***
වැනේසා කුමරිය ගමන් කළේ ගාටමින් පසුපසින් ඇදී එන සිය පුහුණුකරුට වඩා අඩි කිහිපයක් ඉදිරියෙනි. මිනිත්තු කිහිපයකට පෙර ඔවුන් අසුන් පිට නැගී යුධ හරඹ පුහුණුවක නිරත වූ අතර මේ මොහොතේ පා ගමනින් යමින් සිටියේ පුහුණු පිටිය අසළ වූ කඳු ගැටය මුදුනට ය. ඈ තුළ වූ ජවය පිළිබඳව පුදුමයට පත්ව සිටි පුහුණුකරුගේ මැසිවිලි කෙඳිරීම නතර වූයේ සෙසු සෙබළුන්ට නතර වන ලෙස ඇය කළ අණ දීම කන වැකීමෙනි. සිය හදවත වේගවත් ගැස්මකින් ස්පන්ධනය වූ බව ඔහුට දැනුණද, ඒ තම රහස් ආදරිය හා තනි වීමට ඉඩක් ලැබීම පිළිබඳවද නැතහොත් සිය මෙහෙයුම දියත් කිරීමට නැවතත් අවස්ථාවක් ලැබීම පිළිබඳවද යන්න ඔහුම නොදත්තේය.
මහල්ලෙකුගේ පැසුණු හිසකෙසින් හා රැවුලෙන් යුතු තමා පිළිබඳව කුමරිය කුමක් සිතනු ඇත්දැයි ඔහු කිහිප විටක්ම තනිවම කල්පනා කළේය. බොහෝවිට තමා ඇයට හුදෙක් පුහුණුකරුවෙක්ම පමණක්ම වන්නට ඇත. ඇය ඉතා දක්ෂ ලෙස සටන් උගත් අතර තමා සැබැවින්ම සේවය කරන්නේ කුමන රජුටදැයි ඔහුට විටෙක සැකයක්ද පහළ විය. ඇය ඉතාම සුන්දර, කඩිසර හා නිර්භය බවින් යුතු වූ අතර ඔහු සිය ජීවන සහකාරිය කරගැනීමට කැමති කාන්තාව තුළ තිබිය යුතු සෑම ගුණාංගයක්ම ඈ සතු විය. නමුත් ඇය, ඔහු අයත් රාජධානියට යාබධ සතුරු රාජ්‍යයේ රජුගේ එකම දරුවාය. සුවිශේෂ මෙහෙයුමක් යටතේ සතුරු රාජ්‍යය කරා එවනු ලැබූ ඔහු, ඔහු සේවය කරනා රජුගේ ඥාති පුත්‍රයාය. නමුත් ඈ දුටු මොහොතේ පටන්, තම මෙහෙයුම නිසි ලෙස සාර්ථක කරගැනීමට ඉඩක් ලැබේදෝයි ඔහුගේ සිත තුළ බරපතල සැකයක් පහළ වී තිබුණි.
ගස් අතරින් ඇවිද යමින් කන්ද නගිනා ඈ දෙස ඔහු බැලුවේය. ඇය සුන්දරයි, ඔහු සිතුවේය. යාර කිහිපයක් ඔබ්බෙන් කඳු මුදුන දිස් විය. අවට සිරි නැරඹීම සඳහා ඇය එහි නතර වනු ඇත. ඔහුට ඈ වෙත ලඟා වීමට ඉඩක් ලැබෙනු ඇත. ඇතැම් විට ඔහු තම රහස ඇයට හෙළි කරනු ඇත. ඇය වටහාගනු ඇත්ද? ඇතැම් විට ඔහු ඇයව සිප ගැනීමටද උත්සාහයක් දරනු ඇත. අපොයි! තමා මේ සිතන්නේ කුමක්ද - තමා මෙහි පැමිණ ඇත්තේ රාජකාරියකටය. එය ඉටුකිරීමට ඔහු සමත් වනු ඇත්ද? ඔව්, පහසුවෙන්ම. පුහුණුවීම් වලදී මෙන් මෙහිදී මුර සෙබළුන් නැත. ඔහු පළමුව ඇයට සත්‍යය හෙළි කරනු ඇත, දෙවනුව ඇයව සිපගනු ඇත, අනතුරුව -
ජබොහ්!
