රෑ බෝවීගෙන එන අතරේ නිවස ඉදිරියේ නතර වූ මෝටර් රථයෙන් බැස ගෙට ගොඩ වූ ඔහු දැකීමෙන් මාමාද, නැන්දාද ඉමහත් පුදුමයට පත් වූවෝය. චුට්ටීද, චූටි මල්ලීද ගෙදර සිටියේ නැත. ඔවුන් පන්සලට ගිය බව දැනගත් තරිඳු මාමාටද නැන්දාටද ගෙන ආ තෑගි බෝග බෙදා දී පන්සලට යාමට මගට බැස්සේය.
ඔහුට ඔවුන් හමු විය. බෝ මළුව අසළ පහන් දල්වමින් සිටි චුට්ටී දුටු තරිඳුට හීල්ලුනි. ඈ තව දුරටත් ඔහුගේ මතකයේ සිටි හිරිමල් යොවුන් දැරිය නොව සුන්දර රූ සපුවකින් හෙබි ලාලිත්‍යය ගලා හැලෙන යුවතියක බවට පත්ව සිටියා ය. ගොම්මන් අන්ධකාරය මධ්‍යයෙන් මුහුණට වැටුණු දැල්වූ පහන් ආලෝකය නිසාදෝ ඈ වඩාත් සුන්දරව පෙනුණි. ඔහු එහි සිටිනා බව මුළින්ම දුටුවේ ඈ අසළ සිටි තරුණයා ය. ඔහු අනුව හිස එසවූ චුට්ටී හොල්මනක දුටු සේ දෑස් විසල් කරගත් අන්දමද තරුණයාගේ මුවේ මද සිනහවක් නැගෙනුද ඔහු දුටුවේය. "තරිඳු මහත්තයා!" තරුණයා කීවේය.
| දැල්වූ පහන් සහිත පහන් වැටකි. |
තරිඳුට ඔහු හඳුනාගත නොහැකි විය. තරුණයා ඔහු අසළට ඇවිද ආවේ චුට්ටීගේ අතින්ද අල්ලාගෙන ය. තරිඳු පෙනහළු තුළ පුරවාගත් හුස්ම පිටවන්නට නොදී සිර කරගෙන සිටියේය. "මහත්තයට මාව අඳුනගන්ඩ බෑ නේද?"
ඔවුන්ගේ එකට බැඳි දෑත් දෙස නොබලා සිටින්නට වෑයම් කරමින් තරිඳු මඳ සිනහවක් පෑවේය. "මූණුවරනං හොඳට මතකයි..."
"දේස දීපංකරේ ගියාට පස්සෙනං අඹ ගස්වලට කජු ගස්වලට ගල් ගහන්ඩ නැතුව ඇති මයෙ හිතේ..." ඔහු පුළුල් සිනහවෙන් යුතුව කීවේය. "වක්කලමෙ මාළු පැටවුංනුත් පාඩුවේ ඉන්නවා මහත්තයා ගමේ ඒම නැවැත්තුවාට පස්සේ."
"කපිල!" බාල වියේදී තමාට සිටි හොඳම මිතුරා හඳුනාගැනීමට මෙතරම් වේලා ගියේ මන්දැයි තරිඳුට සිතාගත නොහැකි විය. කපිල සිහිපත් කළේ කුඩා වියේදී ඔවුන් එක්ව සිදු කළ දඟකාරකම් අතුරෙන් ඉතාමත් ස්වල්පයක් පමණි. වෙන මොහොතකදීනම් තරිඳු ප්‍රීතියෙන් ඉපිළ ගොස් කලෙකින් නොදුටු මිතුරා වැළඳගනු ඇති නමුත්, මේ මොහොතේ ඔහුගේ අතේ පැටලී තිබූ චුට්ටීගේ අත තරිඳුගේ එම ප්‍රීතියට හරස් කැපුවේය.
"මදෑ අඳුනගන්ඩ ගිය වෙලාව! මෙහෙං ගියා ගියාමයි මහත්තයා ආයෙ පළාතෙ ආවෙ නෑ නොවැ."
