72. ගණිත විනෝදය...06
මහාචාර්ය ඩේවිඩ් ඇතුළු ගවේශණ කණ්ඩායම ඉන්නෙ බොහොම අවදානම් තත්ත්වෙක. තවත් විනාඩි දා හතකින් නෝවෙල්ස්ට්රයින් ගිනිකන්ද පුපුරනවා. මේ කණ්ඩායම ඊට කළින් වැල් පාලමෙන් එගොඩ වෙලා මේ පැත්තට එන්න ඕනේ. ඒත් පාලම බොහොම අබලන් වෙලා, ප්රවේශමෙන් අඩිය නොතිබ්බොත් කෙළින්ම ඇදගෙන වැටෙන්නේ දරුණු සැඩ පහරකින් ඇදී යන නෙයුස් ගංගාවට. ගිනිකන්දෙන් පිට වෙච්ච දුමෙන් ආකාසෙ වැහිලා, පළාතම අඳුරුයි. විදුලි පන්දමක් නැතුව පාලමෙන් එගොඩ වෙන්න බෑ. ඒත් කණ්ඩායමටම තියෙන්නේ එක විදුලි පන්දමයි. එක සැරේකට පාලමෙන් එගොඩ වෙන්න පුළුවන් දෙන්නෙකුට විතරයි.
ගිනි කන්ද ලඟට මේ කණ්ඩායම ලඟා උනෙත් මේ පාලමෙන්ම එගොඩ වෙලා නිසා ඒ එක් එක්කෙනාට පාලමෙන් එගොඩ වෙන්න ගත වෙන කාලය ගැන කට්ටියට දැනුමක් තිබ්බා.
ඇලෙක්ස්ට විනාඩි 1 යි.
බෙන්ජමින්ට විනාඩි 2යි.
කෝඩිට විනාඩි 5යි.
මහාචාර්ය ඩේවිඩ්ට විනාඩි 10යි.
ගිනි කන්ද පුපුරන්න කළින් මේ හතරදෙනාම පාලමෙන් එගොඩ වෙන්නේ කොහොමද?
Subscribe to:
Posts (Atom)
