දිනක් ඇත් ගාලක් අසළින් ඇවිද යන මිනිසෙක් එහි ඇතුන් කූඩු තුළ දමා හෝ යදමින් බැඳ දමා හෝ නොමැති බවත්, ඒ වෙනුවට එක් පාදයකට ගැටගැසූ ලණු පොටකින් පමණක් එහි රැඳී සිටිනා බවත් නිරීක්ෂණය කළේය. ඔහු දුටු අන්දමට එම ලණු පොට පහසුවෙන් ම බිඳ දමන්නට ඇතුන්ගේ ශක්තිය ප්‍රමාණවත් ය. නමුත් එවැන්නක් සිදු වූයේ නැත. ලණු පොට බිඳ පළා යනවා තබා එකදු ඇතෙකු හෝ එවැන්නක් කරන්නට උත්සාහයක්වත් දරන්නේ නැත.
පුදුමයට පත් මිනිසා ඇත් ගොව්වාගෙන් ඒ පිළිබඳව විමසා සිටියේය. ඇත්ගොව්වාගේ පිළිතුර වූයේ මෙවැන්නකි: "මේ ඇත්තු පුංචි පැටව් කාලෙදි අපි ඔය තරමේම ලණුවකින් තමයි උන්ව ගැටගහලා තිබ්බේ. ඒ කාලෙදි කොච්චර දැඟළුවත් ඔය ලණුව උන්ට කඩාගන්න බෑ. ලොකු වුණාට උන් තාමත් හිතං ඉන්නේ තාමත් උන්ට ඒ ලණුව කඩාගන්න බැරි වෙයි කියලා. ඉතිං උන් ඕක කඩං පැනලා යන්න උත්සාහයක්වත් කරන්නේ නෑ."
***
වසර සිය ගණනකට පෙර ඉතාලියේ එක් පුංචි නගරයක විසූ අසරණ වෙළෙන්දෙක් මුදල් පොළියට දෙන්නෙකුගෙන් විශාල ණයක් ලබාගෙන තිබුණි. අප්‍රසන්න පෙනුමකින් යුතු මහල්ලෙකු වූ ණය හිමියා වෙළෙන්දාගේ තරුණ දියණිය පිළිබඳ සිත් පහළ කරගෙන සිටියේය. ඔහු වෙළෙන්දාට ලබා දුන් ණය උපයෝගී කරගෙන ඔහුගේ දියණිය විවාහ කරගැනීමට උපායක් සෙවීය.
වෙළෙන්දා සහ දියණිය හමු වූ ණය හිමියා යෝජනාවක් ඉදිරිපත් කළේය. සමාන හැඩයෙන් යුතු කළු හා සුදු ගල් කැට දෙකක් දැමූ මල්ලක් තුළින් වෙළෙන්දාගේ දියණිය එක් ගලක් අතට ගත යුතුය. එය කළු ගල් කැටය වුවහොත් ණය මුදල කපා හැරෙනු ඇති අතර වෙළෙන්දාගේ දියණිය ණය හිමියා හා විවාහ විය යුතුය. එය සුදු ගල් කැටය වුවහොත් එවිටද ණය මුදල කපා හැරෙනු ඇති නමු දියණිය ඔහු හා විවාහ විය යුතු නැත.
දියණිය එකඟ විය. ණය හිමියා ගල් බොරළු පිරි මාවතට නැවී සුදුසු ගල් කැට දෙකක් සොයන්නට විය. විමසිල්ලෙන් එදෙස බලා සිටි වෙළෙන්දාගේ දියණිය ඔහු අතට ගෙන මල්ල තුළට දැම්මේ කළු ගල් කැට දෙකක්ම බව දුටුවා ය. මල්ල තුළින් එක් ගල් කැටයක් අතට ගන්නා ලෙස ණය හිමියා ඇයට පැවසුවේය. අපට පෙනෙනා අන්දමට ඈ හමුවේ ඇති විකල්ප තුනකි:
- මල්ල තුළින් ගල් කැට ගැනීම ප්‍රතික්ෂේප කර පියාගේ ණය බරින් නිදහස් වීමේ අවස්ථාව අහිමි කිරීම.
- ගල් කැට දෙකම මල්ල තුළින් පිටතට ගෙන ණය හිමියාගේ වංචාව හෙළි කොට ඔහු තරහ කරගැනීම.
- සත්‍යය දැන දැන ම, එය කළු ගලක් වනු ඇති බව දැන දැන ම, ගල් කැටයක් පිටතට ගෙන පියා ණය බරින් නිදහස් කිරීම පිණිස තම නිදහස කැප කිරීම.
නමුත් ඇය අපට වඩා වෙනස් අයුරින් සිතන්නියක වූවාය.
මල්ල තුළට අත දැමූ ඇය එක් ගලක් පිටතට ගත්තාය. නමුත් 'අතපසුවීමකින්' එය ඈ අතින් ගිලිහී මාවතේ ඇති අනෙක් ගල් කැට හා මුසු විය. ඇය ණය හිමියා වෙත හැරුණාය: "අනේ බලන්නකෝ, මගේ අතින් ඒක වැටුණානේ. කරුණාවන්ත ඔබතුමා සමාවෙලා ඔය මල්ලේ ඉතිරි වෙලා තියෙන ගල පොඩ්ඩක් බලන්නකෝ. එතකොට අපිට දැනගන්න පුළුවන් මං එළියට ගත්තේ මොන ගලද කියලා," යැයි පැවසුවාය.