"එන්න බැරි වුණානෙ කපිල..." තරිඳු යළි චුට්ටි දෙස බැලුවේය. ඇගේ දෑස් බිමට යොමු වී තිබුණි. "චුට්ටී..." සිතට දිරි ගෙන ඔහු ඈ ඇමතුවේය. ඇය හිස එසවූවා ය. "කොහොමද ඉතිං?"
ඇය මඳ සිනහවක් පෑවා ය. "හොඳින් තරිඳු අයියෙ..." ඇගේ ඇමතුමේ වූ දුරස් බව ඔහුගේ හදවතටම දැනුණි. "යන්තං නිවාඩුවක් හම්බවුණාද?"
ඔහු අපහසුවෙන් සිනහවක් පා හිස සැලුවේය. "ඔව්, පොඩි නිවාඩුවක් ගත්තා."
චුට්ටී පන්සලේ හිඳිනු ඇත්තේ තනිව නොවනු ඇති බව ඔහු දැන සිටියද, එහි සිටිනු ඇත්තේ තම බාල වියේ හොඳම මිතුරා වනු ඇති බවට කිසිදු බලාපොරොත්තුවක් ඔහු වෙත තිබුණේ නැත. තම දෛවය මෙතරම්ම තමාට සරදම් කරන්නේ මන්දැයි ඔහුට සිතාගත නොහැකි විය. එසේම සියල්ල මෙසේ සිදු වී ඇත්තේ තමාගේම වරදින් බවද ඔහු හොඳින්ම දත්තේය.
මව පැවසූ ලෙසින්ම ඔහු ප්‍රමාද වූවා වැඩි ය.
ඔහු තම සිහිනය පසුපස දිව ගොස් ඇත්තේ තරගයකය. නමුත් තමා තරග කොට ඇත්තේ තමා සමගම බව අවසානයේදී ඔහුට වැටහී ගියේය. එහිදී දිනුම සේම පරාජයද ලබා ඇත්තේ තමා ම බව ඔහුට පසක් විය. ඔහු ඔහුගේ සිහිනය ජය ගන්නා තුරා කාලය හෝ චුට්ටීගේ ජීවිතය හෝ නතර වී නොසිටිනා බව ඔහුට වැටහුණේ ඒ මොහොතේදී ය.
"අපිත් දැං ගෙදර යන්න කියලා හැදුවේ තරිඳු මහත්තයා," කපිල කතා කළේය. "මේ ටිකේම මෙයාට බෝධි පූජාවක් කරන්න ඕනෙ කියලා පන්සල පැත්තෙ ආවා... අපෙ මංගල්ලෙත් ළඟයිනේ..."
තරිඳු හිස සැලුවේය. "ඔව්, මට ආරංචි වුණා..."
ඔහුද ඔවුන් දෙදෙනා හා පන්සලේ ගේට්ටුව දෙසට ඇවිද ගිය අතර එතෙක් පොඩි හාමුදුරුවන් හා කතා කරමින් සිටි චූටි මල්ලීද දිව විත් ඔවුනට එකතු වූවේය.
"නැන්දලාත් ආවද තරිඳු අයියේ?" මඳ නිහැඬියාවකට පසු සමාධි ඇසුවාය.
"නෑ. තාත්තා ගාල්ලෙ ගිහිං, ඔෆිස් එකේ වැඩකට."
"අයියා අක්කලාගෙ වෙඩිං එකට ඉඳලා නේද ආපහු යන්නේ?" එවර චූටි මල්ලී ඇසූ පැනයෙන් තරිඳු අසරණ විය. කපිල තරිඳුගේ කරටද අතක් දමාගෙන එයට හවුල් විය. "ඉමු ඉමු, තව සති දෙකක්වත් නෑනේ..."
