔවුන් දෙදෙනා අතර සැඟවීමට කිසිවක් නැත: ඔවුන් දෙදෙනා එකිනෙකා පිළිබඳ වූ හැඟීම් හෙළිදරව් කර ඇත: දැන් ඔවුහු වෙන් වන්නට සූදානම්ව සිටිති. සදහටම වෙන්ව යන්නට පෙර සෙනෙහසින් පිරි එක් බැල්මක් නොවැරදීම ඔවුන් අතර හුවමාරු වනු ඇත.
ෆිලිප් වැකම් එහි පැමිණියේ ඉඳහිටය. බෝට්ටු සවාරියක් පිළිබඳව ලුසී යෝජනා කළේ ඔහු එහි පැමිණ සිටි එක් සන්ධ්‍යාවකය. "අද ඉඳං මැගී යන දවස වෙනකල් අපි හැමදාම බෝට්ටු පදින්න යමු. මැගී හරිම ආස දෙයක් ඒක, නේද මැගී?"
මඳ සිනහවක් පෑ මැගී හිස සැලූ අතර ලුසී දිගටම කතා කළාය. "ඔයා කැමතිද එයාගෙ හවුල්කාරයා වෙන්න ෆිලිප්? එතකොට ඔයාටත් පුළුවන් අපිත් එක්ක ඇවිත් හබලක් ගන්න." ඇය සංවාදයට එකතු නොවී නිහඬව පසෙකට වී සිටිනා ස්ටීවන් දෙස බැලූවාය. මෑතක සිට ෆිලිප් එහි පැමිණි දින වල ඔහු හැසිරුණේ එලෙසිනි. "ඔයාටනං බෝට්ටු පදින්න යන්න ඕනෙ නෑ වගේ," ලුසී කීවාය. "ඇයි ඔයා ආස නැද්ද ඒකට?"
"මං කැමති නෑ මහ ගොඩක් සෙනග පිරිච්ච බෝට්ටු වල යන්න," ඔහු නොරුස්නා හඬින් කීවේය. "වෙන කවුරුවත් නැති දවසක මං එන්නංකෝ."
ෆිලිප් රතු වූ මුහුණෙන් යුතුව දරදඬු හඬින් කතා කළේය. "මට ආරාධනා කළාම වෙන අයව මග ඇරෙන බව ලුසීට අමතක වෙලානේ. ප‍්‍රශ්නයක් නෑ, මං අයින් වෙන්නං."
"බැහැ බැහැ, කොහෙත්ම බෑ," ලූසී දැඩි අමනාප ස්වරයෙන් කීවාය. "ඔයා හෙට එන්නම ඕනේ. දහයහමාරට විතර වතුර පාර හරි ගාණට ගලනවා." අනතුරුව ඇය ස්ටීවන් වෙත හැරුණාය. "හතර දෙනෙක් බෝට්ටුවේ එන එක මහ ගොඩක් කියලා ඔයාට දැනෙන්නේ කොහොමද?" ඇය ඔහුගෙන් ඇසුවාය.
"ඇත්තටම මං එන අය ගැන නෙවෙයි, එන ගාණ ගැන තමයි කතා කළේ," තමාගේ නපුරු බව පිළිබඳව ලැජ්ජා වෙමින් ස්ටීවන් කීවේය. "හතරවෙනියෙක් එක්ක යන්න පුළුවන්නං මං නොවැරදීම තෝරගන්නේ ෆිල්ව තමයි. ඒත් අපි මේ නෝනලාව එක්ක යන්න ලැබෙන සතුට එහෙම බෙදාගන්නෙ නැතුව මාරුවෙන් මාරුවට අවස්ථාව අරගමු. මං ඊලඟ දවසේ යන්නං."
නමුත් පසුදින උදෑසන ෆිලිප් උණෙන් පෙළෙන්නට වූ බැවින් එකඟ වූ පරිදි බෝට්ටු ගමන සඳහා පැමිණීමට හැකියාවක් තිබුණේ නැත. ඔහු ඒ බව පවසා සේවකයෙකු අතේ ස්ටීවන් වෙත පණිවිඩයක් යැව්වේය. ස්ටීවන් ඔහු වෙනුවට යුවතියන් හා බෝට්ටු ගමනට සහභාගි වනු ඇත්ද?
