මගෙ කතාන්දර කියවන යාළුවෝ මං අර තව කාණ්ඩයක් එක්ක එක්කාසු වෙලා අන්දර මල්දමේ ගොතපු කතන්දර කියවලා ඇති නේද? ඒ කාණ්ඩේ ගැනනං ඉතිං මං ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ, එහෙව් අයියණ්ඩියෙක් සහ අක්කණ්ඩිලා සම්භාරයක් ලබන්ඩ මං නොසෑහෙන්න පිං කරලා තියෙනවා. ඉතිං එයැයිලත් එක්ක ගොතපු අන්දර මල්දම්වලින්, මං ගොතන්ඩ පටංගත්තු කතාන්දරේ තමයි මේ ආයෙමත් ලියන්නේ. ඒක මං පටන්ගත්තට, කතාන්දරේ ලස්සනට අරගෙන ගිහින් අවසන් කළේ අනිත් මල්දම් ගොතන්නො. මේක ඉතිං මං මේකේ ආයෙම ලියන්ඩ පටන් ගත්තේ මගේ හිතේ ගොඩ නැගිලා තිබ්බ කතාන්දරේ ඔයාලට කියවන්න දෙන්න. ඒ ගැන ඉතිං මගේ අයියණ්ඩිගෙන් සහ අක්කණ්ඩිලාගෙන් ආරෝවක් නැති වෙයි කියලා මං හිතනවා. ඉතිං එහෙනං ඔන්න... සිත්තමක ලියැවුණු කවිය...
"එහෙනං මුතූ මං මෙතනිං හැරෙනවා..." සඳමාලිලාගේ ගෙවල් පැත්තට වැටිච්ච දෙවැට ළඟටත් අපි ඇවිල්ලා කියලා මං දැක්කෙ සඳා එහෙම කිව්වාම. එතකල් ම අපි දෙන්නා එදා හැන්දෑවේ දහම් පාසලේ උත්සවේ ගැනයි, තව රටේම තියෙන ඕපදූපයි කියව කියව ආවේ.
"හරි සඳා, එහෙනං ආයෙ හවසට හම්බවෙමුකො. මං අම්මත් එක්ක එනවා."
සඳමාලි දෙවැටෙන් හැරිලා ගියාට පස්සෙ මං ඉතිරි ටික ගුරුපාර දිගේ තනියම එන්න ගත්තා. ප්‍රධාන ශාලාවෙ සැරසිලි වැඩ ඉවර වෙලා අපෙ අක්කයි විජේ අයියයි භක්ති ගීත කණ්ඩායම පුරුදු කරන හැටිත් ටිකක් වෙලා බලං ඉඳලා අපි ආපහු ගෙදර එන්න පිටත් වුණේ ඉර මුදුන් ජාමෙ. පාරෙ කවුරුවත් පේන්නත් නෑ. මං අඩිය තව ටිකක් ඉක්මන් කළේ ගෙදර ගියහම අම්මගෙන් අහගන්න වෙන බැණුං කන්දරාවත් මතක් කරගෙන.
