ටොම් නැවත පාසලට ගියේ ශීතල තෙත්බර ජනවාරියේ උදෑසනකය. එම දිනයේ ඔහුගේ සිත නොයෙක් ව්‍යාකූල හැඟීම් වලින් පිරී තිබුණි.
"කොහොමද ටුලිවර්, ආපහු දකින්න ලැබීම සතුටක්," ස්ටෙලිං පූජකතුමා හෘදයාංගවම කීවේය. "කබාය අයින් කරලා එන්න පාඩම් කාමරේට. එතන හොඳට උණුසුම තියෙනවා, අළුත් යාළුවෙකුත් ඉන්නවා."
සිය කබාය ඉවත් කරන අතරේ ටොම් පසු වූයේ මහත් අපහසුවකිනි. ඔහු ශාන්ත ඔග්ස් හිදී ෆිලිප් වැකම්ව කිහිප විටක්ම දැක තිබූ නමුත් ඒ සෑම විටෙකම හැකි ඉක්මණින් සිය දෑස් ඔහුගෙන් ඉවතට හරවාගත්තේය. ෆිලිප් නරක පියෙකුගේ පුතෙකු බව පසෙක තැබුවද, ටොම් ආබාධිතයෙකු සිය සගයා වනවාට අකමැති විය. එසේම නරක පියෙකුගේ පුතෙකු හොඳ කෙනෙකු වීමේ හැකියාවක්ද ඔහු දුටුවේ නැත. එබැවින් ඔහු ස්ටෙලිං පූජකතුමා පසුපසින් පාඩම් කමරය වෙත ගියේ නොසන්සුන් බවත්, නොරුස්නා බවත් මිශ වූ හැඟීම් වලින් යුතුවය.
"මෙන්න ඔයාට අළුත් යාළුවෙක් ටුලිවර්," ස්ටෙලිං පූජකවරයා කීවේය, "ෆිල්ප් වැකම්." අනතුරුව ඔවුන් දෙදෙනාව එහි තනි කරමින් පූජක තුමා ඉක්මණින්ම එතැනින් පිටව ගියේය.
ටොම් විපිළිසරව දෙගිඩියාවෙන් යුතුව පසු වූ අතර නැගී සිටි ෆිලිප් කුලෑටි ලෙස ඔහු දෙස බලා සිටියේය. ඔහු වෙත ගොස් අතට අත දීමට ටොම් කැමති නොවූ අතර ෆිලිප්ද ටොම් වෙත ඇවිද ඒමට ලජ්ජාවෙනුත් උඩඟු බවිනුත් යුතුව බලා සිටියේය. ඔහුට දැනුණු ලෙසට ටොම් ඔහුව දැකීමට කැමති නොවීය; කිසිවෙකුත් ඔහු දෙස බැලීමට කැමති නොවීය; එසේම ඔහුගේ ආබාධිත බවද ගමන් කරන විට වැඩිපුර කැපී පෙනුණේය. එබැවින් ඔවුහු අතට අත දීමකින් හෝ කතාබහකින් තොරව සිටියහ. ටොම් ගිනි උඳුන අසළට ගොස් උණුසුම් වූ අතර කඩදාසියක කුමක්දෝ සිත්තම් කරමින් සිටි ෆිලිප් දෙස වරින් වර ඉක්මන් බැලූම් හෙලූවේය.
ෆිල්ප්ගේ විකෘති සිරුර දෙස නොබලා ඔහුගේ මුහුණ දැකගැනීමට හැකි තරම් ආසන්නයෙන් ඔවුන් දෙදෙනා සිටියෙන් ටොම් ඔහු දෙස වඩා දිගු වේලාවක් බලා සිටියේය. එය සැබැවින්ම අවලස්සන මුහුණක් නොවීය - ඔහුගේ මුහුණ හැඩකාර බව ටොම් සිතුවේය. ෆිලිප් තමාට වඩා කෙතරම් වැඩිමහලූ ඇත්දැයි ටොම් කල්පනා කළේය. ඔහු සුදුමැලි කෙට්ටු පිරිමි ළමයෙකු වූ අතර ඔහුට කිසිඳු එළිමහන් ක‍්‍රීඩාවකට සහභාගි විය නොහැකි බව ඉතාමත් පැහැදිලි විය; නමුත් ඔහු පැන්සල හැසිරවූයේ ඉතාමත් සුනම්‍ය ලෙසින් වූ අතර කිසිදු අපහසුවකින් තොරව එක් චිත‍්‍රයක් අවසන් වන විට තවත් චිත‍්‍රයක් පටන්ගන්නා බව පෙනුණි. ඔහු අඳින්නේ කුමක්ද? ටොම් වහා කාමරය හරහා ගොස් ෆිලිප්ගේ කඩදාසියට එබුණේය.
