83. පොත් මතක...


සාහිත්‍ය මාසේ ඉවර වෙන්නත් ලඟයි. හුඟාක් අය පොත් ගැන කතා කරලා තියෙනවා දැක්කා. මාත් හිතුවා පොත් ගැන කතා මොනවාහරි ටිකක් කතා කරන්න ඕනේ කියලා. බලමු මොනවා ලියවෙයිද කියලා. අතීත මතක අවුස්සන්නයි මං හදන්නේ. පොඩි කාලේ මගේ හිත ඇද බැඳ ගත්ත පොත් ගැන. වැඩි විස්තර හොයාගන්න පුළුවන් වෙන ඒවායේ පින්තූර සහ සබැඳි දාන්නම්කෝ.

පුංචිම පුංචි කාලෙට ගියොත්...

පුංචි රවුම් බනිස් ගෙඩිය










බනිස් ගෙඩියක් වගේ උඩින් රවුං වෙච්ච, ලස්සන පාට පාට පින්තූර තියෙන පොතක්. රුසියානු පරිවර්තනයක්. 

කුඩ හොරා









ආදරණීය සිබිල් නැන්දගේ පොත් වලින් මම මුලින්ම කියවපු පොත. ඒ චිත්‍ර වලට අපි කොච්චර ආදරේද. තාමත්.

Town Mouse and Country Mouse
මේක බොහොම ප්‍රසිද්ධ ඊසොප්ගේ උපමා කතාවක්. ඒත් අපේ ගෙදර තිබ්බ පොතේ හැඩේ වෙනස්. ඒකයි මං ඒකට ආස. ගමේ විදිහටයි නගරෙ විදිහටයි ඇඳුම් ඇඳගත්තු ලස්සන මීයෝ දෙන්නෙක් කවරේ හිටියේ, ඒ දෙන්නගෙන් තමයි පොතේ හැඩේ හැදිලා තිබ්බේ. 

Pop-Up Story Books








අපේ ගෙදර තිබ්බා ඒ වගේ පොතක්. ඒ පොත් වල පිටු පෙරලන කොට මාළිගා, මල් වතු එහෙම පිටු වලින් උඩට ඉලිප්පිලා මතු වෙනවා. පිටු හරහා තිබුණ සමහර පටි එහාට මෙහාට ඇද්දාම කතන්දරේ චරිත ගස් අස්සෙන් ඇවිදිනවා. ඒ පොතේ පිටු පෙරලන එකම හරිම විනෝදජනක ඇඩ්වෙන්චර් එකක්. පොත ගැන මිසක් කතන්දරේ ගැන මෙලෝ මතකයක් නෑ හැබැයි.

චුට්ටක් ලොකු වෙද්දි...

හත් පෙති මල








මං ආයෙ විස්තර කියන්න ඕන වෙන එකක් නෑ. ගොඩාක් අය දන්නවා මේ පොත ගැන. පින්තූර අමතක කරන්නම බැරි ලස්සනම ලස්සන කතා පොතක්. ඒකත් රුසියානු පරිවර්තනයක්.

වැඩ බැරි දාසගේ කතා








මේ පොත් කීපයක්ම අපේ ගෙදර තිබ්බා. ලස්සන පින්තූර පිරිච්ච රුසියානු පරිවර්තන පොත් පෙළක්. අපූරු කතන්දර තිබ්බේ ඒවායේ.

ළමයින්ට ඉර හඳ තාරකා ගැන කතා










අහස ගැන, මහ පොළොවෙන් එහා ලෝකය ගැන මම ඉස්සෙල්ලාම ඉගෙනගත්තේ මේ පොතෙන්. විද්‍යාත්මක කරුණු පොඩි අයට තේරෙන විදිහට හරිම ලස්සන පින්තූර සහ කතන්දර එකතු කරගෙන ඉදිරිපත් කරලා තියෙනවා ඒ පොතේ. රුසියාවෙම තමයි.

ගණිත විනෝදය









ගණං වලට ආදරේ කරන්න හිතෙනවා මේ පොත කියෙව්වහම. තවත් රුසියානු දායාදයක්.

Enid Blyton's Books









මුළු ලෝකයේම පරම්පරා ගණනාවක දරුවන්ට අපූරු කතන්දර රැසක් තිළිණ කරපු මේ කතුවරියව මම මුළින්ම අඳුනගත්තෙ අපේ ගමේ පුස්තකාලෙදි. ඉංග්‍රීසි පොත් රාක්ක පැත්තට අම්මා අපිව ඇදගෙන ගියේ බලෙන්. මේ කතුවරියගේ පොත් අම්මාමයි තෝරලා දුන්නේ. ගෙදර ගෙනත් කියලා දුන්නෙත් අම්මාමයි. පොත් තුන හතරක රහ වැටෙන කොට අම්මට තවත් අපිට බල කරන්න ඕන වුනේ නෑ. 

Just William Series









විලියම් ගැන මම මීට කළිනුත් ලියලා තියෙනවනේ. දඟකාර, විසේකාර, ආදරණීය කොළු පැංචෙක්. 

තව ටිකක් ලොකු වුනාම...

