84. දොළොස් මසකට පෙරාතුව...


දොළොස් මසකට පෙරාතුව
උදා වූ එක් සොඳුරු දිනයෙක
සිදු විය අරුමැසි අසිරියක්
මේ පොළෝ තලය මත...

සොඳුරු සුරතල් දෙව් දූතයෙක්
සුරඟන ලොවින් බැස පැමිණියේ මිහි මතට
පොළෝ වාසීන් දෙදෙනෙකුව
මව් පිය පදවියෙන් පොහොසත් කරනට...

කාලය පියාඹා ගියේ
දිනෙන් දින අති මහත් වේගයෙන්
කඳුළු වැල් සිනහ රැල් අතරින්
සෙනෙහෙ පිරි ඔල්වරසන් මැදින්...

ඔහුයි අපගේ සිහිනය
බලාපොරොත්තුව සහ අරුත
අප දිවි ගමන තුළ
අදත් හෙටත් මතු නොව සදාකාලිකවම...



8 comments:

  1. වලාකුලක් තුල
    මතුවුණ රිදී ඉරක් සේ
    බලාපොරොත්තුව
    ඉඳුරා නොමියෙන දවසේ
    සලා පියාපත්
    ඉගිලෙන්නට මට ඕනේ
    කියා ලොවට ඒ
    කුළුඳුල් බිලිඳු උදානේ..

    ඈ ඉපදුනා
    සුරඟනන් හිනැහුණා
    මා නෙත් ආදරෙන්
    මොහොතක් බොදවුනා...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි උපේක්ෂා. ආදරෙන් පිළිගන්නවා මේ ඉසව්වට. මමත් නිතරම ගිහින් නුවර කුමාරිගේ වගතුග කියවලා එනවා, කමෙන්ට් නොකළට. ඔයාගේ ලියමන් හරිම අපූරුයි. අකුරු මග හැලි හැලි කියවන්නේ, ඒ තරං කුතුහලේ ඊලඟ වාක්‍යය කියවගන්න. :D

      'ඈ ඉපදුනා'
      මෙන්න මේකනං 'ඔහු ඉපදුනා' වෙන්න ඕනේ. :)

      Delete
  2. චූටි පුතාට සුබ උපන් දිනයක්!!! ලොකු උම්මා එකකුත් එක්ක...:)

    ReplyDelete
  3. චූටිපුතාට සුබ උපන් දිනයක් !

    ReplyDelete
  4. Up there on above the clouds,
    Where there is only happiness & joy,
    There was once a handsome angel,
    Singing and playing his harp to his heart,

    One starry night not do long ago,
    The angel came down from heaven,
    Then he decided never to go back,
    And so they lived happily ever after…………..

    ReplyDelete
    Replies
    1. Thank you very much ayya. This is so lovely - he is really an angel. He pours happiness on everyone around him. Love and laughter is everywhere around him. Love him soooo much. :)

      Delete