319. හද වෙණ සත්සර...




පාසල් වියේදී මා ඉංග්‍රීසි හා සිංහල සාහිත්‍යය හදාරමින් විදග්ධ සාහිත්‍යධරයන්ගේ එම අරුමැසි මායාවෙන් වශී වන්නට ඇත. අංකුර මටසිළිටි කවි කතා ලියමින් තුටු වන්නට ඇත. මා ලියනා දෑට පෙම් බැඳි මිතුරු සිත් නිසාවෙන්, ඇගැයුම් පිරිනැමූ ගුරු මව්පියවරුන් නිසාවෙන් විටෙක මාගේ දෑස් දිලිසෙන්නට ඇත. එලෙස මෝදු වූ සාහිත්‍යයට බැඳි ඇල්ම මාගේ සිත පතුළේ අක්මුල් විහිදුවමින් ඇදී යන්නට පටන්ගත්තේ ඉන් බොහෝ වසර ගණනකට පසුව ය.

ඒ මා බ්ලොග්කරණයට පිවිසීමෙන් පසුව ය. ජීවිතයේ මුල්වරට, නොදන්නා සිත් - අකුරට පෙම් බැඳි අපූර්ව වූ සිත් - ඇසුරු කරමින් නිදහසේ මාගේ ඇඟිලි තුඩු අගින් අකුරු ගලාහැලෙන්නට ඉඩ හැරීමෙන් පසුව ය.

මා ගොතනා බොහෝ නිර්මාණවල පළමු පාඨක පෙළ මාගේ බ්ලොග් සහෘදයන් වන ඔබ ය. ඔබගේ අදහස් හා යෝජනා මතින් මා ලද චිත්තප්‍රීතිය මෙතෙකැයි කිව නොහැක. එළැඹෙන 20 වැනිදා, ආදරවන්තයින්ගේ මාසය වෙනුවෙන් ග්‍රන්ථ ප්‍රකාශනයක් ලෙස එළි දැක්වෙන 'හද වෙණ සත්සර' කතාන්දරය ද මින් වසර ගණනකට එපිටදී මුළින් ම කියැවූයේ ඔබ ය. එතැනදී එම කතාන්දරය ආදරයෙන් වැළඳගත් ඔබ සැම, මෙය කෘතියක් ලෙසින් එළි දැක්වීමට මා සිත් යොමු කළ පළමු දයාබරත්වයයි.

එකී සමාරම්භය සනිටුහන් කළ ලෙසින්ම, කෘතිය ප්‍රකාශකයන් වෙත භාරදීමට ප්‍රථම කතාන්දරයේ ගුණාත්මක බව හා යථාර්ථවාදී බව සුරකිමින් එය සුමට කරගැන්මට ද මා කිසිදා හැබැහින් නොදුටු මාගේ බ්ලොග් සහෘදයින් වෙතින් ලද සහය කියා නිම කළ නොහැක. ආදරණීය ජනූ අක්කා සහ බුරතීනෝ (බුරම්පි අයියා 😊) එහි ලා වෙසෙසින් සිහිපත් කළ යුතුය.

එසේම, එදා මෙදා තුර මා හා අත්වැල් බැඳගෙන සිටිනා, බ්ලොග් ලෝකයේ මාගේ පවුල ලෙසින් මා සලකන, අන්දර මල්දමේ මා හා එක්ව කතා ගෙතූ රවි අයියා, රන්දිකා අක්කා, (නැවතත්) ජනූ අක්කා, (ආගිය අතක් සොයාගන්නට නැති 😠) අමා සහ පොඩි කුමාරිහාමී සොයුරු සොයුරියන් ද මෙහිදී ආදරයෙන්, සෙනෙහසින් සිහිපත් කරමි.

ඉදින්, 'හද වෙණ සත්සර' එළැඹෙන 20 වැනිදා පටන් ඔබගේ ම වනු ඇත. සැමදා මා වෙත දිගු කෙරෙන ඔබගේ ළබැඳි සහෘදත්වය වෙනුවෙන් මාගේ හද පිරි කෘතඥතාවය පළ කරන අතරේ ම, හැකිනම් පොත ද අතට ගෙන කියවා බලන්නට සෙනෙහෙ සිතින් ඇරයුම් කරමි. 💗💗💗

පෙර ඇණවුම් කිරීම සඳහා පිවිසෙන්න:
https://grantha.lk/handa-wena-sathsara-muditha-lakmini-wendabona-grantha.html








13 comments:

  1. අන්තිමට දාපු ලින්ක් එක වැඩ කරන්නෙ නැහැනෙ සිත්තමී. මට විතරද මන්ද? කෝකටත් ඔයා පොඩ්ඩක් බලන්නකො. ආරංචියට ස්තුතියි සහ උණුසුම් සුබපැතුම් පොත එළිදැක්වීම වෙනුවෙන්. ඉස්සරහට තව ගොඩාක් කවි කතා ලියන්න, එළිදක්වන්න හැකියාව සහ වෙලාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නං! ලින්ක් එකේ මොකද්දෝ අවුලක් තිබිලා. තැන්ක් යූ ඒ ගැන කිව්වාට. ඔන්න හැදුවා.

      ගොඩාක් ස්තුතියි ඔයාගේ සුබපැතුමට පූ! <3

      Delete
  2. “You may receive a pie, eat it and forget. You may receive champagne, drink it and forget. But when you receive a book, you can open it again and again.”
    ― Israelmore Ayivor

    ReplyDelete
  3. සුබ ප්‍රාර්ථනා කරනවා!
    කවරෙත් හෙම ලස්සනයි හිට....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි! <3

      කවරය හැදුවේ නම්දරාපු කවර නිර්මාණශිල්පියෙක්. ප්‍රදීප් ප්‍රේමලාල් මහත්මයා. හරිම දක්ෂයෙක්!

      Delete
  4. පොඩ්ඩි අක්ක මං හිතන්නෙ මහා බාධක පරය ළගදි ගිලිල වෙන්ඩෝන. 😃😃😃

    ඔයැයිගෙ පෝස්ටු මට අප්ඩේට් වෙන්නෑ. නිකමට රවුමක් දාන්ඩ ආව වෙලාවෙ දැක්කෙ.. 😒😒😒

    අලුත් පොතට සුබ පැතුම්.. ෆස්ට් ප්‍රින්ට් එක මේම මේම කරද්දි විකිණිලා යන්ඩෝන.
    ⁣සැකන්ඩ් ප්‍රින්ට් එකත් මේම කියද්දි එන්ඩ ඕන..

    ජයවේවා.. ❤️

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි ප්‍රාර්ථනාවට! <3

      දැන් ෆලෝ කළානේ. එතකොට අලුත් පෝස්ටු පෙනෙයි. එතකොට එන්ඩ ආයෙ රවුමක් දාලා යන්ඩ. එතකල් මෙන්න මේ පරණ ලියමනට රවුමක් දාලා එන්ඩ, ඔයැයිගේ කවියකට ලියාපු එකක්. :)

      Delete
  5. සුබ ප්‍රාර්ථනා. ජයවේවා!

    ReplyDelete