සිත්තර පැංචාට අම්මාගෙන් කතන්දරයක් අහන්න හිතක් පහළ වෙච්ච වෙලාවට අම්මා ගොතලා කියන හිටිවන කතන්දර ඔන්න ඔයාලටත් කියලා දෙන්නයි හදන්නේ. හූමිටි දිදී අහං ඉන්ඩකෝ එහෙනං ඈ. :D
ඕන්න එකෝමත් එක රටක එක කැලෑවක හිටියලු චූටි සමනල් පැංචෙක්. මෙයාට තිබුණෙ දේදුන්නක් වාගේ ලස්සනම ලස්සන පිහාටු. ඔන්න දවසක්දා මේ සමනල් පැංචා පිටත් වුනාලු ගමනක් යන්න - කොහෙද දන්නවද? සිරීපාදෙ. සිරීපාදෙටන සමනළ කන්ද කියලත් කියන්නේ. සමනල්ලු ගොඩාරියක් යනවා සිරීපාදෙ වඳින්න, ඒ හින්දා තමයි ඒකට සමනළ කන්ද කියලත් කියන්නේ.
ඉතිං ඔන්න මේ සමනල් පැංචා කැලේ මැද්දෙන් පියාඹගෙන පියාඹගෙන යද්දි අනේ ඔන්න එක පාරටම අහස කළු කරගෙන ගොරෝ ගොරෝ මහ හයියෙන් වහින්න ගත්තලු. සමනල් පැංචව හොඳටෝම තෙමුණා. චූටි අත්තටු තෙමුණම සමනල් පැංචට පියාඹන්න බෑනේ. එයා ලඟම තිබ්බ ගහක බෙනයක් අස්සට රිංගගෙන අඬන්න ගත්තලු.
ඈ........ ඈඈඈ...................... ඈඈ....................
සමනල් පැංචා ඔහොම අඬ අඬ ඉන්න කොට ඔන්න එකපාරටම එළියෙන් සද්දයක් ඇහෙන්න ගත්තලු.
ටොක් ටොක් - ටොක් ටොක් - ටොක් ටොක් ටොක්.........
සමනල් පැංචා ඇඬිල්ල පොඩ්ඩකට නවත්තලා අහගෙන හිටියලු. ඔන්න එළියෙන් කටහඬකුත් ඇහුණලු. "කවුද මේ මගේ ගේ ඇතුළේ ඉඳන් අඬනවා ඇහෙන්නේ?" බලනකොට කවුද මේ? කොට්ටෝරු හාමි.
සමනල් පැංචා ආයෙමත් අඬන්න ගත්තලු. අඬ අඬම උත්තර දුන්නලු.
"අනේ මං මේ සිරීපාදෙ යන්න පිටත් වුනේ. මගදි මාව වැස්සට අහුවුනා. මගේ අත්තටුත් හොඳටෝම තෙමුණා. ඒවා වේලෙනකල් මට පියාඹන්න බෑනේ.... ඈ ඈ ඈ........"
කොට්ටෝරු හාමි හිනාවෙලා සමනල් පැංචගේ ඔළුව අත ගෑවලු. "අනේ ඉතිං අඬන්නෙ නැතුව ඉන්න සමනල් පැංචෝ. අත්තටු වේලෙනකල් ඔයාට ඕනතරං වෙලා මෙහෙ ඉන්න. ඒකට කමක් නෑ." කොට්ටෝරු හාමි එහෙම කියලා ආයෙමත් කල්පනා කළාලු. "ඔයාට දැන් හොඳටම බඩගිනිත් ඇති නේද. ඒත් ඉතිං ඔයා මං කන කෑම ජාති කනවද?" කියලා කොට්ටෝරු හාමි ඇහැව්වලු. කොට්ටෝරු හාමි කන්නෙ මොනවද? ගස් පොතු අස්සෙ හැංගිලා ඉන්න චූටි චූටි සත්තුන්වනේ. සමනල් පැංචා ඒවා කන්නේ නෑනේ. ඉතිං සමනල පැංචා නැහැයි කියන්න ඔළුව වැනුවලු.
