අසරණ ටොම් සිය වේදනාව එඩිතර ලෙස දරාගත් අතර පෝල්ටර් මහතා පිළිබඳව නොකියා සිටිය නොහැකි තරමට වඩා වදනක් හෝ හෙළි නොකරන බවට දැඩි අධිෂ්ඨානයක එල්බ සිටියේය. සැබැවින්ම, සිලිං පහ පිළිබඳ ගනුදෙනුව මැගීට පවා රහසක් විය. නමුත් ඒ සියල්ලටම වඩා ටොම්ගේ සිතට වධ දුන් එක් කරුණක් විය - ඒ ගැන ඔහු කෙතරම් බිය වූයේද කිවහොත් 'ඔව්' යන මාරක පිළිතුර ලැබෙනු ඇතැයි සිතා ඔහු ඒ ගැන වෛද්‍යවරයාගෙන් හෝ ස්ටෙලිං පූජකතුමාගෙන් හෝ විමසීමෙන්ද වැළකී සිටියේය. ඒ ඔහු ආබාධිතයෙකු වනු ඇතිද යන බියයි.
නමුත් ඔහු දෙස බලා සිටි ෆිලිප් ඔහුගේ සිතට වධ දෙන කරුණ පිළිබඳව අනුමාන කළේය. එක් දිනක ස්ටෙලිං පූජකවරයාගෙන් ඔහු ටොම් අසන්නට බිය වූ එම කරුණ පිළිබඳව විමසා සිටියේය. "සමාවෙන්න පූජකතුමනි - දොස්තර මහත්මයා හිතනවද ටුලිවර් ආබාධිතයෙක් වෙයි කියලා?"
"අපොයි නෑ, අපොයි නෑ," පූජකවරයා කීවේය. "හැමදාටම නෙවෙයි - ටික කාලෙකට විතරයි."
එම පිළිතුරත් සමග ෆිලිප් ටොම්ගේ කාමරයට ගියේය. "දොස්තර මහත්මයා කියනවා ටුලිවර් ඔයාට ඉක්මණට සනීප වෙයි කියලා, දන්නවද?" ඔහු සෙමින් ටොම්ගේ ඇඳ වෙතට ඇවිද එමින් කුලෑටි ලෙසින් කීවේය. "මං දැං පූජකතුමාගෙන් ඇහුවේ. එතුමා කියනවා වැඩි කල් යන්න කළින්ම ඔයාට පුරුදු විදිහට ඇවිදින්න පුළුවන් කියලා."
දිගු සැනසුම් සුසුමක් හෙලූ ටොම් සිය අළු නිල් පැහැති දෑස් එක එල්ලේම ෆිලිප් වෙත යොමු කළේය.
"ඒක හොඳයි," ඔහු කීවේය. මඳ නිහඬතාවයකට පසුව ඔහු නැවතත් සැහැල්ලූ හඬින් කතා කළේය. "පූජකතුමාට කියලා ඔයාට පුළුවන් වෙලාවට මෙහෙට ඇවිත් ඉන්න."
ඉන් පසුව ෆිලිප් ඔහුගේ පාඩම් වේලාව හැරුණු කොට ඉතිරි මුළු කාලයම ගත කළේ ටොම් හා මැගී සමගය; ඒ හැරෙන්නට ටොම්ගේ පාදයේ වෙළුම් පටි මාරු කරන විට හෝ ඔහුට විවේකය උවමනා වූ විට මැගී පාඩම් කාමරය වෙත ගොස් ෆිලිප් සමග එහි රැඳී සිටියාය. එක් දිනක, එහි වූයේ ඔවුන් දෙදෙනා පමණි. ෆිලිප් මේසය අසළ ඔහුගේ පාඩම් කටයුතු වල නිරත වී සිටි අතර මැගී ඒ වෙත ගොස් මේසයට බර දී ඔහු කරන්නේ කුමක්දැයි බලා සිටියාය. ඔවුන් දෙදෙනා ඒ වන විට කුළුපග මිතුරන්ව සිටියෝය.
"මැගී," ෆිලිප් ඈ ඇමතුවේය, "ඔයාට මං වගේ අයියා කෙනෙක් හිටියනං ඔයා එයාටත් ටොම්ට තරං ආදරේ කරයි කියලා ඔයා හිතනවද?"