"හනේ, ඒ බූරුවෙක්නේ! - මේ බල්ලෙක්, තිරිඟු යායක්!" ඔහු විශ්මයෙන් පැවසුවේය. පුදුමයත් අගය කිරීමත් මගින් එම වදන් ඔහුගේ මුවින් පිට වූයේ නිතැතිනි. "දෙයියනේ! මටත් ඒ වගේ අඳින්න පුළුවන් උනානං. කවුද ඔයාට ඉගැන්නුවේ?"
"ඒවා ඉගෙනගන්නෙ නැතුව අඳින්න පුළුවන්නේ," ෆිලිප් කීවේය. "මං කවදාවත් චිත‍්‍ර අඳින්න ඉගෙනගත්තෙ නෑ."
"කවදාවත් නෑ!" ටොම් යළිත් විශ්මයෙන් තෙපළුවේය. "මං බල්ලෝ අස්සයො වගේ ඒවා අඳිද්දී කවදාවත් ඔළු කකුල් නියම විදියට එන්නෙ නෑ." ඔහු ගරුසරු ඇතිව කතා කළේය. "ඔයා කවදාවත් කිසිමදෙයක් කාගෙන්වත් ඉගෙනගත්තෙ නැද්ද?"
"මොකද නැත්තේ," ෆිලිප් සිනාසෙමින් කීවේය. "මං ලතින්, ග‍්‍රීක් එහෙම ඉගෙනගන්නවා. තව ගණිතය, ලිවීම වගේ දේවල්."
"ආහ් ඔව්නේ; හබැයි මං කියන්නේ ඔයත් ලතින් වලට කැමති නෑ නේද?" ටොම් විශ්වාස සහගතව හඬ පහත් කරමින් කීවේය. "ඒ ව්‍යාකරණ ඔක්කොමනං මට කවදාවත් මතක හිටින එකක් නෑ."
"ආ, ව්‍යාකරණ මං ඉගෙනගෙන ඉවරයි," ෆිලිප් කීවේය.
"ඒ කියන්නේ ඔයයි මමයි එකම පාඩම් නෙවෙයිද කරන්නේ?" ටොම් බලාපොරොත්තු කඩ වූ හඬින් ඇසුවේය.
"නෑ, ඒත් මට ඔයාට උදව් කරන්න පුළුවන් වෙයි. මං හරි සතුටුයි එහෙම කරන්න පුළුවන්නං."
"ඔයා මට වඩා වැඩිමල් නේද?" ටොම් ඇසුවේය.
"ඔයාගෙ වයස කීයද? මට පහළොවයි," ෆිලිප් පිළිතුරු දුන්නේය.
"මට තාම දාහතරක් නෑ," ටොම් කීවේය. "ඒ උනාට මට ජේකබ්ස් ඇකඩමියෙ ඕන කෙනෙක් එක්ක හැප්පෙන්න පුළුවන් - මෙහෙ එන්න කළිං මං එහෙට තමයි ගියේ. ස්ටෙලිං පූජකතුමා අපිට මාළු බාන්නවත් යන්න දුන්නොත් හොඳයි. මට පෙන්නන්න පුළුවන් ඔයාට මාළු බාන හැටි. ඔයාට පුළුවන් නේද ඒ වැඩේ? ඒක එක තැන ඉඳං කරන දෙයක්නේ."
ක‍්‍රියාකාරී කටයුතු කෙරෙහි තමාගේ ඇති දුබලතාවය එලෙසින් මතු කර දැක්වීම ගැන ෆිලිප් කැමති නොවීය. "මං කැමති නෑ මාළු බාන්න," ඔහු නොසතුටින් කීවේය. "පැය ගාණක් තිස්සේ මොකෙක්වත් අහුවෙන්නෙ නැතුව බිලී පිත්ත දිහා බලාගෙන ඉඳගෙන ඉන්න මිනිස්සුංව මටනං පේන්නේ මෝඩයෝ වගේ."