කොට්ටෝරු හාමි ආයෙත් කල්පනා කළාලු. "හරි හරි, ඒකට කමක් නෑ. මං ගිහිල්ලා අපේ යාළුවන්ගෙන් අහලා එන්නංකෝ සමනල් පැංචා කන්න ආස දේවල් එයාලා ලඟ තියනවද කියලා. තියනවනං ඉල්ලගෙන එන්නංකෝ. එතකල් සමනල් පැංචෝ, ඔයා ඔතනට වෙලා හොඳට විවේක ගන්නකෝ. මෙන්න කියවනවනං පොත් තියනවා, චිත්‍ර අඳිනවනං මෙන්න පින්සල්-පාට තියනවා, සින්දු කියනවනං ඔය තියෙන්නේ මගේ සංගීත භාණ්ඩ ටික. කැමති දෙයක් කරන්නකෝ."
කොට්ටෝරු හාමිගේ කරුණාවන්ත කම ගැන සමනල් පැංචා ස්තූති කළා. "හොඳයි කොට්ටෝරු හාමි මාමේ. බොහොම ස්තූතියි."
ඉතිං කොට්ටෝරු හාමි ඉගිල්ලුනා. ඒ වෙද්දි වැස්ස ටිකක් අඩු වෙලා තිබ්බේ. එයා ගිහිං අල්ලපු ගහේ හිටපු පිළිහුඩුහාමිගේ ගේ ලඟ නතර වුනා.
ටොක් ටොක් - ටොක් ටොක් - ටොක් ටොක් ටොක්......
ඒ වෙලාවේ පිළිහුඩුහාමි ඉරිච්ච ඇඳුමක් මහ මහ හිටියේ. එයා කණ්ණාඩි දෙකට උඩින් දොර දිහා බැලුවා. "කවුද?"
"පිළිහුඩු හාමි, මේ මම - කොට්ටෝරු."
පිළිහුඩුහාමි නැගිට්ටා. "ආ... මේ අපේ කොට්ටෝරු හාමි නේ.... එන්න එන්න ඇතුළට.... මොකෝ මේ වැස්සෙම?"
කොට්ටෝරුහාමි සමනල් පැංචට වෙලා තියෙන අකරතැබ්බෙ ගැන කිව්වා. "මං මේ ආවේ සමනල් පැංචට කන්න දෙන්න පුළුවන් මුකුත් පිළිහුඩුහාමි ගාව තියනවද අහන්න. එයාට කන්න පුළුවන් කිසිම දෙයක් අපේ ගෙදර තිබ්බෙ නෑනේ," කියලා අන්තිමේදි කිව්වා.
පිළිහුඩු හාමි කල්පනා කළා. "මං ගාව තියෙන්නේ හාල්මැස්සො, මාළු එහෙමනේ කොට්ටෝරු. සමනල් පැංචා ඒවා කාවිද?"
නෑනේ. සමනල් පැංචා ඒවා කන්නෙ නෑ. කොට්ටෝරු හාමි ඔළුව වැනුවා. "කමක් නෑ පිළිහුඩු හාමි, මං ගිහිල්ලා තව ටිකක් හොයලා බලන්නංකෝ." කොට්ටෝරුහාමි පිළිහුඩු හාමිට ස්තූති කරලා ආයෙමත් ඉගිල්ලුනා.
එයා ඊලඟට ගියේ ගස් දෙකක් එහායින් හිටපු කපුටු හාමිගෙ ගේ ලඟට.
ටොක් ටොක් - ටොක් ටොක් - ටොක් ටොක් ටොක්.......
ඒ වෙලාවේ කපුටු හාමි හිටියේ වැස්ස හින්දා සීතලට හොඳට පෙරෝගෙන නිදාගෙන. එයා නැගිටලා නිදිගැට ඇරලා දොර දිහා බැලුවා. "කවුද...?"
"කපුටු හාමි, මේ මම - කොට්ටෝරු."
කපුටු හාමි ඇඳෙන් බැස්සා. "ආ... මේ අපේ කොට්ටෝරු හාමි නේ.... එන්න එන්න ඇතුළට... මං මේ පොඩ්ඩක් ඇල වෙලා හිටියා. මොකෝ ඉතිං මේ වැස්සෙම?"
කොට්ටෝරු හාමි සමනල් පැංචගේ කතාන්දරේ කපුටුහාමිටත් කිව්වා. "මං මේ ආවේ සමනල් පැංචට කන්න දෙන්න පුළුවන් දෙයක් කපුටු හාමි ලඟ තියනවද අහන්න. එයාට කන්න පුළුවන් කිසිම දෙයක් අපේ ගෙදර තිබ්බෙත් නෑ, මං පිළිහුඩු හාමිගෙන් ඇහැව්වා, එහෙ තිබ්බෙත් නෑ," කියලා අන්තිමේදි කිව්වා.
