364. පොඩි ඇඩ් එකක්... :D

 


නුවර බලා දිවෙන ශීඝ්‍රගාමී දුම්රිය පදික වේදිකාව අසල නතර කළ මොහොතේදී මව්පියන්ට වැඳ සමුගත් අමන්දි එයට ගොඩවූවාය. ගමන් ඇරඹූ දුම්රිය ඈතට ඇදී යන අතරේ නැවතුම්පොළේ බලා සිටිනා මව්පියන් දෙස නෙතු යොමා සිටිනා විට ඇගේ සිත පිරී තිබුණේ මිශ්‍ර හැඟීම් සමුදායකිනි. කැදැල්ලක් තුළ මව්පිය තුරුල්ලේ කා බී හැදී වැඩෙනා කුරුලු පැටවුන් දිනෙක කැදැල්ල කෙළවරට පැමිණ එතෙක් දුටු නිල් අහසත්, සෙවණ දුන් මව් ශාකයේ අතු පතරත්, මව්පිය සොයුරු සොයුරියන්ගෙන් යුතු පවුලත් හැරෙන්නට බොහෝ සුවිසල් වූ ලෝකයක් ඇති බව දැකගන්නා සැටි ඇය සිහිපත් කළාය. එම සුවිසල් ලෝකය දැකගන්නට නොඉවසිල්ලෙන් ඔවුන් වැටි වැටී පියාසර කරන්නට තැත් දරනා අන්දම ඇය සිහිපත් කළාය. තමා තටු ගැසිය යුතු කල් එළැඹ ඇත්දැයි, නැතහොත් තවමත් නිසි කල් එළැඹ නැත්දැයි සිතාගත නොහැකිව ඇය දුම්රිය කවුළුවට හිස තබාගෙන වේගයෙන් පසුපසට ඇදී යන ගස් කොළන් සහ මංමාවත් දෙස බලා සිටින්නට වූවාය.

[පිටුව 29]

***

"මෙච්චර සීදේවි දැරිවියෙක් එක්ක එකට වැඩ කරන බවක් පුතා අපට නිකමටවත් කිව්වෙ නැහැනේ?" මව සම්පත් වෙත එල්ල කළ චෝදනාව හේතුවෙන් අමන්දි රත් පැහැ ගැන්වුණද, "එයාගෙ නම සීදේවි නෙවෙයි, අමන්දි!" යැයි ඔහු රථය පදවන අතරේම සුපුරුදු බැරෑරුම් ස්වරයෙන්ම පිළිතුරු දුන්නෙන්ද, නිර්මාල් උගුර යටින් හිනැහෙන හඬ ඇසුණෙන්ද ඇය නැවතත් යථා තත්ත්වයට පත් වූවාය.

"දෝණිගේ ගම් පළාත් කොහෙද?" මව ඇගෙන් විමසා සිටියාය.

"මං ඉන්නේ ඇඹුල්දෙණියේ අම්මේ. කොළඹමයි..." අමන්දි පිළිතුරු දුන්නාය.

"එහෙමනං ඉතිං ගමේ දුවන්ට කියලා වුවමනාවක් නැහැනේ. අපේ පුතාටනං දැන් සති ගාණකින් ගෙදර එන්ට මතක්වුණේ නැහැ. ඒකයි මේ මංම ආවේ ඇවිත් බලලා යන්ට කියලා!"

"එහෙම එන්න ඕනෙ නෑනේ. මං කිව්වනේ මං එනවා කියලා!" සම්පත් පිළිතුරු බැන්දේය.

"අද එයි හෙට එයි කිය කිය සති ගාණක් තිස්සේ බලා ඉඳලා තමයි මේ ආවේ! අප්පච්චිටත් එන්ට හැටියක් තිබුණානං එනවා. ඒත් මාන්සි වෙන්ට හොඳ නැහැනෙ."

