127. නෙළුම් යායක අසිරිය...


සොඳුරු සියපත් සුපිපි
'නෙළුම් යාය'ක අසිරි
දුටිමි මම නොබෝ දින
සිත ඉපිල ඇත තුටිනි

වියුණු සටහන් රැසකි
නොදුටු මිතුරන් කැළකි
අකුරු පණ පොවන ඒ
සොඳුරු සිත් දැක ගතිමි

ඒ විසල් මෙහෙයකි
තුමුල තුරු සෙවණකි
නෙළුම් යායට පෑයු
අමිල හිරු කිරණකි

නෙළුම් යායට ඒ හිරු එළිය ලබා දුන් අජිත් අයියා, කළ්‍යාණ මිත්‍ර අයියා, ඉවාන් පවුලූෂා ඇතුළු හැම දෙනාටම මගේ ආචාරය!

වසරේ හොඳම බ්ලොග් රචිකාවිය වූ බස්සි නගා ඇතුළු සම්මානලාභී සියලුම දෙනාට මගේ හද පිරි සුබ පැතුම්!


බ්ලොග් සටහන් තුළ ඇමිණුන අකුරු අතරින් හඳුනාගත්ත බොහෝ දෙනාව එදා හැබැහින්ම දැකගත්තා. ඒ ගැන ගොඩාක් සතුටුයි. ඒත් උත්සවේ ඉවර වෙච්ච ගමන් ගෙදර දුවන්න වෙච්ච නිසා කතාබහ කරන්න ලැබුණේ ඉතාම ටික දෙනෙක් එක්ක විතරයි. ඒ ගැන සමාවෙන්න. අපි ලියන සටහනකට ලැබෙන දිරිගන්වනසුළු කමෙන්ට් එකක් දුටුවාම දැනෙන සතුට වගේ කියන්න බැරි තරම් ගුණයක සතුටක් තමයි මේ වගේ ඇගයීමකින් ලැබෙන්නේ. ඒ දිරි ගැන්වීම ඇගයීමට ලක් වුණ අයගෙන්, නිර්දේශිත නාම අතරට එකතු වුණ අයගෙන් වගේම අනිත් බ්ලොග් රචකයන්ගෙනුත් වඩා හරවත්, ගුණවත්, සුන්දර සටහන් ඉදිරියේදී ලියවෙන්න අනිවාර්යයෙන්ම උත්තේජනයක් වේවි.


දෙවැනි වතාවට පවත්වාපු සම්මාන උළෙල ලෙස සලකා බැලුවාම ඒ උත්සවය ඉතාමත් හොඳ මට්ටමක තිබුණ බව කියන්න ඕනේ. ඒ වෙනුවෙන් මහන්සි වුණ අයගේ සාමූහික ප්‍රයත්නය සාර්ථකයි. ඉදිරියේදී පවත්වන උත්සව වඩාත් සාර්ථක කරගන්න මේ උත්සවයෙන් හොඳ අඩිතාලමක් ලැබෙන්න ඇති බව නිසැකයි. 


නෙළුම් යායටත්, ආදරණීය බ්ලොග් සහෘදයන්ටත් ජයෙන් ජයම වේවා!






22 comments:

  1. මේ හැංගි මුත්තම දැක ගන්න තමයි මාත් මග බලා උන්නේ...

    :D

    ඔබටත් ජයෙන් ජය ම වේවා නැගණියනි!

    ReplyDelete
    Replies
    1. ඔට්ටුයි! හූ! :P

      මෙච්චර මේ එකට මල්දම් ගොතාපු අපේ සැට් එකෙනුත් මං තාම හැබැහින් දැකලා තියෙන්නේ ඔයාව විතරයිනේ. තව ඩිංගෙන් ඒ චෑන්ස් එකත් මිස් වෙනවා. අක්කවත්, අයියවත් පොඩ්ඩෝ දෙන්නවත් එදා දකින්න ලැබුණ එක ලොකු සතුටක්. :)

      අක්කාටත් එසේම වේවා!