"ආ, ඒ උනාට ඒගොල්ලන්ට ලොකු ස්පයික් මාළුවෙක් අහු උනාමනං ඔයාට ඒගොල්ලන්ව මෝඩයෝ වගේ පේන එකක් නෑ. ඇත්තමයි මං මේ කියන්නේ," කිසිදා එතරම් විශාල මාළුවෙකු අල්ලා නැති ටොම් කීවේය.
වාසනාවකට මෙන් ඒ මොහොතේ ඔවුන්ව රාත‍්‍රී ආහාරය සඳහා කැඳවූවෙන් එම විවාදය ඉන් ඔබ්බට ගියේ නැත. නමුත්, වැකම්ගේ පුත‍්‍රයා තම අදහස් හා එකඟ නොවන අවස්ථා ඇති බවත්, තමා ඒ ගැන සැලකිල්ලෙන් පසුවිය යුතු බවත් ටොම් තමාටම අවධාරණය කරගත්තේය.
කෙසේ හෝ සමස්ථයක් ලෙස පිරිමි ළමුන් දෙදෙනා අතර යහපත් සම්බන්ධතාවයක් තිබූ අතර එම වාරයේදී ටොම්ගේ කැපී පෙනෙන සංවර්ධනයක්ද දක්නට ලැබුණි. එයට ෆිලිප්ගේ සහය මෙන්ම ස්ටෙලිං පූජකතුමාගේ වඩා කාරුණික පිළිවෙතද හේතු විය. ඔහු හට ටොම්ට වඩා දක්ෂ සිසුවෙක් ලැබී තිබුණෙන් පූජකතුමා ටොම්ට බැණ වැදීමට එතරම් කාලය මිඩංගු කළේ නැත; එසේම එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ටොම්ද ව්‍යාකූලත්වයෙන් හා කලබලයකින් තොරව පෙරට වඩා හොඳින් සිය වැඩ කටයුතු සිදු කිරීමට සමත් විය.
ඒ හැරෙන්නට ටොම්ගේ ශරීර සුවතාවයේද සැබැවින්ම වර්ධනයක් සිදු වූ අතර එයට හේතු වූයේ ඔහුට ව්‍යායාම හා හමුදා සරඹ පුහුණුව ලබා දීම සඳහා බඳවාගෙන සිටි නගරයේ විද්‍යාල ආචාර්ය පෝල්ටර් මහතා ය. පැරණි සොල්දාදුවෙකු වූ ඔහු ප‍්‍රංශය හා එංගලන්තය අතර 1808 - 1814 කාලය තුළ ස්පාඤ්ඤයේදී පැවති නැපෝලියන් විසින් මෙහෙයවන ලද පෙනින්සියුලර් යුද්ධයටද සහභාගි වූවෙකි. ඔහු අපූරු යුධ කතාන්දර පැවසූ අතර සිය කඩුවෙන් ප‍්‍රංශ සොල්දාදුවන්ගේ ගෙල සිඳ දැමූ ආකාරය පිළිබඳව පුරසාරම් දෙඩුවේය.
"පෝල්ටර් මහත්මයා," කඩුව පිළිබඳව කියැවෙන සෑම විටෙකම ටොම් ඔහුව ඇමතුවේය, "දවසක ඒ කඩුව අරං එන්නකෝ මට බලන්න."
බොහෝ දිනක් ගත වන තුරු පෝල්ටර් මහතා සිදු කළේ හිස වනා ඔහුගේ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කිරීම පමණි. නමුත් එක් සන්ධ්‍යාවක ඔහු එය ටොම්ට පෙන්වීම සඳහා රැගෙන ආවේය.
"මේ කඩුව එක්කද ඔබතුමා ඒ හැම සටනක්ම කෙරුවේ?" ටොම් මහත් ගෞරවයෙන් යුතුව ඇසුවේය. "මේකෙන් ඇත්තටම ප‍්‍රංශකාරයෙකුගේ බෙල්ල කපලා තියෙනවද?"
"බෙල්ල? හහ්, බෙලි සීයක් විතර!" ව්‍යාජ නිහතමානී බවක් නොමැති පෝල්ටර් මහතා කීවේය.
"පෝල්ටර් මහත්මයා," ටොම් චාටු හඬින් යළිත් ඔහුව ඇමතුවේය. "ඔය කඩුව මට ටික දවසකට තියාගන්න දෙන්න බැරිද?"
