නඩුවේ තීන්දුව තමාට විරුද්ධව ප‍්‍රකාශ වූ බවත්, පිවාර්ට් හා වැකම් ජය ගෙන ඇති බවත් මුල් වරට ඇසූ මොහොතේදී ටුලිවර් මහතා එය හොඳින් දරාගත් බව ඔහුව හමු වූ උදවිය සිතූහ. දිගු කලක් පුරා ඇදුණු නඩු හබය වෙනුවෙන් විශාල මුදලක් වැය වනු ඇති බව ඔහු දැන සිටි අතර ඒ වෙනුවෙන් නොයෙකුත් සැලසුම් ඔහු ඒ වන විටත් කල්පනා කොට තිබුණි. එබැවින්, තමාට ඩෝල්කොට් මෝලේ ටුලිවර් ලෙසින්ම රැඳී සිටිය හැකි අන්දමින් මුදලක් ණයට ලබාගත හැකි ආකාරයක් පිළිබඳව යුහුසුළුව සැලසුම් කිරීමට ඔහු කටයුතු කළේය. ෆර්ලි නැමැත්තා හට ඒ වන විටත් ඉඩමෙන් කොටසක් උකස් කොට තිබූ අතර, මුළු ඉඩමම මිළ දී ගෙන තමාට අඳයට මෝලේ වැඩ කරන්නට ඔහු ඉඩ දෙනු ඇති බවට ටුලිවර් මහතාට කිසිදු සැකයක් නොවීය.
එම අදහස සිතේ ඇතිව ෆර්ලි මහතා හමු වීම පිණිස ඔහු අසු පිට නැගී ශාන්ත ඔග්ස් බලා පිටත් විය. නමුත් ගමනින් අඩක් ගෙවීමටත් පෙරම ඔහුට සිය නීතීඥයවරයාගේ කාර්යාලයෙන් හසුනක් රැගෙන පැමිණි ලිපිකරුවෙකු මුණ ගැසුණි. ඔහුට ලිපිය බාර දුන් ලිපිකරු ආපසු නගරය බලා පිටව ගිය අතර එය විවෘත කළ ටුලිවර් මහතා එය කියවන්නට වූවේය. එය කෙටි ලිපියකි. එහි සඳහන් වූයේ හදිසි මුදල් අවශ්‍යතාවයක් මත ෆර්ලි සතු වූ සියලූම සුරැකුම් (ටුලිවර් මහතාගේ උකසද ඇතුළුව) වැකම් හට විකුණා ඇති බව නීතීඥවරයාට දැනගන්නට ලැබුණු බවය.
අඩ හෝරාවකට පසු ටුලිවර් නිවසේ ගැල්කරුට විවර වූ ලිපියක් අතැතිව මාවත අද්දර වැටී සිටි ටුලිවර් මහතාවද, ඒ අසළ නොසන්සුන්ව තණ කොළ උලා කමින් සිටි අළු පැහැති අසුවද හමු විය.
මැගීව ඉක්මණින්ම කැඳවනු ලැබූ අතර ඈ එහි පැමිණෙන විට ඇගේ පියා යළි සිහිය ලබා සිටි නමුත් ඇයව හඳුනාගත්තේ නැත. කරුණාවන්ත මහළු ටර්න්බුල් වෛද්‍යවරයා බියටත් කම්පාවටත් පත්ව සිටි ඇගේ සිත සනසන්නට උත්සාහ කළේය.
"කලබල වෙන්න එපා මගෙ දරුවෝ," ඇගේ අත අල්ලාගනිමින් ඔහු කීවේය. "ඔයාගෙ තාත්තට හදිසි කම්පනයක් ඇවිත් තියෙන්නේ, තාම ඒකෙන් පස්සෙ හරියට කල්පනාව ඇවිත් නෑ. ඒත් තාත්තා දිගටම ඔයාව ඇහැව්වා, ඒ නිසා ඔයා මෙතන ඉන්න එක එයාට හොඳයි. පුළුවන් තරම් නිශ්ශබ්දව ඉන්න. කිසිම දේකින් එයාව කලබල කරන්න එපා."
සැබැවින්ම අසරණ ටුලිවර් මහතා මැගී ඔහු අසළ සිටියදී කුඩා දරුවෙකු ලෙසින් සැනසීමෙන් සිටින බව පෙනුණි - ඔහුගේ ස්වරූපය තම කිරිමව තුරුළේ සුරැකිව හිඳිනා ළදරුවෙකු මෙන් විය.