"ඔව්, ඊටත් වඩා," මැගී ක්ෂණිකව පිළිතුරු දුන්නාය. "ඊටත් වඩා කියන්න බෑ හැබැයි, මොකද මං ටොම් අයියාට ආදරේ කරනවාට වඩා කිසිම කෙනෙකුට ආදරේ කරන්න පුළුවන් වෙයිද කියලා මං දන්නෙ නෑ. ඒත් මට ඔයා ගැන ආදරෙත් එක්කම දුකත් හිතෙයි." ෆිලිප් මඳක් රතු විය: ඔහු අනුකම්පාවට කැමති නොවීය. ඒ බව වටහාගත් මැගී යළිත් ඉක්මණින්ම කතා කළාය: "අනික ඔයා හරිම නුවණක්කාරයි ෆිලිප්. ඔයත් මගේ අයියා කෙනෙක් වුනානං කියලා හිතෙනවා. මං හරි කැමතියි ඔයාට."
"මාත් හරිම කැමතියි ඔයාට මැගී; මට ඔයාව කවදාවත් අමතක වෙන එකක් නෑ. මට ගොඩක් දුක හිතුණ වෙලාවට මං ඔයා ගැන හිතයි, ඔයා වගේ කළු ඇස් තියෙන නංගි කෙනෙක් මටත් හිටියනං කියලා හිතයි."
"ඇයි ඔයා මගේ ඇස් වලට කැමති?" මැගී ඉතා සතුටට පත්ව ඇසුවාය.
"මං දන්නෙ නෑ," ෆිලිප් කීවේය. "ඔය වගේ ඇස් දෙකක් වෙන කාටවත් නෑ. අනිත් අය මං දිහා වැඩිය බලනවට මං කැමති නෑ. ඒත් ඔයා මං දිහා බලනවට මං කැමතියි මැගී."
මැගී ඉදිරියට නැවී ඔහුගේ කම්මුලට හාදුවක් දුන්නාය. "ඔන්න එහෙනං," ඇය කීවාය, "මටත් ඔයාව හැමදාම මතක තියෙයි. ඒත් මං දැං යන්න ඕනේ. දෝස්තර මහත්තයා අයියගේ කකුලට බෙහෙත් දාලා ඉවර ඇති."
මැගීව කැඳවාගෙන යාමට ඔවුන්ගේ පියා පැමිණි මොහොතේ ඇය ඔහුට ෆිලිප් ගැන කීවාය, "අනේ තාත්තේ, ෆිලිප් වැකම් හරිම හොඳයි, අයියටත් හොඳට සලකනවා - හරිම නුවණක්කාරයි, මං එයාට හරිම කැමතියි. අයියත් කැමතියි නේද එයාට?"
රත් පැහැ ගැන්වුණු ටොම් තැවුල් සහගත මුහුණින් සිය පියා දෙස බැලූවේය. "ඉස්කෝලෙන් අයින් වුනාට පස්සේ මං එයත් එක්ක යාළුකම් තියාගන්නෙ නෑ තාත්තේ," ඔහු කීවේය. "ඒත් මගේ කකුල තුවාළ වෙලා ඉන්න කාලේ එයා මට හොඳට සැලකුවා. එයා මට දාං අදින්නත් කියලා දුන්නා, දැන් මට එයාව පරද්දන්නත් පුළුවන්."
"හරි හරි ළමයිනේ," ටුලිවර් මහතා කීවේය, "එයා ඔයාලට හොඳින් සැලකුවනං ඔයාලත් එයාට කරුණාවන්ත වෙන්න ඕනේ. එයා අසරණ අංග විකල ළමයෙක්. ඒත් ඕනෙවට වඩා යාළුකං තියාගන්න එපා - එයාගෙ ඇඟේ දුවන්නෙත් එයාගෙ තාත්තගෙ ලේ."
ටොම් වයස දහසය වන තෙක් කිංස්ල් ලෝර්ටන් හි අධ්‍යාපනය ලැබූ අතර මැගී ලූසී සමග නේවාසික පාසලක හැදී වැඩුණාය. මුල් කාලයේ ඈ ටොම්ට ලියූ ලිපි වල ෆිලිප්ව සිහිපත් කොට ඔහු ගැන විස්තර අසා යැවුවාය. නමුත් ඔවුන්ගේ පියා සැබැවින්ම නඩුවට පැටලුනු පසු, පිවාර්ට්ගේ නීතීඥයා ලෙස වැකම් ඔවුනට විරුද්ධව පෙනී සිටින්නට ගත් පසු ඔවුනට ෆිලිප් සමග පෙර පරිදි මිතුරු ඇසුරක් පවත්වාගෙන යා නොහැකි බව දුකින් නමුත් මැගී කල්පනා කළාය. වැකම් යන නම පවා ඇගේ පියාව කෝප ගැන්වීමට සමත් විය.