අක්කයි විජේපාල අයියයි හැන්දෑ වෙනකල්ම පන්සලේම ඉඳීවි. ඒ දෙන්නගෙ මංගල්ලෙ තිවුණෙ ගිය පොසොන් මාසෙ. ගමේ කොවුලයි කෙවිලියි කියලා තමයි ගමේ උදවිය ඒ දෙන්නට කියන්නේ. කොහොමදෝ මන්දා දෙන්නටම හරි අපූරුවට ගයන්ට වයන්ට පුළුවනි. විජේ අයියා ඉස්කෝලේ මහත්තැන් කෙනෙක්. අල්ලපු ගමේ ඉස්කෝලේ තමයි උගන්නන්නේ. ඒ දෙන්නගේ පයිරුපාසානම මුළිංම දැනගත්තෙත් මං තමා. වතාවක් විජේ අයියගේ මොකද්දෝ කොළොප්පමකට තරහා වෙලා අපෙ අක්කා උන්දැත් එක්ක හොඳටෝම තරහා වෙලා. බැරිම තැන අන්තිමේදි විජේ අයියා මයෙ අතේ අක්කාට කවි යවලා තමයි ආයෙ යාළු කරගත්තෙ. ඔය සිද්දියෙන් පස්සෙ මට ඉතිං රජ සැප. ටොපිද, ලොසිංජරද, විස්කෝතුද - මං ඉල්ලන පරක්කුව විතරයි. ඒ ඔක්කොම නතර වුණේ ඒ දෙන්නා ගැන දැනගන්ඩත් කළියෙංම විජේ අයියලාගෙ අම්මා ඇවිදිං ඒ දෙන්නව ජෝඩු කරන්ඩ අපෙ අම්මත් එක්කලා කතා කරපු දවසේ ඉඳං. ආයෙ ඉතිං කාට බයේ මට කප්පං ගෙවන්ඩද. එදා අක්කගෙ මඟුල් දා මං අක්කව බදාගෙන අක්කටත් වැඩියෙ හයියෙං අඬද්දි විජේ අයියා ළඟට ඇවිදිං, "මේ, මං උඹෙ අක්කව කැන්දං යන්නෙ ආයෙ අඟහරු ලෝකෙට නෙවෙයි, අල්ලපු ගෙදරට - අල්ලපු ගෙදරට," කියලා කියද්දි අපි දෙන්නම ඇඬිල්ල නවත්තලා හිනා වෙච්චි හැටි මට තාම මතකයි.
දන්නෙම නැතුව මයෙ කට කොනට හිනාවක් ඇවිල්ලා. මට තියෙන සනීප කරගන්ඩම බැරි ලෙඩවලින් එකක් තමා ඔය තනියම හිනා වෙන එක. මහ දවාලෙ තනියම හිනා වෙවී පාර දිගේ යනවා කවුරුවත් දැක්කනං තමා වැඩේ. මං ඩිංගක් ඔළුව උස්සලා වටපිට බැලුවා. ඔය ඉහත්තාවෙන් ගුරු පාරට සේන්දු වෙලා කවුදෝ මං ඉන්න දිහාවට ඇවිදං එනවා. විනාසයි! හොඳ වෙලාවට දන්න කියන කෙනෙක් නෙවෙයි. බරට බරේ මල්ලකුත් කරේ එල්ලගෙන - පිට ගමකිං වගේ.
දන්න අඳුනන ඈයොත් එක්ක කතා කරන්ඩ ගත්තහම මට වෙලාවකට කට වහගන්ඩ බැරි වුණාට අඳුනන්නෙ නැති උදවිය එක්කලා මං එහෙමට කතාවට යන්නෙ නෑ. ඒ හන්දා මයෙ පාඩුවේ බිම බලාගෙන එන්න හිතාගෙන මං අඩිය ඉක්මන් කළා. අමුත්තගේ කකුල් දෙක ළඟ ළඟම එනවා මට ඇස් කොණෙං පෙනුණා. "මේ..... නගා..." හරියට මං ළඟදිම නතර වෙලා එයා කතා කළා. නතර වෙනවද නැද්ද කියලා හිත හිත අඩි දෙකක් විතර ගිහිල්ලා නතර වෙච්ච මං ආපහු හැරුණා. ඒ මූණුවර මං හරියටම දැක්කේ එතකොටයි. මයෙ පපුව එක තත්පර කාලකට විතර නතර වුණා වගේ දැනුණා. ඊට පස්සෙ කවදාවත් ගැහිච්ච නැති තරං වේගෙකින් ගැහෙන්න ගත්තා. ඒ තරං හැඩකාරයෙක් මේ මුළු ගමේම නෑ කියලා මට දිවුරලා කීව හැකි. "පන්සලට යන්නෙ මේ පාරෙන්ද?"