තරිඳු චුට්ටි දෙස බැලුවේය. ඇයද හිස ඔසවා ඔහු දෙස බැලුවාය. ඇය සැමදා සුපුරුදු, එහෙත් මින් පෙර කිසිදා මෙතරම් සුන්දර ලෙසින් ඔහුට නොදැනුණු, සිනහවක් පෑවාය. තරිඳු දුටු මොහොතේ ඈ තුළින් දිස් වූ කැලඹීම මේ වනවිට ඈ තුළ දක්නට නොවී ය. ඒ වන තුරුද කපිලගේ සුරතේ අතැඟිලි පටලාගෙන සිටි ඈ වෙතින් ඒ මොහොතේ දිස් වූයේ නොබෝ දිනෙකින් මනාලියක වීමට සිහින දකිනා යුවතියකගේ දීප්තියයි. "තරිඳු අයියා ඉන්නම ඕනෙ..." ඇය කීවාය.
බොහෝ වේලා කල්පනා කළ ඔහු අවසානයේදී හිස සැලුවේය. තමා වෙනුවෙන් වූ චුට්ටීගේ සිහිනය සුනුවිසුණු කර දැමූ තමා, ඈ වෙනුවෙන්, ඇගේ අලුත් සිහිනය වෙනුවෙන්, තම සිහිනය මදකට කල් දැමුවාට කම් නැතැයි ඔහු අවසානයේදී තීරණය කළේය.
එදින රාත්‍රියේම යළි කොළඹ ඒමට පිටත් වූ ඔහු සඳ එළියෙන් එකළු වූ වැව් බැම්මක් මත මෝටර් රථය නතර කළේය. එතෙක් කල් කාව්‍යමය වදන් තුළ ඔබ්බවා පැවසූ ඈගේ සිතැඟි සියල්ල ඉතාමත් පැහැදිලිව, කුඩා දරුවෙකුට වුවද වටහාගත හැකි සිංහලයෙන් ලියා එවා තිබූ ඈගේ අවසන් ලිපිය කියවනා අතරේ ඔහුගේ දෑස් රත් පැහැ ගැන්වී කඳුළු උනන්නට පටන්ගත්තේය. එම ලිපියටද ඔහුගෙන් පිළිතුරක්, අවම වශයෙන් ඉඟියක් හෝ නොලැබුණහොත් ඒ තමා හට ඔහු ගැන බලාපොරොත්තු අත් හැරගන්නා ලෙසට වූ ඔහුගේ පිළිතුර ලෙසින් ඈ හට බාරගන්නට සිදු වන බව පවසා තිබූ ලිපියේ අවසානය කියවන මොහොතේ එම කඳුළු කැට ඔහුගේ මුහුණ හරහා ගලා විත් ලිපිය මතට වැටී ඈගේ අත්සන බොඳ කර දැමුවේය.
අවසන, ඔහු ඇගේ මතක සුවඳ රැගත් කඩදාසිය දෑතින්ම ගුලි කොට මෝටර් රථයේ කවුළුව පහත් කොට රැළි නගන වැව් දිය මතට වෙර යොදා විසි කර දැමුවේය. හමා ආ සිහිල් සුළං රැල්ලෙන් ඔහුගේ ගතේ විඩාව මදකින් අඩු වුවද සිතෙහි වූ පීඩාව එතරම් ඉක්මණින් සමනය නොවන බව ඔහු දැන සිටියේය. මෝටර් රථයේ ගුවන් විදුලිය ක්‍රියාත්මක කළ ඔහු අසුනේ පිටුපසට බරව දෑස් පියාගත්තේය. ඉන් ගලා ආ ගීත රාවය එම මොහොතේ ඔහු සොයා ආවේ මන්දැයි ඔහු තවමත් දන්නේ නැත.
