එළැඹුණු දිනයේ ළමුන් තිදෙනා සහ ටුලිවර් මහත්මිය පුලට් යුවළගේ නිවෙස වූ ගැරම් ෆර්ස් බලා කෙත් වතු මතින් ඇවිද ගියහ. පුලට් මහතා ඉතා සාර්ථක ගොවියෙකු වූ අතර ඔහුගේ ගොවිපොළ බැලීමට යාමට ළමෝ ඉතා ප‍්‍රිය කළහ. ඔවුහු එහි ලඟා වන විට මොණරෙක් ගොවිපොළේ කෙටි තාප්පය මත නැගී පිල් විදහන අයුරු දුටුවෝය. සමස්ථ ගොවිපොළ ජීවිතයම බොහෝ අපූරු විය - හබන් කුකුළන්, ෆ‍්‍රයිස්ලන්ඞ් කිකිළියන්; කෑගසමින් පියාඹමින් සිය වෛවර්ණ පිහාටු බිම හෙලන ගිනි කුකුළන්; පරවියන් සහ හීලෑ පොල්කිච්චෙක්; තවද එළුවෙක් සහ අර්ධ මස්තිෆ් වර්ගයේ සුන්දර සුනඛයෙක්, සිංහයෙක් තරම් විශාල වූ අර්ධ බුල් ඩෝග් සුනඛයෙක් එහි වූහ.
බලාපොරොත්තුවෙන් සිටි අමුත්තන් පැමිණෙනු දුටු පුලට් මාමා විගසින් පැමිණ ඉදිරි දොරටුව විවර කළේය. පුලට් නැන්දාද දොරකඩ පෙනී සිටි අතර තැතිගැන්මෙන් කතා කළාය, "ළමයින්ව නවත්තන්න බෙසී! පඩිපෙළ නගින්න දෙන්න එපා ඒගොල්ලන්ට. සැලී අරං එයි පරණ රෙද්දකුයි බුරුසුවකුයි එයාලගෙ සපත්තු පිහිදාන්න."
ටොම් සෑම විටම මෙම සපත්තු පිසදැමීමට අකැමැති වූ අතර ඔහු එම කටයුත්ත සැලකුවේ මහත් අගෞරවයක් ලෙසිනි. නමුත්, එය හොඳින් හිරු පායා තිබූ දිනයක් වූ බැවින් ඔවුනට එළිමහනේ සෙල්ලම් කළ හැකි බව මව පැවසූ නිසාත්, පුලට් නැන්දා එයට අවසර දුන් නිසාත් මෙම වතාවේදී ඔහු එම අවමානය ඉවසා සිටියේය. පෙර වතාවකදී මොණරෙකු බිය වද්දා පිහාටුවක් බිම හෙලාගන්න බලාපොරොත්තුවෙන් ටොම් මොණරෙකු පසු පස එළවා යනු වැඩිහිටියන්ගේ අතටම හසු වූ බැවින් මෙවර ඒ අසළට නොයන මෙන් පුලට් නැන්දා කල් ඇතුවම ඔවුනට පවසා සිටියාය.
හෝරා කිහිපයකට පසුව, තේ වේලාව ලඟා වී ඇති බව කල්පනා කළ පුලට් මහත්මිය, සැලී නැමැති සේවිකාවට තේ ගෙන එන ලෙස සංඥා කරමින් සීනුව නාද කළාය. සැබැවින්ම දොර එසැණින් විවර වුවද තේ බන්දේසිය වෙනුවට සැලී විසින් ඉදිරිපත් කරනු ලැබුවේ මහත් බියකරු දසුනකි. පුලට් මහත්මියත්, ටුලිවර් මහත්මියත් තැතිගැන්මෙන් කෑ ගැසූ අතර, පුලට් මහතා සපමින් සිටි රසකැවිල්ල - ඔහු පසුව පැවසූ පරිදි ජීවිතයේ පස් වන වතාවටත් - නොදැනීම ගිලූණි.
එම බියකරු දසුන නම්, සිරුරෙන් හරි අඩක්ම දෙපා සිට හිස් වැස්ම දක්වා මඩ දියෙන් තෙමී අවපැහැ ගැන්වී, කළු පැහැ දෑතකින් සහ කඳුළු පිරුණු දෙනෙතකින් යුතුව බලා සිටිනා පුංචි ලූසීය. පුලට් නැන්දාගේ සාලයේ දිස් වූ මෙම අස්වාභාවික අනපේක්ෂිත දසුන පිළිබඳව පැහැදිලි කරගැනීම සඳහා ළමුන් තිදෙනා සෙල්ලම් කිරීම පිණිස එළිමහනට ගිය මොහොත නැවතත් සිහිපත් කරගත යුතුව ඇත.