ඔහු ඇසිපිය සැලුවේය. මේ සිදු වූයේ කුමක්ද? ඔහු සිටියේ පොකුණක් තුළය. කුමරිය එහි අද්දර වෙත දිව එමින් සිටියාය. ඇගේ දෑසේ වූ බැල්මෙන් තමා පිළිබඳව සත්‍යය ඒ වන විටත් හෙළි වී ඇති බව ඔහු තේරුම් ගත්තේය. තමා විසින්ම තමාව පාවා දී ඇත! ඔහු තමා ඉදිරියෙන් ජල තලය මත පාවෙමින් තිබූ අළු පැහැති බොරු කොණ්ඩයත් රැවුලත් දෙස බැලුවේය. එක්වරම කුමරිය සිනාසෙන්නට පටන්ගත්තාය. ඇය නොනවත්වා හඬනගමින් සිනාසෙන්නට වූ අතර රාජකීය යුවතියක් මෙවන් අවස්ථාවකදී මෙතරම් සැහැල්ලු, නිදහස් විලාසයකින් පසුවන්නේ කෙසේදැයි ඔහුට සිතාගත නොහැකි විය. ඔහු සිතුවේ ඇය ඇසෙන මානයේ නතර වී සිටි මුර සෙබළුන්ට හඬගසනු ඇති බවයි. නමුත් ඇය කළේ සිනහවීම පමණි. ඔහුටද සිය දෙතොල් මත නැගී ආ මඳ සිනහව වළක්වාගත නොහැකි විය. "ඇයි ඔය හැටි හිනාවෙන්නෙ?" තමා දියෙන් ගොඩ ආ යුතු බව සිහිපත් කරගනිමින් ඔහු ඇසුවේය.
හුස්ම ගැනීමට මඳ වේලාවක් ගත කළ ඇය අනතුරුව පිළිතුරු දුන්නාය, "මංනං කොහොමත් දැනගෙන හිටියෙ ඔයානං මෝඩ කොළු පැටියෙක් තමයි කියලා."
"මෝඩ - කොළු - පැටියෙක්?" හිසේ සිට දෙපතුල දක්වා බේරෙන දිය කඳින් යුතුව ඈ ඉදිරියේ නැගී සිටිමින් ඔහු ඇගේ වදන් පුනරුච්චාරණය කළේය.
"ඇයි එහෙම නෙවෙයිද?"
"නෑ!"
"එහෙනං තමුන් කවුද ඇත්තටම?" ඇය සිනහව යටපත් කරගන්නට උත්සාහ දරමින් ඇසුවාය.
"මම එඩ්වඩ් - ඔබතුමියගේ අසල්වැසි රාජධානියේ විලියම් රජතුමාගේ ඥාති පුත්‍රයා," ඔහු හිස නමා ආචාර කරමින් තමාව හඳුන්වා දුන්නේය.
"විලියම් රජතුමාගේ?" ඇය අඩියක් පසුපසට තැබුවාය.
"එසේය කුමරියනි. ඔබේ සතුරු රජුගේ."
"ඔත්තුකාරයෙක්?!" ඇගේ වදන් අඩක් විමසුම් සහගත බවකින්ද, අඩක් විශ්මිත බවකින්ද පිරී තිබුණි.
"එහෙම කියන්නත් පුළුවන්," ඔහු උරහිස් හැකිළුවේය.
"මට පුළුවන් සෙබළුන්ට කතා කරන්න," ඇය මඳක් පැකිලෙමින් කතා කළාය.
"ඉතිං එහෙම නොකරන්නෙ?" ඔහු මඳ සිනහවක් පාමින් අභියෝග කළේය.
ඇය අවිශ්වාසයෙන් යුතුව හිස සැලුවාය. "කොහොමද එහෙම කළේ?" අනතුරුව ඇය පසෙකට හැරුණාය. "මං දැනගත්තා ඒ ඇස් දෙක අයිති නාකි මනුස්සයෙකුට නෙවෙයි කියලා."
ඇය එම වදන් තමාටම මුමුණාගත්තද ඔහුගේ දෙසවනට එය හොඳින් ඇසුණි. "මං පුදුම වෙන්නෙ නෑ. ඔබ ඇත්තටම හරිම නුවණක්කාරයි," ඔහු අවංකවම කීවේය.
"ඕහ්! ස්තූතියි ගුරුතුමනි!" ඇගේ දෑස් බැබලුණි.
අතේ වූ බොරු කොණ්ඩයේත් රැවුලේත් දිය මිරිකා හැරි ඔහු නැවතත් කන්ද නගින්නට පටන්ගත්තේය.
"ඔය කොහෙද යන්නේ?" කුමරිය ඇසුවේ සිටි තැනින් නොසෙල්වෙමිනි.
"මට පොඩ්ඩක් අව්ව තපින්න වෙයි මේ ටික වේලගන්න. ඒ හන්දා කන්ද උඩහට යනවා. එනවද?" සාමාන්‍යයෙන් රජ කුමරියක අමතන ආකාරයට වඩා හෘදයාංගම ලීලාවකින් ඔහු ඇසුවේය. තමා එම ඇමතුම පිළිබඳව සතුටු වුවද ඒ බව ඔහුට පෙන්වන්නට අකැමැති වූ කුමරිය පසෙකට හැරුණද ගෙවී ගිය සති කිහිපය පුරා ඇගේ සෑම ඉරියව්වක්ම හොඳින් නිරීක්ෂණය කළ ඔහු ඇගේ සිතැඟි වටහා ගත්තේය. "යමුකෝ..." ඔහු ඉල්ලා සිටියේය.
"හොඳයි," ඇය අවසානයේදී එකඟ වූවාය, "හැබැයි තමුන් ඉස්සර වෙන්න ඕනේ."