Joni was the girl who lived next door
I've known her I guess ten years or more
Joni wrote me a note one day
And this is what Joni had to say
Jimmy please say you'll wait for me
I'll grow up someday you'll see
Saving all my kisses just for you
Signed with love forever true
Slowly I read her note once more
Then I went over to the house next door
Her tear drops fell like rain that day
When I told Joni what I had to say
Joni, Joni please don't cry
You'll forget me by and by
You're just fifteen and I'm twenty two
And Joni I just can’t wait for you
Soon I left our little home town
Got me a job and tried to settle down
But these words kept haunting my memory
The words that Joni said to me
Jimmy please say you'll wait for me
I'll grow up someday you'll see
Saving all my kisses just for you
Signed with love forever true
I packed my clothes and I caught a plane
I had to see Joni I had to explain
How my heart was filled with her memory
And ask my Joni if she'd marry me
I ran all the way to the house next door
But things weren't like they were before
My tear drops fell like rain that day
When I heard what Joni had to say
Jimmy, Jimmy please don't cry
You'll forget me by and by
It's been five years since you've been gone
And Jimmy I’m married to your best friend John
~ සමාප්තයි ~
කලින් කොටස් කියෙව්වට කොමෙන්ට් කරන්න බැරි උනා අක්කෙ... මේ කතාවත් ඔයාගෙ වෙන කතා වගේමයි.. හරිම ලස්සනයි...
ReplyDeleteජීවිතේ තරගයක් කරගෙන ඒ තරගෙ ජය ගන්න දුවනකොට තවත් ගොඩ දේවල් නැතිවෙන එක අනිවාර්යයි. ඒ කියන්නේ ජය වගේ ම පරාජයත් නියතයි... ඒ බව මේ කතාවෙන් ඔයා ලස්සනට කියලා අක්කෙ... අගෙයි...
ගොඩාක් ස්තූතියි නංගි! :) මේ ගීතය මම පාසැල් වියේ ඉඳන්ම ආදරේ කරන ගීතයක්. ගීතය තුළින්ම කියවෙන කතාන්දරය, වඩාත් සමීපව දැනෙන විදිහට අකුරු කරන්න ඕනෙ කියලා මට කාලෙක ඉඳන් හිතිලා තිබ්බේ. ඒ නිසයි මේක ලියවුණේ. ඒත් වැඩිය මහන්සි වෙලා, වෙලාව අරගෙන ලියපු එකක් නොවන නිසා අඩුපාඩු බොහොමයි.
Deleteබලාපොරොත්තුවක සිහිනයක තියලා තිබ්බ නේද වෙඩිල්ල පපුවටම??
ReplyDeleteඔය සින්දුව මම එකපාරක් අහපු සැනින් මතක තිබ්බ එකක්. ක්ලැසික් සින්දු වලට මම බොහොම මනාපයි. ඒ අතරින් ගිටාර් එක පසුබිමේ යන ගීත ඉතාම ලස්සනයි මට. ඒවත් අතරින් මේ සින්දුව මම අහන්නේ මාර ආසාවෙන්.
ලස්සන කතාවක්.
හපොයි වෙඩිත් වැදුණද? :D
Deleteඅපිට උසස් පෙළ පංතියේදී හදාරන්න තිබ්බ සාමාන්‍ය ඉංග්‍රීසි විෂය පෙළපොතේ තමයි මේ ගීතය තිබුණේ. ඉස්කෝලෙ කාලෙදි පාවිච්චි කරපු ලස්සනම පෙළ පොත, පාට පාට පිංතූර පිරිලා. මේක ඇරුණහම මයිකල් ජැක්සන්ගේ Heal the World ගීතයත් තිබුණා.
ස්තූතියි ලිඛිතෝ. :)
ඔය සිංදුවට කතාවක් ලියන්ට ඕනැයි කියලා එදා කිවුවට, මේකෙ මුල් කොටස් දෙක කියවන කොට හිතුනෙම නැහැ මේ කතාවට ඒක ලින්ක් වෙයි කියලා..
ReplyDeleteඉතිං කොයි, හිතිච්ච නැති එක ගැන විතරයි නෙව කියලා තියෙන්නේ. හිතිච්ච නැති විදිහට හරි කතාන්දරේ සිංදුවට ඈඳිච්ච විදිහ අප්ෂැට්ද?
Deleteසිංදුව ඇඳිච්චි විදියෙ නං එහෙම අප්සට් ගතියක් නෑ.