ටුලිවර් මහත්මියට ටොම්වද කැඳවාගැනීමට උවමනා විය. ඇය තම සැමියා පිළිබඳව නොව එයට වඩා තම පුත‍්‍රයා පිළිබඳව තැවෙන බව පෙනී ගියේය. දෙවන දිනය අවසන් වන විට මැගී පියාගේ මතකය නොමැති බවටත්, ඔහු එම තත්ත්වයෙන් සුවපත් වනු ඇති බවට වූ බලාපොරොත්තුවටත් හුරු පුරුදු වී සිටි අතර සොයුරාගේ අවශ්‍යතාවය ඒ වන විට ඇයටද දැනෙන්නට විය. ඇගේ මව රාත‍්‍රියේ 'මගේ අසරණ පුතා... ගෙදර ආවනං කොච්චර දෙයක්ද,' යැයි කියමින් හඬන්නට වූ විට "මං ගිහිං අයියව එක්ක එන්නං අම්මේ," යැයි මැගී කීවාය. "තාත්තා මාව අඳුන ගත්තෙ නැත්තං, මාව හෙව්වෙ නැත්තං හෙට උදේට මං යන්නං. මේ මුකුත්ම දන්නෙ නැතුව අයියා ගෙදර ඇවිත් ඒවා දැනගන්න උනාම එයාට ගොඩක් දුක හිතෙයි."
එසේම අප පෙරදී දුටු පරිද්දෙන් මැගී පසු දින උදෑසන නිවසින් පිට වූවාය. ආපසු එන අතරේ පොදු මගී රථයේ අසුන් ගෙන සිටි සොයුරාත් සොයුරියත් දුක්බර හඬින් කොඳුරමින් සිටියෝය.
"කට්ටිය කියන විදිහට අපේ ඉඩමෙන් උකසක් හරි මොකක් හරි වැකම්ට අයිතියි අයියේ," මැගී කීවාය. "ඒ ගැන තිබ්බ ලියුම හින්දා තමයි තාත්තට අසනීප වෙලා තියෙන්නේ."
"මට පේන්නේ ඒ තකතීරුවා කාලෙක ඉඳං හොඳට ලෑස්ති වෙලා තියනවා වගේ අපේ තාත්තව වට්ටන්න," අපැහැදිලි සිතුවිලි මතින් එක්වරම ස්ථාවර නිගමනයකට එළඹෙමින් ටොම් කීවේය. "මං මිනිහෙක් වෙච්ච දාක එහෙම කරපු එක ගැන මිනිහට දුක් වෙන්න වෙයි. ආයෙ කවදාවත් ෆිලිප් එක්ක එහෙම කතාවට යනවා නෙවෙයි."
"අනේ අයියේ!" මැගී අසතුටු හඬින් කීවාය. නමුත් ඒ ගැන වාද කරන්නට හෝ එයට විරුද්ධ වී ටොම්ගේ සිත රිදවීමට හෝ මැගීට ශක්තියක් නොවීය.
ටොම්ව දුටු විගස ටුලිවර් මහත්මිය නැවතත් හඬන්නට පටන්ගත්තාය. ඇය ඇගේ රිදී සහ ලිනන් ආයිත්තම් තෝරමින් සිටි අතර ළමුන් දෙදෙනා නිවසට ඇතුළු වන විට රිදී තේ පෝච්චියක් අතැතිව සිටගෙන සිටියාය.
"හැමදේම දීලා දාන්න වෙනවා," ඇය වැළපුනාය. "මගේ හැම ලස්සන බඩුවක්ම - මේ තේ පෝච්චියත්. මේවා ඔයාගෙ තාත්තා සල්ලි දීලා ගත්ත ඒවා නෙවෙයි. අපි බඳින්න කළින් ඒවා මමයි - මගේ සල්ලි වලිනුයි අරගත්තේ. එයා මාව බැඳලා මාව මේ වගේ තත්ත්වෙකට පත් කළා කියලා හිතන කොට!" ඇය ලේන්සුව දෑසට තද කරගෙන මොහොතක් වැළපුණු නමුත් ඊලඟ මොහොතේදී මෙසේ පැවසුවාය, "අනික මං සැරෙන් සැරේට එයාට කිව්වේ 'මොනවා කළත් නඩු කියන්නනං යන්න එපා!' කියලයි. මං වෙන මොනවා කරන්නද? මට දැං මෙතන ඉඳගෙන මගේ වස්තුව විනාස වෙලා යන හැටි බලං ඉන්න වෙනවා, මටයි මගේ ළමයින්ටයි අයිති වෙන්න තිබ්බ සල්ලි. ඔයාට පැන්සයක්වත් ඉතුරු වෙන්නෙ නෑ මගෙ පුතේ - ඒක ඔයාගෙ අම්මගේ වැරැුද්දක්නං නෙවෙයි."