"හරි."
නිහඬවම ගමන් කළ ඔවුහු මිනිත්තු කිහිපයක් ඇතුළත කඳු මුදුනට ලඟා වූහ. ඇය මෙන්ම ඔහුද එම කඳු මුදුනට දිස් වූ සුන්දර දර්ශන තලයෙන් වශී වූවේය. "මේ රට හරි ලස්සනයි," ඔහු කීවේය.
"ඔව්, අනිවාර්යෙන්ම," ඇය නිකට ඔසවා පිළිතුරු දුන්නාය.
"අපේ රටත් එහෙමයි," ඔහුද හනිකට කීවේය.
"ඒ ගැනනං ඉතිං මං දන්නෙ නෑ."
"ඉක්මණටම දැනගනියි."
ඇය පුදුම වී ඔහු දෙස බැලුවාය. "කොහොමද?"
"ඔබතුමියවයි රජ පවුලෙ අනිත් අයවයි හිරකාරයො විදිහට එහෙට ගෙනිච්චාම."
"හහ්!" ඇය උපහාසාත්මක හඬක් නැගුවාය. "හිතං ඇති!"
"ඇයි? මාව විශ්වාස නැද්ද?"
"මං මොකටද ඔත්තුකාරයෙක්ව විශ්වාස කරන්නෙ?"
"මොකද කියනවනං, මං ඔත්තුකාරයෙක් බව ඔබතුමිය වෙන කාටවත් කියන්න යන්නෙ නැති නිසා."
"මොකද නැත්තෙ, මං කියනවා," ඇය ගසක් යට වූ කුඩා ගල් තලාවක් මත හිඳගත්තාය.
"ඕක රජ කුමාරියෙකුට හරි යන ආසනයක්ද?" ඔහු පුදුමයෙන් ඇසුවේය.
"ඇයි? මොකද්ද මේකෙ තියෙන වැරැද්ද?"
ඔහු නිහඬව ඇගේ මුහුණ දෙස බලා සිටියේය. "මං දැකලා තියෙන අනිත් රජ කුමාරියන්ට වඩා ඔබතුමිය හුඟක් වෙනස්," ඔහු අවසානයේදී කීවේය.
"මං එහෙම තමයි. එන්න - වාඩි වෙන්න." ඇය ගල් තලාවේ ඉතිරි ඉඩ ඔහු වෙත පෑවාය.
"ස්තූතියි කුමරියනි," කඳු බෑවුම වෙත මුහුණ ලා හිඳගනිමින් ඔහු කීවේය. තම මෙහෙයුම වෙත සිත යොමු කිරීමට ඔහුට දැඩි උවමනාවක් තිබුණද එය එතරම් පහසු කටයුත්තක් වූයේ නැත. ඔහුගේ කිණිස්ස බූට් සපත්තුව තුළ සැඟව තිබූ අතර එය පසුබැසීමකින් තොරව සිදු කිරීමට සුදුසුම මොහොත මෙය බව ඔහුට වැටහිණ. නමුත් ඔහු නැමී තම සපත්තුව ස්පර්ශ කළ මොහොතේදීම ඇය නැවතත් කතා කළාය. "ඇයි ඔයා මෙහෙටම ආවෙ ඔත්තුකාරයෙක් හැටියට? මාළිගාවෙන් එළියෙ ඉඳන් ඔයාට ඒ වැඩේ ලේසියෙන් කරන්න පුළුවන්නෙ. මේක හරි භයානකයි."
දැන් ඔහුට පිළිතුරක් කල්පනා කිරීමට සිදුව ඇත; මෙහෙයුම ගැන සිතීමට ඉඩක් නොමැත. ඔහු සැනසුම් සුසුමක් හෙලුවේය. "ඒකනේ අපේ රජතුමා මාවම එව්වෙ, ඒ අනතුරට මූණ දෙන්න. මාළිගාවෙ ඇතුලෙ ඉඳන් මට වැඩිපුර තොරතුරු හොයාගන්න පුළුවන්නේ," ඔහු මුසා බස් දෙඩුවේය.
"ආ, ඒ කියන්නේ මේ ඉන්නේ විලියම් රජතුමාට ඉන්න හොඳම සෙබළුන්ගෙන් එක්කෙනෙක්." ඈ ඔහු දෙස බැලූ දෑස් තුල ගෞරවපූර්වක හැඟීමක්ද කැටි වී තිබුණි.
"ඔන්න ඇත්තම කියන්නම්කෝ... මං තමයි ෆැසිනෝඩියාවේ ප්‍රධාන සෙනෙවිවරයා..."
"ඇත්තමද?!!!" ඇගේ දෑස් තුළට ප්‍රීතිමත් විශ්මයක්ද එක් විය. "මාව පුරුදු කරලා තියෙන්නේ හමුදාවක ප්‍රධාන සෙනෙවි වරයෙක්නේ!!!"
