46. අතරමං වූ කවි සිත...



කුරුළු ගී හඬ නෑසෙනා ඝන කැලෑ ලැහැබක් මැද්දෙදී
දිය බිඳක් නෙත නොගැටෙනා මහ සමුදුරෙක රැළි අතරෙදී
සුළං රැල්ලක් හමා නො එනා ගිරි ශිඛර හිස් මුදුනෙදී
මලක් නොපිපෙන තැනිතලාවෙක පන්හිඳට ඉඩකඩ මදී 



13 comments:

  1. ඉතිං කවුද උඹට කිව්වෙ,
    ඔය හතිකොණ යන්ට කියල,
    කැලේ ගිහිං,
    මූදෙ ගිහිං,
    කන්දක් උඩටත් ගිහිල්ල,
    ඒ මදිවට කොහෙදෝ තැනිතලාවකුත්,

    වැඩ අරුනම පල ගෙදරට,
    තේ එකකුත් හදං එහෙම,
    ඉඳගං සාලේ මේසේ,
    බලපං පංහිඳෙං එනව,
    සට සට ගා කයි හිතුවිලි………

    ReplyDelete
    Replies
    1. චික්... තේ බීල කවුද කයි ලියන්නෙ...

      Delete
    2. @ රවි,

      මක්කැයි උඹ මේ දොඩන්නෙ
      බොට පිස්සුද ඔල්මාදෙද
      සාලෙ ඉඳං තේ ගැහුවට
      එහෙම එයියැ කවි සිතුවිලි
      බෝතලයක් අරගෙන පල
      හැන්දෑවට ගඟ ගාවට
      එහෙමත් නැත්තං නැගපිය
      හඳපානේ ගලක් උඩට
      සුරාමේරෙ මද පමනට
      වක්කරගෙන තොලගෑවම
      කවි සිතුවිලි විතරක් නොව
      සරස්වතිත් පහළ ‍වේවි....

      Delete
    3. @ Ravi Ayya

      කැලේ ගියේ අහං ඉන්න
      කුරුළු ගීත ගැයෙනා හැටි
      මූදු ගියෙ බලං ඉන්න
      රැළි පිට රැළි නැගෙනා හැටි
      කඳු නැග්ගේ පියාඹන්න
      හමන සුළඟෙ දැවටි දැවටි
      තැනිතලාවෙ ඇවිද්දෙ මං
      බලන්න මල් පිපෙනා හැටි

      කුරුළු නාද ඇහුනෙත් නෑ
      මූදෙන් රැළි නැංගෙත් නෑ
      සුළං රැළක් හැමුවෙත් නෑ
      පිපුණු මලක් දුටුවෙත් නෑ
      මං
      හවසට තේ බොන්නෙත් නෑ :D :D :D

      Delete
    4. @ Thisara Ayya

      ඒකනෙ, තේ බීල ලියන්න ඕනෙ කතන්දර. කවි ලියලා හරි යනවැයි. :D

      Delete
    5. හපොයි බූරො අයියා ඔය මටද කියන්නෙ 'බෝතලයක් අරගෙන පල හැන්දෑවට ගඟ ගාවට', 'සුරාමේරෙ මද පමනට' කියලා? ඒක කරන්න වෙන් නෑ බූරො අයියේ, සිත්තරා මට එපා කියලා තියෙන්නේ ඔය එක එක එව්වා බොන්න. :D

      Delete
  2. වැඩ කරන ගමන් කවි අදහස් පහල වෙන්නේ නෑ තමා අනේ...:D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අනේ. මං දැං හිතාගෙන ඉන්නෙ මං කරන අනිත් රාජකාරියෙන් අයිං වෙලා ෆුල් ටයිම් වලව්වේ වැඩට එන්න. එතකොට මට පුස්තකාලෙට වෙලා ඕන තරං කවි ලිය ලිය හිටිය හැකි. හා ද පොඩි මැණිකේ? :D

      Delete
  3. කුරුළු ගී හඬ පිනන දෙසවන් තුරුලතා නැති මුඩු බිමේ
    දිය පොදක සිහිලැල් සුවය දෙන වියළි මරු කතරක ඉමේ
    හමන මදනල නිවන සරතැස බිම්ගෙයක, සැඟවුන හිමේ
    මලක් නොපිපුන නමුදු සිතුවිලි අඳියි කවි සිත, සිත්තමේ

    ReplyDelete
    Replies
    1. මේ කවියෙ ලස්සනට කොහොම උත්තරයක් හිතාගන්නද කියලා මට හිතාගන්න බැරුව ගියා තිසර අයියේ. (ජනූ අක්කා ඔයාට අයියා කියලා කියනවා දැකලා මම නිගමනය කළා ඔයා මටත් අයියා වෙන්න ඕනෙ කියලා :))

      මුඩු බිමක් වුව කුරුළු ගී හඬ නිබඳ ඒ බිම ඇසේනම්
      වියළි මරු කතරක් වුවත් එහි දිය පොදක සුව දැනේනම්
      හිමේ සැඟවුණ බිම් ගෙයක් වුව මඳ පවන් රැල් හමයි නම්
      මල් කුමට මම් පන්හිඳෙන් කවි පබැඳ සිත්තම් කරන්නම්

      Delete
    2. අන්න එහෙමනේ ඉන්න ඕනේ.. කවි සිතක් ඇත්නම්... මල් මොකටද...

      හා හා අයියා කියන්නකෝ... මං ජනූට වඩා අවුරුදු 3ක් විතර නාකියි. :)

      Delete
    3. හෑ බං! ඒ කියන්නෙ උඹට වයස 63ක් ද.?? ;)

      Delete
    4. ඔහොම උඩ බලං කෙල ගහන්නේ ඇයි යකඩෝ... උඹත් ඒකිට අයියා නේද වෙන්නේ? අර රවී අයියට මොනව නොහිතේද?

      Delete