ටොම් කිංස් ලෝර්ටන් හි සිය අවසන් වසරට ලඟා වන විට ජේකබ්ස් ඇකඩමියෙන් නික්ම ආ කොලු ගැටයාට වඩා බෙහෙවින් වෙනස් වී සිටියේය. ඔහු උසැති කඩවසම් තරුණයෙකුව සිටි අතර බයාදු කුලෑටි ගති වලින් තොර ආචාරශීලී පුද්ගලයෙකු බවට පත්ව සිටියේය. ෆිලිප් ඒ වන විටත් පාසලෙන් නික්ම ගොස් තිබුණි. එබැවින් පාසල හැර යාමට පෙර අවසන් මාස කිහිපය තුළ දැනෙන අස්ථාවර හැඟුම් ටොම්ට වැඩියෙන් දැනෙන්නට විය. පියාගේ නඩු හබය අවසන් වනු ඇති බවට බලාපොරොත්තුවක් තිබූ අතර එනිසා නිවසේ වාතාවරණය සාමකාමී වනු ඇති බව ඔහු සැනසුම් සහගතව සිතුවේය. නඩුව ගැන සිය පියාගේ අදහස් පමණක් අසා තිබූ ටොම් වෙත පිවාර්ට් පරාජය වනු ඇති බවට කිසිදු සැකයක් තිබුණේ නැත.
එය නොවැම්බරයේ අවසන් සතියේ එක් ශීතල අඳුරු උදෑසනක් විය. ටොම්ට සති ගණනකින් නිවසින් ආරංචියක් ලැබී තිබුණේ නැත - නමුත් ඔහු ඉන් පුදුමයට පත් වූයේද නැත, ඔහුගේ මව්පියන් ලියුම් ලිවීමට කැමැත්තක් දැක්වූවන් නොවීය. උදෑසන නවයට පමණ ටොම් පාඩම් කාමරයට පැමිණ නොබෝ වේලාවකින්ම ස්ටෙලිං මහත්මිය පැමිණ පවසා සිටියේ මැගී ඔහු හමු වීමට පැමිණ ඇති බවයි. පණිවිඩය කී සැණින් ඇය පිටව ගියෙන් ඔහුට විසිත්ත කාමරයට ඇතුළුවීමට සිදු වූයේ තනිවමය.
දහතුන් හැවිදිරි මැගීද ඒ වන විට ටොම් තරමටම උසින් යුතු වූවාය; එසේම ඔහු එම වයසේ සිටියාට වඩා මුහුකුරා ගිය බවින්ද යුතු වූවාය. ඇය හිස්වැස්ම ඉවත් කොට සිටි අතර කඩා හැලෙන කෙස් වැටිය නළලෙන් පසුපසට කොට එකතු කර තිබුණි. ටොම් දෙස හැරී බැලූ ඇගේ යොවුන් මුහුණේ වෙහෙසකර බවක් විය. ඔහු දුටු ඇය කිසිත් නොකියා පැමිණ ඔහුට හාදුවක් දුන්නාය.
"ඔයා කොහොමද මෙච්චර උදෙන් ආවේ මැගී? අස්ස කරත්තෙන්ද ආවේ?" ඇය සෝපාවේ අසුන් ගන්නා අතරේ ඇගේ පසෙකින් හිඳගනිමින් ටොම් ඇසුවේය.
"නෑ, මං කෝච්චියෙන් ආවේ," ඇය පිළිතුරු දුන්නාය. "පාර උඩහා ඉඳං පයින් ආවා."
"ඒත් ඔයා මේ වෙලාවේ ඉස්කෝලෙනේ ඉන්න ඕනේ? තාම නිවාඩු කාලේ පටංගත්තෙ නෑනේ?"
"තාත්තට මාව ඕනෙ උනා," මැගී පැවසූ අතර ඇගේ දෙතොල් මඳක් වෙව්ළුම් කෑවේය. "මං ගෙදර ඇවිත් දැනට දවස් තුන හතරක් වෙනවා."