"මට ඒත් කොච්චර කල්පනා කළත් හිතාගන්න බැරි වෙච්ච දෙයක් තමයි, නෝවෙල්ස්ට්‍රයින් හමුදාවේ මෙච්චර සෙනඟක් ඉන්දැද්දි ඇයි රජතුමා ඔබතුමියගේ පුහුණුකරු විදිහට පිටස්තරයෙක් බඳව ගත්තෙ කියලා."
"තාත්තට ඕනෙ උනා එයාගෙ මුළු හමුදාවම ඔයගොල්ලොත් එක්ක තියෙන මේ යුද්ධෙ ගැනම අවධානෙන් ඉන්න. අනික මට ඒ හැටි යුධ පුහුණුවක් ඕන නෑ, මගේ ආසාවට ඔය ටිකක් ඉගෙනගත්තහම ඇති කියලයි ඔයා වගේ වයසක, දුර්වල, ඇස් පේන්නැති, කන් ඇහෙන්නැති නාකි සොල්දාදුවෙක්ව බඳව ගත්තේ..." වැනේසා කුමරිය හාස්‍යය මුසු හඬින් පැවසුවාය.
"ම්..." ඔහු හිස සැලුවේය.
නැවතත් නිහඬතාවය පැතිර ගියේය. දැන් නැවතත් ඔහුට පිහිය අතට ගැනීමට උත්සාහ කිරීමට වාරය පැමිණ ඇත. කාලය ගත වෙත්ම, තමා එය කිරීමට තව තවත් පසුබට වනු ඇති බව ඔහු තේරුම් ගත්තේය.
එබැවින් එය හැකිතාක් ඉක්මණින් සිදු කළ යුතු බව ඔහු කල්පනා කළ අතර බූට් සපත්තුව තුළ වූ කිණිස්සේ මිට වටා අතැඟිලි යවා එය ඉවතට ඇදගැනීමට සූදානම් වූ විගස ඇසුණු මුරගෑමකින් ඔහුගේ අවධානය බිඳ වැටුණි. "ඒයි, අන්න දැක්කද අර කුරුල්ලා!!!" වහා සිය අත පිටතට ගත් ඔහු ඈ පෙන්වූ දෙස බැලුවේය. "අර ඉන්නේ, අර අත්ත උඩ," තමන්ට ඉහළින් වූ අතු දෙසට අත දිගු කරමින් ඇය නැවතත් කීවාය. විවිධ පැහැයෙන් යුතු වූ අලංකාර කුරුල්ලෙක් ඔහුගේ නෙතට හසු විය. ඇය නැගිට එදෙසට ගියද පක්ෂියා නොසෙල්වී එලෙසම සිටියේය. "දැක්කද, එයා මාත් එක්ක යාළුයි," ඇය සිනා සී තවමත් ගල මත හිඳ සිටින ඔහු දෙස බැලුවාය. "මේ එන්න, ඇවිත් බලන්න එයා ඔයත් එක්කත් යාළුද කියලා," ඇය ඇරයුම් කළාය.
ඔහු සිනා සී නැගී සිටියේය. තම මෙහෙයුම මේ මොහොතේ ක්‍රියාත්මක නොකළහොත් නැවත කිසිදා එය ඉටු කරගැනීමට නොලැබෙන බව ඔහුට සක්සුදක් සේ පැහැදිලි විය. ඔහුද ඒ අසළට ගියද පක්ෂියා ඔවුන් දෙස හිස ඇල කොට බැලුවා විනා ඉගිල යන්නට සිතූ බවක් පෙනුනේ නැත.
"එයා හැමෝම එක්ක යාළුයි වගේ!" ඇය පුදුමයෙන් කීවාය. එම මොහොතේ ඔහු ඈ පිටුපසින් සිටගෙන තම කකුල ඉහළට ඔසවා කිණිස්ස පිටතට ගැනීමට තැත් කළ අතර ඒ සමගම එක් වරම ගී ගයන්නට පටන්ගත් පක්ෂියා අත්තෙන් අත්තට පනිමින් ඔවුන් වෙතින් ඈත් වන්නට විය. කුඩා දැරියක මෙන් ප්‍රීතියෙන් අත්පොළසන් දුන් වැනේසා ඒ පසුපස යන්නට වූවාය. එක් වරම, සිදුවන්නට යන්නේ කුමක්දැයි ඔහුට පැහැදිලි විය. හෝරා කිහිපයකට පෙර මෙන්ම ඔහුගේ හදවත නැවතත් ප්‍රබල ලෙස ස්පන්ධනය වූ අතර ඔහුට වදනක් හෝ කියාගැනීමට ඉඩක් ලැබෙන්නට ප්‍රථම ඇගේ පය කඳු බෑවුම අසළින් ලිස්සා ගියේය. ඇසිල්ලකින් ඉදිරියට පිනූ ඔහුට ඇගේ අතක් හසු වූ අතර අනෙක් අතින් ඔහු අසළ වූ ගසේ මුලක් දැඩිව ග්‍රහණය කරගත්තේය. ඔහුගේ හදවත ඒ වන විටත් වේගයෙන් ගැහෙමින් තිබුණි. එය ඉතාමත් ආසන්න මොහොතක් විය. ඔහු පහතට හිස නමා ඈ දෙස බැලුවේය. එවිගසින් ඔහුට සිය මෙහෙයුම පිළිබඳව සිහිපත් විය. ඇගේ අත පහසුවෙන්ම මුදා හළ හැකි අතර ඔහුගේ මෙහෙයුම අති සාර්ථක වනු ඇත. නමුත් - නමුත් මෙහි අරුත කුමක්ද? ඔහුට උවමනා වූයේ එයනම් මෙතරම් වෙහෙසක් දරා ඇගේ දිවි බේරාගැනීමට උත්සාහ දැරුවේ මන්ද? ඔහු සූදානම් වූයේ කිණිස්ස අතට ගෙන ඇගේ දිවි තොර කිරීමට නොවෙද? ඇගේ දිවි බේරාගැනීමට ඔහුට සිතුණේ මන්ද? භීතියෙන් හා ආයාචනාත්මක බැල්මෙන් පිරී ගිය ඇගේ මුහුණත් කඳුළු පිරී තිබූ එම සුන්දර දෑසත් දෙස ඔහු බැලුවේය. ඔහු කෙසේනම් ඇගේ අත මුදා හරින්නද? නැත, ඔහුට එය සිදු කළ නොහැක. තමා ඇයට දැඩි සේ ආදරය කරන බව ඔහු අවබෝධ කරගත්තේය. නැවතත් හිස ඉහළට යොමු කරගත් ඔහු දෑස් පියා සිත එක්තැන් කරගත්තේය. අනතුරුව සුරක්ෂිත බව පිරි බැල්මකින් නැවත ඈ දෙස බැලුවේය. "හයියෙන් අල්ලගන්න," ඔහු කීවේය, "කොහොමහරි උඩට නගින්න - පරිස්සමෙන්." නිහඬවම ඔහුට අවනත වී ඔහුගේ කර මතට ගොඩ වී කඳු ගැටය මතට නැගගත් ඇය ඔහුටද ගොඩ වීමට සහය වූවාය. අනතුරුව ගෙවී ගිය විනාඩි කිහිපයක් පුරා දෙදෙනාම හති ලමින් කඳු බෑවුම අද්දර හිඳගෙන සිටි අතර අවසානයේදී ඇය සිය නළල ඔහුගේ උරහිස මත රැඳෙව්වාය. "ගොඩක් ස්තූතියි..." එය ඇගේ මුවින් පිට වූයේ ඉකිබිඳුමක් ලෙසිනි.
ඔහුගේ උගුරේ කුමක්දෝ සිර වූ බවක් ඔහුට දැනුණි. "සමාවෙන්න මට." පැවසීමට සුදුසු වෙනත් කිසිවක් ඔහුගේ සිතට ආවේ නැත.
ඇය හිස එසවූවාය. "ඇයි ඔයා සමාව ඉල්ලන්නේ?"
"නෑ මට නිකං එහෙම කියන්න ඕනෙ උනා. එච්චරයි."
ඔවුන් දෙදෙනා එලෙස තවත් මඳ වේලාවක් නිහඬවම හිඳගෙන සිටියෝය. නමුත් ඇතුලතින් දෙදෙනාම සිටියේ බුර බුරා ඇවිලෙන ගින්නක දැවෙමිනි. අවසානයේ ඔහු නැගී සිටියේය. "අපි යමු." නැවතත් ඇය විවාදයකින් තොරව ඔහුට අවනත වූවාය. ඔහු පෙරමුණ ගත් අතර ඇය ඔහු පසුපසින් ගමන් කළාය. ඔවුන් නැවත විල ආසන්නයට ආ මොහොතේ තමා කිසි දිනෙක තම මෙහෙයුම සම්පූර්ණ නොකරනු ඇති බව ඔහු වටහාගෙන සිටියේය. ඔහු ආපසු හැරී ඈ දෙස බැලුවේය. "වැනේසා," ඔහු කෙඳිරිලි හඬින් කතා කළේය. ඔහු දෙස වරක් බැලූ ඇය නැවතත් බිම බලාගත්තාය. වෙනත් ඕනම මොහොතකදී ඇය කුමරියකව නමින් ඇමතීම පිළිබඳව ප්‍රශ්න කරනු ඇති නමුත් මේ මොහොතේ ඇයට උවමනා වූ එකම දෙය වූයේ සීඝ්‍රයෙන් ඉහළ නගිමින් තිබූ තම හෘද ස්පන්ධනයේ වේගය පාලනය කරගැනීම පමණි. මෙය කුමන මොහොතක හෝ උදාවිය හැකි බව ඇය දැන සිටියද ඇයගේම විශ්මයට හේතු වන පරිද්දෙන් තමා ඒ වෙනුවෙන් මග බලා සිටි බවක් ඇයට දැනුණි. ඇයට තම රාජධානියේ රජ කුමරිය වශයෙන් තමා පිළිබඳව ලැජ්ජාවක් දැනුනද, මෙතෙක් කිසිදා යොවුන් ආදරය අත් විඳ නොතිබූ යෞවනියක වශයෙන් ඇයට එම මොහොත රසවිඳීමට උවමනා විය; සිය චිත්ත සන්තානයේ පැන නැගෙන අනේක විධ සිතුවිලි වලට ඇහුම්කන් දෙන්නට උවමනා විය. ඇගේ රත් පැහැ ගැන්වුනු මුහුණ දෙස මොහොතක් බලා සිටි ඔහු ඈ වෙතට ලං වූවේය. "අපිට එක දෙයක් පිළිගන්න වෙනවා," ඔහු කීවේය.