ඒ අතර ලුසීද ආදරණීය සැලසුමක් සූදානම් කොට තිබුණි. ඇගේ පියා එදින උදෑසන ලින්ඩම් නගරයට යෑමට සූදානම් වන බව ඇයට දැනගන්නට ලැබුණි. අත්‍යවශ්‍යම වූ භාණ්ඩ කිහිපයක් මිල දී ගැනීම සඳහා ඇයද කල් බලමින් සිටියේ එහි යාමට අවස්ථාවක් ලැබෙන තෙක්ය. එසේම ඇයට සහය වීම සඳහා ටුලිවර් නැන්දාද ඈ සමග යා යුතුම විය.
"අපි කතා කරගත්ත බෝට්ටු ගමන ඔයාට එහෙමම යන්න පුළුවන් හරිද," ඇය මැගීට කීවාය. "ෆිලිප් මෙහාට එයි දහය පහු වුනාම. අද හරිම ලස්සන දවසක්. දැං මේකට කැමති නැහැයි කියලා එක වචනයක්වත් කියන්නෙ එහෙම නෑ ඔන්න!"
මැගී විරුද්ධ වූයේ නැත. සැබැවින්ම ඇය එම සැලැස්ම පිළිබඳව සතුටු වූවාය; ෆිලිප් සමග යළිත් වරක් හුදෙකලා වීමට ලැබීමෙන් ඇගේ සිතට ශක්තියක් හා සැනසීමක් ලැබෙනු ඇතැයි ඇය සිතුවාය. ඇය ගමනට සූදානම් වී දහයයි තිහ වන විට විසිත්ත කාමරයට වී බලා සිටියාය.
දොරේ සීනුව වදින හඬ නියමිත වෙලාවටම ඇසුනි. නමුත් ඊලඟට ඇසුණේ ඉක්මණින් පියගැට පෙළ නැග එන හඬකි. ඒ ඇසුණු මොහොතේම ඒ පැමිණෙන්නේ ෆිලිප් නොවන බව මැගී වටහාගත්තාය: දොර විවර වූ අතර ස්ටීවන් ගෙස්ට් නිවස තුළට පිවිසියේය.
පළමුවෙන්ම ඔවුන් දෙදෙනාම කිසිවක් පවසාගත නොහැකිව විපිළිසරව බලා සිටියෝය. නිවසේ වෙනත් කිසිවෙකු නොමැති බව ස්ටීවන් ඒ වන විට සේවකයන්ගෙන් දැනගෙන තිබුණි. සිය හිස් වැස්ම හා අත් වැසුම් ගැලවූ ඔහු පැමිණ මැගී අසළින් වාඩි වූවේය. "ෆිලිප් එන්නෙ නෑ," ඔහු පහත් හඬින් කීවේය. "මමයි බෝට්ටුවෙ යන්නෙ අද."
"අපිට යන්න බෑ," මැගී යළිත් සිය අසුන තුළට කිඳා බසිමින් කීවාය. "ලුසී මෙහෙම වෙයි කියලා හිතුවෙ නෑ - එයාගෙ හිත රිදෙයි. ඇයි ෆිලිප් ආවෙ නැත්තේ?"
"එයාට සනීප නෑ. එයා වෙනුවට මට යන්න කිව්වා."
"ලුසී ලින්ඩම් ගිහිල්ලා," මැගී සිය වෙව්ලන අතැඟිලි වලින් ඉක්මණින් සිය හිස් වැස්ම ගලවමින් කීවාය. "අපිට යන්න බෑ."
"අපි යමුකෝ," ස්ටීවන් කෙඳිරිලි හඬින් ඇයැද සිටියේය. ඔහු නැගිට ඇගේ අතින් අල්ලාගත්තේය. "අපි වැඩි වෙලාවක් ගන්නෙ නෑනේ."
එලෙසම ඔවුහු පිටව ගියෝය. ඔවුන් රැගත් ඔරුව දිය රැළි මතින් යුහුසුළුව ඇදී ගියේය. වරින් වර ස්ටීවන්ගේ මුවින් ඇසෙන නෑසෙන හඬින් පිට වූ ආදරය මුසු වදන් හැරෙන්නට ඔවුන් අතර කිසිදු වදනක් හුවමාරු වූයේ නැත. ඔවුන් පසු කර යන වෙරළ තීරයන් වෙත මැගීගේ අවධානය යොමු වූයේ යන්තමිනි. ඔවුන් පසු කර ගිය ගම්මාන පිළිබඳව ඇයට කිසිදු නිනව්වක් නොවීය.