මල්ලේ ඉතිරිව තිබුණේ කළු ගල් කැටයකි. තම වංචාව හෙළිදරව් වනවාට අකමැති වූ ණය හිමියා ඈ අතට ගෙන ඇත්තේ සුදු ගල් කැටය බව පිළිගෙන වෙළෙන්දාටද, දියණියටද නිදහස ලබා දුන්නේය.
***
දිනක් ගෙම්බන් රංචුවක් වනයක් හරහා ගමන් කරමින් සිටිනා අතර ඉන් දෙදෙනෙකු ගැඹුරු වළකට ඇද වැටුණි. වළ වටා රැස් වූ අනෙක් ගෙම්බන් එය බොහෝ ගැඹුරු බවත් ඔවුන් දෙදෙනාට කෙසේවත් ගොඩ ආ නොහැකි බවත් හඬ ගා පවසන්නට වූහ.
නමුත් වළට වැටුණු ගෙම්බන් දෙදෙනා හැකිතාක් උත්සාහ කරමින් ඉහළට පනින්නට වෙර දැරූහ. ඔවුන් කොතෙක් උත්සාහ කළද වළ වටා රැස්ව සිටියවුන්ගෙන් ඔවුන් හට ලැබුණේ දුර්මුඛ හඬවල් පමණි. අවසානයේදී උත්සාහය අත් හළ එක් ගෙම්බෙකු වළ ඉහළ සිටින්නන්ගේ බසට අවනතව මිය යන්නට සූදානම්ව වළ පතුලේ නිසොල්මන් විය. නමුත් අනෙකා නොනැවතී හැකිතාක් ඉහළට පනින්නට උත්සාහ කළේය.
අවසානයේදී ඔහුගේ උත්සාහය සාර්ථක විය.
වළ වටා රැස්ව සිටි අනෙක් ගෙම්බන් මහත් පුදුමයෙන් ඔහු හා කතාබස් කරන්නට සූදානම් විය. නමුත් ඔහු සිනාමුසුව සිටියා පමණි. එම ගෙම්බාගේ කන් නෑසෙන බවත්, වළ වටා සිටි පිරිස කෑගසමින් තමාට ඔල්වරසන් නගනා බව සිතමින් ඔහු වඩ වඩාත් උත්සාහ කළ බවත් එම අනෙක් ගෙම්බන් දැනගත්තේ පසුව ය.
***
මිනිසෙකුට දළඹු කෝෂයක් හමු විය. ඔහු දිනෙන් දින එය නිරීක්ෂණය කළේය. එක් දිනක් එහි කුඩා විවරයක් මතු විය. එතුළ සිටි සමනළයා එම කුඩා විවරය තුළින් පිටතට එන්නට මහත් අපහසුවෙන් දඟලමින් උත්සාහ කරන අන්දම ඔහු බලා සිටියේය. එක් මොහොතකදී සමනළයා වෙහෙසට පත් වූ කලෙක මෙන් නිසොල්මන් වූ අයුරු ඔහු දුටුවේය.
මිනිසා සමනළයාට උදව් කිරීමට තීරණය කළේය. ඔහු කැපුම් තලයක් අතට ගෙන ඉතාමත් සීරුවෙන් කෝෂයේ වූ විවරය තව දුරටත් විශාල කළේය. සමනළයා ඉතා පහසුවෙන් ඉන් පිටතට පැමිණියේය. නමුත් එම සමනළයාගේ සිරුර ඉදිමුණු ස්වභාවයක් ගත් අතර පියාපත් කුඩා හැකිළුණු, රැළි වැටුණු ස්වභාවයකින් යුතු විය. ඔහු පියාපත් විදා හැර පියාසලන්නට සූදානම් වන තෙක් මිනිසා බලා සිටියේය. නමුත් එවැන්නක් සිදු වූයේ නැත. එම සමනළයා මුළු ජීවිත කාලය පුරාවටම පියාසරන්නට නොහැකිව ඉදිමුණු සිරුරකින් හා හැකිළුණු කුඩා පියාපත්වලින් යුතුව ඒ මේ අත ඇවිදිමින් සිටියේය.
මිනිසා සමනළයාට උදව් කළේ කාරුණික සිතින් වුවද, සමනළයාගේ ජීවිතයේ සාර්ථක පැවැත්මට එම කෝෂය තුළින් ස්වභාවිකව ම ලබා දුන් ප්‍රතිරෝධයත්, අරගලයත් අත්‍යවශ්‍ය වූ බව ඔහුට අවබෝධ වූයේ පසුව ය.




ශෝක් කතා ටික...
