129. නුඹව සිහි කර...

rhads.deviantart.com

සවන පිනවන කුරුළු ගී හඬ
තුරු පතින් නැගි නාද සර සර
ඇහිඳ රන් රස එකට කැටි කොට
තුහින වැස්සක ගුමු ගුමුව මැද
වයා ගයනෙමි නුඹව සිහි කර //

නිල් ගොයම් පිරි ලියදි පසු කර
හමන සුලඟේ සුවඳ මුසු කොට
පා වෙනා මල් පියලි කැටි කොට
ගොතා මල් දම් පැලැඳ ගෙල වට
 
රඟන්නෙමි මා නුඹව සිහි කර //

නීල සයුරෙක විසල් නැව් ලෙද
දසත සරනා සුදු වළා රොද
වැළැඳ දෝතින් රුවල් රැළි බැඳ
කුඹ ගසේ නැග යොමා නෙතු යුග
නැංගුරම් ලමි නුඹව සිහි කර //

සැඳෑ අඳුරේ හිරු නිවී යන
දිලෙන තරු කැට එකින් එක ගෙන
සුමුදු සඳ එළියේ සිනාසෙන
රැළි නගන සිලිලාර දිය මත
පා කරන්නෙමි නුඹව සිහි කර //




12 comments:

  1. ඕන්න මාත් ආවා...
    හරිම ලස්සන පද පේලියක්.. ස්වභාවධර්මයත් එක්ක එකට සම්බන්ධ කරලා තියන නිසා කවිය ගොඩක් ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිළිගන්නවා නිර්මාණිව. මං ඒත් බැලුවා කොයි පාරෙන්ද ඇවිත් තියෙන්නේ කියලා, මෙයත් මේ අහසෙන්නේ ඇවිල්ලා තියෙන්නේ. :D

      ගොඩාක් ස්තූතියි ඇගයීමට. මං ලියපු ගොඩක් කවි ස්වභාවධර්මයත් එකතු කරලා තමයි ලියලා ඇත්තේ. මාත් ආස එහෙම ලියන්න. :)

      Delete
  2. අගෙයි අගෙයි...........

    ReplyDelete
  3. නුඹ මා සිහි කරනා බව දැනී
    සීත සුළං ගත වැළඳ ගනී
    සුපුන් සඳක් වැනි ඔබ සිහි වී
    හදවත මල් පොකුරු යයි පිපී

    ReplyDelete
    Replies
    1. ඒ සුළඟ නැත ආයෙ හමන්නේ
      ඒ සඳද නැත ආයෙ නැගෙන්නේ

      මේ කවි පන්තියේ නිමිත්ත ඔයාලට කිව්වොත් එහෙම ඔයාලගෙ රසවින්දනයට බාධා වෙනවා. :D ඒ හින්දා මං කියන්නෙ නෑ. ස්තූතියි මල්ලි ලස්සන කවියට. :)

      Delete
  4. නිකිණි සඳ දිදුලන අහස්කුස,
    පිපිණි මදහස සිහිව නුඹවත,
    කිහිරි අඟුරක සිත දැවෙනසඳ,
    ලිහිනි මතකය බැඳුනු වරපට,

    ReplyDelete
    Replies
    1. මං මේ දහ අතේ කල්පනා කළා මොකද්ද මේ ලිහිණියෙක් ගැන කියලා තියෙන්නේ කියලා. පස්සෙනෙ බොලේ තේරුණේ. :D

      ස්තූතියි අයියේ ලස්සන කවියට. පිළිතුරු කවියක් ගලපගන්න හැදුවා, ම්හු, හරි ගියෙ නෑ. :(

      Delete
    2. ඔයාගෙ කවිය මොකක් නිමිති කරගෙනද ලිව්වෙ කියල මම වැඩිය හිතන්න ගියේ නෑ.ළබැඳියෙකුගෙ වියෝවක් නිමිත්ත වෙන්නත් පුලුවන් කියලත් හිතුනා. ඒ හින්ද ඇත්තටම මම ලිව්වෙ පිළිතුරු කවියක්මත් නෙවෙයි. ඔබේ කවිපෙලේ රිද්මයට මගෙ හිතට ආපු කල්පනාවක් ලියල දැම්මා. නතිං මෝ නතිං ලෙස්....:)

      Delete
    3. ඒක හිතන්න ගියේ නැති එක හොඳයි. :D

      Delete