නපුරු පාලකයෝ තුන් දෙනා









රුසියානු විප්ලවයේ වීරයන්ට මං ආදරේ කරන්න පටන්ගත්තේ මේ පොත නිසා. ළමා කතාවක්. ඒත් ඒකේ හිටපු ප්‍රොස්පේරෝ සහ ටිබුල් මගෙ වීරයෝ වුනා. දොස්තර ගස්පාර් අරනේරි, සුවනී, ටුට්ටී... මම පුස්තකාලෙන් ගෙදර අරන් ආපු ලොකුම පොත. ඉස්සරහා කවරේ බඩ තඩි නපුරු පාලකයෝ තුන් දෙනා හිටියේ. ඒ පොත කියවලා මට පිස්සු හැදුනා. ආයෙ ආයෙත් කීප සැරයක්ම ඒක ගෙදර අරන් ආවා. රුසියාවෙ තෑග්ගක්.

අනුෂ සහ රන් කුමරු
ඇතින්නියකගෙ කිරි බීලා රන් වන් පාට හමක් ලැබිච්ච කුමාරයෙකුගෙ කතාවක්. එයා හිටියේ කැලෑවේ. අනුෂ තමයි එයාගෙ යාළුවා, ඇත් පැටියෙක්. අන්තිමේදී දුක හිතෙන කතාවක්. ඒත් මම හුඟක් ආදරේ කළ කතාවක්. ඉස්කෝලේ පුස්තකාලෙන් හම්බ වුනේ. මායි මගේ යාළුවොයි රණ්ඩු වෙලත් තියෙනවා ඒ පොතට.

අපූ ත්‍රිත්වය







මේ ගැන වෙනමම ලියන්න ඕනේ. නිකලස් ස්පාර්ක්ස් මවපු නෝවා ව හම්බවෙන්න කළින් මම ආදරේ කළේ මේ කතා මාලාවේ ඉන්න අපූට.

Biggles Series












මේ මං මේ ගැන කළින් ලියපු සටහනක්.

ඒවාට අමතරව... 

මඩොල් දූව
අඹ යාළුවෝ
විලම්භීත

තුන් යහළු වික්‍රමය
සෝමපුර වීරයෝ
බස්තියන්ගේ සොහොන
ගිම්හානේ වික්‍රමය
කල්ලන්දූවේ මුතු කොල්ලය
රණ රාළ
අභය භූමිය
කඩවර අඩවිය
අපූරු යාළුවෝ

ගුරු ගීතය
වේලාසන කොක්කු ඇවිත්
සුදු ගෝනා
සුදු වැද්දා
රාමායණය

9 comments:

  1. වැඩ බැරි දාස ඉංග්‍රීසි පරිවර්තනයෙදි Dunno (Don't know). The Aventures of Dunno. Biggles ට මම කොච්චර කැමතිද කියලා මම කලින් කියලා තියෙනවනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ, මම වැඩබැරිදාසගේ ඉංග්‍රීසි කතා ටික දැකලා තියෙනවා. ඔය නම තමයි තිබ්බේ. Biggles ගැන අපි කළින් කතා කරලා තියෙනවනේ :)

      Delete
  2. The adventures of Pencil and Screwbolt කියවල තියනවද?

    ReplyDelete
    Replies
    1. නෑනේ Pra Jay, මම ඒ ගැන අහලවත් තිබ්බෙ නෑ. Ebook එකක්වත් හොයාගන්න බැලුවට හම්බ වුනේ නෑනේ. මොකක් ගැනද ඒ කතාව තියෙන්නේ?

      Delete
    2. https://openlibrary.org/works/OL7112037W/The_adventures_of_Pencil_and_Screwbolt

      Delete
    3. Illustrations

      http://blagoroden-don.livejournal.com/1641038.html

      Delete
  3. කුඩ හොරා යන්තමට අකුරක් කියවගන්ට පුලුවන් වෙච්චි කාලෙ මගෙත් ප්‍රියතම කතාව. අපේ රන්දිල් මහගෙ මේ ඊයෙ පෙරෙයිද මා බාල කාලේ කියල රුසියන් ළමා කතා පොතක් පරිවර්තනය කරල ප්‍රකාශයට පත් කලානෙව. මේ ඒ අරභයා මම ලියපු සටහනේ ( ඒකෙ මාතෘකාව ඇවිදිං හිට ඩුං...ඩුං...ඩුඩුං ඩුං ) කොටසක්...

    ඩුං, ඩුං, ඩුඩුං, ඩුං කියල ළමා කතන්දර පොතකුත් තිබ්බ අපි සුට්ටි එව්වො කාලෙ...…පොඩි සන්දියෙ ඉස්සෙල්ලම මම කතන්දර පොතක් කියෙව්වෙ මට මතක විදිහට අවුරුදු හතරෙදි පහේදි විතර. යන්තමට අකුරු ගැටගහගෙන තටම තටම කියෙව්වෙ.... කොහොම හරි ඒ ඉස්සෙල්ලම ඉස්කෝලෙ යන්ටත් ඉස්සෙල්ල කියලනම් හොඳටම මතකයි. පොතේ නම තමයි මතක නැත්තෙ." නයි-මුගටි හටන " , " කුඩ හොරා " , " ඉරුණු බළලා " හෝ ඔය මම කලිං කියපු " ඩුං ඩුං ඩුඩුං ඩුං " කියන පොත් වලින් එකක් වෙන්න ඕන. ඉරුණු බළලා සහ ඩුං ඩුං ඩුඩුං ඩුං ලිව්වෙ කේ. ජයතිලක මහත්මය. නවකථා කෙටිකථා විතරක් එහෙම නෙවෙයි එතුමා ළමා කතා ලියන්නත් රුසියා. 