      Delete
  2. සුභ පැතුම් මගෙනුත්... හැබැ‍යි මම සම්මාන දිනපු කෙටි නවකතාව නම් කියෙව්වෙ නෑ.. දැන් ඉතිං සම්මානත් ලැබිලා නිසා කියවන්න වෙනවා. හැබැයි අපි ඔයාගෙ නම නම් දැන ගත්තා... හොඳ වෙලාවට සංවිධායකයන්ට නම දුන්නේ, නැත්තං වේදිකාවට එන්න කියන්න වෙන්නේ මේ ධාරානිපාත නම කියලනේ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි තිසර අයියේ. කියවන්න කියවන්න, ඔන්න මං ලේසි කරන්න පළවෙනි කොටසේ ලිංක් එක මෙතන දානවා. මාර්ග බාධක මුකුත් නෑ, එකේ ඉඳං විසි දෙක වෙනකල් කියවගෙන යන්ඩයි තියෙන්නේ.

      නම දැනගත්තට කමක් නෑ, දන්නෙ නෑ වගේ ඉන්න එකයි ඇත්තේ. :P

      Delete
  3. අපි දැකපු වැදගත්කමත් ඒකම තමා.... දෙවැනි වතාවට පවත්වපු ඒ සම්මාන උලෙළ හොද මට්ටමක තිබුණා..... මේක අනාගතය සදහා වූ හොද පදනමක්...... බ්ලොග්කරුවන්ගේ අනාගතය පැහැදිලි කියලා තමා කියන්න තියෙන්නේ.... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. කුරුටු පවුලටත් මගේ උණුසුම් සුබ පැතුම්. එදා මං හිටපු පේළියට ඉස්සරහා පේළියේනේ ඔයගොල්ලෝ ඉඳලා තියෙන්නේ. හරියටම දැනගත්තෙ අන්තිම මොහොතෙදි. කතා කරන්න බැරි වුනානේ ඉතින්. වෙන දවසක බලමුකෝ. :)

      Delete
    2. //එදා මං හිටපු පේළියට ඉස්සරහා පේළියේනේ ඔයගොල්ලෝ ඉඳලා තියෙන්නේ. //
      ඒ කියන්නෙ මට ඉස්සරහ පේලියෙ ඔයා ඉඳල තියෙන්නෙ.

      Delete
    3. හයියෝ, අපරාදේ. මං ඔයාව දැක්කේ උත්සවෙන් පස්සේ ඔයා වෙන යාළුවෙක් එක්ක ලොකු කතාවක් දාගෙන කෑම කන තැන ඉන්න වෙලාවේ. ඒ වෙලාවේ මං මැද්දට පනින්න ආවෙ නෑ, ඒත් පස්සෙ බලද්දි ඔයාව හොයාගන්න බැරි වුනා. මං ලඟම තමයි අර ඉර මාමා වෙනුවෙන් දහ දොළොස් වතාවක් වේදිකාවට නගින්න වෙච්ච අසරණ රන්දිකා අක්කාත් හිටියෙ. සිත්තරාටනං ටික වෙලාවක් ඉඳලා ඉක්මණටම යන්න වුනා පන්තියක් තියන නිසා.

      Delete
  4. මේ යෝදිගෙ ඇත්ත නම කියන්ටම වෙලා. නැත්තං තෑග්ග දෙන්නෙ නෑ කියල අර කල්ලියානයා තර්ජනය කරාලු. මොකද අර ඉවාන් ගොයියට "සි" යන්න කියවෙන්නෙ නැතිලු.

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ අයියේ, ඉවාන්, ඔන්න මේ කතා වලට මාව එහෙම අල්ලගන්න එපා හරි. ඔය ඉන්නෙ ඉර මාමා වාගෙ බැබලි බැබලි, අන්න එයාවම අල්ලගන්ඩ.

      ඉර මාමා එදා හිටපු නැති හින්දා දන්නෙ නෑනේ, අපේ නම් ලැයිස්තු කියෙව්වේ ඉවාන් නෙවෙයි, ගෑණු ළමයෙක්. එයාගෙ නමනං දන්නෙ නෑ මං.