කපුටු හාමි කල්පනා කළා. "මං ගාව තියෙන්නේ පාන් කෑලි, විස්කෝත්තු කෑලි, බත් ඇට, මස් කටු, මාළු කටු එහෙමනේ කොට්ටෝරු. සමනල් පැංචා ඒවා කාවිද?" නෑනේ. සමනල් පැංචා ඒවා කන්නෙත් නෑ. කොට්ටෝරු හාමි ඔළුව වැනුවා. "කමක් නෑ කපුටු හාමි, මං ගිහිල්ලා තව ටිකක් හොයලා බලන්නංකෝ." එයා කපුටුහාමිට ස්තූති කරලා ආයෙමත් ඉගිලුනා.
ඊලඟට කොට්ටෝරුහාමි ගියේ පැණි කුරුළු හාමිගේ ගෙදරට.
එයා කොහොමද දොරට තට්ටු කළේ? ටොක් ටොක් - ටොක් ටොක් - ටොක් ටොක් ටොක්.......
ඒ වෙලාවේ පැණි කුරුළු හාමි හිටියේ කෑමක් උය උය. දොරට තට්ටු කරන සද්දෙ ඇහිලා එයා හැරිලා බැලුවා. "කවුද?"
"පැණිකුරුළු හාමි, මේ මම - කොට්ටෝරු."
පැණිකුරුළු හාමි ලිප නිවලා ඇවිල්ලා දොර ඇරියා. "ආ... මේ අපේ කොට්ටෝරු හාමි නේ.... එන්න එන්න ඇතුළට. ඉතිං මොකද මේ වැස්සෙම?"
කොට්ටෝරු හාමි සමනල් පැංචගේ කතාන්දරේ පැණිකුරුළු හාමිටත් කිව්වා. "මං මේ ආවේ සමනල් පැංචට කන්න දෙන්න පුළුවන් දෙයක් පැණිකුරුළු හාමි ලඟ තියනවද අහන්න. එයාට කන්න පුළුවන් කිසිම දෙයක් අපේ ගෙදරත් නෑ, පිළිහුඩුහාමිගේ ගෙදරත් නෑ, කපුටුහාමිගේ ගෙදරත් නෑ," කියලා අන්තිමේදි කිව්වා.
පැණිකුරුළු හාමි හරි සන්තෝසෙන් හිනා වුනා. "කොට්ටෝරුහාමි එහෙනං මේ ආවේ හොඳ වෙලාවට. මං මේ පැණි වළලු හද හද හිටියේ. රෝස මල් පැණි වලින් තමයි හැදුවේ. සමනල් පැංචා හරි ආසයිනේ රෝස මල් පැණි වලට. ඉන්නකෝ, මං ඔතලා දෙන්නං එයාට ගිහින් දෙන්න."
පැණිකුරුළු හාමි පැණි වළලු ගොඩාරියක් ඔතලා පාර්සලයක් බැඳලා කොට්ටෝරුහාමි අතට දුන්නා. කොට්ටෝරුහාමිත් හරි සන්තෝසෙන් පැණිකුරුළු හාමිට හුඟාක් ස්තූති කරලා, පින් දීලා පැණි වළලු පාර්සලෙත් හොටෙන් අරගෙන ආපහු ගෙදරට පියෑඹුවා. පියාඹලා ගිහිල්ලා සමනල් පැංචට පැණි වළලු කන්න දුන්නා. සමනල් පැංචත් ඒවා කාලා බඩත් පුරෝගෙන, අත්තටුත් වේලගෙන කොට්ටෝරු හාමිට ගොඩාක් ස්තූති කරලා හරි සන්තෝසෙන් ආපහු සිරීපාදෙ යන්න පිටත් වුනා.
***

අනේ හැබෑට... ගෙදර පැංචා සේරම බයි කෑවද?
ReplyDeleteඅපේ පැංචෝ දෙන්නා කතා කියලා දෙන්න කිව්වහම ඇත්තටම මට මතක් වෙන්නෙත් ඔන්න එකමත් එක රටක සමණලයෙක් හිටියා කියලා තමයි. පරණ කතා එකක්වත් මතක් වෙන්නේ නැහැ. දැන් මේ කතාව කියලා දෙන්න පුළුවන්. :)
පුතාත් එක්ක මෙන්න මෙහෙම දෙයක් නං වෙනවා.
ඔන්න පුතේ එකමත් එක රටක... කවුද හිටියේ?
කොටියෙක්...
කොටියා මොනවද කන්නේ?
