සිලි සිලි නද දෙන බෝ මැඩ පාමුල
නළලත බැඳි අත් පියුම දරා
සැදැහැ සිතින් නෙතු සඟල පියා
මිමිණූ බුදු ගුණ පිහිටම වේවා
සසර පුරා - පින් මහිම වඩා
පිතු සෙනෙහෙන් හද ගැබ පුරවා
හද මඬලින් නැගි සිනහව පා
කළණ මිතු දමින් ගුණ නැණ මහිමෙන්
මනුසත් දිවියක අසිරිය සැමටම
පෙන්වූවා - පින් මහිම වඩා
රට දෑ සමයට බැඳි බැති පෙම්
මැවිසුරු මිනිසෙකි දුටු තුන්කල්
තුරු ලිය ලෝ සත සම මෙත් පතුරා
බෝසත් ගුණයෙන් අට ලෝ දම් දැන
පිය නැගුවා - පින් මහිම වඩා
හමු වේවා - මුළු සසර පුරා
පියාණෙනී - ඉම දකින තුරා

එතුමාට නිවන් සුව අත්වේවා!
ReplyDelete🙏
Deleteනිවන් සුව අත්වේවා!
ReplyDelete🙏
Deleteරට දෑ සමයට නොඇලී නොගැටී,
ReplyDeleteමව් පිය වී නොම ඉපදී,
මීලඟ භවයෙම නිවනට යන්නට,
ප්‍රඥාවන්තව යලි ඉපදේවා
මේ බුදු සමයේ!!
ඇලීමකින් ගැටීමකින් තොරව භක්ත්‍යාදරය දක්වන හැටි දැනගෙන හිටපු මගේ පියාගේ ප්‍රඥා මහිමය ගැන මට ආඩම්බරයි. ඒ දැනුම් මහිමය, බුද්ධි මහිමය, ප්‍රඥා මහිමය ගැන මගේ පියාව දන්නා හඳුනන හැමදෙනාම හොඳින් දන්නවා. ඒ ප්‍රමාණවත්. මේ ගෞතම බුදු සසුනේදීම ගමන කෙළවර කරගැනීම තමයි මගේ පවුලේ සියලු දෙනාගේම පැතුම. 🙏
Deleteනිවන් සුවයම වේවා!
ReplyDelete🙏🙏🙏
ReplyDelete