"අනේ අසංක මේ දොර අරින්නකෝ!!!" අසංක උඩ විසි වී අවදි විය. නළල තදබල ලෙස වේදනා දෙමින් තිබිණ. සැබැවින් සිදු වූයේ කුමක්ද, සිහිනයෙන් දුටුවේ කුමක්දැයි වෙන් කර හඳුනාගත නොහැකිව ඔහු වැනෙමින් ගොස් ඉදිරිපස දොර විවර කළේය. සුමුදුත්, ගම් ප්‍රධානියාත් එහි සිටගෙන සිටියහ. ඔහුගේ නළලේ වෙලුම්පටි දැක තැතිගත් සුමුදු දෑතේ වූ ගමන් මළු බිම අතහැර දමා ඔහුගේ දෑතින් අල්ලාගත්තාය. "අනේ මොකද මේ කරගෙන තියෙන්නේ?"
"මං එමින් ගමන් නෝනෙට කියැව්වේ පහුනු දොහේ අපේ ඉස්කෝලේ මහත්තයා අල්ලාපු අඩව්ව ගැන..." අසංකට පෙර ගම් ප්‍රධානියා පිළිතුරු සැපයුවේය. "බයවෙන්ඩ කාරි නෑ, ගුරුන්නාන්සේ බෙහෙත් කොළා... ඒ අමාරුවට වෙන්ටැ ඔය හැටි නින්ද යන්ඩත් ඇත්තෙ..."
අසංක ඈ දෙස බලා සිටියේ විශ්වාස කළ නොහැකි තරමේ විශ්මයකිනි. "ඔයා කොහෙද මේ පාන්දර ගියෙ?" ඔහු වදන් ගලපාගෙන ඇසුවේය.
"කොහෙවත් ගියෙ නෑ, ඔයාව බලන්නනේ ආවේ? ඇයි මං ඊයෙ කෝල් කරද්දි කිව්වෙ අද එනවා කියලා?" ඊයෙ? අසංකට එය සිතාගත නොහැකි විය. ඔහු ඊයේ දවසම ගෙවූයේ ඈ සමගම නොවේද? "අනික මේ පාන්දර නෙවෙයි... දැන් දවල් එකොළහත් පහු වෙලා..."
කිසිවක් සිතාගත නොහැකිව ඔහු හිස කැසුවේය. "මට එලාම් එකවත් ඇහුණෙ නෑ... එන්නකො - එන්නකො ගෙට..." ඔහු දොරකඩින් ඉවත් වී ඉඩ ලබා දුන්නේය. "එන්න ආරච්චි මහත්තයෝ..." ඔහු ගම් ප්‍රධානියාටද ආරාධනා කළේය.
"මංනං දැං යන්ඩ ඕනෙ ඉස්කෝලෙ මහත්තයෝ, සුනංගු වෙන්ඩ බෑ... හරි වැඩේ නොවැ වෙලා තියෙන්නේ... අද පාන්දර එළිවෙන ජාමෙ අර වළව්ව ගිනි අරගෙන!"
අසංකගේ දෑස් විසල් විය. ඔහුට සිය දෙසවන් අදහාගත නොහැකි විය. "මොනවා???"
"ඒක නොවැ... මං පොලිසියෙ රාළහාමිලාට දෙගමනක් පණිවිඩ යැව්වා. ඒ එනකල් මහතුංගෙ කඩේ ළඟ බලා ඉන්දැද්දි තමා මේ නෝනෙ ඉස්කෝලෙ මහත්තයා ගැන ආරංචි කොරගෙන ආවේ... වෙන එවන්ට එකෙකුත් නෑ, සේරෝම පන්සල ළඟ රොක් වෙලා..... ඉතිං මංම එක්කගෙන ආවා පරිස්සමට...."
"ගිනි අරගෙන??? වළව්ව???" අසංක තොල් මැතිරුවේය. ඔහුගේ සිත තුළ පෙර දා රැයේ සිදුවීම් එකිනෙක මැවී පෙනෙන්නට විය. පෙර දා රැය? නැතහොත් එය සිහිනයක් පමණද? "ඒ කොහොමද ගිනි අරං තියෙන්නේ?"
"කවුරු දන්නවද? කාටවත් හිතාගන්ඩ බැහැ. අපරාදෙ, වළව්වෙන් බාගයක්ම ඉවරයි..."
