132. ෆ්ලොස් නදිය අසබඩ - 1 - ඩෝල්කොට් නිවහනේ ටුලිවර්වරුන්



වසර ගණනාවකට පෙර පෙබරිවාරි මාසයේ එක් සන්ධ්‍යාවක ටුලිවර් මහතා සහ එම මහත්මිය, මෝල් හිමියා සහ ඔහුගේ බිරිඳ, ඩෝල්කොට් නැමැති ඔවුන්ගේ නිවහනේ ආලින්දයේ දීප්තිමත්ව දැල්වෙන ගිනි උඳුන අසළ අසුන්ගෙන සිටියෝය. ෆ්ලොස් ගංගාවේ කුඩා අතු ගංගාවක් වූ රිප්ල් අසළ එය පිහිටා තිබූ අතර ආසන්නතම නගරය වූයේ රතු වහළ වලින් සමන්විත ශාන්ත ඔග්ස් නගරයය. වසර ගණනාවක් පුරා මෙය ටුලිවර් වරුන්ගේ නිවහන වූ අතර මෙම කතාන්දරය ඇරඹෙන මෙම මොහොතේදී ටුලිවර් මහතා පිරිපුන් පැහැපත් සිරුරකින් හා ප‍්‍රියමනාප පෙනුමකින් යුතු වූ සිය බිරිඳ සමග සාකච්ඡා කරමින් සිටියේ සිය පුතු වූ දහතුන් හැවිරිදි ටොම් පිලිබඳවය.

"දන්නවද, මට  ඕන කරන්නේ," ටුලිවර් මහතා කතාව ඇරඹුවේය. "මට  ඕන කරන්නේ ටොම්ව හොඳ උගතෙක් කරන්න. ඇකඩමියෙන් අයින් වෙන්න  ඕන බව දන්නලා යවද්දි මගේ ඔළුවෙ තිබ්බෙ ඒ කල්පනාව. ගිම්හානෙ මැද හරියෙදි විතර හොඳ ඉස්කෝලෙකට එයාව දාන එක ගැන. එයා මේ හොඳට ලියන්න කියන්න දන්න මිනිස්සුන්ගෙ උප්පරවැට්ටි තේරුං ගන්න පුළුවන් උගතෙක් වෙනවා දකින්නයි මගෙ කැමැත්ත. මේ නීති රෙගුලාසි වගේ දේවල් වලදි මට එතකොට එයාගෙ උදව් ගන්න පුළුවන් වෙයි."

"මහත්තයෝ, ඔයා හිතලා තියෙන දේ හරියටම හරි. මගෙ කිසිම විරුද්ධත්වයක් නෑ," ඔහුගේ බිරිඳ කීවාය. "ඒත් ටොම්ට වෙන ඉස්කෝලෙකට යන්න වෙනවානං, මං කැමතියි ඒක මට එයාගෙ වැඩ කරලා දෙන්න පුළුවන් විදිහේ තැනක් වෙනවානම්. හෝදපු ඇඳුම් එහෙම ආපහු යවන කොට මට එයාට කේක්, ඌරු මස්, ඇපල් වගේ මොනවාහරිත් යවන්න බැරියෑ. එතකොට එයාට වැඩිපුර මොනවාහරි දෙයක් ලැබෙනවනෙ. කවුද දන්නෙ එහෙදි එයාට හරියට කන්නවත් ලැබෙයිද කියලා."
 

"හරි හරි, අපිට කරත්තෙ පිරෙනකල්ම එයාට බඩු පටවලා යවන්න බැරියෑ," ටුලිවර් මහතා කීවේය. "ඒත් හදිසියෙවත් අපිට එච්චර ලඟපාත තැනක් හොයාගන්න බැරි උනොත් ඔයා ඔය රෙදි හෝදලා යවන වැඩේ ගැනනම් එච්චර බලාපොරොත්තු තියාගන්න එපා. මං දන්නවා කරන්න  ඕනෙ මොකද්ද කියලා - මං අර වෙන්දේසිකාරයා, රයිලි එක්ක කතා කරලා බලන්නං. එයා හෙට එනවා වේල්ලේ වැඩකට. ඔය ඉස්කෝල ගැන හොඳට දන්න කෙනෙක් තමයි රයිලි. මිනිහා හැම තැනටම ගිහින් හොඳට ඉගෙනගෙන තියෙනවා. ටොම් රයිලි වගේ මිනිහෙක් වෙනවට තමයි මං කැමති, දන්නවද - හැමදේම ලියලා දීලා තියෙනවා වගේ හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක්; වෙළහෙළඳාම් ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක්."

