94. ලෝක පුදුම හත...


https://si.wikipedia.org/wiki/ලෝක_පුදුම_හත
එක්තරා පාසැලක ගුරුතුමියක් තමන්ගේ පංතියේ සිසුන්ට දවසක් කිව්වා ලෝක පුදුම හත පොතේ සටහන් කරන්න කියලා. ඉතින් එක එක්කෙනා ලියපු ඒවා ගුරුතුමියට පෙන්නුවා. පුංචි පුංචි එහා මෙහා වීම් තිබුණත් වැඩි දෙනෙක්ගේ පොත් වල සටහන් වෙලා තිබුණේ මේවා:

1. බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නුවර ඉදිකර ඇති ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව
2. චීන මහා ප්‍රාකාරය
3. ඉතාලියේ කොලෝසියම
4. ජොර්දානයේ පෙට්‍රා නගරය
5. පෙරුහි මාචු පීචු බලකොටුව
6. මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා පූජනීය නගරය
7. ඉන්දියාවේ ටජ්මහල් මන්දිරය

මේ විදියට සිසුන් සටහන් කරපු කරුණු දිහා බලාගෙන යන අතර ගුරුතුමිය දැක්කා එක පුංචි ගැහැණු ළමයෙක් මුකුත් ලියන්නේ නැතුව කල්පනා කර කර ඉන්නවා. ගුරුතුමිය එයා ලඟට ගිහින් ඇහුවා 'ඇයි ලියන්නෙ නැත්තේ? උත්තරේ දන්නෙ නැද්ද' කියලා. එතකොට ළමයා කිව්වා, එයාට මේ ලෝකේ පුදුම හිතෙන දේවල් ගොඩාක් තියෙනවා, එතනින් හතක් තෝරගන්න බැරුවයි ඉන්නේ කියලා. ඉතින් ගුරුතුමිය ඇහුවා ඒ මොනවද කියලා. මෙන්න ඒ පුංචි ළමයා කියපු ලෝක පුදුම හත:

1. දැකීම
2. ඇසීම
3. දැනීම
4. රස විඳීම
5. හැඟීම
6. සිනහව
7. ආදරය

මුළු පංතියම ඉතාම නිශ්ශබ්දව අහගෙන හිටියා. ඒ හැමෝටම වගේම ඔයාලටත් හිතන්න යමක් ඉතුරු වෙන්න ඇති නේද. හිතන්න... මගේ වචන වලින් ඒ ලස්සන පිළිතුර විචාරය කරලා ඔයාලාගේ ඒ සිතුවිලි වලට මම බාධා කරන්නේ නෑ... හිතන්න... ජීවිතයේ අපූර්වත්වය රස විඳින්න...


මේ සටහන පරිවර්තනය සඳහා උපුටා ගත්තේ මෙතනින්. ඒකේ මුළින් සටහන් වෙන පුදුම හත පුංචි ළමයින් ඒ ගොල්ලන්ගේ දැනුමෙන් සඳහන් කරපු ලෝකයේ ප්‍රසිද්ධ ස්ථාන කීපයක්. මම ඒ වෙනුවට දැනට ලෝකයේ පිළිගෙන තියෙන නව ලෝක පුදුම හත එතනට ඇතුල් කළේ මේක කියවන ඔයාලගේ දැනුම වැඩි කරගන්නයි.


4 comments:

  1. ස්තුතියි අපේ දැනුම පුලුල් කරන්න උත්සාහ කලාට.

    අර හත වගේම තවත් දේවල් ලැයිස්තු හදන්න පුලුවන්.

    ඔය පෙන්නලා ත්යීන පුදුම හත අදත් දකින්න තියෙන ඒවනේ.

    මේවා තමයි පුරාණ ලෝකයේ පුදුම හත

    The Pyramid of Giza (Still standing)
    TheHanging gardens of Babylon
    The Mausoleum at Halicarnassus
    The temple of Artemis
    The statue of Zeus
    The Collosus at Rhodes
    The light house of Pharos

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ ඒ විස්තරත් කියලා මේ ලිපියේ වටිනාකම තවත් වැඩි කළාට. :)

      Delete
  2. පුදුමය කියනෙක සාපේක්ෂයි නේ.. ඒත් අපිට පොඩි කාලේ ඉඳල පුදුම වෙන්න කියල දීල තිබුණේ මේ වගේ අනිත් අය පුදුම වුනු ඒවා ගැන. නීදහසේ හිතන්න ලැබුන නම් අපිටත් තව මතක් වෙයි කියල හිතෙනවා.. ස්තූතියි මේක බෙදා ගත්තට.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි කල්‍යාණ මිත්‍ර. මං නිකං හිතන්න හැදුවා මට වැඩියෙන්ම පුදුම හිතෙන්නේ මොනවා ගැනද කියලා. මෙන්න මට හිතිච්ච එව්වා ටික: සමනල්ලු, වළාකුළු, තරු, හුළඟ, වතුර, මගේ සිත්තරා, මගේ චූටි පුතා, අයිස් ක්‍රීම්, පරිකල්පනය, බුදු ගුණ. දහයක්ම ලිව්වා. :)

      Delete