එදින උදෑසනම සොයුරාත්, සොයුරියත් අතර ඇතිව තිබූ දබරයක් හේතුවෙන් මැගීව නොසලකා හරිමින් සිටි ටොම් සිය ඥාති සොයුරිය ඇමතුවේය, "එන්න ලූසී, ඔයා යං මාත් එක්ක."
ටොම් තමා වෙත දැක්වූ කාරුණික බව හේතුවෙන් ලූසී බෙහෙවින් සතුටට පත් වූ අතර ඔහු නූල් කැබැල්ලක් ගෙන තරබාරු ඉබ්බෙකු සමග සෙල්ලම් කරනා අපූරුව දැක ඉතාමත් විනෝදයට පත් විය. මැගීද එය දැක විනෝද වීම ලූසීගේ බලාපොරොත්තුව වූ බැවින් ඇය මැගීට කතා කළාය, "අනේ මේ ඉබ්බා හරිම විහිළුකාරයෙක් මැගී, ඇවිත් බලන්නකෝ."
නමුත් කිසිවක් නොකියූ මැගී ඔරවාගත් මුහුණින් යුතුව ඉවතට හැරුණාය. සිය සොයුරාට තමාට වඩා ලූසීව වටිනා බව දැනුණු මොහොතේ පටන් ඇගේ සිත වේදනාවෙන්ද, ඊර්ෂ්‍යාවෙන්ද පිරී තිබුණි. ලූසී එහි නොසිටියානම් ඔහු මේ වන විටත් දබරය අමතක කර දමනු ඇති බව ඇයට හොඳ හැටි විශ්වාසය. මෙලෙස ටොම් ලූසී සමග ඇවිද යන අතරේ මැගී ඔවුන් පසුපසින් තනිවම ගෑටුවාය. ඔවුන් වත්තෙන් පිටව යනු දුටු ඇයට ඒ පසුපසින් නොගොස් සිටීම අපහසු විය. තාරා විල අසළට ඔවුන් දෙදෙනා ලං වන විට ඇය සිටියේ යාර කීපයක් පිටුපසිනි. මෙහිදී දිය මත වේගවත් චලනයක් දුටු ටොම් විල අද්දරටම ගොස් ඒ දෙස එබී බැලූවේය.
"මෙහෙ එන්න ලූසී!" ඔහු මුර ගෑවේය. "මෙහෙට එන්න! ඔය තණකොළ උඩින් එන්න - හරක් හිටපු මඩට අඩිය තියන්න එපා."
ඇයට උපදෙස් දුන් පරිදිම ප‍්‍රවේශමෙන් ඔහු වෙත පැමිණි ලූසී විල දෙස එබී බැලූවාය. ටොම් පැවසූ ලෙසට ඒ දිය නයෙක් වූ අතර අවසානයේ එම සත්ත්වයාගේ සිරුරේ චලනය ඇය දිය රැළි මතින් දුටුවාය. නයෙකුට පිහිනා යාමට හැකි වීම ඇගේ මහත් පුදුමයට හේතු විය. මැගී වඩ වඩාත් ආසන්නයට ආවාය - ඇයද එය දැකිය යුතුම විය. ඇය ටොම් සහ ලූසී ආසන්නයටම ආ අතර ඈ එහි සිටින බව ඒ වන විටත් දැන සිටි ටොම් එතෙක් පසු වූයේ ඇයව නොදුටු ලෙසිනි. නමුත් මෙම මොහොතේ ආපසු හැරුණු ඔහු කතා කළේය: "යන්න මැගී. මෙතන ඔයාට ඉඩක් නෑ. අනික ඔයාට කවුරුත් එන්න කිව්වෙත් නෑ."
එම මොහොතේ ග‍්‍රීක ඛේදාන්තයක් නිර්මාණය කිරීමට පෙළඹිය හැකි තරමේ ආවේගයක් මැගී තුළ ඇති විය; නමුත් ඇයට කළ හැකි වූ එකම දෙය වූයේ සිය කුඩා තලෙළු වන් දෑත දිගු කොට රෝස - සුදු පැහැති අසරණ කුඩා ලූසීව ගවයන් ලැගි මඩට තල්ලූ කිරීම පමණකි.
වහා මැගීගේ අතට පහර දෙකක් ගැසූ ටොම් අසරණව හඬමින් සිටිනා ලූසීව ගොඩ ගැනිම පිණිස දිව ගියේය. මැගී ඒ අසළ වූ විශාල ගසක පැතිරුණු මුල් වෙත ගොස් කිසිඳු වරදකාරී හැඟීමකින් තොරව බලා සිටියාය.