"හරි, ඒත් රයිලි වගේ මඩ්පෝර්ට් තරං ඈතකට ටොම්ට ගිහිං පදිංචි වෙන්න වෙන්නෙ නැත්තං ඒ ඇති," ටුලිවර් මහත්මිය කීවාය. "නෑ, නෑ," ටුලිවර් මහතා පිළිතුරු දුන්නේය. "එයාව මඞ්පෝර්ට් යවන අදහසක් මගෙ නෑ: එයාට පුළුවන් ගෙදරම ඉඳලා ඔග්ස් වල කන්තෝරුවක් දාගෙන වැඩ කරන්න. ඒත්," ටුලිවර් මහතා නැවත කතා කළේ මඳ නිහැඬියාවකට පසුවය. "මට ටිකක් හිතට අමාරු ටොම්ට එච්චර මොළේ කල්පනා කරලා හරියකට වැඩක් කරගන්න බැරි එක ගැන. මිනිහා ටිකක් කම්මැලියි. අපරාධයක්. අපේ පොඩි කෙල්ලට එයාට වඩා දෙගුණයක් මොළේ තියෙනවා. ගෑණියෙකුට තියෙන්න  ඕන තරමට වඩා මොළයක් එයාට තියෙනවා." කල්පනාකාරීව හිස සළමින් ටුලිවර් මහතා කීවේය.


"ඔයා කියනවා මොළේ කල්පනා කරන එක ගැන," ඔහුගේ බිරිඳ කතා කළාය, "ඒත් මටනං සහතිකයි ඔය කෙල්ලට සමහර වෙලාවට බාගෙට පිස්සු. එයාව මොනවාහරි අරං එන්න උඩට යැව්වොත් ඔන්න එයාට අමතක වෙනවා මොකටද ගියෙ කියලා. මං මේ එයා එනකල් පහළ තට්ටුවේ බලං ඉද්දී එයා ඉර අව්වෙ බිම ඉඳගෙන පිස්සු හැදිච්ච සතෙක් වගේ තනියම සින්දු කිය කිය කොණ්ඩෙ ගොතනවා. අනික එයාගෙ දුඹුරු හමයි කළු කොණ්ඩෙයි! මට ඉන්න එකම ගෑණු දරුවා මේ වගේ කෙනෙක් කියලා හිතද්දි හරිම හිතට අමාරුයි."

"විකාර!" ටුලිවර් මහතා කීවේය. "එයා හොඳ, කළු ඇස් තියෙන පොඩි කෙල්ලෙක්. එයාට දේවගැතිවරයෙක් තරම්ම හොඳට කියවන්නත් පුළුවන්."


"ඒත් මොනවා කරලවත් මට එයාගෙ කොණ්ඩෙ කැරලි කරන්න බෑනේ."


"කපන්න - කොණ්ඩෙ කොටට කපලා දාන්න," ඇගේ සැමියා කීවේය.


"ඔයා කොහොමද එහෙම කතා කරන්නෙ මහත්තයෝ? කොණ්ඩෙ කොටට කපලා තියන්න පුළුවන් වයස එයා දැන් පහු කරලා. ඇයි, එයාට දැන් වයස නවයක්නේ, ඒ තරමට උසත් එක්ක. එයාගෙ නෑනා ලූසී -  බලන්න ඔළුව වටේට ලස්සන කැරලි එක්ක. මගෙ නංගි ඩීන්ට කොහොමද එච්චර ලස්සන දරුවෙක් ලැබුණේ කියලා හිතන කොටත් පුදුමයි. මගේ දරුවට වඩා ලූසී තමයි මං වගේ ඉන්නෙ, මං දන්නවා. මැගී!" සෙනෙහසත්, කරදරකාරී ස්වභාවයත් මිශ‍්‍ර වූ හඬකින් ඇය ඇමතුවේ ස්වභාව ධර්මයේ මෙම කුඩා අත්වැරැද්ද කාමරයට ඇතුල් වීමත් සමගය. "මං ඔයාට කොච්චර කියලා තියෙනවද වතුරෙන් ඈත් වෙලා ඉන්න කියලා. දවසක වතුරට වැටිලා ගිලුන දවසක තමයි තේරෙන්නේ අම්මා කියපු දේ ඇහැව්වෙ නැත්තෙ අපරාදෙ කියලා." මැගී සිය හිස්වැස්ම ගැලවූ මොහොතේ ඇගේ මවගේ චෝදනාව සනාථ විය; කඩා හැලෙන සුළු ඉතාමත් කෙළින් ස්වභාවයකින් යුතු වූ හිස කෙසින් ඇගේ දීප්තිමත් කළු වන් දෑස් ආවරණය වීම වැළැක්වීම සඳහා ඇය නිරන්තරයෙන් සිය හිස ගැස්වූවාය. එම ක‍්‍රියාව නිසා ඇය කෙරෙන් පළ වූයේ කුඩා පෝනියෙකුගේ ස්වභාවයකි.

"උඩට ගිහිං කොණ්ඩෙ පීරගෙන එන්න දැම්මම," ඇගේ මව කීවාය, "සපත්තුත් මාරු කරගන්න. ඊට පස්සෙ හොඳ ගෑණු දරුවෙක් වගේ ඇවිල්ලා ඔයාගෙ මැහුම පටන් ගන්න."