ඇය අනුකම්පාසහගතව සිය අසරණ, ළදරුවෙකුගේ වැනි වූ නිල් දෑසින් ටොම් දෙස බලා අතක් දිගු කළාය. ඈ වෙත ගිය ටොම් ඇයට හාදුවක් දුන් අතර ඇය සිය පුත‍්‍රයාව වැළඳගත්තාය. පළමු වතාවට ඔහු සිය පියා ගැන නොපහන් සිතින් කල්පනා කළේය.
"දුක් වෙන්න එපා අම්මා," ඔහු මෘදු ලෙස කීවේය. "මට ඉක්මණටම සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් වෙයි! මං මොකක් හරි රස්සාවක් හොයාගන්නං."
"දෙවි පිහිටයි පුතේ," ටුලිවර් මහත්මිය මඳක් සැනසිලි සහගත හඬින් කීවාය. අනතුරුව දුක්බර බැල්මෙන් අවට බලා, "ඒත් මගේම සල්ලි වලින් ගත්ත ඒවාවත් මට තියාගන්න පුළුවන් වුනානං මං මේ තරං දුක් වෙන්නෙ නෑ," යැයි එකතු කළාය.
මැගී මේ සියල්ල දෙස බලා සිටියේ කෙමෙන් නැගෙමින් ආ කෝපයත් සමගිනි. ජීවත් වුවද මිය ගියාක් මෙන් නිදා සිටින ඇගේ පියාට එරෙහිව නැගුණු මෙම දෝෂාරෝපණ මගින් විසිතුරු භාණ්ඩ හා රෙදි පිළි ගැන නැගුණු අඳෝනා පිළිබඳව ඈ තුළ ඇති වී තිබූ කණගාටුව අවලංගු කොට දමනු ලැබීය. අවසානයේදී ඇය කිපුණු හඬකින් පුපුරා හැලූනාය. "කොහොමද අම්මේ ඔය විදිහට කතා කරන්නේ? තාත්තා ගැන මුකුත්ම හිතන්නේ නැතුව හරියට අම්මගේ බඩු ගැන විතරක් කරදර වෙනවා වාගේ - තාත්තා අර වගේ තත්ත්වෙක ඉන්න කොට? ආයෙ කවදාවත් අපි එක්ක කතා කරයිද කියලාවත් දන්නෙ නැති කොට? අයියේ, කාටවත් ඉඩ තියන්න එපා මගේ තාත්තා ගැන බොරු වැරදි කියන්න!"
දුකෙන් සහ කෝපයෙන් උගුර හිර වන බවක් දැනුනෙන් එතැනින් පිටව ගිය මැගී පියාගේ ඇඳ අසළින් වාඩි වූවාය. මිනිසුන් ඔහුට අභූත චෝදනා එල්ල කරනු ඇතැයි යන සිතුවිල්ලෙන් ඇගේ හදවත තව තවත් ඔහුට සමීප විය. මැගී චෝදනා වලට වෛර කළාය; මුළු ජීවිත කාලය පුරාම මැගීට චෝදනා එල්ල වූ අතර එයින් කෝප සහගත සිතුවිලි හැරෙන්නට කිසිවෙකුටත් ලැබුණු වෙනත් දෙයක් නොවීය. ඇගේ පියා සෑමවිටම ඇගේ පැත්ත අරගත් අතර ඇයට සමාව දුන්නාය. ඔහු ඇයට දැක්වූ මෘදු බව පිළිබඳ මතකය ඔහු වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට හෝ දරාගැනීමට තරම් බලගතු විය.