"තාත්තා ලෙඩ වෙලාද?" ටොම් මඳක් කලබලයෙන් ඇසුවේය.
"ඔව්," මැගී කීවාය. "තාත්තා හරිම දුකෙනුත් ඉන්නෙ අයියේ. නඩුව ඉවර උනා. මං මේ ආවේ ඔයා ගෙදර ආවම දැනගන්නවට වඩා කළිං මේ ගැන දැනගන්න එක හොඳයි කියලා හිතපු නිසා."
"තාත්තා පැරදුණේ නෑනේ?" ටොම් හුනස්නෙන් නැගිටිමින් කෑ ගැසුවේය.
"පැරදුණා අයියේ," මැගී ඔහු දෙස දුකෙන් බලමින් කීවාය.
ටොම් බිමට යොමු වූ දෑසින් විනාඩියක් හෝ දෙකක් ගත කළේය. අනතුරුව, "තාත්තට ලොකු ගාණක් ගෙවන්න වෙයි එහෙනං?" යැයි කීවේය.
"ඔව්," මැගී සිහින් හඬින් කීවාය. මොහොතකින් ඇය වේගයෙන් කතා කරගෙන ගියේ වදන් ඇගේ මුවින් පිට වී විසිවෙන්නාක් මෙනි, "අනේ අයියේ, තාත්තට මෝලයි, ඉඩමයි හැම දේම විකුණන්න වෙනවා. මුකුත් ඉතුරු වෙන්නෙ නෑ."
ටොම් ඈ වෙත පුදුමයත් අවිශ්වාසයත් මිශ‍්‍ර වූ බැල්මක් හෙලා අනතුරුව සුදුමැලි විය. කිසිවක් නොකී ඔහු නැවතත් සෝපාවෙන් වාඩි වී කවුළුවෙන් පිටත ඉලක්කයකින් තොරව බලා සිටියේය. අනාගතය පිළිබඳ බියක් කිසි දිනෙක ටොම්ගේ සිතට ඇතුළු වී තිබුණේ නැත. ඔහුගේ පියා සැමවිටම හැසිරුණේ ඇති තරම් දේපල හිමි, මුදල් ප‍්‍රශ්න වලින් තොර තැනැත්තෙකු සතු ප‍්‍රබෝධයෙන් හා ස්ථාවර ස්වභාවයෙනි. ඔහුගේ පියා කිසි දිනෙක 'අසමත්' වනු ඇතැයි ඔහු සිහිනෙකිනුදු සිතුවේ නැත; එය දැඩි අවනම්බුවක් ගෙන දෙන අවාසනාවන්ත තත්ත්වයක් ලෙසින් ඔහු අසා තිබූ අතර අවනම්බුව යන වදන ඔහුට සිය පියා සමග තබා නෑදෑයෙකු සමග හෝ ඈඳීමේ හැකියාවක් තිබුණේ නැත.
ටොම්ගේ සුදුමැලිව දරදඬුව ගිය මුහුණත්, දීර්ඝ නිහඬතාවයත් මැගීව බියට පත් කළේය. ඔහුට පැවසීමට තවත් කරුණක් ඉතිරිව ඇත - එය වඩාත් බියකරු ආරංචිය විය. දෑත් විහිදා ඔහුව වැළඳගත් ඇය හැඬුම් හඬකින් කතා කළාය, "අනේ අයියේ - ඔයතරං දුක් වෙන්න එපා. කොහොමහරි ඒක දරාගන්න."
ඇයට මෘදු හාදුවක් දුන් ටොම් කතා කළේය. "මාත් ඔයත් එක්ක ගෙදර එන්නං මැග්. තාත්තා මට එන්න කිව්වෙ නැද්ද?"
"නෑ අයියේ," මැගී දුකෙන් කීවාය. ඇය ඔහුට සියල්ල පැවසූ පසු කුමක් සිදු වනු ඇත්ද? "ඒත් අම්මා කිව්වා ඔයාට එන්න කියලා - පව් අම්මා! - හරියට අඬනවා. අනේ අයියේ, මුළු ගෙදරම හරිම අවුල් වෙලා. තාත්තා... තාත්තා - " මැගීට එය පැවසීමට ශක්තියක් නොවීය.