නමුත් අවසානයේදී සිය හබල් පසෙක දැමූ ස්ටීවන් ගං දිය දෙස බැරෑරුම් දෑසින් බලා සිටින්නට වූ මොහොතේ මැගී යළි පියවි ලෝකයට පැමිණියාය. ඇය සිය දෑසට නුපුරුදු ඈතට විහිදී ගිය කෙත්වතු දෙස බියපත් දෑසින් බැලූවාය.
"අනේ මේ කොහෙද අපි ඉන්නේ? අපි ගොඩක් දුර ඇවිල්ලා නේද?" ඇය බිය හා ප‍්‍රශ්නාර්තය රැගත් බැල්මක් ස්ටීවන් වෙත හෙලමින් ඇසුවාය.
ගලා යන ජල තලය දෙස දිගටම බලා සිටි ඔහු අමුතු කල්පනාකාරී හඬකින් කතා කළේය, "ඔව් - ගොඩක් දුර."
"අනේ මං දැං මොකද කරන්නේ?" මැගී වැළපුනාය. ඇය දෑත් එකතු කරගෙන ඉකි ගසන්නට පටන්ගත්තාය. ඇයට ලුසීගේ වේදනාවෙන් පිරි මුහුණේ සටහන් වූ පුදුමයත්, සැකයත් රැඳුණු බැල්ම හැරෙන්නට වෙන කිසිවක් ගැන කල්පනා කිරීමට හැකියාවක් නොවීය.
ස්ටීවන් නැගිට ඇය අසළින් වාඩි වී ඇගේ එකට බැඳි දෑත් සෙමින් පහත් කළේය. "මැගී," ඔහු තීරණයකට එලැඹි හඬකින් සෙමින් කතා කළේය, "අපි ආයෙ ගෙදර නොගිහින් ඉමු - අපිව කාටවත් වෙන් කරන්න බැරි වෙනකල් - අපි බඳිනකල්."
"මට යන්න දෙනවා!" මැගී මහත් සේ වික්ෂිප්තව කෑ ගැසුවාය. "ඔයා දැනගෙන හිටියා අපි මෙච්චර දුරක් ආපු බව - මං ඔයා ගැන තියපු විශ්වාසෙන් ඔයා අයුතු ප‍්‍රයෝජන ගත්තා. කොහොමද මාව මේ වගේ අමාරුවක දාන්න හිතුවේ?"
එම දෝශාරෝපණයෙන් සිත් වේදනාවට පත් ස්ටීවන් ඇගේ දෑත් අත් හැර ඔහු පෙර හිඳ සිටි අසුනට නැවතත් මාරු වූවේය. ඔහු කතා කළේ යටපත් කරගත් කෝපයෙනි. "අපි අන්තිම ගමත් පහු කරලා ටික වෙලාවක් යනකල් මමත් දැක්කෙ නෑ අපි එච්චර දුරක් ඇවිල්ලා කියලා; එවෙලෙදි මට හිතුණේ අපි තව ටිකක් දුර ගියාට කමක් නෑ කියලයි. මං ඔයාට ඒ ගැන කිව්වෙ නැති එක වැරැද්දක් තමයි. ඒ කියන්න බැරි වෙච්ච්ච හින්දා ඔයාට මාව එපා වෙන්න ඇති. ඔයා කොහොමත් මට ආදරේ නෑනේ. ඔයා මං වෙනුවෙන් මුකුත් කරන්න ලෑස්ති නෑනේ. මං බෝට්ටුව මෙහෙමම නවත්තලා ඔයාට යන්න අරින්නද? මං කියන්නං ලුසීට මට පිස්සු හැදිලා හිටියේ කියලා - ඔයාට මාව පේන්න බෑ කියලා."
මැගී කිසිවක් කර කියාගත නොහැකිව බලා සිටියාය. ස්ටීවන්ගේ කාරුණික මෘදු බව හමුවේ ඉවත බලාගැනීම ඔහුගේ මෙම කෝප සහගත සන්තාපය පිරි බැල්මෙන් දෑස් ඉවතට ගැනීමට වඩා පහසුය. ඇය ඔහු දෙස බලා සිටියේ කණගාටුව පිරි බයාදු බැල්මකිනි. "ඔයා දන්නවනේ ඒක එහෙම නෙවෙයි කියලා," ඇය කීවාය. ඇගේ බැල්මේත් කටහෙඬ්ත් පිරී තිබූ අනුකම්පාසහගත බව ස්ටීවන්ට දැනුණි. යළිත් දෙව්ලොව දොරටු විවර වෙමින් පවතී. ඔහු නිහඬවම යළිත් ඈ අසළින් වාඩි වී ඇගේ අතින් අල්ලාගත්තේය. යළිත් දෝශාරෝපණයක් හෝ ප‍්‍රතික්ෂේප කිරීමක් පැන නැගෙන්නට ඉඩ ඇති බැවින් වදනකුදු දෙඩීමට බිය වූ ස්ටීවන් නිහඬවම සිටියේය.