"කාටවත් අනතුරක් එහෙම නෑ නේද?" ඔහුට ඔවුන්ගේ හිතවත් මිත්තණියගේ සිරියාවෙන් පිරුණු සිනහව සිහිපත් විය.
ගම් ප්‍රධානියා සිනහවක් පෑවේය. "අනතුරක් වෙන්ඩ එහෙ කවුරුවත් උන්නෙ නැහැ නොවැ මහත්තයෝ... පොලිස් මහත්තුරු එන්ඩ ප්‍රමාද හන්දා මායි ලොකු හාමුදුරුවොයි කෝකටත් ගොඩ වෙලා බැලුවා... ඔහෙ නෑ කවුරුවත් හිටි බවට හෝඩුවාවක්... හැබැයි ඕං දැං මෙතුවක් කාලෙකට ඒ දිහා හැරිලාවත් නොබලාපු ගමේ එවුන්, මායි ලොකු හාමුදුරුවොයි ගොහිං ආවාට පස්සෙ වළව්වෙ වත්තට පැනගෙන අඹ රඹුටං කනවා... තවත් සුනංගු වෙන්ඩ බැහැ ඉතිං... මං ගොහිං එන්නංකො... එන්නං නෝනෙ..." ගම් ප්‍රධානියා පිටව ගියේය.
සුමුදු යළි අසංක වෙත හැරුනාය. "ඔයාට මොකද වුණේ අසංක? මේ මූණත් එක්ක සුදුමැලි වෙලා... ඔයා හොඳින්ද...?"
කිසිවක් නොපවසා ඇගේ මුහුණ දෙස බලා සිටි අසංක ඒ අසළ වූ පුටුවකට බර දුන්නේය. "හීනයක් දැක්කානේ..." ඔහුගේ සිත කුමක්දෝ පැහැදිලි කළ නොහැකි කම්පනයකට ලක්ව තිබුණි. ඒ සිහිනයක්ම පමණක්මදැයි ඔහුට සිතාගන්නට නොහැකි විය. එබැවින් ඒ කිසිවක් සුමුදුට හෙළි නොකරන්නට ඔහු තීරණය කළේය. "දැන් මතකත් නෑ මොනවා පෙනුනාද කියලා..." ඔහු කීවේය.
*****
සුමුදුගේ නමට අමුතු ආකාරයේ පාර්සලයක් තැපෑලෙන් ලැබුණේ අසංක දෙසැම්බර් නිවාඩුවට කොළඹ ගොස් සිටියදීය. ගෙවුණු කාලය මුළුල්ලේ පෑලියද්ද ගම්මානයේ සියල්ල යථා තත්ත්වයට පත්ව තිබූ අතර, ගම්මානයේ දරුවන් බොහොමයක් අසංකගේ මෙහෙයවීමෙන් යළි පාසල් ගමන අරඹා තිබුණි. ඒ පිළිබඳ තෘප්තිමත් සිතින් කොළඹට තදාසන්න ප්‍රදේශයකට ඉල්ලා යැවූ මාරුව ද සාර්ථක වන ලකුණු පෙනෙන්නට තිබුණි. ඔහු පුවත්පතක් බලමින් උද්‍යානයේ හිඳ සිටි බංකුව මතින්ම වාඩි වූ සුමුදු කුහුලින් පිරුණු සිතින් යුතුව එය විවර කළාය. එතුළ සුරක්ෂිතව ඇසිරූ ලිපිගොනුවක් විය. "පත්තරේට ලියවගන්න ඕන වෙච්ච මොනවාහරි වෙන්නැති..." යැයි තමාටම පවසාගනිමින් ඇය එය පෙරළා බැලුවාය. එතුළ වූයේ ඉඩම් ඔප්පුවකි. ඔප්පුවට අදාළ සියලු දේපල සුමුදුගේ නමට පැවරූ බවට වරලත් නීතීඥවරයෙකුගේද අත්සන සහ නිල මුද්‍රාව සහිතව සහතික කෙරුණු නීත්‍යානුකූල ලියැවිල්ලකි. "මේ මොකද්ද මේ...???" ඇය කිසිවක් සිතාගත නොහැකිව එහි පිටු පෙරළන අතරේ ඒ අතරින් ගිලිහී වැටුණු කඩදාසියක් අසංක