"මොකද්ද?" එය ඈ අසන්නට බලාපොරොත්තු වූ වදන් පෙළ නොවුවද සිය විශ්මය පාලනය කරගෙන ඇය ඇසුවාය.
"මේක හරි යන වැඩක් නෙවෙයි."
"මොකද්ද හරි යන්නෙ නැත්තෙ?"
"මේක."
"මොකද්ද මේක කියන්නෙ?"
ඇගේ දෑස් දෙස බැලූ ඔහු අනතුරුව දෙතොල් විකාගෙන වට පිට බැලුවේ ගැලපෙන වදන් පෙළක් ගලපාගැනීමටය. "මං දන්නවා ඔයා මට ආදරෙයි කියලා," ඔහු ඉවත බලාගෙන මිමිණුවේය.
"ඔහ්!" ඔහුගේ උඩඟු බව ගැන ඇය සැබැවින්ම පුදුමයට පත් වූ අතර තමාද දෙවෙනි නොවිය යුතු බව සිතා ගත්තාය. "ඇත්තට?"
"ඔයාගෙ ඇස් දෙක ඔයාව පාවලා දීලා ඉවරයි."
"එහෙමනං මං ඔයාට කියන්නද මට ඇත්තටම හිතෙන දේ?"
"කියන්න."
"මගේ වයසක ගුරුතුමාව දැක්ක දවසේ ඉඳංම මං කල්පනා කළේ මොකද එයාට මෙච්චර මං එක්කම කාලෙ ගත කරන්න ඕනේ කියලා. එයා මං දිහා බලන කොට ඒ ඇස් වලින් කියන්න හදන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න මං සෑහෙන්න උත්සාහ කළා. එයා මට සැරෙන් සැරේ කිව්ව සමහර වචන වල හැබෑ තේරුම මොකද්ද කියලා මං රෑ දාවල් නැතුව කල්පනා කළා. අද, එයාව මේ විලේදි එයාගේ හැබෑ ස්වරූපයෙන් දැක්කහම මට ඒ හැමදේම තේරුම් ගියා."
"මොනවද ඒ හැමදේම?"
"මුල්ම දවසේ ඉඳන් ඔයාට ඕනෙ උනේ මට ආදරේ කරන්න."
"එහෙමද," ඔහු දෙබැම ඔසවා පිළිතුරු දුන්නේය.
"ඇයි මං වැරදිද?"
"ඇත්තෙන්ම - " ඔහුගේ මුව'ගට සුන්දර සිනහවක් එක් විය, " - නෑ."
"ඒකද ඔයාට ඔත්තුකාරයෙක් විදිහට කරන්න තිබ්බෙ?" ඇය එක්වරම ඇසුවාය.
"අහ්?" එම අනපේක්ෂිත පැනයෙන් ඔහු පුදුමයට පත් විය.
"ඒගොල්ලෝ ඔයාව මෙහාට එව්වේ මා එක්ක යාළු වෙන්නද? එතකොට අපේ තාත්තා ඔයාගෙ මිනිස්සුත් එක්ක යුද්ධ කරන එක නවත්තයි කියලා හිතලා?"
"අපොයි නෑ!" කුමරියගේ අහිංසක දේශපාලනය ගැන කුමක් සිතන්නටදැයි නොදැන ඔහු පිළිතුරු දුන්නේය.
"එහෙනං ඇයි මේක හරියන වැඩක් නෙවෙයි කිව්වේ?" ඇය නැවතත් ඔවුන් කතාව ආරම්භ කළ කරුණ වෙත ආවාය.
"වැනේසා - මගේ ආදර කුමාරියේ - අන්තිමේදී අපි දෙන්නටම දුක් විඳින්න වෙයි. ඒකයි මං එහෙම කිව්වේ."
"ඇයි ඒ?" ඇයට එය වටහාගත නොහැකි විය.
"අපි දෙන්නා අයිති සතුරු රාජධානි දෙකකට. මේක තවත් නරක් වෙන්නේ ඔයා ඔයාගේ රජ පවුලේ කෙනෙක්, මමත් අපේ රජ පවුලට නෑදෑකම් කියන කෙනෙක්."
"ඔයා ඇවිත් මගේ තාත්තත් එක්ක කතා කරන්න."
"ඊට පස්සේ?"