"ඉතින් අප්පච්චි මහන්සි වෙන්න ඕනෙ නෑ. අම්මත් මෙහෙම තනියම එන්න ඕනෙ නෑ!" මවගේ මෙම ගමන ගැන සම්පත්ගේ එතරම් කැමැත්තක් නොමැති හැඩය. "එන්න බැරිවුණේ ඉතින් මට වැඩ තිබුණ හින්දානේ. මං හැමදාම දවසට කී සැරයක් කතා කරනවද? පුළුවන් වෙච්ච ගමන් එනවා කිව්වනේ. අර අසිතයාව මට අහුවෙච්චදෙන්කෝ. අම්මාව කෝච්චියට නග්ගනකල් ඌට බැරිවුණා මට පණිවිඩේ දෙන්න!"

ඔහුගේ එම දිගු නෝක්කාඩුව අතරේ සිය ගමන් මල්ල තුළින් පාර්සලයක් අතට ගත් මව හිනැහෙමින්ම එය දිග හැර එහි වූ වැලිතලප කොටස් තුනකට බෙදා නැවතත් ප්‍රවේශමට එතුවාය. "මමයි අසිත පුතාට කිව්වේ උඹට වේලපහින් දන්නන්ට එපාය, මංම ගොහින් ගම රට අමතක වෙලා තියෙන හොරේ හොයාන එන්ට ඕනෙය කියලා!"

"මගෙ හොයාගන්න ඇති හොරයක් නෑ. ඔය මොකද ඔය මට ගෙනාපුවා මේගොල්ලන්ට බෙදන්නේ?" මව වැලිතලප පාර්සල් දෙකක් නිර්මාල් හා අමන්දි අත තබනු දුටු සම්පත් වහා විමසුවේය.

"උඹට මොකවත් ගෙනාවෙ නෑ. මේ ඉතිරි ටික දෙන්නේ උඹේ බෝඩිමේ පහළ ගෙදර අර පොඩි එකාට!"

[පිටුව 73]

***

හදිසි ඇමතුම් අංකය!

ඇයට සිහිපත් විය. හෙමින් සීරුවේ නැවත සිටගත් අමන්දි ගෙවුම් කාඩ්පත ඇතුළත් කොට 119 අංකයට ඇමතුමක් ලබාගන්නට උත්සාහ කළාය. දුරකතනයක් නාද වන හඬක් ඇසුණේ නැත. සියලුම රටවලට ඇත්තේ එකම හදිසි ඇමතුම් අංකයක් නොවේද? ඇය දන්නේ නැත. සියලු හදිසි ඇමතුම් අංක ඇතුළත් කොට විශ්ව විද්‍යාලයෙන් ලබා දී තිබූ කාඩ්පත පවා තිබුණේ ඇගේ ජංගම දුරකතනයේ කවරය තුළය. නිකමට හෝ එදෙස බලා එහි අංකයක් දෙකක් මතකයේ තබාගත යුතුයැයි ඇයට කිසිදාක සිතී තිබුණේ නැත. ඈ දැන සිටියේ ශ්‍රී ලංකාවේ හදිසි ඇමතුම් අංකය 119 බව පමණි. එය දුරකතන කුටිය තුළ හෝ කොතැනකවත් අලවා ඇත්දැයි ඇය පිරික්සා බැලුවාය. දකුණුපස බිත්තියේ කුමක් හෝ දැන්වීමක් අලවා තිබුණද, සිහිසුන් වන්නට ආසන්න තත්ත්වයක සිටි ඇයට ඒ අන්ධකාරය තුළ එය පැහැදිලිව දැකගන්නට හැකියාවක් තිබුණේ නැත. කුටිය තුළ කොතැනක හෝ විදුලි පහනක් ඇති වුවද එය දල්වාගැනීම අනතුරට අත වැනීමක් වනු ඇති බව ඇය දැන සිටියාය. දැන්වීම බිත්තිය මතින් ගලවාගත් ඇය එය දුරකතනයේ අංක පුවරුව වෙතින් නික්මෙන මන්දාලෝකය වෙතට ආසන්න කළාය. සිය අතෙහි වූ කඩදාසිය දෙස බලා සිටිනා අතරේ එතෙක් සිරවී තිබූ කඳුළු කැට ඇගේ දෑසින් කඩා හැලෙන්නට විය. එහි අංක පෙළක නම් මුද්‍රණය වී තිබිණි. නමුත් එම නම් ඉදිරියේ වූ අංක පෙළම කවුරුන් හෝ නොසණ්ඩාලයෙකු විසින් අඳුරු තීන්තයකින් මකා දමනු ලැබ තිබිණි.