"තාත්තා කොහෙද?" ටොම් තියුණු හඬකින් ඇසුවේය. ඔහුගේ සිතේ පහළ වෙමින් තිබූ බියකරු සිතුවී තුළින් මැවී පෙනුණේ ඔහුගේ පියා ගෙවිය යුතු මුදල වෙනුවෙන් සිරගත වී ඇති අන්දමය.
"තාත්තා ගෙදර ඉන්නවා," මැගී කීවාය, "ඒත් සනීප නෑ. තාත්තා අස්සයා පිටින් වැටුණා - එදා ඉඳං මාව ඇරෙන්න වෙන කාවවත් අඳුරන්නෙ නෑ. තාත්තගෙ මතකය නැති වෙලා වගේ." ඇය ඉකි ගසන්නට පටන්ගත්තාය.
ටොම් ඈ වටා එතී තිබූ සිය සුරතේ ග‍්‍රහණය දැඩි කළේය. ඇය ඉක්මණින්ම තම හැඬුම පාලනය කරගත්තාය.
"අපි ඉක්මණට යන්න ඕනේ අයියේ. තවත් මෙතන පරක්කු වෙන එක හොඳ නෑ," ඇය කලබලෙන් කීවාය. "තාත්තට මං නැතුව පාළු දැනෙයි. කෝච්චිය අල්ලගන්නනං අපි දහය වෙද්දි පාර උඩහ ඉන්න ඕනේ." ඇය නැගී සිට ඉක්මණින් සිය හිස් වැස්ම පැළඳගත්තාය.
ටොම්ද නැගිට්ටේය. "මිනිත්තුවක් ඉන්න මැගී," ඔහු කීවේය. "මං ස්ටෙලිං පූජකතුමාට කතා කරන්න ඕනේ. ඊට පස්සෙ අපි යං." ඔහු පාඩම් කාමරය වෙත යාමට පිටත් වුවද අතර මගදී ඔහුට පූජකතුමාව හමු විය. මැගී සිය සොයුරාව හමු වීමට උවමනා බව පවසද්දී ඇගෙන් දිස් වූ කණගාටුදායක බව පිළිබඳව සිය බිරිඳගෙන් අසා දැනගත් පූජකවරයා සොයුරාත් සොයුරියත් තනිව ගත කළ කාලය ප‍්‍රමාණවත් බව සලකා ඔවුන් වෙත එමින් සිටියේ තමාගෙන් සිදු විය යුතු දෙයක් වේදැයි විමසන්නටත් සිය කණගාටුව ප‍්‍රකාශ කරන්නටත් ය.
"පූජකතුමනි, කරුණාකරලා මට ගෙදර යන්න ඉඩ දෙන්න," බරාඳයේදී පූජකතුමාව දුටු විගස ටොම් පැවසුවේය. "මං දැම්මම නංගිත් එක්ක යන්න ඕනේ. තාත්තා නඩුව පැරදිලා - හැම දේම නැති වෙලා - තාත්තා හොඳටම අසනීපෙන් දැන්."
ස්ටෙලිං පූජකවරයා කාරුණික තැනැත්තෙකු ලෙසින් ක‍්‍රියා කළේය. තමාට ලැබීමට ඇති මුදල් ප‍්‍රමාණයක් නොලැබී යනු ඇති බව ඔහුට පෙනී ගියද, යොවුන් වියටත් දුක්ඛදායක අනාගතයකටත් එකම වකවානුවේදී මුහුණ දෙන්නට සිදු වූ සොයුරාත් සොයුරියත් දෙස කණගාටුව පිරි බැල්මෙන් බලා හිඳින අතරේ ඔහු ඒ ගැන සිතුවේ නැත. මැගී එහි පැමිණි අන්දමත්, ආපසු ඉක්මණට යාමට ඇයට ඇති උවමනාවත් දැනගත් ඔහු නොපමාව ඔවුනට සමු දෙන අතරේ ඒ අසළට පැමිණ සිටි සිය බිරිඳට යමක් රහසින් කෙඳිරුවේය. ඒ සමගම ඇය එතැනින් නික්ම යළිත් ඇතුළු ගෙට ගියාය.
ටොම් හා මැගී පිටතට බැසීමට සූදානම්ව දොරකඩ සිටින අතරේ ආපසු පැමිණි ස්ටෙලිං ආර්යාව මැගී අත කුඩා කූඩයක් තැබුවාය. "යන ගමන් මොනවාහරි කන්න දරුවනේ."