"මං අම්මට කියනවා, මැග් නෝනා!" ලූසීව නැගිටුවාගත් විගස ටොම් හඬ නගා අවධාරණයෙන් යුතුව කීවේය. කේලාම් කීම ටොම්ගේ පුරුද්දක් නොවූවද මෙහිදී සාධාරණය ඉටු වීමටනම් මැගී දඬුවම් ලැබිය යුතුම වූවාය. ඉකි ගසමින් හඬන ලූසීද කැටිව ඔහු නැවත නිවෙස බලා යන අතරේ මැගී ගසේ මුල් මත හිඳගෙන කෝපය පිරි කුඩා මුහුණින් ඔවුන් දෙස බලා සිටියාය.
"සැලී," ඔවුන් මුළුතැන් ගෙයි දොරටුව වෙත ලඟා වූ මොහොතේ ටොම් එහි වූ සේවිකාව ඇමතූ අතර ඇය කතා කරගත නොහැකි තරම් පුදුමයෙන් ඔවුන් දෙස බැලූවාය. "සැලී, අම්මට කියන්න මැගී ලූසීව විලට තල්ලූ කළා කියලා."
පෙරදී පැවසූ පරිද්දෙන්ම සැලී කිසිඳු පමාවකින් තොරව ලූසීව සාලය වෙත කැඳවාගෙන ගියාය.
"මගෙ දෙයියනේ!" පුලට් නැන්දා කෑ ගැසුවාය. "එයාව දොර ලඟම තියාගන්න සැලී! මොනවා කළත් එයාව කලාලේ උඩටනං ගේන්න එපා!"
"බලන්නකෝ, එයා මහ ජරා ගොඩක වැටිලා," ලූසී වෙත ගොස් ඈ දෙස හොඳින් බැලූ ටුලිවර් මහත්මිය කීවාය.
"මට කියන්න අවසර නෝනා, මැගී පුංචි නෝනා තමයි එයාව තල්ලූ කරලා තියෙන්නේ," සැලී කීවාය. "ටොම් පුංචි මහත්තයා එහෙමයි කිව්වේ. ඒගොල්ලෝ විල ලඟට යන්න ඇති, නැත්තං මෙච්චර මඩ ගෑවෙන්න විදිහක් නෑ."
තමා නරක මවක් ලෙසින් හැඟී ගිය ටුලිවර් මහත්මිය කතා කරගත නොහැකිව බලා සිටියාය. තම දඟකාර දරුවන් ඒ අසළම හිඳිනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඔවුනට තරවටු කිරීමට සිතා පිටතට ගියද ඇයට ටොම්ව සොයාගත හැකි වූයේ මඳ වේලාවක් විපරම් කිරීමෙන් පසුවය. ඔහු කුකුල් ගොවිපොළේ සුදු පැහැති අත්වැටට බර දී බලා සිටියේය.
"ටොම්, නරක කොල්ලා; කෝ ඔයාගෙ නංගි?" කණස්සලූ හඬකින් ටුලිවර් මහත්මිය ඇසුවාය.
"මං දන්නෙ නෑ," ටොම් කීවේය.
"ඇයි, ඔයා කොහෙද එයාව දාලා ආවේ?" වටපිට බලමින් ඔහුගේ මව යළිත් ඇසුවාය.
"විල ලඟ, ගහක් යට," ටොම් නොසැලකිල්ලෙන් පිළිතුරු දුන්නේය.
"එහෙනං දැම්මම ගිහිං එයාව එක්කං එනවා, නරක කොල්ලා." මැගී තනිවම විල අසළ හිඳ සිටින බව ඇසීමෙන් ටුලිවර් මහත්මියගේ සිත තුළ සුපුරුදු බියජනක සිතුවිලි පහළ වන්නට විය. "මේ ගොල්ලොනං වතුරටම ඉපදිච්ච දරුවෝ," ටොම් උවමනාවට එපාවට මෙන් විල දෙසට ඇවිද යන අතරේ ඇය තමාටම මුමුණාගත්තාය. "දෙන්නම දවසක වතුරේ ගිලිලා තමයි නතර වෙන්නේ."
නොබෝ වේලාවකින්ම ආපසු තනිවම එන ටොම්ව දුටු ඇය වහා ඔහු වෙත ගියාය.
"මැගී විල ලඟ කොහෙවත් නෑ අම්මේ," ටොම් කීවේය. "එයා ගිහිල්ලා."
තැතිගත් සිතින් යුතුව මැගීව සොයා ගත හැකි සෑම තැනකම විපරම් කිරීමටත්, ඇය විල තුළ නොමැති බව සිය මවට ඒත්තු ගැන්වීමටත් ටොම් හට දැඩි පරිශ‍්‍රමයක් යෙදීමට සිදු විය. අවසානයේදී ඇය තනිවම නිවෙස බලා යන්නට ඇති බව ටොම් පවසා සිටි අතර, සිය සිත සනසාගැනීම සඳහා ඔහුගේ මව වහා එම බලාපොරොත්තුවෙහි එල්බ ගත්තාය.