"බෑ බෑ ඉලන්දාරියා," පෝල්ටර් මහතා දැඩිව කීවේය. "ඔයා තුවාල කරගනියි."
"සත්තකින්ම නෑ," ටොම් බල කර සිටියේය. "අනේ දෙන්නකෝ! මං මගේ සිලිං පහේ කාසිය ඔබතුමාට දෙනවා මේ කඩුව මට එක සුමානයක් තියාගන්න දෙනවානං. මේ බලන්න!" ඔහු ආකර්ශණීය රිදී පැහැති රවුම් කාසිය ඔසවා පෙනූවේය.
"අනේ මන්දා," පෝල්ටර් මහතා මඳක් යටත් වෙමින් කීවේය. "ඒත් ඒක හංගලා තියාගන්න ඕනේ, තේරුණාද? නැත්තං පූජකතුමා මට මොනවා නොකියයිද?"
"අපොයි ඔව්, මං ඒක ඇඳ යට හරි වෙන කොහේ හරි හංගලා තියාගන්නංකෝ," ටොම් දැඩි ආශාවෙන් යුතුව කීවේය. ජයග‍්‍රාහී ලෙස කඩුව රැුගෙන සිය නිදන කාමරයට ගිය ටොම් මඳක් කල්පනා කොට එය අල්මාරියේ ඇඳුම් අතර සැඟවූවේය. ඔහු එදින රාත‍්‍රියේ නින්දට ගියේ මැගී එහි පැමිණි විට තමාට ඇයව ත‍්‍රාසයට පත් කළ හැකි බව සිතමිනි: ඔහු කඩුව තම බඳ පටියේ රඳවාගෙන එය තමාගේම බවත්, තමා හමුදාවට බැඳීමට යන බවත් පවසනු ඇත. මැගී හැර වෙනත් කිසිවෙකුත් ඔහුගේ බස් විශ්වාස කිරීමට තරම් මෝඩ නොවනු ඇත. සැබැවින්ම, ලූසී සමග නේවාසික පාසලක ඉගෙනීම ඇරඹීමට පිටව යාමට පෙර ඇය එළැඹෙන සතියේ ටොම් හමුවීමට පැමිණීමට නියමිත විය.
දින කිහිපයකට පසුව මැගී එහි පැමිණි අතර එය පාසැල පැවැත්වෙන වේලාව වූයෙන් ඇය නිහඬව හිඳගෙන ෆිලිප් ස්ටෙලිං පූජකතුමා සමග පාඩම් කටයුතු වල නිරත වන අන්දම බලා සිටියාය. ශාන්ත පෙනුමකින් යුතු ආබාධිත පිරිමි ළමයාගේ පෙනුමට ඇය කැමති වූවාය: ඇය සෑම විටම කරුණාව හා අනුකම්පාව අවශ්‍ය දුර්වල තැනැත්තන් කෙරේ මෘදු බවක් දැක්වුවාය.
"මං හිතන්නේ ෆිලිප් වැකම් හොඳ ළමයෙක් අයියේ," රාත‍්‍රී ආහාර වේල වන තෙක් උද්‍යානයේ රැඳී සිටීමට පාඩම් කාමරයෙන් පිටව යන අතරේ ඇය ටොම්ට පැවසුවාය. "කොහොම වුනත් එයාගේ තාත්තා නරක මිනිහෙක් වෙච්ච එකට එයා මොනවා කරන්නද. ඔයත් එයාට කැමතියි නේද?"
"එයා ටිකක් අමුතු හාදයෙක්," ටොම් කීවේය. "සමහර වෙලාවට මාත් එක්ක ඔරොප්පුවෙන්මයි ඉන්නේ."
"ඒ උනාට මංනං හිතන්නේ එයා හොඳයි," මැගී යළිත් කීවාය.
