65. ඤාව්වගෙ අළුත් නම...

මේ ඉන්නෙ මං චූටි කාලෙ...


කොහොමද, ලස්සනයි නේ මං? ආ මේ මෙව්වත් බලලා ඉන්ටකෝ...



ඒ දවස් වල හැමෝම මා එක්ක සෙල්ලං කළා...



හැමෝටම මා එක්ක කතා කරන්න වෙලාව තිබ්බා...


මං බඩගිනි වෙලා ඤාව් ගාන පරක්කුවට මට බඩ පිරෙන්න කන්න හම්බ උනා...


මගේ අල්ලපු ගෙදර යාළුවන්ටත් එක්කම...


බඩ පැලෙනකල් කාලා මට හිතුණ තැනක මට හිතුණ තරං වෙලා දොයිය ගත්තා...



ඒත් මේ ලඟදි ඉඳන් ඒ ඔක්කොම වෙනස් උනා...



රෙද්දක ඔතාගෙන පොට්ටනියක් වගේ කාවදෝ අපේ ගෙදරට ගෙනාවා...



ඊට පස්සෙ ඉඳං ගෙදර හැමෝටම එයාව විතරයි ලොකු...



අපිව මතකත් නෑ...


ඔහොම වෙලාවට තමයි මට අපේ කළු මාමව වැහෙන්නෙ...



ඒත් ඉතිං මම උනත් උන්දැට බයයිනේ. ඒ හන්දා කළු මාමව අමතක කරලා ඔහේ ඉන්නවා. මොනා උනත් ඉස්සර හිටං තිබ්බ මගේ හොඳ නාමෙ නැති කරගන්ට ඕනෙ නෑනේ... 



මට ඕනෙනං පුළුවං ඔය ඔක්කෝම අමතක කරලා දාලා එයැයිත් එක්ක යාළු ෆිට් එකේ ඉන්න... මෙන්න මේ වගේ...





ඕනෙනං උම්මා එකක් උනත් දෙන්න බැරියෑ...


ඒත් ඉතිං කෝ ඒගොල්ලොමනේ මට එයා ඉන්න කාමරේ පළාතෙවත් යන්න තහනං කරලා තියෙන්නේ... ඉතිං මං මොනා කරන්ඩද...


ඔය ඔක්කෝමත් හරියි කියමුකො. ඒත් මට ඉවසං ඉන්ඩ බැරිම කාරණාව තමයි ඉස්සර මට ආදරේට කියපු නම් ඔක්කොම දැන් එයාටනේ කියන්නේ. චූටි මැණික... සූකිරි බෝලෙ... උක්කුං පැටියා... සත්තරං කැටේ... හුහ්!


ඔය ඔක්කොම මගෙ නම් ටික අරගෙන මට දීපු අළුත් නම මොකද්ද දන්නවද? හුහ්! මගේ ඇඟේ මාළු නටනවා අනේ ඇත්තට!


දුකත් හිතෙනවා අනේ... ඉහි ඉහි ඉහි...


මට දීපු අළුත් නම තමයි - අළුත් නම තමයි - ඤාව් - ඤාව් - අනේ ඤාව් අංකල්! ඔව් අනේ... ඤාව් අංකල්... මේ යාන්තමට අවුරුදු දෙක පිරිච්ච මගේ අළුත් නම... ඤාව් අංකල්!