"නංගි, අනේ දෙවියන්ගෙ නාමෙන් ඔයාගෙ මිනිස්සුන්ට කියලා අස්සයා කරත්තෙ බැඳලා මාව ඉක්මණට ගෙදර යවන්න - අපිට එයාව පාරෙදි හම්බ වෙයි සමහර විට. ලූසීට කොහොමත් එයාගෙ කිලුටු ඇඳුම් එක්ක පයින් ආපහු යන්නත් බෑනේ," තුවායකින් ඔතා පාවහන් රහිත දෙපයින් සෝපාව මත හින්දුවා සිටි අනතුරට පත් අහිංසක දැරිය දෙස බලමින් ඇය පුලට් මහත්මියට පැවසුවාය.
ඇය එය ඉතාම කැමැත්තෙන් ඉටු කර දුන් අතර වැඩි වේලාවක් ගත වන්නට මත්තෙන් ටුලිවර් මහත්මිය කරත්තයේ නැගී ගෙල දිගු කරගෙන මාවත ඉදිරිපස බලමින් ගමනේ යෙදී සිටියාය. මැගීව සොයාගත නොහැකි වුවහොත් දරුවන්ගේ පියා කුමක් පවසනු ඇත්ද?
නමුත් මැගීගේ අරමුණු, සුපුරුදු පරිදිම, ටොම් සිතුවාට වඩා පුළුල් පරාසයකින් යුක්ත විය. ටොම් හා ලූසී ඇයව හැර දමා ගිය මොහොතේ ඈ ගත් තීරණය කිසිසේත් නැවත නිවෙස බලා යාම තරම් සරල වූවක් නොවීය. නැත! ඇය පලා ගොස් අභිගුණ්ඨකයින් හා එකතු වනු ඇති අතර ටොම් ඇයව නැවත කිසිදා නොදකිනු ඇත. ඇය කල්පනා කළ අන්දමින් අභිගුණ්ඨකයින් ඇයව සතුටින් පිළිගෙන ගරු සත්කාර කරනු ඇත.
වහා ගමන් ඇරඹූ ඇය, ටොම් නැවත විල අසළට ඈ සොයා ආ මොහොතේ, කෙත් වතු තුනක් පසු කර ගොස් ප‍්‍රධාන මාවත කරා දිවෙන පටු මාවතක ගමන් කරමින් සිටියාය. මේ වන විට ප‍්‍රධාන මාවත හරහා ගොස් සිටි ඇය විටෙක ගුරු පාරවල් ඔස්සේද, තවත් විටෙක කෙත් වතු හරහාද සිය ගමන නොනවත්වා ඇවිද ගියාය. තමා සැබැවින්ම දිගු වේලාවක් පුරා ගමන් කර ඇති බව කල්පනා කළ ඇය තවමත් අභිගුණ්ඨකයින්ගේ වාසස්ථාන දකින්නට නොලැබීම සම්බන්ධයෙන් පුදුම වූවාය. කෙසේ හෝ අවසානයේදී මැගී වඩා පුළුල් මාවතකට පිවිසියාය; එහිදී තම ගමනාන්තය එතරම් ඈතක නොවන බවට ඉඟියක් ඇය දුටුවාය. පාදයක් ලී කොටයක බැඳ තිබූ කොටළුවෙකු මාවත අද්දර තණ කමින් සිටි අතර, අභිගුණ්ඨකයන් සිය සතුන් දිගේලි කරන්නේ එලෙසින් බව ඇය දැන සිටියාය. දිගටම ඇවිද ගිය ඇය ඊලඟ වංගුවෙන් හැරුණ මොහොතේ කළු පැහැති කූඩාරමක්ද, ඒ ඉදිරියේ දැල්වෙන ගිනි මැලයකින් නිකුත් වන නිල් පැහැති දුමාරයක්ද දුටුවාය. දරුවෙකු වඩාගත් තරමක් උස අභිගුණ්ඨක කාන්තාවක් කූඩාරම අසළ හිටගෙන සිටියාය. මැගීව දුටු ඇය ඈ එන පෙර මගට පැමිණියාය.
"පුංචි නෝනා, මේ කොහෙද යන්නේ?" ඇය ගෞරව සම්පන්න කටහඬකින් ඇසුවාය. එය මැගී බලාපොරොත්තුවෙන්ම සිටි මිහිරි වදන් විය. ඔවුහු තමා වැදගත් පවුලක පුංචි නෝනා කෙනෙකු බව හඳුනාගෙන තමාට එලෙසින් සත්කාර කිරීමට සැදී පැහැදී සිටිති.
"මං ආවේ ඔයගොල්ලොත් එක්ක නවතින්න," මැගී පිළිතුරු දුන්නාය.