Deleteකතාව පොඩ්ඩිත්තක් විතර ෆාස්ට් ෆෝවර්ඩ් ගිහින් වගේ දැනෙනවා. නිකං හදිසියෙන් හදිසියෙන් ලියලා වගේ. අර පන්සලේදි වෙන සිද්ධි එහෙම තව චුට්ටක් විතර ඇද්දානං හොඳයි. ඒකනෙ කතාවෙ ක්ලයිමැක්ස් එක.
කපිල, තරිඳුට 'මහත්තයා' කියන එක නොගැලපෙනවා කියලයි මට හිතෙන්නෙ. කොච්චර පිටරටකට තියා හඳට ගිහින් ආවත් පොඩි කාලෙ අඹ යාළුවො අපටත් අපි උංටත් 'මචං' කියලම තමා කතා කරන්නෙ.
අද කොටසෙ මුලදිම කපිලව අපට මුනගස්සන්නෙ නැතුව අන්තිම හරියෙදි මුනගැස්සුවනං (මුලින්ම සමාධි විතරක් මුනගස්සලා), තරිඳුට කපිලව අමතක වෙලා නැතුව දැක්ක ගමන් අඳුරගන්න පුළුවන් වුනානං මීට වඩා කතාව වදින්ට තිබුනා.
හැබෑට අයියෙ මේ කියාපු විදිහට මුළිං සමාධිව විතරක් මුණගස්සලා සංවේදී දෙබස් ටිකක් එකතු කරලා අන්තිමට කපිලව ගෙනාවානං මේ කොටස ලස්සනට ගොඩනගන්න තිබ්බා, අවසානය මීටවඩා හිතට දැනෙන විදිහට ලියන්න තිබ්බා. අපරාදේ මට එහෙම දෙයක් කල්පනාවට ආවේම නෑනේ. :( කිව්වත් වගේ කොහොමත් මේක වැඩිය වෙලා අරං හොඳට හිතලා ලිව්ව එකක් නෙවෙයි. ඒකෙන් කියවන අයටත් අසාධාරණයක් වුණාදෝ කියලා මට හිතෙනවා. :(
Deleteමදැයි මම සිත්තමීගෙ කලින් කතන්දරත් කියවන්න බැරි වෙච්ච එකේ මේකවත් කියවනවා කියල හරි බරි ගැහුනෙ කොටස් 20-30 ක කතාවක් කියවන්න...
ReplyDeleteමට මේ කතාවේ පොඩ්ඩක් අවුලක් දැනෙන දේ තමයි, චුට්ටි මගේ කියලා හිතං ඉඳපු තරිඳු, අවුරුදු 7 කාලයක් ඇතුලත චුට්ටි සමග කිසිම කිසි ගනු දෙනුවක් නොපැවැත්වීම. ලංකාවට ආපු වෙලේවත් බලන්න නොයෑම. එහෙම වෙන එක මීට වඩා සාධාරණීකරණය කරන්න ඕනේ කියලයි මට හිතෙන්නේ...
තාමත් ඒ කතන්දර දෙක කියෙව්වෙ නැද්ද අප්පා? මං මේ ඒ සීරීස් එකේ තුන් වෙනි කතන්දරේකුත් ලියන්න මේ හිතාගෙන ඉන්නේ.
Deleteමේ කතන්දරේ ගොඩක් අඩුපාඩු තියෙනවා අයියේ. මමත් සම්පූර්ණයෙන්ම තෘප්තිමත් නැහැ මේ ගැන. ඒ වුණත් මේක තව වෙලාව අරගෙන හැඩවැඩ කරන්න කාලයක් ඇත්තෙත් නැහැ. ඔන්න ඔහෙ ඕන එකක් කියලා දැම්මා. බූරො අයියා කිව්වා වගේ මට තව ටිකක් ප්ලොට් එක ගැන කල්පනා කළානම් මේක මීට වඩා හොඳට ගොඩනගන්න තිබ්බා. අයියා මේ කියලා තියන කාරණාවත් ඇත්ත.