ඒ අතර පාඩම් කාමරයේ හිඳගෙන සිටි ෆිලිප් ටුලිවර්ගේ මෙම සහෝදරිය ඇගේ සොයුරාගෙන් බෙහෙවින් වෙනස් වූ අපූරු පුංචි කෙල්ලක බව සිතුවේය; තමාටද නැගණියක සිටියානම් කෙතරම් අගනේදැයි කල්පනා කළේය. රාත‍්‍රී කෑම මේසයේදී ඔහු හා මැගී එතරම් කතා නොකළද කිහිප විටක් එකිනෙකා දෙස බලා සිනාසුණෝය - සැබැවින්ම, ඒ සෑම විටකම ප‍්‍රශ්නාර්ථය පිරි කළු පැහැති දෑස් යුගලයක් තමා වෙතටම යොමු වී ඇති අන්දම ෆිලිප් දුටුවේය. මැගීගේ කළු පැහැති දෑස් ඔහුට සතුන් බවට හැරවුණු කුමාරිකාවන් පිළිබඳ කතාන්දර සිහිපත් කරන්නේ මන්දැයි ඔහු කල්පනා කළේය. ඒ ඇගේ දෑස් අතෘප්තිමත් බුද්ධියකින් හා අතෘප්තිමත් සෙනෙහෙ ඇයදුමකින් පිරී තිබූ නිසා වන්නට ඇතැයි ඔහු නිගමනය කළේය.
රාත‍්‍රී ආහාරයෙන් පසුව මැගීව ඉහළ මාලයේ තම කාමරය වෙත කැඳවාගෙන ගිය ටොම් මහත් ආඩම්බරයෙන් ඇයට කඩුව පෙන්වුවේය. ඔහු එය කොපුවෙන් ඉවතට ඇද මැගී වෙත එල්ල කළේය.
"මම තමයි වෙලිංටන් ආදිපාදවරයා. ගමනේ යා!" ඔහු බියකරු විලාසයක් මවාගෙන කීවේය.
"අයියේ, මටනං මේක බලං ඉන්න බෑ - මං කෑ ගහනවා!" මැගී හැඬුවාය. "ඔයා තුවාළ කරගනියි. ඔයාගෙ බෙල්ල කැපිලා යයි!"
"එක, දෙක!" ටොම් කඩුව වනමින් ගැන්නේය. නමුත් ඔහුගේ මැණික් කටුව මඳක් වෙවුලූවේය; කඩුව එතරම් බරැති බවක් ඔහු සිතා තිබුණේ නැත. ‘තුන‘ යැයි කියන විට ඔහුගේ අතින් ගිලිහුණු කඩුව බිම වැටුණු අතර මැගී විලාප නැගුවාය. කඩුවේ දාරය ටොම්ගේ පාදය මත පතිත වූ අතර මොහොතකින් ඔහුද බිම ඇද වැටුණේය. මැගී කෑ ගසමින්ම දොර වෙත දිව ගියාය. මොහොතකින් එහි දිව එන පා හඬවල් ඇසෙන්නට විය. කාමරයට ඇතුළු වූ ස්ටෙලිං පූජකවරයා දුටුවේ ළමුන් දෙදෙනාම බිම හිඳිනා අයුරුය. ටොම් සිහිසුන්ව සිටි අතර මැගී කෑ ගසමින් ඔහුව සොළවමින් සිටියාය. අසරණ දැරිය සිතා සිටියේ ඇගේ සොයුරා මියගොස් ඇති බවය. නමුත් ඊලඟ මිනිත්තුවේදී ඇය සතුටින් ඉකි ගසන්නට පටන්ගත්තේ ටොම් දෑස් හැර බැලූ නිසාය: ඔහුගේ පාදය තුවාළ වීම ගැන ඇයට ඒ මොහොතේ කණගාටුවක් දැනුණේ නැත: ඒ ගැන සිතන්නටවත් නොහැකි වන තරමටම ඔහු ජීවතුන් අතර සිටීම පිළිබඳව ඇය සතුටට පත්ව සිටියාය.

- මතු සම්බන්ධයි -

වෙනද වගේම අපූරුයි සිතූ.. අර ගුරුතුමාට පූජක තුමාගෙන් විසුමක් වෙන එකක් නෑ..
ReplyDeleteසිතූට හිතෙන්නැද්ද මේක පොතක් කරන්න
පොතක් කරන්න අදහසක් නොතිබුණේමත් නෑ. ඒත් මේක දැනටම සිංහලට පරිවර්තනය වෙලා තියෙන බව ආරංචි වුනාට පස්සේ ඒ අදහස අත් ඇරලා දැම්මා නිර්මාණි. හැබැයි ඒත් හොඳ වෙලාවට එහෙම වුනේ, කළින් කොටස් වලදි දැක්කනේ මං වාක්‍ය වල තේරුම් එහෙම පිටින්ම අනිත් පැත්ත හැරෙන්නම පරිවර්තනය කරලා තිබ්බා. හපෝ!!!