"ඔයා ඇත්තටම කොච්චර අපූරු පුංචි නෝනා කෙනෙක්ද," අභිගුණ්ඨක කාන්තාව ඇගේ අතින් අල්ලාගනිමින් කීවාය. ඇය බෙහෙවින් කරුණාවන්ත කාන්තාවක් බව කල්පනා කළ මැගී ඇය මෙතරම් අපිරිසිඳු තත්ත්වයෙන් නොසිටියානම් කෙතරම් අගනේදැයි සිතුවාය.
ඔවුන් ගිනිමැලය අසළට ලඟා වන විට ඒ වටා අභිගුණ්ඨක කණ්ඩායමක්ම රැුඳී සිටියහ. බිම හිඳගෙන සිටි මහළු කාන්තාවක් රස මුසු සුවඳක් හමන මුට්ටියක් වරින්වර හැඳිගාමින් සිටියාය. අපිළිවෙල පෙනුමෙන් යුතු කොළුවෙකු තණබිස්සේ වාඩි වී සිටි අතර යාර කිහිපයක් එපිටින් කොටළුවෙක්, බිම දිගා වී සිට් උසැති ගැහැණු දරුවෙකු තමා වෙත දිගු කර සිටි සොරකම් කරන ලද පිදුරු මිටියක් නිවී සැනසිල්ලේ සපමින් සිටියේය. බැස යන හිරු වෙතින් එතරම් සැඩ රශ්මියක් ගලා නොපැමිණි අතර එම වටපිටාව ඉතාම සුන්දර හා සුවදායක බව කල්පනා කළ මැගී ඔවුන් ඉක්මණින්ම තේ සූදනම් කරනු ඇතැයි කල්පනා කළාය. නමුත් ඇයව මඳක් ගැටළු සහගත තත්ත්වයකට පත් කරමින් තරුණ කාන්තාව මැහැලිය සමග මැගී නොදන්නා භාෂාවකින් කතා කරන්නට පටන්ගත්තාය. අවසානයේදී මහළු කාන්තාව ඈ ඇමතුවාය, "මොනවා! පුංචි නෝනා අපිත් එක්ක නවතින්න ආවා? ඉතින් ඇවිත් මෙහෙන් වාඩිවෙලා ඔයා කොහෙ ඉඳන්ද ආවේ කියන්නකෝ අපිට..."
එය සැබැවින්ම පොතක තිබෙන කතාන්දරයක් මෙනි. ඔවුන් තමන්ව අමතන ආකාරයටත්, සලකන ආකාරයටත් මැගී ප‍්‍රිය කළාය. වාඩි වූ ඇය කතා කරන්නට පටන් ගත්තාය, "මං ගෙදර ඉන්න ආස නැති නිසා පැනලා ආවා. මට අභිගුණ්ඨකයෙක් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ කැමතිනං මං මෙහෙ ඉන්නං. මට ඔයගොල්ලන්ට ගොඩක් දේවල් කියලා දෙන්න පුළුවන්."
"හරිම නුවණක්කාර පුංචි නෝනා කෙනෙක්," අතදරුවා වඩාගෙන සිටි කාන්තාව එසේ කියමින් මැගී අසළ වාඩි වී මැගීගේ හිස්වැස්ම ගලවා ඉවත් කර එහි හැඩ බැලූවාය. එය ඇගේ අතින් උදුරාගත් උසැති ගැහැණු ළමයා තමන්ගේ හිස මත එය පැළඳ ගත්තේ ඉදිරිපස පිටුපසට සිටින පරිදිය. බාල ළමුන් දෙදෙනා කොක් හඬලා සිනාසුණෝය.
"කොච්චර ලස්සන පුංචි නෝනා කෙනෙක්ද - ඒ වගේම පෝසත් පවුලක වගේ මට පේන්නේ," මහළු කාන්තාව කීවාය. ඒ අතර එහි හුන් බාල දරුවා මැගීට නොදැනීම ඇගේ සාක්කුවේ වූ දෑ පිටතට ගෙන පරීක්ෂා කරන්නට පටන් ගත්තේය. "ඔයා බොහොම දුර ඇවිදලා වගෙයි, වස්තුවේ, කොහෙද ඔයාගෙ ගෙදර තියෙන්නේ?"
"මගේ ගෙදර ඩෝල්කොට් මෝල," මැගී කීවාය. "මගේ තාත්තාගෙ නම ටුලිවර්. ඒත් තාත්තාට දැනගන්න දෙන්න බෑ මං මෙහෙ කියලා, එතකොට එයා ඇවිත් මාව එක්කං යයි." මඳකට කතාව නතර කළ මැගී නැවත එක් වරම හඬගෑවාය: "අනේ තාම තේ වෙලාව ආවේ නැද්ද?" ඇය සිටියේ සැබැවින්ම දැඩි කුසගින්නකින් පෙලෙමිනි.
