397. සුළඟ නුඹ කවුරුදැයි දනිමි මම...

 


විඩාබර පිය නගා යන කල

අව් රැසින් ගිනියම් වු මාවතෙක

විගසින් එ සැඩ හිරු රැස්

වසාලන වලාකුළ

කැටුව ආ සුළඟ නුඹ

කවුරුදැයි දනිමි මම


අඳුරු පැහැ වියළි පත්

මාවතම වසා ගත්

එළි කරනු වස් වෙහෙසෙනා කල 

විසිරි පත් ළඟට කොට

සහය දුන් සුළඟ නුඹ

කවුරුදැයි දනිමි මම


ජීවිතෙන් පීඩිතව

ඉසිඹු ලන විරාමෙක 

සිහින් සරයෙන් පැමිණ

වා මිණි කිකිණි සොළවා

ගී ගයන සුළඟ නුඹ

කවුරුදැයි දනිමි මම


7 comments:

  1. මේකට පිළිතුරක් හිතුව හිතුවා
    ආවෙම නැහැනේ
    කතාවක් නැතුව මැරෙන්න යනවා අප්පා

    ReplyDelete
    Replies
    1. පිළිතුරු නැති දේවල් තියනවා කුමුදු. ඒවාට පිළිතුරු හොයන්න වෙහෙසෙන්නේ නැහැ මම දැන් 😔

      Delete
  2. ලස්සනයි අක්කා!

    මේක ඉතිං අලුත් කතාවට පෙරවදනක් ලෙසලු ලිව්වෙ..)))

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්දේ ඉඳන් මගේ ජීවිතේ තියන හිස් තැන තමයි ඒ සුළඟ වෙලා එන්නේ නංගි. 😔 ඔයා The Last Song කියෙව්වාද? මං 'අවසන් ගීතය' නමින් පරිවර්තනය කළේ? මට මේ සුළඟෙන් දැනෙන දේ ඒ කතාවේ එන්නේ රඟ දෙන සූර්‍යාලෝකයක් විදිහට.

      Delete
    2. ඒ හිස්තැන් පුරවන්න අමාරුයිනේ අක්කා. මගේත් ඉතාම කිට්ටුවන්ත මිත්‍රයෙත් සදාකාලික හිස්තැනක් ඉතුරු කරලා ඊයේ ගියා. ඔයා මේ කියූ දේ තදින්ම ඒ නිසා දැනුණා!

      Delete