තණකොළයි, බතුයි, කරියි, බිත්තරයි, චිකනුයි, අලයි... බ්ලා බ්ලා බ්ලා
ඒ කොටියා මොන පාටද?
බ්ලූ කලර්... මම්මි තන්නි කුඩුංග... තන්නි තන්නි... තන්නි කුඩුංග
(ඩේ කෙයාර් එකේ ආන්ටි ටැමිල් :D )
අඩේ... නියමයි නේ... ත්‍රි භාෂා පරමේශ්වර වෙලානේ පොඩිකාලේම
Deleteඅනේද කියන්නේ. අම්මාට දැන් පංති යන්න වෙලා තියෙන්නේ :D
Deleteහපොයි කතන්දර කියලා බයි කවාගන්න පුළුවන්නම් බැරියෑ. ඒ වෙලාවට ඔළුවට එන ලෝක යුද්ධ කතන්දර මං බොහොම අමාරුවෙන් තමයි අමතක කරගෙන ඉන්නේ. :D
Deleteඅම්මා හෙමින් සැරේ පුතාට කියලා කතන්දරේ කියාගන්න ලෑස්ති වෙලා තියෙන්නේ. හොඳ වෙලාවට පුතාට තන්නි කුඩුංග වුනේ. :D
අනේ සිත්තරි නැන්දේ.. මේ කතාව හරි ෂෝයි.. මම මල්ලිලා දෙන්නටත් කියලා දෙන්නම්.. හැබැයි ඔන්න කල්පයක් විතර ගන්නේ නැතුව ඊළඟ ටිකත් ඉක්මනට දාන්න ඕනි හොඳේ..
ReplyDeleteමිට- කල්‍යාණ මිත්‍ර පැංචි.
අනේ චූටි කමී පැංචියෝ, මේ කතාන්දරේ මෙච්චරයිනේ තියෙන්නේ. මං මේකට 'හිටිවන කතන්දර...1' කියලා දැම්මේ තව වෙන වෙන කතන්දර ගොඩක් තියන නිසා. ඒත් බලමුකෝ, සිරීපාදෙ යන අතරමගදී සමනල් පැංචට තව කාවවත් හම්බවෙයිද කියලා. එහෙම වුනොත්, මං ඒ කතාන්දරෙත් කියන්නංකෝ. :)
Deleteඔයාගෙ තාත්තටනං දැං මෙව්වා කියවන්න වෙලාවක් නැතුව ඇති නේද, පහුගිය ටිකේ ගොඩගැහිච්ච වැඩ ඇතිනේ ඉවර කරලා දාන්ඩ. ;D
වට් ද හෙල්මට් මැඩම්?..මේ මොනවද පොඩි එකාට කියල දෙන කතන්දර? මෙව්ව නෙවෙයිනෙ කියල දෙන්ට ඕන..
ReplyDelete"ඔන්න පුතේ එකමත් එක කාලෙක තිබ්බලු ෆැෆ්..ෆැෆ්..ෆැසිනෝඩියාව කියල රටක්. ඒකෙ හිටියා...කවුද හිටියේ? ආ..ඉතිං පුතා දන්නෙ කොහොමද නේද? මමනෙ කතාව කියන්නෙ..ඒ රටේ හිටියා වැ..නේ..සා...කියල නැන්දෙක්...හොඳද? මේ නැන්ද ටිකක් එක විදිහක් හොඳද? ඒ කියන්නෙ මේ නුහුගුණේ වගෙ..හරි..හරි ඒ නුහුගුණේ කියන්නෙ මොකක්ද කියල මම මගෙ පුතාට කියල දෙන්නම්කො ඔයා තව ටිකක් ලොකු උනාම..එතකල් කතාව අහගන්ටකො. හරි ඉතිං මේ නැන්දට දවසක් ඕන වුනා කඩු හරඹ ඉගෙන ගන්ට. කඩු හරඹ උගන්නන්ට ආවෙ එඩ්වඩ් කියල මාම කෙනෙක්. මොකක්ද කිව්වෙ? කඩු හරඹ කියන එක දන්නෙ නෑ කිව්වා? හැබෑට ඒකත් ඇත්ත තමයි. මේ ඒයි..ඔයා මොකද ඔතන කරන්නෙ? හරි..හරි..ඔය චිත්‍ර ඇඳිල්ල පස්සෙ කරගන්ට බැරුවය?... කුස්සියට ගිහිල්ල අර කොහු දෙක අරගෙන එන්ටකො..අපි දෙන්න පුතාට පෙන්නල දෙමු කඩු හරඹ කරන හැටි ...හොඳද?..."