      Delete
    2. දිලිනි නිමන්තිකා- දිලාගේ ලෝකය බ්ලොග් එක.

      Delete
    3. ඔව්නේ, පස්සේ දැනගත්තා අයියගේ පෝස්ට් එකෙන්. අයියා ඒ කියලා තිබුණා තරම් අඩුපාඩුවක් මට දැනුණේ නෑ දිලිනිගේ ඉදිරිපත් කිරීමේ.

      Delete
  5. සුබ පැතුම් අක්කේ. අපි සිත්තමී නොකියා අර ........... කියල දැන් කොමෙන්ට් කරන්නද?

    ReplyDelete
    Replies
    1. කිව්වා නේද මං දැන් සැරයක්!!!

      සුබ පැතුමට ස්තූතියි මල්ලියෝ! :)

      Delete
  6. ඔන්න අපෙනුත් සුබ පැතුම්...! හැබැයි මේ සම්මානලාභී කතාව මටත් කියවන්න ලැබිලා නැහැ.ඉඩ ලද විටක කියවා බලන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මනෝජ් මල්ලී. මට මේ මනෝජ්ලා ටික දැන් පැටලිලා ඉන්නේ. කතාව කියවන්නකෝ වෙලාව හොයාගෙන. ටිකක් දිගයි. ඒත් රස විඳින්න පුළුවන් වෙයි කියලා හිතනවා. :)

      Delete
  7. සුභ පැතුම් සිත්තමී..දිගටම ලියන්න හොඳේ..

    ReplyDelete
    Replies
    1. goDaak stuutiyi ruu. ma\n digaTama liyanavaa, eit oya noenaa liyanne nAttei mokoe? ei davas vala hari aasaaven kiyevvei oyaage katandara.

      Delete
  8. සම්මානෙට සුබ පැතුම් සිත්තමී!.....

    මේ මම එක හුස්මට කියවපු කතාවකට නේද සම්මාන ලැබිලා තියෙන්නෙ කියලා දැනුයි මීටර් උනේ

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි සඳු. ඔව් ඔව්, ඔයා මේ කතාව මුළ ඉඳන් අගටම කියෙව්වා, මුළ ඉඳන්ම මට දිරි දුන්නා. ඔයාගේ ලස්සන කතාන්දරත් ආයෙ ඉක්මණටම කියවන්න මේ ඉවසිල්ලක් නැතුව ඉන්නේ.

      Delete
  9. එකෝමත් එක රටක ඉඳලා ඇවිත් සම්මාන උළෙලට සහබාගි උනාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මෙන්න බලන්නකෝ අපිට ස්තූති කරන්නේ කවුද කියලා! මෑන් ඔෆ් ද මැච් ඇවිල්ලා මැච් එක බලන්න ආපු ප්‍රේක්ෂකයෙකුට ස්තූති කරනවා. :D

      මට නෙවෙයි, අයියටයි අනිත් අයටයි ගොඩාක් ස්තූතියි. මට පුංචි උදව්වක්වත් කරන්න බැරි වුන එක ගැන දුකයි. තව ටිකෙන් මෙච්චර ලඟ ඉඳලත් මට මග ඇරෙන්න ගියේ කොයි තරම් වටින දෙයක්ද කියලා හිතෙන කොටත් හිතට පසුතැවිල්ලක් දැනෙනවා. ඊලඟ වතාවෙදි අයියේ අපිට කරන්න පුළුවන් දෙයක් තියනවනම් කියන්න, පුළුවන් විදිහෙන් උදව්වක් දෙන්නම්.

      ඒක නෙමේ, මං ඒ ලැබිච්ච එව්වා ටික එකෝමත් එක රටට අරං ගිහිල්ලා එඩ්වඩ්ටයි වැනේසාටයි දුන්නා. ඒ දෙන්නා මට තව වැඩක් බාර දුන්නා - 'එකෝමත් එක කාලෙකට පසු' කතාවත් ලියන්න කියලා. :D

      Delete