"ඔයා මෙහෙම දෙයක් කරපු බව පිළිඅරගෙන අපිත් එක්ක එකතු වෙනවා කියලා පොරොන්දු වෙන්න."
"කොහෙත්ම බෑ."
"මගේ තාත්තා ඔයාට සමාව දෙයි. තාත්තා දන්නවා ඔයා මට ගොඩක් හොඳට ඉගැන්නුවා කියලා. ඒත් ඔයා මේ විදිහට, ඔත්තුකාරයෙක් විදිහට ඉන්න කොට අල්ලගත්තොත් එහෙම ඔයාට දඬුවම් කරයි."
"ඔයා මං ගැන කියනවද?" ඇය සෙමින් හිස දෙපසට වැනුවාය. "ස්තූතියි." ඔහුට ඇයව සිපගැනීමට උවමනා වුවද ඔහු එසේ නොකොට ආපසු හැරී පියවර කිහිපයක් ඉදිරියට ගියේය.
"ඒකට කමක් නෑ." ඇගේ ස්ථිර කටහඬ නිහඬතාවය බිඳ දැමූ අතර ඔහු ආපසු හැරී බලන විටද ඈ හුන් තැනින් නොසෙල්වී හිටගෙන සිටියාය.
"ඒ කිව්වේ?" ඔහු නැවත ඈ වෙත ආවේය.
"අපිට අන්තිමේදී දුක් විඳින්න උනත් ඒකට කමක් නෑ."
ඔහු ඈ දෙස බලා හිඳ අවසානයේදී හිස දෙපසට වැනුවේය. "බෑ, මං කැමති නෑ ඔයා දුක් විඳිනවට."
"ඒත් තවමත් නොදැකපු අනාගතයකට බයේ මට මේ මොහොත නැති කරගන්න බෑ."
ඔහු සිය දෑතින් ඇගේ දෑත් අල්ලාගෙන ඇගේ මුහුණට එබුණේය. "ඔයාට විශ්වාසද?"
"හොඳටම විශ්වාසයි."
"මේක ලේසි වෙන්නෙ නෑ."
"මං දන්නවා."
ඔවුන්ගේ මුහුණු එකිනෙකාගේ සුසුම් දැනෙන තරමට ලංව තිබුණි. "එහෙනං..." ඔහු මිමිණුවේය, "...මං..." ඔහු සිය දෙතොලින් ඇගේ මුව'ග යන්තමින් ස්පර්ශ කළේය, "...කමක් නැද්ද?" ඔහුගේ ඇසෙන නෑසෙන වදන් හමුවේ ඇගේ දෑස් පියවී ගිය අතර මොහොතකින්ම ඔවුන් දෙදෙනා ආදරණීය සෙනෙහසේ සදාතනිකත්වය තුල කිමිදෙන්නට පටන් ගත් හ. ඇගේ අතැඟිලි ඔහුගේ මුහුණේ ඉරියව් එකිනෙක මත දිව යන අතර ඔහුගේ දෑත් ඇගේ බඳ වටා තදින් වෙලී ගියේය. අවසානයේ, ඈ ඔහු වෙතින් මිදුණු මොහොතේ ඔහු ඇගේ මුහුණ දෑතින්ම අල්ලාගත්තේය. "මං ගොඩක් ආදරෙයි," ඔහු මිමිණුවේය.
ප්‍රීතිමත් මඳ සිනහවක් පෑ ඇය ඔහුට තුරුළු වී ඔහුගේ පුළුල් උරතලය මත හිස තබාගත්තාය. "මමත් ගොඩක් ආදරෙයි... එඩ්වඩ්..." ඔහුගේ හදවතේ රිද්මයට කන් දෙමින් ඇයද මිමිණුවාය.
***

හ්ම්ම්. උඩු හිත පැරදිලා යටි හිත දිනපු වෙලාවක්.. එක දිගට කියවන්න පුළුවන් බොහෝම තාත්වික විදියට ලියල තියෙනවා සිත්තමී. අපූරුයි.. ඒත් මොකක්ද අර පූර්ව ප්‍රචාරණ කතාව? ෆිල්ම් එකක්වත් එනවද මේ විදියේ?
ReplyDeleteගොඩාක් ස්තූතියි! පූර්ව ප්‍රචාරණ කතාව මේකයි. මේක මං කාලෙකට උඩදි ලියන්න ගත්ත කතාවක්. අතරමග නතරවෙලා ඔහේ තියෙනවා, තාම ඉවර කළේ නෑ. කවදා හරි ඉවර කරපු දවසක මම මුළු කතාවම බ්ලොග් එකේ දාන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒකයි පූර්ව ප්‍රචාරණයක් කිව්වේ. කවදා, කොහොම, කොච්චර දිගට ලියවෙයිද දන්නෙ නෑ. මේ ඒ කතාවේ මුළ පරිච්ඡේදේ මැද හරියෙන් කොටසක්. :)
Deletehttp://nelumyaya.com/?p=3037
ReplyDeleteකොහොම ස්තූති කරන්නද මන්දා. Thank you very very much! :)
Deleteහෙහ්..ස්තූති කරන්ට තියෙන හොඳම ක්‍රමය තමයි ව.ක්‍රී.ප. කතාව සම්පූර්ණයෙන් ලියල පබිලිස් කරන එක. ...:)
Deleteඅනේ මන්දා, ඒක දැනට නැවතිලා තියෙන තැන නතර වුනේ සිත්තර පැංචා ඉපදෙන්නත් කළිං. එතනින් එහාට තාම එක අකුරක්වත් ලියවුනේ නෑනේ. :)
Delete@Ravi
Deleteව.ක්‍රී.ප කියන්නේ මක්කයි?