මැගී නිහඬව ඇයට හාදුවක් දුන් අතර ස්ටෙලිං පූජකතුමා ටොම්ගේ උරහිස මතින් අතක් තබමින් කතා කළේය, "දෙවි පිහිටයි මගෙ දරුවෝ: ඔයාගෙ විස්තර මට ලියලා එවන්න." අනතුරුව ඔහු මැගීටද අතට අත දුන්නේය; නමුත් එහි කිසිවෙකුත් වදනින් ප‍්‍රකාශ කොට සමුදීමක් සිදු කළේ නැත.
පාසලට සමු දුන් දිනෙක තමා කෙතරම් ප‍්‍රීතියට පත් වනු ඇත්දැයි යන්න ටොම් නිතරම කල්පනා කළ දෙයකි. නමුත් ඒ මොහොතේ ටොම්ට දැනුණේ පාසැලේ ගත කළ වසර කිහිපය යනු නිමාවට පත් වූ නිවාඩුවක් බවය.
යොවුන් වියට පා තබමින් සිටි සොයුරු සොයුරියන් දෙදෙනාගේ රුව නොබෝ වේලාවකින්ම මාවතේ කෙළවරින් නොපෙනී ගියේය. දුක් කම්කටොළු වලින් පිරි ඔවුන්ගේ නව දිවියට මුහුණ දීම සඳහා ඔවුහු එක්ව ඉදිරියට ගියෝය. කටු අකුල් ගහන වන ලැහැබකට ඔවුන් පා තබා තිබූ අතර ඔවුන්ගේ ළමා වියේ රන් දොරටු ඔවුනටද නොදන්වාම වැසී ගොස් තිබුණි.

- මතු සම්බන්ධයි -
වැරැද්දක් අල්ලගන්ට බොහොම පරිස්සමින් කියෙව්වා..ඒත් බැරිවුනා...හෙහ්..හෙහ්...විහිලුවට හොඳේ?...වැඩේ යනව ලයික් ක්ලොක් වර්ක්...නැත්නම් එළකිරි සහ ජලය...
ReplyDeleteෂා! තැන්ක් යූ තැන්ක් යූ! :D
Deleteවෙනද වගේමයි..අපුරුයි..
ReplyDeleteඅහින්සකයෝ දෙන්නට ඉස්සරහටගොඩක් ප්‍රශ්නවලට මූණ දෙන්න වෙයි වගේ..
ස්තූතියි නිර්මාණි! අපි බලමුකො නේද මොකද වෙන්නෙ කියලා. :)
Deleteමම ළමා වියෙන් යොවුන් වියා යන්න පුදුම කැමැත්තකින් හිටියේ. නමුත් යොවුන් වියෙන් වැඩිහිටි වියට ගියේ බොහොම අකමැත්තෙන්.
ReplyDeleteඒකනම් හැමෝටම පොදු 'සංක්‍රාන්ති මනෝභාවයක්' මං හිතන්නේ. (කොහොමද මගෙ අලුත් වචනේ? සම්භාව්‍යයි නෙහ්? :D)
Deleteඅසරණ ටොම්ට දැන් ගෙදර වගකිමුත් ගන්න වෙයි වගේ.ඕකනේ කියන්නේ නඩු වලට පැටලෙන්න එපා කියලා හිටං.
ReplyDeleteඒක නේන්නං. :(
DeleteNo comments :)
ReplyDeleteThank you for commenting no comments! :D
Deleteඅක්කෙ මේක කියවනකොට ලොකු කනගාටුවක් දැනුනා. ඉස්සරහට මොනව වෙනවද කියල බලමු. අනිත් ටිකත් කියවනව.
ReplyDeleteඔව් මල්ලි, මේ ටික හරි දුකයි. සැහැල්ලුවෙන් විනෝදෙන් ගෙවුණු ඒ දඟකාර ළමා කාලයට ටොම්ටයි මැගීටයි නොහිතපු විදිහට සමු දෙන්න වුනා. මම හැඳින්වීමෙදි කිව්වෙ මේ කතාවේ මුල් පොත වෙළුම් තුනකින් තියෙන්නේ කියලා. මෙතනින් තමයි පළමු වෙළුම ඉවර වෙන්නේ.
Delete