තීරණාත්මක කිසිවක් සිදු කිරීමට තරම් පියවි කල්පනාවක් මැගීට නොවූ නමුත් ආපසු ගමනක් පිළිබඳව ඉන්පසු කිසිවක් කතා වූයේ නැත. මලානික නිහඬ බව මධ්‍යයේ ඔවුන් පාවී ගිය අතර එක්වරම ස්ටීවන් ඔවුන් පසුපසින් පැමිණෙන කුඩා නෞකාවක් දුටුවේය. ඔහු ඒ දෙස උනන්දුවෙන් බලා සිටියේ නව සිතුවිලි සමුදායක්ද සමගය.
"මැගී, රත්තරනේ!" ඔහු අවසානයේදී කීවේය. "මේ නැව මඩ්පෝට් වලටනං යන්නේ අපිවත් එක්ක යන්න කියන්න පුළුවන්. ඔයාට මහන්සියි - ඉක්මණටම කළුවරත් වැටෙයි - මේ පොඩි ඔරුවෙන් කොහෙටවත් යන්න හදන එක මහ භයානක වැඩක්. ඒ අය කැමති වෙයි අපිව එක්ක යන්න: මං ගාව ඇති තරං සල්ලි තියෙනවා."
මෙම නව යෝජනාවෙන් මැගීගේ සිත තුළ යළිත් අනතුරු ඇඟවීමේ සංඥා දැල්වෙන්නට පටන්ගත්තේය. එක් විකල්පයක් අනෙක් විකල්පය තරමටම අපහසුය. ස්ටීවන් නැවට සංඥා කළේය. සැබැවින්ම ඔවුන් මඩ්පොර්ට් වෙත යමින් සිටි අතර සුළං තත්ත්වය එලෙසින්ම පැවතුණහොත් පසුදින වන විට එහි යා හැකි වනු ඇති බව ඔවුහු පැවසූහ.
"අපිවත් එක්ක යනවද?" ස්ටීවන් ඇසුවේය. "ඔරුවත් දාගන්න. මං හොඳට ගෙවන්නං."
නැවේ පුද්ගලික කැබින් කාමරයක් නොවූ අතර කුෂන් කවර ඇතිරූ කවිච්චියක් මැගී වෙනුවෙන් නැව් තට්ටුව මත පිළියෙල කර දෙන ලදි. ස්ටීවන් ඇගේ අතින් අල්ලාගෙන ඈ අසළින් හිඳ සිටියේය. ඔහු පසු වූයේ ජයග‍්‍රාහී සතුටකිනි. අනෙක් සෑම සිතුවිල්ලක්ම, වගකීමක්ම නොතකා හැරි ඔහු මැගීව තමා සන්තක කරගත යුතුය යන දැඩි අධිෂ්ඨානයේ එල්බ සිටියේය. එහි පළමු පියවර දැනටමත් අරඹා ඇත!
හැඟුම්බර බවින් වෙහෙසටත්, ස්ටීවන් පිළිබඳව සිත තුළ ඇති ආදරයෙන් පීඩනයටත් පත්ව සිටි මැගී කිසිවක් පැහැදිලිව කල්පනා කළ නොහැකි තත්ත්වයකට පත්ව සිටියාය. ඈ වටා ඇසුණු ගං දියේ නැලැවිලි නාදයට කන් දෙමින් අවසානයේ ඇගේ අතැඟිලි ස්ටීවන්ගේ දෑත් සමග පැටලී තිබියදීම ඇය නින්දට වැටුණාය.

- මතු සම්බන්ධයි -

ඊලඟ කොටස එනතුරු නොඉවසිල්ලෙන්
ReplyDeleteහෙට වෙනකල් ඉවසගෙන ඉන්න යාළු. :)
Deleteහම්මේ දවස් තුනකට පස්සේ කොටස් තුනක්ම කියෙව්ව. එකපාර ම ඔක්කොම දාන්න බැරි ද? ඒ තරමට ආස හිතෙන කතාවක්.