Deleteඔව්.. ඒවා ගනනන්ගත්තෙ නෑ... පොඩි පොඩි දේ වෙන්න පුලුවන්නේ.. ඒත් මේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නවානම් අගෙයි..
ReplyDeleteගොඩාක් ස්තූතියි නංගියෝ. ඔන්න එහෙනං පොඩි ඇඩ් එකක් දානවා. මීට කළිනුත් මං මේක ගැන පොඩිම පොඩි දැනෙන නොදැනෙන තරමේ ඇඩ් එකක් දාලා ඇති. මේ තියෙන්නේ මගේ පළවෙනි සහ මේ වෙනකල් පළ වෙච්ච එකම පොත. පරිවර්තනයක්. :)
Deleteඉතින් මේ පොත ගැන අපිට කිව්වා නම් නරකද ?සරසවි පොතක්නේ.දෙහිවල සරසවියේ ඇති කියලා හිතනවා.
Deleteදැන්නම් තියෙනවද කියන්න බෑ මල්ලි. සයිට් එකේ කාර්ට් එකට ඇඩ් කරගන්න දෙන්නෙ නෑ නේද? ඒ කියන්නේ සරසවියෙ ස්ටොක්ස් නෑ මං හිතන්නේ. මාස දෙකකට වගේ උඩදිනම් මම අහද්දි දෙහිවල බ්‍රාන්ච් එකේ ඉතුරු වෙලා තිබ්බා.
Deleteදෙහිවලනම් මන්දා නුගේගොඩ තියෙනවා. මං පොත ගන්න කෙනෙක් යව්වා.
Deleteඇත්ත නේන්නං. නුගේගොඩ තිබුණා. මමත් ගිහින් බැලුවා. මම කළින් දවසක ඇහැව්වම තිබුණේ දෙහිවල විතරයි. :)
Deleteඅසරණ ටොම්,කොලුවාට මොකක් හරි අපලයක්ද දන්නේ නැහැනේ.කරන කරන වැඩේ අබ්ලික් වෙන්නේ.
ReplyDeleteමටත් එහෙම හිතෙනවා අප්පා. :(
Deleteඅක්කේ Followers ගැජට් එක බ්ලොග් එකට දා ගන්නකො.
ReplyDeleteඔන්න දැම්මා. කළින් වතාවකත් නංගියෙක් කියලා මං හෙව්වට ඕක හම්බවුනේ නෑ. අද හොයලා හොයලා ඔන්න හොයාගත්තා. :)
Deleteදෙහිවල තියෙන්න පුළුවන් මම බලන්නම්කෝ.අර ගැජට් එක දාපු එක හොඳයි.අපේ දේශකතුමත් කිව්වා අක්කාට එක දාගන්න කියලා හිටං.
Deleteඑතුමාත් එහෙම කිව්වද? එහෙනං ඉතිං දාපු එක හොඳාම තමයි හිටං. :D
Deleteනියමෙට යනව වැඩේ..පරිවර්තනය අන්තිම ඉහළයි.
ReplyDeleteමේකෙ තව පරිවර්තනයක් තියනව කිව්ව නේද? ඔයා දන්නවද ඒ ගැන? කවුද ඒක කරල තියෙන්නෙ? නම මොකක්ද?
ගිය අවුරුද්දෙ පළ වුනා අයියේ 'සේද නිම්නය' කියලා පොතක්. මම තව හොයලා බැලුවාම දැක්කා 'නදී තෙර කම්හල', 'ගං තෙර' කියන නම් වලින් මීට කළිනුත් මේක පළ වෙලා තියෙනවා. ඒවා සංක්ෂිප්ත පරිවර්තනද අසංක්ෂිප්ත ඒවාද කියලානම් දන්නෙ නෑ.
Deleteආ, තැන්ක් යූ ඈ. :D
ස්තුතී පොත ගැන කියුවට..
ReplyDeleteඒත් මං හිතන්නේ ඔයාට තව ලියන්න පුලුවන්..
ආයෙමත් ඔයාට ගොඩාක් ස්තූතියි. :)
Deleteහනේ ගොං තඩියා දාගත්ත නේද කඩුව කකුල උඩ?
ReplyDeleteආහ්, මේ ටොම්ටනේ කියලා තියෙන්නේ! මං ඒත් බැලුවා මටද කිව්වෙ කියලා! :D
Delete