ගලා යයි එක් ගංගාවක්
අඳුරු කැලෑවක් මැද්දෙන්
ගුප්ත අන්ධකාරයක් මැද්දෙන්
විටෙක අතුරුදන් වෙමින්
තවත් තැනෙකින් මතු වෙමින්
මූසල හෝ හෝ හඬක් නගමින්
වැළපෙමින්
රොස් පරොස් බස් දොඩමින්
ඇදී යයි ඒ ගංගාව
නිමක් නැති ගමනක...
දැනුණද වෙහෙස
නොමැත ඉසිඹුවක් නවතින්නට
විහඟුන්ට කන් දෙන්නට
මල් සුවඳ විඳින්නට
සමනළුන් හා හිනැහෙන්නට
නොමැත ඉසිඹුවක්
ගමනේ රස විඳින්නට...
බැඳලිය නොහුණු වේගයකින්
ඇදි ඇදී යයි ඒ ගංගාව
ලොවට පෙනෙන්නට
ලොව සතුටු කරන්නට
මහා දිය ඇල්ලකින්
ඇද හැලෙන්නට...

ගඟ ගලන්නී යුහුව,
ReplyDeleteඇද හැලෙනු පිණිස දිය ඇල්ලක්ව,
ඇය උපන්නී මෙදියත,
දිය ඇල්ලක්ව ඇද හැලෙනු පිණිසමය.
ඇය ගයන්නී සොඳුරු ගීපද,
අසා හිඳිනෙමි වැතිර ඉවුරත,
නිවා ගත දවන සරතැස සෙනෙහසින,
නික්ම යයි ඈ ගයමින….. ගංගාවේ ගීතය.
මහා ආත්මාර්ථකාමී උත්තරයක්...
Deleteගලන්නේ ගඟ
ඇද හැලෙන්නට නොව
මග බලා හිඳිනා
සයුරු තෙර සිපගන්නට
ඒ ඇදී යන ගමනේ
නැතක් බාධක හමුවේ
ගල් පර මත හැපි හැපී
නොනැවතී ඈ ගලන්නී
දකිනු රිසියෙන් මහ සයුරු රළ
බලා හිඳිනා තමා වෙනුවෙන්
සැදී පැහැදී දෑත් දිගු කර
නුමුදු ඒ ගමන
ඇයිද මෙතරම් විඩාබර...
කවි පන්ති දෙකම හරිම රසවත්....:)
ReplyDeleteමේ විදියට කවි සිත් පහල වෙන්නේ කොහොමද කියලා මට නම් හිතාගන්ටත් බෑ.
ගොඩාක් ස්තූතියි පොඩ්ඩි අක්කේ. කවි සිත් පහළ වෙන හැටි ගැන මහා පඬිවරු කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි...
DeleteA poem begins with a lump in the throat. ~Robert Frost
Poetry is when an emotion has found its thought and the thought has found words. ~Robert Frost
Poetry is everywhere; it just needs editing. ~James Tate
Breathe-in experience, breathe-out poetry. ~Muriel Rukeyser
Poetry is the rhythmical creation of beauty in words. ~Edgar Allan Poe
Poetry is the art of uniting pleasure with truth. ~Samuel Johnson
And the best is...
I've written some poetry I don't understand myself. ~Carl Sandburg
:) :) :)
මෙතෙක් ආ නිසොල්මන් ගමන
ReplyDeleteකුමන නම් රසයක් වේද?
නොහැකිද මටත් වරක් හෝ
විඳින්නට රස ඇඩ්වෙන්චරයක
ඇගේ සිතුවිලි හැඳින
මහා ගිරිකුළු මැවින
බියෙන් ඇය ඇද හැලින
තුටින් හසරැල් නැගින
නමුදු ගැටළුව
Deleteඇඩ්වෙන්චරයක රස විඳින්නට
ඇවැසි වූ මොහොතේ නොව
මහා ගිරි කුළු මැවී ඇත්තේ
නිහඬව නිසලව
හෙමි හෙමින් ඇදී යාමට
සිතූ මොහොතකය...
ලොවක් සනසන්නට ගලා හැලෙනා රූබර දියඇලි කොමලිය
ReplyDeleteනසා වනසන්නට බලා හිදී මිනිස් කැල අවි අමෝරාගෙන
අදුරු කැලෑවේ ගුප්ත අන්ධකාරයේ අතුරුදන්ව සැගව යනු මැන
මිනිස් ඇසකට හසු නොවී