    කුඩ හොරා පොත ලිව්වෙ සිබිල් වෙත්තසිංහ මහත්මිය. කියවල ඇතිනෙ නේද අර වඳුරෙක් කුඩ හොරකං කරගෙන අරං යන කතාව. ඔය කුඩ හොරාගෙ කතාව මගෙ හිතට කොච්චර බලපෑමක් කලාද කියල පැහැදිලි කරන්න මෙන්න චුට්ටි උදාහරණයක්.... එක වැස්ස දවසක අපෙ අම්ම හම්බ වෙන්ට ආව ඔන්න අම්මත් එක්ක එකට වැඩ කරන අම්මගෙ යාලු නැන්දල තුන් හතර දෙනෙක්. 

    එයාල ගෙනාපු කුඩ වතුර බේරෙන්ටත් එක්ක ඉස්තෝප්පුවත් එක්කම තියන පිලේ හේත්තු කරලයි එයාල ගෙට ආවෙ. ඔන්න යන්ට ලැහැත්ති වෙලා බලනකොට කුඩ නෑ.. 

    " කෝ වීරෙ අපේ කුඩ? " 

    ඒ නැන්දල ඔන්න එහෙ මෙහෙ විපරං කරන්ට පටං ගත්ත. අම්මත් හොඳටම අප්සෙට් වෙලා හොයනව කුඩ වලට මොකද උනේ කියල. 

    " අර කුඩ හොරා ඇවිල්ල කුව ගෙනියයි කියල මම කුඩ ගේ ඇතුලෙන් තිබ්බ. "

    කුඩ හතර පහ බදාගෙන උස්සගෙන ගේ ඇතුලෙ ඉඳං එන ගමං මම කිව්ව. 

    " අනේ ඇත්තම නේන්නං, පුතාට එහෙම හිතුන එක කොච්චර එකක්ද? " 

    රත්නායක නැන්ද මගෙ ඔලුව අතගෑව.ළමයෙකුගෙ හිත ඇදගන්න විදිහට ලියවුනු ළමා කතන්දර පොතකට ළමා සිතකට කරන්න පුලුවන් බලපෑම අන්න එහෙමයි. 

    වැඩ බැරි දාසගේ කතා මමත් කියෙව්ව. ඒත් එතකොට නම දැත්තගෙයි යාලුවන්ගෙයි හපංකම්....වැඩබැරිදාස එහෙම නැත්තං Dunno ගෙ නම ඒකෙ දැත්තා. අනික් අර හැමදෙයක් ගැනම දන්න කොලුව දත්තා.තව හිටිය බාගවිට සහ බාගදා...ඒකත් මට මතක විදිහට දැදිගම වී. රුද්‍රිගූ මහත්මයගෙ පරිවර්තනයක්. ඒත් මේ අලුත් එකේ මට හිතෙන්නෙ නම් වෙනස් කරල. පරණ නම් වලටයි මම නම් කැමති.

    ඊනිඩ් බ්ලයිටන් පොත් එකක්වත් මම කියවල නෑ..විලියම් ගොයියගෙන් පස් සෙ මම කෙලින්ම ප්‍රොමෝට් උනා ජේම්ස් හැඩ්ලි චේස් වෙත,, ඊට පස්සෙ හැරල්ඩ් රොබින්ස් සහ අගතා ක්‍රිස්ටි. ඊටත් පස්සෙ ආවෙ අනික් අය. ආතර් සී. ක්ලාක්, ඉසාක් ඇසිමෝව්, විල්බර් ස්මිත්,සිඩ්නි ෂෙල්ඩන්,ඇලිස්ටර් මැක්ලීන්, ස්ටීවන් කිං ..සහ තවත් බොහෝ දෙනෙක්...:)

    ReplyDelete
    Replies
    1. ආ, අයියා රන්දි අක්කගෙ පොත ගැන ලියපු පෝස්ට් එක මම කියෙව්වා. ඔය ටික මට මතකයි. වැඩ බැරි දාසට දැත්තා කියලත් කිව්වා කියලා මම දැනගත්තේ අදයි. හප්පේ, අයියට විලියම්ගේ සීරීස් එකෙන් පස්සේ ඩබල් ප්‍රමෝශන් හම්බ වෙලානේ. ඊනිඩ් බ්ලයිටන්ගේ පොත් දැන් හරි කියවන්න, පොඩිහිටියන්ට වගේම වැඩිහිටියන්ටත් හොඳයි ඒ පොත්. :)

      Delete