මයෙ කල්පනාව බිඳුණා. "ඔව්, ඔහොම ගිහිං වමට හැරිලා යන්ඩ - අර කන්ද උඩහට තියෙන පාරේ," පන්සල දිහාට අත දික් කරලා පෙන්නලා එහෙම කියපු මං තවත් මොහොතක්වත් එතන නොඉඳ එන්ඩ හැරුණා.
"මොකද ඔය හැටි කලබලේ?" ඒ කටහඬේ හැටියට මූණේ පිරිලා තිබ්බ හිනාව මට හිතාගත්ත හැකි. මට කේන්තියෙ බෑ. පාර අහගත්තනං යන ගමන යන්නෙ නැතුව තවත් දොඩවනවා. ඇහුණෙ නෑ වාගෙ යනවයි කියලා හිතාගත්තත් පිටගංකාරයින්ට මොකට දෙවෙනි වෙනවද කියලා හිතාගෙන මං ආපහු හැරිලා ඔරවලා බැලුවා.
"පාර කිව්වට බොහොම පිං ඈ..." ඒ මූණෙ හිනාව දෙගොඩ තලාගෙන යනවා. මං එතනිං එන්ඩ ආවෙ දත්මිටි කකා. ඉඳහල්ලකො, මං අපෙ අප්පච්චිටයි විජේ අයියටයි කියලා හොඳ වැඩක් කරනවා... හුහ්! පිට ගංවලිං ඇවිල්ලා අපිට කොළොප්පං කරන්ඩ... එව්වා හරි යන්නෙ නෑ අපේ ගමේදි.......
මං ගුරු පාරෙන් මහ පාරට ගොඩ වුණා. ඔය ඉහත්තාව දිගට වැවිලා තිබ්බ කුඹුක් ගස්වලින් පාර හෙවණ වෙලා. ගිනි මද්දහනේ ඇවිදිං ඒ හෙවණ යටට ආවහම පුදුම සනීපයක් දැනුණේ. එතනින් වමට හැරිලා ඔය ඉහත්තාව දිගේ තව බඹ පණහක් විතර ගියහම දකුණට හැරෙන පාරෙන් තමයි අපෙ ගෙදරට යන්නේ. ඒත් ඊට තව බඹ දෙකක් විතර එහා තියෙන ඇහැළ ගහ ළඟට නොගිහිං මට අපේ පාරට හැරෙන්ඩ හිත් දෙන්නෙම නෑ. කොහේ ගියත් මං ඇහැළ ගහ ළඟින් ඔයට බැහැලා මූණ හෙම ඩිංගක් තෙමාගෙන තමයි යන්නේ. වතුරට වැටිච්ච ඇහැළ මල් කැරකි කැරකි පාවෙලා යන හැටි කොච්චර බලා හිටියත් මට ඇති නොවෙන්නෙ මොකද මන්දා. ඉතිං එතනත් මිනිත්තු දෙක තුනක් හෙම ගත කරලා මං ගෙදර එන්ඩ ආවා.
ආයෙම හැන්දෑවෙ අපෙ අම්මයි විජේ අයියලගෙ අම්මයි එක්කලා පන්සලට යද්දි පහමාරට විතර ඇති. සඳාලා එතකොටත් ඇවිල්ලා. අම්මලාට සාලාවෙන් වාඩි වෙන්න ඇරලා මායි සඳායි වේදිකාව පිටිපස්සට ගියෙ ඒ පැත්තෙ තව මොනවත් කෙරෙන්න තියෙනවද බලන්න.
"මේ, ඔයා දැක්කද සැරසිලිවලට වෙලා තියෙන දේ?" ඒ යන අතරෙදි සඳා මගෙන් ඇහැව්වා.
"නෑ? ඇයි මොකෝ වෙලා තියෙන්නේ?" මං ඩිංගක් කලබල වුණා. ඔක්කොම හරියට හදලනෙ ගියේ දවල්.
"නෑ නෑ, එහෙම මුකුත් වෙලා නෑ. අපි හදලා ගියාටත් වඩා ලස්සනට හදලා දැං."
"ඒ කවුද?"
"අනේ මන්දා."