මේ සින්දුව එෆ් එම් චැනල් නොතිබුන, මම කොල්ලා කාලෙ නිතරම රේඩියෝ එකේ ගිය, අපේ පරම්පරාවට බොක්කටම වැදුන සින්දුවක්. ඒක බොහෝවිට ඩීජේ හැඳින්වුවෙ බැලඩ් එකක් කියලා. ඔය ජෝනීගේ කට හඬට ඒ දවස්වල අපි වශී වෙලා හිටියේ හරියුඅට බෲක් ෂීල්ඩ්ස්ට තිබ්බ ක්‍රෂ් එක වගේ. ඕක කීපාරක් ඇහුවත් අන්තිමට පපුවට මාර බරක් දැනෙනවා. ඔය සින්දුව ගිටාර් එකේ ගගහා කියන්න ඉගෙනගන්න පුදුවම ආසාවක් ඒ දවස්වල මට තිබ්බේ. ඕක D, A, G වගෙ ලේසි කෝඩ් තුනකින් ගහන්න පුලුවන් මට අම්තක විදියට.
ReplyDeleteඅන්න ඒ අන්තිමට පපුවට දැනෙන බර හින්දාමයි මං ඔය සින්දුවට කැමති. අපේ සිංහල ගීතවලත් විරහව බොහොම සෞන්දර්යාත්මකව ලියැවිලා තියෙන ගීත වාගේම මේ ගීතයේ වචනත් හරිම සංවේදියි. තාලෙත් ඒ වගේම බොහොම සමීපව දැනෙනවා. මං ඉතිං කොහොමත් ඉංග්‍රීසි, හින්දි ඕල්ඩ් හිට්ස් වලට මනාපයිනේ. :)
Deleteඅර විමලෙ කොලූ කියන්නැහෙ මෙව්ව බටහිර කුමන්ත්‍රණ..බොලාටත් ඉතිං ඉංගිරිස් සිංදු කිව්වොත් මැරෙන්ට හදනව..ඔව්ව නෙවෙයි..මෙන්න මේ වගෙ සංවේදී අවස්තාවකට තෙල් ටිකට ගැලපෙන්නෙ මේ වගෙ සිංදු...
ReplyDeleteඔන්න ඉතිං පන්සලේ ඉඳල ගෙදර ගිහිල්ල තරිඳු එනකොට ඩියුටි ෆ්‍රී එකෙන් ගෙනාපු බ්ලැක් ලේබල් බෝතලෙන් වඩියකුත් වක්කරගෙන මිදුලෙ අඹගහ යට වේවැල් පුටුවකට වෙලා අඬ අඳුරෙ ඇස් දෙකත් අඩවන් කරගෙන ඉන්නව. පසුබිමින් හෙමීට ඇහෙනව මාස්ටර්ගෙ ළයාන්විත හඬ...
අන්න බං ජීවිතේ..ජීවිතේ විඳිනව කියන්නෙ අන්න ඒකට...
පෙම් රළ පතරින් නිබඳව නැහැවෙන, මිනිස් හඬින් තොර පාළු දිවයිනේ...මා තනි කරදා පවෙන ඔබගේ ජීවන නෞකා නොබිඳේවා.....ජීවන නෞකා නොබිඳේවා.....
හ්ම්ම්, මේ ප්ලොට් එකට ගැලපෙන සිංහල සිංදුත් බර තොගයක් මට මතක්වුණා මේ අන්තිම කොටස ලියාගෙන යද්දී. ඒත් ඉතිං මං මේක ලියන්න පටංගත්තේ අර ජොනීගේ සින්දුවට කතාවක් ලියන්ඩ හිතාගෙනනේ. ඉතිං එහෙම පටංගෙන වෙන විදිහකට අහවර කොරන්ට හොඳ නැති හන්දා මං එහෙමම ඒ සිංදුව ගැනම ලීවා.
Deleteඔය කිව්වේ.. ඔය කිව්වේ... ඕන්න කිව්වා! ආව මෙතැන කළු ලේබලේ දාන්ට !
Delete