"ආ, මෙන්න එහෙනං හොඳ කෑමක් ඔයාට," වැරහැලි වූ මල්ලක් තුලින් ගත් වියළි පාන් කැබැල්ලක් සහ මස් පෙත්තක් මැගී වෙත පාමින් මහළු කාන්තාව කීවාය.
"ස්තූතියි," එය අතට නොගෙන ඒ දෙස බලමින් මැගී කිව්වාය. "ඒත් මට පානුයි බටර් ටිකකුයි එක්ක තේ දෙන්න පුළුවන්ද? මං මස් වලට එච්චරම කැමති නෑ."
"අපි ලඟ බටර්වත්, තේවත් නෑ," ඈ දෙසට නෙත් යොමාගෙන මහළු කාන්තාව කීවාය.
"ආහ්, එහෙනං පැණි ටිකක් උනත් කමක් නෑ," මැගී කීවාය.
"අපි ලඟ පැණිත් නෑ," එවර මහළු කාන්තාව කීවේ මඳ නුරුස්නා බවකිනි. කුඩා පිරිමි ළමුන්ගෙන් එකෙක් පැමිණ වහා ඇගේ අතේ වූ පාන් කැබැල්ලත්, මස් පෙත්තත් උදුරාගෙන ගොස් කන්නට පටන්ගත්තේය. එම මොහොතේදී යාර කිහිපයක් ඈතට ගොස් සිටි උස ගැහැණු ළමයා කිසිවක් කියා කෑ ගැසූ අතර මිනිසුන් දෙදෙනෙක් ඔවුන් වෙත ආවෝය. ඒ අතුරින් වඩා වැඩිමහළු තැනැත්තා තමා අතේ වූ බෑගය පහත හෙලා චෝදනාත්මක ස්වරයකින් හඬ නගා කාන්තාවන් ඇමතුවේය. මැගී වෙත බුරමින් දිව ආ කළු පැහැති සුනඛයාව වළක්වාගත් අනෙක් මිනිසා තමා අතේ වූ විශාල මුගුරකින් සුනඛයාට පහර දුන්නේය. අනතුරුව මිනිසුන් දෙදෙනාම මැගී දෙස බලමින් සිය අමුතු භාෂාවෙන් ඈ පිළිබඳව තොරතුරු විමසන බව පෙනුණි. අවසානයේදී මහළු කාන්තාව, "මේ පුංචි නෝනා අපිත් එක්ක නවතින්න ඇවිල්ලා, සතුටු නැද්ද?" යැයි ඇසුවාය.
"හරිම සතුටුයි," මැගීගේ රිදී දිදාලය සහ ඇගේ සාක්කුවෙන් පිටතට ගෙන තිබූ අනෙකුත් ද්‍රව්‍ය දෙස බලමින් සිටි තරුණ මිනිසා කීවේය. දිදාලය හැර අනෙකුත් ද්‍රව්‍ය ඔහු තරුණ ගැහැණිය වෙත දුන් අතර ඇය ඒවා යළිත් මැගීගේ සාක්කුවට දැමුවාය. ගිනි මැලය අසළ වාඩි වූ මිනිස්සු දෙදෙනා මුට්ටිය තුළ වූ මස් හා අල මිශ‍්‍ර වූ, ඒ වන විට ලිපෙන් බා කහ පැහැති බඳුනක බහා තිබූ, හොද්දේ රස බලන්නට වූහ.
මැගී තුළ අභිගුණ්ඨකයන් පිළිබඳව තිබූ අදහස් ගෙවී ගිය විනාඩි පහක කාළය තුළ ක්ෂණික වෙනසකට බඳුන් වී තිබුණි. ඔවුන් ගෞරවාන්විත සගයන් පිරිසක් ලෙසින් වෙනුවට මේ වන විට ඇගේ මනසේ වූයේ අඳුරු වැටුණු සැනින් ඔවුන් තමාව මරා දමා කැබලි වලට කපා සෙමින් හැඳි ගාමින් පිසිනු ඇති බවට වූ බියකරු සිතුවිල්ලකි. තරුණ කාන්තාව ඇයටද හොදි බඳුනක් පිළිගැන්වූ විට, බිය විසින් ඒ වන විට ඇගේ කුසගින්න පළවා හැර දමා තිබුණද, එය ප‍්‍රතික්ෂේප කිරීමට ඇය බිය වූවාය. නමුත් ඉන් එක් කටක් හෝ තමාට රස විඳිය නොහැකි බව තේරුම් ගත් ඇය අවසානයේදී තමා තුළ වූ සියලූ ධෛර්යය එක් රැුස් කරගෙන හිඳ හුන් තැනින් නැගිට කතා කළාය, "මං හිතන්නේ මං දැන් ගෙදර ගියොත් හොඳයි. ආයෙ වෙන දවසක එන්නංකෝ."