ඇහිඳගත්තේය. එහි වූයේ සිතුවමකි. සටහන් පොතක කොළයක් මත කාබන් පෑනකින් ඇඳි බෝ මළුවක හිඳ පහන් දල්වන පෙම්වතුන් යුවළකගේ සුන්දර සිතුවමකි. එය දුටු විගස පළමුව අසංකගේ මුවේ කෙළ සිඳී ගියේය. ඒ කුමක්දැයි ඔහු නිසැකවම හඳුනාගත්තේය. අනතුරුව ඔහුගේ හදවත පැහැදිලි කළ නොහැකි අන්දමේ සැනසිලිදායක බවකින් පිරෙන්නට විය. එම සන්ධ්‍යාව සිහිනයක් නොව සැබෑවක් ම බව තහවුරු කරගන්නට ඔහුට වෙනත් සාධක ඇවැසි නොවීය. එය සිහිනයෙනුත් සැබෑවෙනුත් වෙන් වූයේ කොතැනදීදැයි ඔහුට නිශ්චිතවම සිතාගත නොහැකි වූවද, ඒ ගැන තවදුරටත් වෙහෙසීම අත් හැර දමන්නට ඔහු ඒ මොහොතේදී තීරණය කළේය. ඇතැම් දේ ගැන හාරාවුස්සමින් සොයා බලනවාට වඩා ඒවා එලෙසින්ම තිබෙන්නට හැරීම වඩා සුදුසු බවට තමා ම පෙර දිනෙක සුමුදුට පැවසූ වදන්වල සත්‍යතාවය ඔහු ඒ මොහොතේදී පසක් කරගත්තේය.
"මේ අපි දෙන්නාද...?" ලිපිගොණුව පසෙක ලා අසංක අත වූ සිතුවම දෙස එබී බැලූ සුමුදු විමසා සිටියාය.
"ඔව්..." ඔහු ඒ මොහොතේ ඔහු අසළ සිටිනා සුමුදුටද, එම සන්ධ්‍යාවේ උණ පඳුරේ සර-සරය මධ්‍යයේ ඔහු දෙස දෑස් විසල් කරගෙන බලා සිටි සුමුදුටද පිළිතුරු දෙමින් ඈ වැළඳගෙන හිස සිපගත්තේය. "ඒ අපි දෙන්නා තමයි..."
- සමාප්තයි -

සුමුදුගෙ පූර්ව ආගමනය එක්ක මට මතක් වුණා, සමහර අදෘශ්‍යමාන බලවේග අපට සමීප අයගෙ රූපවලින් පෙනී ඉන්නවා කියන විශ්වාසයත්. ඒ වගෙම ඒක ස්වප්න දර්ශනයක් හෝ මවාගැනීමත් කියා හිතුණා. අන්තිමට එවිඩන්ස් දැක්කම ආයෙ ඒ අදහස වෙනස් වුණා.
ReplyDeleteකොහොම වුණත් ලස්සන අවසානයක්. සමහර තැන් අපැහැදිලි කරලා පාඨකයාට හිතන්න ඉඩ තියෙන එකට සමහරු කැමති නැතත්, මං නම් ඉතා කැමතියි.
Thank you nangi! 💗🙏
Deleteහොඳයි. මට මම බලන මේ කතාව මතක් වුනා.
ReplyDeleteඉන්දියන් හොල්මන් වලව්ව
ස්තූතියි බස්සා මේක ෂෙයා කළාට. සිත්තමී අක්කා අලුත් කතාවක් ලියන කං මං ඒක කියවන්න ඇබ්බැහි වුණා!
Deleteමං මේ චූටි සිම්පල් කතාවක් ලිව්වට, එහෙම ඒවා බලන්න කියවන්න බයයි අනේ. 😄😄😄
Delete@වැසි දැරිය
Deleteවැල්කම්!
@සිත්තමී
හෑ! 😵💫🤣😮🤣
මමනම් බලාගෙන හිටියේ තව ටිකක් කල් කියවන්නයි
ReplyDeleteඅපොයි .....ඉවරයි නෙව
දුකයි ඉවර වුනාට....ඒත් කෙටි කතාවක් කියල ලියලම තියෙනවනෙ
හොල්මන් ප්‍රවේශය හොඳයි.........