[පිටුව 174]

***

ඒ මොහොතේ හමා ආ සුළඟ හේතුවෙන් ඔවුන් අසල වූ ගසේ අතු තාලයකට සෙලවෙන්නට වූ අතර සම්පත් හිස හරවා එදෙස බැලුවේය. එක්වරම අමන්දිගේ උගුරේ සිර වී සිටි සමනලුන් නැවත පහළට බැස පියාසරන්නට පටන්ගත් අතර සම්පත්ට තබා ඇයට හෝ කිසිවක් සිතාගන්නට ඉඩක් ලැබෙන්නට පෙර අමන්දි ඔහු වෙත ළං වී පා ඇඟිලිවලින් එසවී ඔහුගේ කම්මුලකට කුඩා හාදුවක් පිරිනැමුවාය. අනතුරුව නැවත පසුපසට වී වෙව්ලමින් බිම බලා සිටියාය.

ඈ මේ සිදු කළේ කුමක්ද? දැන් ඈ ඔහුගේ මුහුණ බලන්නේ කෙසේද? ඇයට එතැනින් පැන දුවන්නට වුවමනා වුවද සිය දෙපා සොලවාගන්නට නොහැකි විය. එවර ඔහු ඈ වෙත පියවරකින් ආසන්න වූවේය. අමන්දි පොළොව තුළට ගිලා බැස  හෝ සැඟවෙන්නට නොහැකිදැයි ළතැවෙන්නට වූවාය. ඔහු ඇගේ නිකටෙන් අල්ලා හිස ඉහළට එසවූවේය. ඔහු දෙස බලන්නට දිරියක් නොමැති වූවෙන් ඇය දෑස් තද කර පියාගත්තාය.

"අමන්දි..."

එවැනි ස්වරයකින් ඔහු ඉන් පෙර කිසිදා ඈ  අමතා නැත. තමාගේ පපුව ගැහෙනා හඬ ඔහුටද ඇසෙනවා ඇත්දැයි සිතමින් ඇය සන්සුන් වන්නට උත්සාහ කළාය.

"අමන්දි..."

තවදුරටත් එලෙස හිඳින්නට නොහැකි වූයෙන් ඇය දෑස් විවර කළාය.

"ගේට්ටුව ළඟ සෙකියුරිටි බලාගෙන ඉන්නවා..."

අමන්දි අන්දමන්ද වූවාය. එතරම් අපහසුවෙන් ඔහු පවසන්න අසන්නට සිත සූදානම් කරගත් පසු ඔහු කියූ දෙය! ඈ සිදු කළ දෙය ආරක්ෂක නිලධාරියාද දකින්නට ඇත්ද? වස ලැජ්ජාවකි! ඇය හිස හරවා ගේට්ටුව දෙස බැලුවාය.

පුදුමයකි! එහි කිසිවෙකුත් නැත.

එක්වරම ඇගේ වම්පස කම්මුලට ගිනි ඇවිළුණි!

[පිටුව 296]







22 comments:

  1. මේ ඉන්ධනත් නැති කාලේ පෙට්ට්‍රල් ටිකක් හලලා ගිනි කූරක් ගැහුවා නේද නෝනේ....?