නමුත් ඇගේ බලාපොරොත්තුව මහළු අභිගුණ්ඨක කතගේ වදන් වලින් කඩ වී ගියේය. "ටිකක් ඉන්න, ටිකක් ඉන්න! අපි ඔයාව පරිස්සමෙන් ගෙදර යවන්නං කෑම කාලා ඉවර උනාම."
මෙම පොරොන්දුව පිළිබඳව එතරම් විශ්වාසයකින් තොරව මැගී නැවත වාඩි වුවද, උසැති ගැහැණු ළමයා කොටළුවාට කටකලියාවක් පළඳනු දැකීමෙන් ඇය සැනසුම් සුසුමක් හෙලූවාය.
"හරි එහෙනං, පුංචි නෝනා," තරුණ මිනිසා නැගිට කොටළුවාව ඉදිරියට ගෙන එමින් කතා කළේය, "අපිට කියන්න ඔයා කොහෙද ඉන්නෙ කියලා - එතන නම මොකද්ද?"
"ඩෝල්කොට් මෝල," මැගී උනන්දුවෙන් පිළිතුරු දුන්නාය.
"ඒ අර මෙහෙයි ඔග්ස් නගරෙයි අතර තියෙන ලොකු මෝලද?" ඔහු ඇසූ අතර මැගී හිස සැලූවාය. ඔහු ඇයව ඔසවා කොටළුවා මතින් තැබූ අතර ඇගේ හිස්වැස්ම නැවත රැුගෙන ආ තරුණ කාන්තාව එය ඇගේ හිසෙහි පැලඳුවාය.
මේ මොහොතේදී මිනිසාද මැගීගේ පිටුපසින් කොටළුවා මත නැගීමට සූදානම් වන බව පෙනුනද, කොටළුවා මෙන්ම මැගීද ඒ පිළිබඳව කිසිඳු විරෝධතාවයක් පෑමට අපොහොසත්ව අසරණව බලා සිටියාය. කාන්තාව මැගීගේ පිටට තට්ටු කළාය, "ඔයා තාත්තට කියනවා නේද අපි ඔයාට හොඳින් සැලකුවා කියලා?" ඒ සමගම මිනිසාගේ කෙවිටෙන් ලැබුණු ඉඟියකින් කොටළුවා ගමන් ඇරඹුවේය.
අවසානයේදී, ලොව ඇති දිගම මාවත ලෙසින් මැගීට හැඟුණු මාවත කෙළවර වූ අතර 'ශාන්ත ඔග්ස් නගරයට - සැතැපුම් 2යි' යනුවෙන් සඳහන් වූ පුවරුවක් එහි සවි කර තිබුණි. ඔවුන් මංසන්ධියක් වෙත පිවිසි මොහොතේ මැගී එක්වරම සුදු පැහැති අශ්වයෙකු පිට නැගී යන්නෙකු දුටුවාය.
"අන්න, නවත්තන්න, නවත්තන්න!" ඇය කෑ ගැසුවාය. "අන්න මගේ තාත්තා! අනේ තාත්තේ, තාත්තේ!" ක්ෂණික ප‍්‍රීතිය දරාගැනීමට අපහසු තරම් වූ අතර පියා ඔවුන් වෙත එන විට ඇය සිටියේ හඬමිනි. ව්‍යාපාර කටයුතු සඳහා දිනය පුරාම නිවසින් බැහැරව සිටි ටුලිවර් මහතාට මෙය මහත් පුදුමයක් විය.
"මේ මොකද? කොහොමද මෙහෙම උනේ?" මැගී කොටලූවා පිටෙන් බැස ඔහු වෙත දිව එද්දී සිය අසු නවතාගත් ඔහු ඇසුවේය.
"මං හිතන්නේ පුංචි නෝනා අතරමං වෙලා," අභිගුණ්ඨකයා පැවසුවේය. "ඩන්ලෝව් පාර කෙළවරේ තියෙන අපේ කූඩාරමට එයා ආවා, මං මේ එයාව ගෙදර එක්ක යන ගමන්."
"මෙන්න එහෙනං ඉලන්දාරියා," සිලිං පහක් ඔහු වෙත පාමින් ටුලිවර් මහතා කීවේය. "ඔහේ මෙච්චර කාලෙකට කරපු හොඳම වැඬේ මේක තමයි. මේ කෙල්ල නැති උනානං මං ඉඳලා මොකටද. මෙන්න, එයාව උස්සලා මගේ ඉස්සරහින් තියන්න."
"ඇයි මැගී, මොකද උනේ?" ගමන් ඇරඹු පසු ඔහු ඇසුවේය.
"අනේ තාත්තේ," මැගී ඉකි ගැසුවාය. "මං දුකෙන් හිටපු නිසා මං පැනලා ගියා - අයියා මං එක්ක හොඳටම තරහෙන් හිටියේ."