තව හොල්මන් කතා ලියමු
Thank you Kumudu! 💗🙏
Deleteඅත්භූත අවසානයක්..එහෙම තමා වෙන්න ඕනා..ඔය ඔප්පුවනම් ඉතිං ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගේ තමා..
ReplyDeleteඔයා කින්නර අරණේ අවසානයට කමෙන්ට් එකක් දානකල් මං බලා හිටියා 😒
Deleteඅවසානය ගැන වැසිදැරිය සමග එකඟයි. අද්භූත කතාව ඒ විදියටම තමයි ඉවර වෙන්න ඕනෑ.
ReplyDeleteThank you! 💗🙏
Deleteතමන් අතින් යම් වරදක් වුණා කියලා ජීවිත කාලෙම, සමහරවිට මරණයෙන් පස්සෙත්, පසුතැවෙමින් හිටි 'කෙනෙක්' වෙනුවෙන් පුංචි දෙයක් කරලා, එයාගෙ හිතට සතුටක් දීලා move on වෙන්න අසංක හා සුමුදු උදව් කරපු එක තමයි මම ආසම කොටස. මේ ඇත්ත සිදුවීමක්ද, හීනයක්ද, හොල්මනක්ද කියලා පාඨක කුතුහලයත් රඳවා ගනිමින් එහෙම පෙන්නුව එක ලස්සණයි. සිත්තමීගෙ කතාවල තියෙන ඒ වගේ ලස්සණ පණිවිඩවලට මම කැමතියි.
ReplyDeleteවලව්ව ගිනිගත්ත එකෙන් සංකේතාත්මකව පෙන්නුවෙ පුංචි කුමාරිහාමි move on වුණා කියලයි මම තේරුම් ගත්තෙ (without a trace of any physical existence). ඒ වගේම වලව්වෙදි චිත්‍රය ඇඳලා ඉවර කරද්දි මුතු කුමාරිහාමි හා සුමුදුගෙ රූපය එක වගේ කියලා අසංකට පෙනුනෙ ඔවුන් දෙදෙනා මේ කතාවෙ චරිත කියලා යම් (intuitive) awareness එකක් ඔහුට තිබුණු නිසා වෙන්න ඇති. (මම පණ්ඩිතකම් කියවන්න ගිහින් කතාව තවත් හොල්මන් වෙනවා).
සුමුදුට ආපු පාර්සලය නම් creepy. කට්ටිය කියලා තියෙනවා වගෙ ඒ ගැන පාඨකයින්ටම හිතාගන්න ඇරපු එක හොඳයි.
Please keep writing 👏.
Thank you so much! 💗🙏 හැමදාම ඔයා ගේන දිගම දිග කමෙන්ට් එක මට ලොකු දිරියක්! 💗
Deleteලස්සන අවසානයක්...
ReplyDeleteThank you Lalith! 💗🙏
Deleteඅවසානය හොඳයි. අර සතුට පත්තරේ ගිය කතාවේ තිබුනේ පරණ හොල්මන් ගෙදරකට එන කොල්ලෙක් ගැන මට මතක විධිහට . දෙවන ලෝක යුද්ධ කාලේ ස්පිට්ෆයර් එකක් ගිනි ගෙන වැටිලා කපල් එක එතනම් අම්රෙනවා . කෙල්ල හොල්මනක් වගේ ඉතුරු වෙනවා ආදරේ අතැර ගන්න බැරිව . කොල්ල නැවත ඉපදිලා අර හොල්මන් ගෙදරට නවතින්න එනවා . බ්‍රයන් වයිස් ගේ එක පොතක තියනව ඇදුම හෝ කැස්ස තිබුන ගැහැණු ළමයෙක් ගැන . එයාව මෝහනය (regression කලහම වෙන කාලෙක බෙල්ලේ වැලක් පැටලිලා නැතිවෙලා . ඒක කිවහම් ඒ ළමයට හොඳ වුනාලු .
ReplyDeleteThank you! 😇💗
Deleteඒවා හරිම interesting plots නේද. ඒවුණාට මං ඔය genre එකට වැඩිය කැමති නෑනේ. 😔
+++++++++++++++++++++++++
ReplyDelete🙏
Delete