පසුදින උදෑසන සුදු කර පටියකින් හා කමිසයකින් සැරසුණු මහත්මයෙක් සිය මිතුරු ටුලිවර් සමග බ‍්‍රැන්ඩි පානය කරමින් සිටියේය. පැහැපත් පෙනුමකින් හා තරබාරු දෑත් වලින් යුතු වූ ඔහු රයිලි මහතා වූ අතර සාමාන්‍ය වෙන්දේසි කරුවෙකුට වඩා අධ්‍යාපන සුදුසුකම් වලින් යුතු විය. ආගන්තුක සත්කාර හොඳින් දන්නා ගම්බද සරල දිවි පෙවෙතක් ගෙවන තම හිතවතුන් වෙනුවෙන් වෙන් වූ මිත‍්‍රශීලී විවෘත හදවතක්ද ඔහු සතු විය.
ඩෝල්කොට් මෝල අසළ වූ වේල්ල පිළිබඳව පැන නැගී තිබූ ගැටළුව ටුලිවර් මහතාට වාසිදායක අයුරෙන් විසඳී තිබූ බැවින් ඔවුන් දෙදෙනාම පසු වූයේ ප‍්‍රීතියෙනි. විරුද්ධ පිළ වෙනුවෙන් කතා කළ වැකම් නීතීඥවරයා පළමු වරට පරාජයට පත්ව තිබූ අතර ඒ පිළිබඳව ටුලිවර් මහතා ඉතා ප‍්‍රීතියට පත් විය. ඔහු තුළ පොදුවේ නීතීඥවරුන් සමස්තය කෙරෙහිම පැහැදීමක් නොවූ අතර වැකම් මහතාට විශේෂයෙන් අකැමැති විය. රයිලි විසින් එම සිද්ධියෙදී කටයුතු කරනු ලැබූ ආකාරය පිළිබඳව ඔහු නැවත නැවතත් ප‍්‍රශංසා කළේ එහෙයිනි.
නමුත් වේල්ල පිළිබඳව කතාබහට අමතරව, ඔබ දන්නා අන්දමින්, ටුලිවර් මහතාගේ සිත තුළ රයිලි මහතාගේ උපදෙස් අවශ්‍ය වූ තවත් මාතෘකාවක් තිබුණි.
"මගෙ හිතේ එක කාරණාවක් තියෙනවා," ඔහු අවසානයේදී කීවේය. "මගේ පුතා ටොම් ගැන, බොහොම විශේෂ කාරණාවක්."
ඔහුගේ නම ඇසුණු විගස, එතෙක් සිය දෙදණ මත විශාල පොතක් තබාගෙන ගිනි උඳුන අසළ පහත් බංකුවක වාඩි වී සිටි මැගී සිය හිසකෙස් ගසා දමා හිස ඔසවා උනන්දුවෙන් බැලූවාය. මැගී සිය පොත අතේ තබාගෙන සිහින දකින මොහොතක ඇගේ අවධානය යොමු කරගත හැකි හඬවල් තිබූයේ ඉතාම අල්පයක් පමණක් වුවද, සිය සොයුරා වූ ටොම්ගේ නම ඒ අතුරින් එකකි. මොහොතකින්ම, ටොම්ව ඕනෑම අනතුරකින් බේරාගැනීමට සූදානම්ව ඇය බලා සිටියාය.
"මේ, මම කැමතියි ටොම්ව ගිම්හානෙ මැද හරියෙදි විතර අළුත් ඉස්කෝලෙකට යවන්න," ටුලිවර් මහතා කීවේය. "ගොඩක් හොඳ ඉස්කෝලෙකට, එයාව උගතෙක් කරන්න පුළුවන් විදිහේ තැනකට."
"හරි," රයිලි මහතා කීවේය, "හොඳ අධ්‍යාපනයක් ලබා දෙන එක තමයි ඔයාට එයාට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග."
"ඒක හරි," ටුලිවර් මහතා කීවේය. "එයාට උගන්නලා වෙළහෙළඳාම් වලට පුරුදු කරන්නයි මට ඕනෙ. එතකොට එයාට පුළුවන් එයාටම කියලා කූඩුවක් හදාගන්න මගේ තැනින් මාව එළියට තල්ලූ කරලා දාන්නෙ නැතුව."
මෙම වදන් මැගීට දරා සිටීමට පහසු තත්ත්වයේ වදන් නොවීය. ඇය සිය කුඩා බංකුව මතින් වහා නැගිට දිව විත් පියාගේ දෙදණ අතර සිටගෙන කුපිත වූ හඬකින් කතා කළාය. "තාත්තේ, අයියා කවදාවත් ඒ වගේ දඟ වෙන්නෙ නෑ. එයා කවදාවත් තාත්තව එළියට තල්ලූ කරලා දාන්නෙ නෑ."
