දොළොස් මසකට පෙරාතුව
උදා වූ එක් සොඳුරු දිනයෙක
සිදු විය අරුමැසි අසිරියක්
මේ පොළෝ තලය මත...
සොඳුරු සුරතල් දෙව් දූතයෙක්
සුරඟන ලොවින් බැස පැමිණියේ මිහි මතට
පොළෝ වාසීන් දෙදෙනෙකුව
මව් පිය පදවියෙන් පොහොසත් කරනට...
කාලය පියාඹා ගියේ
දිනෙන් දින අති මහත් වේගයෙන්
කඳුළු වැල් සිනහ රැල් අතරින්
සෙනෙහෙ පිරි ඔල්වරසන් මැදින්...
ඔහුයි අපගේ සිහිනය
බලාපොරොත්තුව සහ අරුත
අප දිවි ගමන තුළ
අදත් හෙටත් මතු නොව සදාකාලිකවම...