එහම නැත්තං ආයම තියනව නෝවා ආතාගෙයි එලී අත්තම්මගෙයි කතන්දරේ...එතනිං ගිහාම වීදිය බණ්ඩාර කිරිකිත්තා...එතකොට විලියොං පොඩි අයියා...
ඔව්වොව්, පැංචා තව ටිකක් ලොකු වුනාම මං ඔය දිව උලුක්කු රටේ ඈයො ගැන කතාන්දර ටික කියලා දෙන්ඩ තමයි ඉන්නේ. නෝවා ආතාගෙයි එලී අත්තම්මාගෙයි කතාවට කළින් මට එයාට කියලා දෙන්න වෙනවා ජෙමී අක්කගෙයි ලැන්ඩන් අයියගෙයි කතාව. අයියා දන්නවනේ ඒ මොකෝ කියලා, නේ? ආ, විලියොං අයියා ගැනනං එයා ඉගෙනගත්තෙ ඉපදෙන්ඩත් කළිං. :D
Deleteඅපේ පුතත් බොහොම කැමති වැඩක් තමයි කතන්දර අහන එක. පුරුද්දක් විදිහට මම තමයි හැමදාම කතන්දර කියලා දෙන්නෙ. ඒ උනාට ඒ කතාවලට වඩා එයා ගොඩක් විනෝද වෙනවා අප්පච්චිගෙන් කතන්දරයක් අහගත්තු දවසට. මං ගෙදර එනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ ඒ කතාව මට කියලා දෙන්න. අප්පච්චි කියලා දෙන කතා මෙන්න මේ වගේ
ReplyDelete"ඔන්න එකෝමත් එක රටක ලොකූ කැළෑවක් තිබුනා. ඒ කැළේ මැද්දෙ ලොකූ ගහක් තිබ්බා. ඉතින් තිබුනාවෙ....අපිට මොකෝ?"
ඒක මරු කතාව. :D :D :D මං පොඩි කාලේ එහෙම ඔහොම කතාවක් ඇහැව්වනං හිනාවෙන්නද අඬන්නද කියල හිතාගන්න බැරුව බලාගෙන ඉඳියි. හරියට අර වී ඇට ගෙනියන මීයගෙයි, සීනි කැට ගෙනියන කූඹියගෙයි කතා ඇහැව්වා වාගේ. :D
Deleteසුටි බබාලට ලස්සණ කතාවක්.
ReplyDeleteඔව් ඔව්, ලොකු බබාලා එහෙම කියවනවා නෙවෙයි. මේක සූටි බබාලට ලිව්වේ. :D ස්තූතියි මේ පැත්තේ ආවට. :)
Deleteඅනේ නැන්දේ,ආයෙත් ඒවිද ඒ සමනළයා මල් වල පැණි බොන්ටා...:)
ReplyDeleteඔව් ඔව්, ඒ සමනළයා සිරීපාදේ ගිහිං එන ගමන් මනෝ බබාගේ මල් වත්තට ඇවිත් යන්න එන්නං කිව්වා. නාඬා ඉන්නකෝ ඉතිං ඒ එනකල් හොඳේ? :D
Deleteශහ් ෂෝක් කතාවක්නෙ නැන්දෙ.
ReplyDeleteඅනෙ ඇත්තට මගෙ පුතේ? පුතා මොන මොන්ටිසෝරියටද යන්නේ මං සීනි බෝල මුලක් එවන්ඩ? :P
Deleteඅනේ නැන්දෙ තව කතාවක් කියන්නකො.
ReplyDeleteඊට පස්සෙ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි එකතුවෙලා හොරු ටික අල්ලගත්තා. :D
Deleteමාර හොඳ කොට්ටෝරු හාමි කෙනක්...
ReplyDeleteටොක් ටොක් - ටොක් ටොක් - ටොක් ටොක් ටොක් - ටැංකිව් ටැංකිව් ටැංකිව් :D
Deleteලස්සනයි............... ජයවේවා..
ReplyDeleteගොඩාක් ස්තූතියි..... ජයවේවා! :)
Deleteලස්සනයි .. !
ReplyDeleteමෙන්න හූමිටි :)
මෙයා හූමිටි තියන්නේ කතාව ඉවර වෙලානේ. කමක් නෑ ඔන්න ඔහෙ, තැන්කිව් එහෙනං. :D
Delete