ReplyDeleteස්තූතියි නංගි. ඔය අන්තිමට දාලා තියෙන ලින්ක් එකේ තව කතන්දර තියනවා, ගොඩක් හිතන්න දේවල් තියෙන වටින කතන්දර. කියවලා බලන්නකෝ. :)
Deleteඅගෙයි සිත්තමී. මේවා කියවලාවත් හැදෙන්න බලන්න ඕන.
ReplyDeleteඅන්න හරි, මේ ලියපු (පරිවර්තනය කරපු) මං නොහැදුණත් මොකෝ කියවපු අය හැදෙනවනං. :D
Deleteමමත් මොහොතකට ලමා වියට ගියා! මා හට මතක මගේ පරණිම ළමා කතා පොත 'හත්පෙති මල" ය. මා හට තවමත් එහි තිබූ දෙබස් කට පාඩම්ය දශක පහකට පසුවත්. ඒකාලේ රුසියානු ලමා කතා පොත් ඉතා අඩු මිලට තිබුනා. ඒවායේ තිබුනේ ඉතා අනර්ඝ නිමාවක්!
ReplyDeleteමමත් මේ ළඟදි මගේ පුතාට හත් පෙති මලේ කතාව කියෙව්වා පොතෙන්. එයා හරි ආසාවෙන් පින්තූර බල බල කතාව අහගෙන හිටියා. වැඩ බැරි දාසගේ අපි පොඩි කාලේ තිබ්බ පොතක් තමයි ගෙදර තිබුණේ, පරණ වෙලා. අර සෝඩා වතුරෙන් දුවන කාර් එකේ කතාව. ඒකේ දෙබස් හොඳ තාලෙට සද්දෙට කියද්දි පුතා බක බක ගගා හිනා වෙවී අහගෙන හිටියා. එක දිගට දවස් ගාණක් කියවන්න වුණා මට ඒ පොත. අපේ ළමා කාලයත්, යොවුන් කාලයත් පෝෂණය කරපු සාහිත්‍යයක් තමයි රුසියානු සාහිත්‍යය කියන්නේ. :)
Delete“People often say that motivation doesn’t last. Well, neither does bathing – that’s why we recommend it daily.”
ReplyDelete- Zig Ziglar
True! I too need that; sometimes, more frequent than 'daily'. :D
Deleteපුංචි අපිට පුංචි කතන්දර ! නියමයි.
ReplyDeleteඅන්නේ... චූටි මල්ලිගෙ මොන්ටිසෝරියේ මෙව්වා කියලා දුන්නෙ නෑ? :P
Deleteමේ පැත්තට ආවේ අරලිය මල් සුවඳ දිගේ....අපුරු තැනක් නොවෑ...
ReplyDeleteආ... කිඹුලි දන්නේ නැද්ද.. මේ උන්දා ලියන කතා වලට වහ වැටිලා පස්සෙන් ඇවිත් මේ මාත් ඉන්නේ.. ඒකට දැන්! අරලිය මල් ගහක් යටට වෙලා ඉන්ට වෙලා.. මෙලෝ කතාවක් ලියන්නෙත් නැහැ!!
Deleteආදරෙන් පිළිගන්නවා කිඹුල් පැටික්කියේ... හිටපු ගමන් මං අර ලියන යකා වැහුනා වාගෙ ලියාගෙන ලියාගෙන යනවා, හිටපු ගමන් ඉතිං ඔහෙ මෙහෙම පාළුවේ, පාඩුවේ මකුළුදැල් බැඳි බැඳී තියෙනවා. :D
Deleteඔය ලිඛිතා නෝනා, අර සුහදිනියේ ලියන්ඩ කළිං ලියන්න පටංගත්තු කතන්දර දෙක තුනක් අතර මැද අත ඇරලා දාලා තියෙනවා නේද? ඔය ලියාගෙන යන ගැම්මෙන්ම සුහදිනීගෙ කතාන්දරේ ඉවර කරලා, ආන්න ඒ අනිත් කතාන්දරත් ඉවර කරපු දාක මං ලියන්නංකෝ ආයෙ කතන්දර! ඇහුණද? එතකල් ඉන්න එකයි ඇත්තේ අරලිය ගහ යට බැරිනං මෝල් ගහක් හරි යටට වෙලා! :P
කතා 1,2,3 කලින් අහලා තිබුනට හතරවෙනි එක අදයි කියෙව්වේ..තැනකූ වේවා සිත්තමී.
ReplyDeleteසමහර වෙලාවට අපේ සමහර දුර්වලතා මගෑරගන්න කෝෂයක් තියෙනවා නම් හොඳයි කියලත් හිතෙනවා..
වානේ පන්නරය ලබනවා කියන්නෙත් මේකටම වෙන්නැති.
මෙයාව දැක්ක කල්! මොකෝ අර රූ-සිරිනිය හරියට බලාගන්නෙ නැත්තෙ? :(
Deleteඔව්, වානේ වුණත් හොඳින් පන්නරය ලබන්නේ හොඳට ගිනියම් වුණාම, හොඳට තැලුනාම. ඒ වගේම දෙයක් තමයි මේ කතාවෙන් කියන්නේ. :)
අන්තිම කතන්දරේ මිට කලින් අහලා නැති එකක්.
ReplyDeleteඅද ඇහැව්වානේ. :)
Delete