මැගීගේ හදිසි කෝපයෙන් ටොම් මඳක් පුදුමයට පත් විය - කළ යුතු නිවැරදි දේ පිළිබඳව ඔහුට හා මවට පවසා සිටීමට තරම් ඇගේ කෝපය ප‍්‍රබල විය! නමුත් පියාගේ කාමරයට ගිය පසු පියා හා මැගී සිටි අන්දම දුටු ඔහුගේ සිතේ පෙරදී ඇති වූ අල්පමාත‍්‍ර නොපහන් සිතුවිලි අතුරුදන්ව ගියේය.
ඔහුගේ තැවුල් සහගත මුහුණ දුටු මැගී ඔහු වෙත ගොස් ඔහුව වැළඳගත් අතර ඔහු ඇඳ අසළින් වාඩි විය. තමුන් දෙදෙනා එකම පියාගේ දරුවන් බවත්, තමුන්ට ඇත්තේ එකම සන්තාපයත් බවත් හැරෙන්නට අන් සියල්ලම ඔවුනට ඒ මොහොතේදී අමතකව ගියේය.

- මතු සම්බන්ධයි -
ජයවේවා...........
ReplyDeleteඑසේම වේවා! :D
Deleteපුංචි උනත් මැගීට හොඳ කල්පනා ශක්තියක් තීරණ ගැනීමේ හැකියාවක් තියනවා..
ReplyDeleteඔව්, ඒක ඇත්ත. ක්ලැසික් නවල්ස් වල කාන්තා චරිත අතරින් මම කැමතිම චරිතය තමයි මැගී. :)
Delete//ඒත් මගේම සල්ලි වලින් ගත්ත ඒවාවත් මට තියාගන්න පුළුවන් වුනානං මං මේ තරං දුක් වෙන්නෙ නෑ// පව් මැගීගෙ තාත්තා :(
ReplyDeleteකාසි වලට ගන්නත් බෑ කාසි වලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ
කාසි වාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ
මනුස්සකම මිනිස්සුනේ
මේ කොටසෙදි මැගීගේ අම්මා ගැන අපිට ගොඩක් තරහ යනවා නේද? හරිම අසාධාරණ විදිහට තමයි එයා මේ වෙලාවෙදි කතා කරන්නේ. :(
Deleteකසුන් සහ සිත්තමී,
Deleteඔබ දෙදෙන හා එකඟ නොවීමට මට අවසර....... :)
මැගීගේ මව එසේ පියාට දොස් පැවරීමෙහි කිසිදු වරදක් මට නොපෙනේ.ටුලිවර් මහතා යනු අත්තනෝමතික ලෙස තීරණ ගන්නා එලෙසම තම බිරිඳගේ අදහස් කිසිදු ලෙසකින් නොපිළිගත්තෙකි.එසේ හෙයින් නඩු මඟට නොබසින ලෙස කොතෙකුත් ඇගේ අවවාද ඔහු නොපිළිගත් නිසාම ඇය මහත් ආශාවෙන් මිලදීගත් සියල්ලද විකිණීමට සිදුවීම ඇගේ සිතට වේදනාවක් නොවන්නේද? එසේ හෙයින් තම සිතැඟි නොවලහා පැවසීමට ඇයට අයිතියක් ඇතිබව මගේ අදහසයි.
මහත්තයාගේ කොච්චර අඩුපාඩු තිබුණත්, එයා අමාරුවේ වැටුණ වෙලාවට, අර වාගේ අසනීප තත්ත්වෙකට පත් වෙලා ඉන්නකොට බිරිඳක් විදිහට ඒ වගේ ආත්මාර්ථකාමී කතා කියන එක අසාධාරණයි. ඒක අනිත් පැත්තටත් එහෙමම තමයි.
Deleteමායි සිත්තරායි ගත්තොත් මම එපා කියලා කටකැඩෙනකල් කියන ඕන තරම් වැඩ එයා කරනවා. ඒ සමහර ඒවැයින් අමාරුවෙත් වැටෙනවා. ඒත් එහෙම අමාරුවේ වැටිලා මාත් එක්ක දුක කියන කොට 'මං කිව්වා ඕක ඔහොම වෙයි කියලා' වගේ කතා කියන්න මට කටට එන්නෙ නෑ. එයාගෙ හිත හැදෙන දෙයක් කියලා ලෝකෙ හැටි එයාටම ඉගෙනගන්න අරිනවා. (ඒත් කොච්චර මට්ටු වුනත් ඉගෙනගන්නෙ නැති පාඩමුත් තියෙනවා අප්පා).