ටුලිවර් මහතාගේ හදවත සංවේදී විය. මෘදු ලෙස සිනාසුණු ඔහු කුඩා දැරියගේ පිටට තට්ටු කර ඇගේ දෑතින් අල්ලා ගත්තේය.
"එහෙමද? කාටවත් අයියට මුකුත් කියන්න බෑ නේද?" දිලිසෙන දෑසින් මැගී දෙස බලමින් ටුලිවර් මහතා කීවේය. අනතුරුව, ඇයට නෑසෙන බවක් සලකමින් ඔහු පහත් හඬින් රයිලි මහතාට මෙසේ පැවසුවේය, "කෙනෙක් කතා කරන හැම දෙයක්ම එයාට තේරෙනවා, ඇත්තටම! අනික එයා කියවන හැටි අහං ඉන්න වටිනවා - හැම අකුරක්ම කටපාඩමින් දන්නවා වගේ. දෙවි පිහිටයි! වැඩි හරියක් ලොකු මිනිස්සුන්ට වඩා දෙයක් කියවලා තේරුම් ගන්න හැටි එයා හොඳට දන්නවා." ඔහු නැවතත් කුඩා දියණිය වෙත හැරී කතා කළේය. "දැන් යන්න! ගිහිං අම්මා කොහෙද බලන්න."
මැගී එතැනින් ඉවත්ව, මව සොයා යනු වෙනුවට පියාගේ පුටුව පිටුපස වූ අඳුරු කෙළවරකට ගොස් ඇගේ ප‍්‍රියතම බෝනික්කා හා සෙල්ලම් කරන්නට විය. ටොම් නොමැති බොහෝ විට ඇය කාලය ගෙවූයේ එම බෝනික්කා සමගය.
"එයා හරිම නුවණක්කාර කෙල්ලෙක්," මැගී ඔවුන් අසළින් ඉවත් වූ පසු ටුලිවර් මහතා කීවේය. "අපරාදෙ එයා කොල්ලෙක් නොවුනෙ - පෙරකදෝරුවො එක්ක හරි හරියට කතා කරන්න තිබ්බා එයාට එහෙනං."
රයිලි මහතා සිනාසී කතා කළේය, "ඒත් ඔහේගේ පුතාත් මෝඩයෙක් නෙවෙයිනේ? අන්තිම පාර මම මෙහෙ ආපු වෙලාවෙ දැක්කා එයා බිලී පිත්තක් හදනවා. හරිම දක්ෂ විදිහට ඒක කළා."
"ම්, නෑ - එයා මෝඩ නෑ. එළිමහනෙ වැඩ වලට හරි දක්ෂයි. හොඳට හිතනවා. ඒත් එයා කතාබහට හොරයි. හරියට කියවන්නත් අමාරුයි එයාට - පොත් පේන්න බෑ. දැං මට ඕන වෙලා තියෙන්නේ එයාව දිවයි පෑනයි හොඳට හසුරවගන්න පුළුවන් දක්ෂ උගතෙක් කරන්න පුළුවන් ඉස්කෝලෙකට එයාව දාගන්නයි."
"ටුලිවර් මහත්මයා හරියටම හරි," රයිලි මහතා පිළිතුරු දුන්නේය. "වැඩිපුර සීයක් දෙසීයක් පුතාගෙ ඉගෙනුමට යොදවන එක වටිනවා අන්තිම කැමැත්තෙන් ඒ සල්ලි එයාට ඉතුරු කරනවට වඩා. ඇත්තම කියන්න, මගේ හිතවතෙකුට මං කියන්නෙ නෑ පුතෙක්ව සාමාන්‍ය ඉස්කෝලෙකට යවන්න කියලා එයාට ඊඩ වඩා කරන්න පුළුවන්කම තියෙනවනම්. මං දන්න කෙනෙක් ඉන්නවා පිරිමි ළමයෙක් හරි දෙන්නෙක් හරි ගෙදර නවත්තගෙන උගන්නන්න කැමති."
"ආහ්!" ටුලිවර් මහතා විශ්මයෙන් පැවසුවේය. "කවුද ඒ?"
"ඔක්ස්ෆර්ඞ් වලින් ඉගෙනගත්තු කෙනෙක්. ස්ටෙලින් පූජක තුමා." රයිලි මහතා කීවේය. "පූජකවරයෙක් වගේම හොඳ උගතෙක්."
"එතුමා කීයක් විතර අය කරයිද?" ගෞරවනීය විද්වතා ඉහළ මුදලක් අය කරනු ඇතැයි අපේක්ෂාවෙන් ටුලිවර් මහතා ඇසුවේය.
"අපොයි එතුමා සල්ලි වලට කෑදර කෙනෙක් නෙවෙයි. අවුරුද්දකට පවුම් සීයක් ගනියි ඕනනම්. මං ඕනනම් ඒ ගැන ලියලා දන්වන්නම් එතුමාට."