"අනේ අම්මා," මැගී අකැමැත්තෙන් කීවාය. "මං ඒ මැහුම මහන්න ආස නෑ."


"මොනවා! ඔයාගෙ ග්ලෙග් නැන්දට ඇඳ රෙද්දක් හදලා දෙන්න පටන්ගත්ත ලස්සන කෑලි මූට්ටු කරන මැහුම?"


"ඒක මෝඩ වැඩක්," හිස ගස්වමින් මැගී කීවාය, " - ආපහු මූට්ටු කරන්න හිතාගෙන රෙදි කෑලි ඉරන එක. අනික මට ග්ලෙග් නැන්දාට මුකුත් හදලා දෙන්න  ඕනකමක් නෑ - මං එයාට කැමති නෑ."


මැගී සිය හිස් වැස්මේ පටියෙන් ඇදගෙන එයද රැගෙන පිටව යන අතරේ ටුලිවර් මහතා හඬ නගා සිනාසුනේය. 


"එයාගෙ වැඩ වලට හිනා වෙලා අනුබල නොදී ඉන්නවනං හොඳයි මහත්තයෝ," ඔහුගේ බිරිඳ පැවසුවේ නොරුස්නා හඬකිනි. "ඔයා නිසා තමයි එයා බය නැතුව මුරණ්ඩුකම් කරන්නේ. ඒත් එයාගෙ නැන්දලා ඔක්කොම කියන්නෙ මමයි එයාව නරක් කරන්නෙ කියලා."


එයටද නැවතත් සිනාසුණු ටුලිවර් මහතා පසුදින රයිලි මහතා සමග කතා කළ යුතු කරුණු පිළිබඳව සැලසුම් කරන්නට පටන්ගත්තේය.



- මතු සම්බන්ධයි -



8 comments:

  1. කොහොමත් ගැහැණු ඔහොම තමා කතා කරන්නේ......

    ReplyDelete
    Replies
    1. හැබෑට! හා ඉන්ඩකො මං කුරුට්ටියන්ගෙන් අහලා බලන්ඩ! :D

      Delete
  2. ඔන්න,ඔන්න අපිත් අවා මේ කතාව බලන්න.
    අම්මලා නිතරම කියන කතාවක් තමයි තාත්තලා දරුවෝ නරක් කරනවා කියලා.

    ReplyDelete
    Replies
    1. තාත්තලා දූලව හුරතල් කරලා නරක් කරනවා, අම්මලා පුතාලව හුරතල් කරලා නරක් කරනවා. ආන්න එහෙමයි මං අහලා තියෙන්නේ. :D

      Delete
  3. අපූරු ආරම්ඹයක්. ඊලඟ කොටස කියවන්න බලන් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි. ඉක්මණට දාන්නම්කෝ ඊලඟ කොටස. :)

      Delete
  4. / මිඩ් සමර් වල ගොඩක් හොඳ ඉස්කෝලෙකට එයාව දාන එක ගැන. /

    මෙතන නෝනා මිඩ්සමර් කියන්නෙ තැනක් නෙවෙයි නේද? " ගිම්හානයේ මැද " කියන තේරුමෙන් නේද?

    ReplyDelete
    Replies
    1. හරි නේන්නං! මං මේ පරිවර්තනයට ගත්ත මැක්මිලන් පොතනම් මේ වෙලාවේ මං ලඟ නෑ. මුල් පොතේ ඊබුක් එක තියනවා. ඒකේ බැලුවාම මේ කොටස මෙහෙමයි තියෙන්නේ:

      “WHAT I want, you know,” said Mr. Tulliver,—“what I want is to give Tom a good eddication; an eddication as ’ll be a bread to him. That was what I was thinking of when I gave notice for him to leave the academy at Lady-day. I mean to put him to a downright good school at Midsummer. The two years at th’ academy ’ud ha’ done well enough, if I’d meant to make a miller and farmer of him, for he’s had a fine sight more schoolin’ nor I ever got. All the learnin’ my father ever paid for was a bit o’ birch at one end and the alphabet at th’ other. But I should like Tom to be a bit of a scholard, so as he might be up to the tricks o’ these fellows as talk fine and write with a flourish. It ’ud be a help to me wi’ these lawsuits, and arbitrations, and things. I wouldn’t make a downright lawyer o’ the lad,—I should be sorry for him to be a raskill,—but a sort o’ engineer, or a surveyor, or an auctioneer and vallyer, like Riley, or one o’ them smartish businesses as are all profits and no outlay, only for a big watch-chain and a high stool. They’re pretty nigh all one, and they’re not far off being even wi’ the law, I believe; for Riley looks Lawyer Wakem i’ the face as hard as one cat looks another. He’s none frightened at him.”

      මොකක් හරි නිසා මට ඒක මඩ්පෝර්ට්, සෙන්ට් ඔග්ස් වගේ නගරයක් විදිහටම හිතට වැදිලා. ඒ අත්වැරැද්ද ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. අයියට ගොඩාක් ස්තූතියි. ඔන්න වහාම නිවැරදි කළා.

      Delete