    ReplyDelete
  2. Do you write fiction in any other genre? Thriller? Historical? Humour? Political? Anything other than romances?
    With your talent, it would be very good. (I'm really really not into READING romances. As I told you, the last two romances I read were yours. Can't remember when I read before that, and not very sure when will be the next, if at all)

    ReplyDelete
    Replies
    1. Thank you sooo much PJ! <3 I have written a fantasy novel 'ekomath eka kaalakaya' and have a good mind to make it into a fantasy series. My blog readers have already read the second story of the series - 'kirulaka urumaya'. Don't know whether you got a chance to read them. And then I am doing some research to build up a science fiction based on Ceylon. Probably it will come out as a YA science fiction. Thank you sooo much for your encouraging words PJ, you are a good motivation for me to expand my boundaries. <3

      Delete
    2. Don't listen to PJ! He is turning in to cynic in old age (though rich coming from me). Keep up with romances (while not forgetting other genres).

      Delete
  3. Replies
    1. Thank you! :) ඉඩක් ලැබුණොත් පොත කියවලා බලන්න. කාලෙකට කළින් මේ බ්ලොග් එකේම ලියවුණු කතාවක් මේක. :)

      Delete
  4. Replies
    1. අනේ ගොඩාක් ස්තුතියි! මේක ග්‍රන්ථ ප්‍රකාශනයක්. එයාලගෙන් 30% වට්ටම් එක්ක ගන්න පුළුවන්. <3

      Delete
  5. මම මේ කතාව කියවලා තියෙනවා තියෙනවා වගේ මතකයි නේ...... අර කෝල් එක ගන්න යන සීන් එකෙන් පස්සේ එකක් උනා වගෙත් මතකයි......

    හැබැයි නම් නං වෙනස් වගේ මතක.....

    ReplyDelete
    Replies
    1. මම මේ කතාව කියවලා තියෙනවා තියෙනවා වගේ මතකයි නේ...... අර කෝල් එක ගන්න යන සීන් එකෙන් පස්සේ plot twist එකක් උනා වගෙත් මතකයි......

      හැබැයි නම් නං වෙනස් වගේ මතක.....

      Delete
    2. මේක 2018 දී මං මේ බ්ලොග් එකේම පළ කරපු කතාවක්. 2019 දී මගේ ෆේස්බුක් පිටුවේ පළ කළා. ඒත් ඒ දෙකේම මේක ලිව්වේ කතා කරන භාෂාවෙන්, 'මම' කියලා යෙදෙනෙ උත්තම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන්. ඒක පොතකට ගෙනාවේ ඒ ආඛ්‍යාන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා මුළු කතාවම ආපහු ලියලා. කතාවේ නමත්, චරිතවල නමුත් මේවාම තමයි හැබැයි. ඔව් ඔයා හරි, කෝල් එකෙන් පස්සේ වෙනසක් වුණා. :)

      Delete
    3. වෙනස් නම්ගම් එක්ක මේක කියවලා තියනවා වගේ මතකයි කිව්වාම මට බයක් දැනුණානේ අනේ :/

      Delete
    4. he he
      මගේ මොලේ පිස්සු කෙලිනවා සමහර වෙලාවට... කතාව මතක තිබුනට නම් අමතක වෙලා වෙන්න ඇති.....

      පෝන් බොක්ස් එකේ සීන් එක හෙන climax seen එකක් හින්ද මතකඉ හොඳට

      Delete
    5. ඒවුණාට ඒ නම් අමතක කළාට සමාවක් දෙන්න බෑ :'(

      Delete
  6. book shops වලට ආවේ නැද්ද අනේ තාම

    ReplyDelete
    Replies
    1. සරසවි ඇතුළු අනිත් ප්‍රධාන බුක්ෂොප්ස් වල තියනවා. මේක පෙබරවාරි මාසේ ආපු පොතක්. ග්‍රන්ථ ප්‍රකාශනයක්. ඒ නිසා ග්‍රන්ථ එකෙන්ම ගන්නවානම් 30% වට්ටමකුත් ලැබෙනවා. <3

      Delete
  7. මේ පාර අවහම පොත් දෙක තුනක් ගන්නම්

    ReplyDelete