ටුලිවර් මහතා දණහිස් අතුල්ලමින් බුමුතුරුණ දෙස කල්පනාකාරීව බලා සිටියේය. මෙතෙක් වේලා කතාබහට කන් දී සිටි මැගීට තවදුරටත් නිහඬව හිඳීම අපහසු විය.
"තාත්තේ," ඇය කෙඳිරි ගෑවාය, "අයියා යන්න ඕනෙ ගොඩක් දුරකටද? අපිට එයාව දකින්න ලැබෙන්නෙ නැද්ද?"
"මං දන්නෙ නෑ මගෙ දරුවෝ," පියා මෘදු ලෙස කීවේය. "අහන්න රයිලි මහත්තයාගෙන්, එයා දන්නවා."
"හැතැප්ම පහළොවක් විතර, එච්චරයි," රයිලි මහතා පිළිතුරු දුන්නේය. "දවසක් ඇතුලත එහෙ ගිහිං එන්න පුළුවන් කිසි අමාරුවක් නැතුව. නැත්තං - ස්ටෙලින් බොහොම ආගන්තුක සත්කාරයට කැමති හොඳ කෙනෙක්; ඔයාලට එහෙ නවාතැන් උනත් දෙයි සමහරවිට."
එදින කතිකා කරගත් පරිද්දෙන් රයිලි ස්ටෙලින් පූජකවරයා සමග කතා කිරීමටත්, ටොම් ඔහුගේ සිසුවෙකු ලෙස වසර මැද නිවාඩුවෙන් පසු එහි යැවීමට කටයුතු සූදානම් කිරීමටත් නියමිත විය.

මැගීගේ චරිතයට ආදරේ හිතෙනවා... හරිම අවිහින්සක ළමයෙක්...
ReplyDeleteහ්ම්, ඔව්, මාත් හරිම කැමති චරිතයක් මැගී කියන්නේ.
Deleteමේ ටික කියෙව්වම හිතුනේ තාත්තා නම් මැගීව හොඳට තේරුම් අරන් තියනවා කියලා..
ReplyDeleteතව ඉස්සරහට කියවලා බලන්නකෝ. :)
DeleteBoth episodes done with intro. Ravi's proposed name is near prefect. :) going well. Let's see.
ReplyDeleteThank you ayya. :)
Deleteපරිවර්තනේ රසවත්. දිගටම ලියන්න සිත්තමී. ඔයා කතාවක් දානකොට එක දිගට දාන නිසා මම හරිම කැමතියි. ඒත් මේ දවස්වල එක දිගට කියවන්න වෙලාවක් නැති එක මට පාඩුයි.
ReplyDeleteදිගටම ලියන්න. කමෙන්ට් කරන්න බැරි උනත් ඉඩ තියෙන විදිහට කියවන්නම්
ගොඩාක් ස්තූතියි සඳු. :)
Deleteහරි හරි වැඩේ යනව එළකිරි සහ ජලය වගෙ.
ReplyDeleteමේකෙ ඉංග්‍රීසි නියමයි නේද? මම ගුටන්බර්ග් එකේ ගිහිල්ල බැලුව. ඔලුව නරක්වුනා ඒක කියවල. මේ කතාව ලියල තියන පරණ තාලෙ ඉංග්‍රීසි වල හැටියට හැබැයි ඒ වගේම ක්ලැසික් සිංහල වලින් පරිවර්තනය කලානම් උදක්මැ සුදුසුයැ. හෙහ්යැ හෙහ්යැ...:)
/ පැහැපත් පෙනුමකින් හා තරබාරු දෑත් වලින් යුතු වූ ඔහු රයිලි මහතා වූ අතර …../
Waxen complexioned කිව්වම මට හිතෙන්නෙ පැහැපත් පෙනුමකින් කියනවට වඩා සුදුසුයි සුදුමැලි පෙනුමකින් කිව්වනම්...අනික Fat hands = මහත් වූ දෑත්
ඇයි බං අයියෙ මම කිව්වෙ මේක මුල් පොතෙන් නෙවෙයි පරිවර්තනය කරන්නේ, අර ඕ ලෙවල් ඉංග්‍රීසි සාහිත්‍යයට ඉගෙනගන්න තිබ්බ සංක්ෂිප්ත පොතෙන් කියලා. ඒකේ ඒ බරසාර විස්තර හලලා සරලව කෙටියෙන් තමයි කතාන්දරේ තියෙන්නේ. අර වෙළුම් තුනකට ලියලා තිබ්බ මුළු කතාන්දරේම බොහොම පුංචි පොතකට අහුරලා තියෙන්නේ.
Deleteසුදුමැලි පෙනුම කියන යෙදුම වඩා ගැලපෙනවා තමයි. තැන්ක් යූ අයියේ. :)