ReplyDeleteතව ටිකයි තව ටිකයි, ඉවසන්ඩ ඉවසන්ඩ. :D
Deleteමුල් කොටස් දෙක කියෝලා දවස් කිහිපයක් එහෙ මෙහෙ වෙලා ඉඳලා බලද්දී මෙන්න අද විස්ස කොටස.. අනේ අසරණ අපිට ඇයි මෙහෙම කරන්නේ?
ReplyDeleteනිවාඩුවක් දාන්න වෙනවා.. මේක හරියන්නේ නෑ.. ඔක්කොම කියෝලා කොමෙන්ට් එකක් දාන්නම්.. :)
මේකත් අයියේ අර මගේ කලින් කතන්දරේ වගේ දැනටමත් ලියලා ඉවර එකක්. ඉතින් ඒක කියවලා ඔයාලා කියන දේ දැනගන්න මට තියෙන නොඉවසිල්ල හින්දා මෙහෙම දාගෙන දාගෙන යනවා.
Deleteකමක් නෑ ඉතිං මෙච්චර වටින කතන්දරයක් කියවන්ඩ නිවාඩු දැම්මා කියලා මක් වෙනවද? ලීව් ඇප්ලිකේෂන් එකේ මේකෙ ලින්ක් එකත් ලියලම දාන්ඩ ලොක්කටත් නිවාඩු පාඩු වෙලාවක කියවන්ඩ කියලා. :P
තව ටිකද?? දැන්නම් ඉවර වෙනව කියනකොටත් දුකයි.. ඒත් ඉතින් කොහොමත් ඉවර වෙන්න එපායෙ..
ReplyDeleteහෙට වෙනකල් ඉවසුමක් නැ...
ඔව්, තව හරියටම කොටස් හතරයි. :)
Deleteමේ කතාව අර අහවලා වගේ කෙනෙක් ලිව්වෙ නැත්තෙ හොද වෙලාවට.
ReplyDeleteමේක ඉවරනම් හොද සුදු නන්ගි වගේ වෙන එකක් පටන් ගන්න. ඔයා සාමාන්‍ය යෙන් මේවා පෝස්ට් කරන්නෙ මට එපාම වෙලා කියවන්න මොනාහරි හොය හොයා ඉන්න වෙලාවට.
ස්තූතියි ඔයාගෙ මහන්සියට. ඊළග පරිවර්තනේකට යනවනම් කලින් පරිවර්තනෙ කරලා නැති එකක් තෝරාගන්න
ඉස්සෙල්ලා ටයිප් කරන්න ඕනි එක ටයිප් කරලා නෑනෙ. මේ කතාව වගේම ඔයා ඒක ලියන විදිහ, වචන, භාෂාව හසුරුවන විදිහ, මේ ඔක්කොම හොදයි.දිගටම ලියන්න. ඔයාගෙ කලින් පොත හොයන්න දැනටම ඕඩරයක් දීලා තියෙන්නෙ
ReplyDeleteකවුද අප්පා මේ අහවලා?
Deleteඇගයුමට ගොඩාක් ස්තූතියි සඳු. මගේ මේ පරිවර්තනයේ අඩුපාඩු ගොඩාක් තියෙනවා. සමහර ඒවා බරපතල වැරදි. මේවා කියවලා ඔයාලා ඒවා පෙන්නලා දුන්නාම තමයි මම හැදෙන්නේ, ඉස්සරහට ඒ වගේ වැරදි නොකර ඉන්න පුළුවන් වෙන්නේ. :)
මගේ කළින් පොත නුගේගොඩ සරසවියේ තිබුණා, තාම ඇති මම හිතන්නේ.
ඔය අහවලා ගැන මම නම් දනි කියා සිතමි.
Deleteහෙමිහිට කියවන්න ඕන මුල ඉඳලා.. බොහොම ආකර්ශණීයයි පරිවර්තනය.
ReplyDeleteගොඩාක් ස්තූතියි නංගි! :)
Deleteමේවට තමයි කියන්නේ දෛවයේ සරම්
ReplyDeleteනෑ... නෑ.. සරදම් කියල :)
ඒකනෙ, ඒ සරම... ආ නෑ සරදම දිය වැලකට අහු වෙලා ගහගෙන ගිහිල්ලනේ...
Delete