අමා,
Deleteව.ක්‍රී.ප = වහාම ක්‍රියාත්මක වන පරිදි...
හරි ලස්සන කතාවක් වෙන හැඩයි!
ReplyDeleteමට මතක් උනේ 'Princess Bride'
සිසි එකෙ ෆිල්ම් එක බලල තීනවද? මේ වාගේ හුරතල් ලස්සන දෙබස් තියෙන්නේ...
නෑනේ, මං එහෙම ෆිල්ම් එකක් බලලා නෑ. හුරතල් ලස්සන දෙබස්? :( මේක බොලඳ කතාවක් වගේ දැනෙයිද කට්ටියට?
Deleteඅපොයි...නෑ අනේ නෑ... it was a complement
ReplyDeleteමේ තීන්නේ The Princess Bride
බටර්කප් කුමාරි සහ වෙස්ලි කියන ගොවිපලේ කොලුවා ගේ ආදර කතාව....ඒ නමින් පොතකුත් තියේ..පොතෙන් තමා ෆිල්ම් එක හදල තියෙන්නේ. මම පොත කියවල නෑ - ඒත් ෆිල්ම් එකට හරි මනාපයි...සිසි බලල තියෙනවද chocolat කියන ෆිල්ම් එක? ඒකත් ඔය වාගේ...ම්ම් මොකද්ද ඒ ආරේ කතා වලට කියන නම...ම්ම් whimsical කියමු... mischievous with a touch of magic ...අන්න ඒ වාගේ එකක් කියල මට කියන්ට ඕනි උනේ...
තැන්ක් යූ අමා අක්කේ!!! අක්කගෙ කළින් කමෙන්ට් එක දැකපු වෙලාවෙම මම විකිපීඩියා එකෙන් ඒ ෆිල්ම් එකේ ප්ලොට් එක කියෙව්වා. ඒක මගේ නරක පුරුද්දක්. ඒක කියෙව්වට එච්චර හිතට වැදුණෙ නෑ. හැබැයි අක්කා දීපු මේ ලින්ක් එකෙන් යූ ටියුබ් එකේ එ ට්‍රේලර් එකයි තව ඒ ෆිල්ම් එකෙන් තිබ්බ අනිත් වීඩියෝසුයිත් බැලුවා ඊයෙ රෑ. දෙයියනේ, මට පිස්සු හැදුණා. අර වෙස්ට්ලියි ඇන්ඩ් බටර්කප් කන්ද උඩදි ආපහු හම්බ වෙන්නේ, වෙස්ට්ලිගෙ ඒ කළු ඇඳුමට මං මාර ආසයි. එයාව බටර්කප් අඳුරගන්නෙ නෑනේ. ඒ දෙබසින් පස්සේ එයාව කන්ද පල්ලෙහාට තල්ලු කරන වෙලාවෙ තමයි අඳුරගන්නේ. ආයෙ තව මං ආසම වුන ක්ලිප් එක තමයි වෙස්ට්ලි ඉනිගෝ මොන්ටෝයා එක්ක යන කඩු ෆයිට් එක. චූටි කාලෙ ඉඳං මං කඩු ෆයිට්නං බැලුවේ කෙළ හල හල. තව එයා විසි(z)නිට වහ කෝප්පෙ බොන්න ඇරපු හැටි! තැන්ක් යූ සෝ මච් අක්කේ මට ඒ ලස්සන ෆිල්ම් එක ගැන කිව්වට. එයාට පොඩ්ඩක් Ryan Gosling ගෙ හිනාවත් ගෑවිලා තියෙනවා නෙහ්? :D
Deleteම්හු, චොකල්ට් ෆිල්ම් එකත් මං බලලා නෑ. ෆිල්ම් ගැන මගේ දැනීමනං අන්තිමයි. ඉන්නකෝ, ඒකත් හොයාගෙන බලලා කියන්නං කොහොමද කියලා.
Whimsical... Mischievous with touch of magic... Thank you so much once again akka! :)
//එයාට පොඩ්ඩක් Ryan Gosling ගෙ හිනාවත් ගෑවිලා තියෙනවා නෙහ්//
Deleteයා යා එයා හරිම ගති නේද?... ;)
අඩේ ඔයා ඔය ආස කෑලි ඔලට මාත් හරි කැමති!!!