"ඔන්න, ඔන්න," ටුලිවර් මහතා මෘදු ලෙස කීවේය. "ඔයා කොහොමද එහෙම තාත්තවත් දාලා පැනලා යන්නේ? ඔයා නැතුව මං මොනවා කරන්නද?"
එම සන්ධ්‍යාවේ ඔවුන් නැවත නිවෙසට ගිය මොහොතේ ටුලිවර් මහතා දැඩි අවධාරණාත්මක හඬකින් කතා කළ අතර එහි වටිනා ප‍්‍රතිඵලයක් වශයෙන් ඇයට සිය නිවෙසින් පලා යාමේ අනුවණ ක‍්‍රියාව පිළිබඳව මවගේ තරවටු වදන් වලට හෝ සොයුරාගේ උසුළු විසුළු වලට හෝ මුහුණ පෑමට සිදු වූයේ නැත. සැබැවින්ම එළැඹුණු සති කිහිපයේ ටොම් ඇයට විශේෂයෙන් කරුණාවන්ත වූ අතර එම හේතුව නිසාම නොබෝ දිනකින්ම ඔහු තමාගෙන් වෙන් වී නැවත වතාවක් නව පාසලකට යාම පිළිබඳව මැගීගේ සිත තුළ පැවැති සන්තාපය තව තවත් වැඩි විය.

- මතු සම්බන්ධයි -
නියමා....යි ඔහොම යං ඔහොම යං.... :)
ReplyDeleteමැගීත් ලේසි නෑ, ටොම් සෝයර්ගෙ නංගි කෙනෙක් වගේ
Deleteගොඩක් ස්තූතියි කසුන්! මේ මැගී ඇවිල්ලා ටොම් ටුලිවර්ගේ නංගිනේ. :D
Deleteගිය කොටසයි මේ කොටසයි දෙකම එක විට කියෙව්වා.
ReplyDeleteමැගී අපරාධයක්නේ කර ගත්තේ කොන්ඩේට.හරිම හිතුවක්කාර ළමයෙක් තමයි.
ඔන්න ඉතිං මෙයත් ඒ අහිංසක කෙල්ලට බණින්න ලෑස්ති වෙනවා! :/
Deleteමං හිතුවෙම අහිකුන්ටිකයො මැගීව යවන එකක් නෑ කියලයි. ඇති යාන්තං.
ReplyDeleteහොඳ වෙලාවට නේද? :)
Deleteඅපුරුයි...
ReplyDeleteමං මේ කතාව කියවන්නේ ගොඩක් ආසාවෙන්..
මැගී හිතුවක්කාරයි.. ඒත් එයා ගොඩක් සංවේදී..
ස්තූතියි නිර්මාණි.
Deleteඒ හිතුවක්කාරකමද? මං හිතන්නෙ නෑ. එයා සංවේදියි කියලා කියපු එකටනම් මාත් එකඟයි. ඒත් එයාගෙ මේ දඟකාරකම මට හිතුවක්කාරකමක් විදිහට දැනෙන්නෙ නෑනේ. බලමුකෝ ඉස්සරහට කියවලා, නේද? :)
මේ අපේ ගරු කටයුතු තරුණ නෝනා මහත්මිය මට පේන්නෙ නව සත්ව විද්‍යාත්මක සොයාගැනීමකුත් කරලා වගේ. හබන් කුකුළා කියන්නෙ ලංකාවට ආවේණික පක්ෂියෙක් කියලයි මෙතෙක් පිළිඅරං තිබ්බෙ. ඒත් ඔන්න එංගලන්තෙත් උං ඉන්නවලු...:)
ReplyDeleteමැගී අහිගුණ්ඨිකයින්ට එකතුවෙන්ට හිතාගෙන පැනල යන සීන් එක කියවද්දි මට මතක් වුනේ??....... හා මොකක්ද කියන්න බලන්න......ඔය වගේම අම්ම එක්ක තරහ වෙලා ගෙදරින් පැනල යන තව සීන් එකක් තියනව. හැබැයි මෙතන යන්නෙ පොඩි අයියෙකුයි මල්ලියෙකුයි.ඒ දෙන්න ප්‍රෑම් එකක් දාගෙන එයාලගෙ අවුරුදු තුනක් වයස නංගිවත් එක්ක යනව....මම දන්නව ඔයා දන්නව කියල....I know that you know....හෙහ්,හෙහ්,
හයියෝ ඉතිං. (bantam) කුරු කුකුළා කියනවට වඩා ලස්සන නැද්ද හබන් කුකුළා කිව්වහම!
Deleteහා, ඔය තියෙන්නෙ කතාව එහෙන් මෙහෙන් මතකෙ, වයස් පොඩ්ඩක් වැරදුණාට. ඒ නංගිට අවුරුදු එකහමාරයි, නිකීට අවුරුදු දෙකහමාරයි, ලොකු අයියට අවුරුදු තුනහමාරයි. :)