316. Trust your instincts...


 

ඉඳහිට විටෙක

නැගේ සිත් කොණට

සිතිවිල්ලක්

ඇහි දෙබැම යා කෙරෙන

නළල රැළි නඟාලන

කුහුලින් පිරි ඉවක්

කුකුසක්


'කළ යුතුද මෙය'

'පිළිගත යුතුද මෙය'


නොකර සිටින්නට

නොපිළිගන්නට

ඉදිරිපත් කළ හැකි

හේතුවක් සිතට නොනැගෙන

එනිසාම

අකමැත්තෙන් හෝ

කරන්නට, පිළිගන්නට

පෙළැඹෙන


එනමුදු

මතු යම් මොහොතක

එළැඹෙනු ඇත නිමේශයක්

ඔබේ සහජාශය

පෙන්වූ මග නිවැරදි බව

ඔබට පසක් වන...


TRUST YOUR INSTINCTS!



13 comments:

  1. Replies
    1. මේ වැට දොරකොඩ ගහේ හිටං කොහෙට වෙනකල් දිගදෑ? :D

      Delete
    2. කෝ සිත්තමී ඉස්සර වගේ, අපි කැමති කතා ලියන්නෙ නෑනෙ? වැට ගහේ ඉඳන් ප්‍රාජේලගෙ ගෙදරටම දිගයි.😂

      Delete
    3. කතා ලියන්න වෙලාවක් තිබ්බෙ නෑ අනේ. පහුගිය ටිකේ පොතක වැඩ ඉවර කරලා බාර දුන්නා. දැන් ආයෙ මොනවාහරි ලියන්න ගන්න ඕනෙ. ඒත් ඉස්සර වගේ නෙවෙයි, දවසම මාස්ක් දාගෙන වැඩ කරලා හවස ගෙදර ආවම හුස්ම ගන්න බැරුව ඔළුව පැලෙන්න තරමට ඉන්නේ. රෑ නිදි මරං මුකුත් ලියන්න බෑ. :(

      // වැට ගහේ ඉඳන් ප්‍රාජේලගෙ ගෙදරටම දිගයි. //

      ආ එහෙමද? ඒ වුණාට ඔය අනිත් කවුරුත් මේ පැත්තෙ ආවෙ නැති කාලෙදිත් PJ හැමදාම ආවා. එයා වැටට උඩින් හරි පැනලා එයි. :D

      Delete
    4. මට හිතාගත්තෑකි. මේ මාස්ක් නොදා බැරිකමට දානවා වුනාට, ඒකෙන්, එකට එකක් දෙන්නෙ ප්‍රශ්වාශ වාතය, කියලයි මට හිතෙන්නෙ. අවශ්‍ය තරම් ඔක්සිජන් ලැබෙන්නෙ නැතුව ඇති.

      මේ තත්ත්වය යටතේ, මෙහෙම හරි ලියනව මඳැ. ආයෙ කාළෙ හොඳ වුනාම බලමු.🙏👌

      Delete
  2. Humor has bailed me out of more tight situations than I can think of. If you go with your instincts and keep your humor, creativity follows. With luck, success comes, too.

    Jimmy Buffett

    ReplyDelete
    Replies
    1. අම්මෝ සහතික ඇත්ත! ඒ වුණාට මට ඕක කරගන්නම බෑනේ. මගේ හිත ඇතුළෙන් සැකයක්, විරෝධයක් මතු වෙද්දි මට හාස්‍යය අමතක වෙලා යනවා. ඒත් මේ කියනවා වාගේ ඒක හිනාවකින් සමබර කරන්න පුළුවන් අය තමයි හැබෑ හපන්නු! <3

      Delete
  3. අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

    මේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!

    අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!

    ReplyDelete
    Replies
    1. බෙහෙවින්ම ස්තුතියි! මමත් සඳකඩපහණ ගැන තොරතුරු බෙදාගන්නම්. :)

      Delete