"කමක් නෑ, ලස්සනට තියෙනවනං එච්චරයි."
අපි දෙන්නව දැක්ක හැටියෙම අපෙ අක්කා කතා කළා. "හොඳ වෙලාවට ඔය දෙන්නා මේ පැත්තට ආවේ. අනේ නංගි, හය හත අට පංතිවල සහතික ටික මෙතන නෑ. පොඩි හාමුදුරුවන්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න ගිහිං."
"ඇයි අපි ඒ ඔක්කොම ලිව්වනේ."
"ඔව්, කාර්යාල කාමරේ යතුර ඉල්ලගෙන පොඩ්ඩක් බලන්න. එහෙ ඇති."
මායි සඳමාලියි ආවාස ගේ පැත්තට යන්න ගියේ පොඩි හාමුදුරුවෝ හොයාගෙන. ලොකු හාමුදුරුවො එක්ක මේ වෙලාවේ කතා කරන්ඩ හැටියක් නෑ, උන්නාන්සේ වේලාසනින්ම ඇවිත් හිටපු ආරාධිත අමුත්තොත් එක්ක කතාව. ඒත් අතරමගදි සංග්‍රහ කමිටුවෙ කට්ටිය සඳාව නතර කරගත්තා බීම හදන්ඩ. මං ආවාසෙ ළඟට ගියේ චූටි මල්ලියෙක් එක්ක.
"පොඩි හාමුදුරුවනේ! පොඩි හාමුදුරුවනේ!" දෙන්නත් එක්කම කතා කළා, සද්දයක් නෑ.
"මුතූ අක්කේ, ආං ඉන්නවා පොඩි හාමුදුරුවො බුදු ගේ ළඟ," මල්ලි පෙන්නුවා. අපි ගියා එතනට.
"උත්සවේ පටංගත්තැයි?" අපිව දැක්ක පොඩි හාමුදුරුවෝ බුදු ගෙයි දොරකඩ ළඟ ඉඳං ඇහැව්වා.
"තව නෑ පොඩි හාමුදුරුවනේ. අපි මේ ආවෙ - " මයෙ කතාව හිටි හැටියෙම නතරවුණේ පොඩි හාමුදුරුවන්ට පිටිපස්සෙන් බුදු ගේ ඇතුළෙන් මතු වෙච්ච මූණ දැකලා.
"පොඩි හාමුදුරුවනේ, මෙන්න මේ ළමයා තමයි මට පාර වැරැද්දුවෙ..." මයෙ කතාව නතර වෙච්ච ගමං ඒ මූණේ අයිතිකාරයා කතා කළා.
හෑ?! පාර වැරැද්දුවා?! මයෙ කටත් ඇරුණා. "මං හරි පාරනෙ කිව්වෙ!"
"කන්ද උඩහට පාරෙ වමට ගිහිල්ලා මං ගියෙ කනත්තට."
"කවුද ඉතිං කන්ද උඩහට ගිහිං වමට හැරෙන්ඩ කිව්වෙ? මං කිව්වෙ වමට හැරිලා කන්ද උඩහට තියෙන පාරෙ යන්ඩ කියලා." දවල් ආපු කේන්තිය මට ආයෙත් එනවා. පොඩි හාමුදුරුවො නොහිටින්ඩ මං ආයෙ පන්සලේ කියලා බලන්නෙ නෑ, කියනව මුන්දැට කනේ ඇඟිලි ගහගන්ඩ. කෝලං නටන්ඩ ඇවිල්ලා මෙතන පාර වරද්දගෙන ඒකටත් මාව අල්ලනවා!
"හරි හරි, වික්‍රම අයියා කොහොමහරි පන්සල හොයාගත්තනේ," පොඩි හාමුදුරුවන්ට හිනා.
මං ආයෙම පොඩි හාමුදුරුවෝ දිහාවට හැරුණා. "පොඩි හාමුදුරුවනේ, අපි මේ ආවෙ ශාලාවට අරං ගිහින් තියෙන සහතික ගොඩේ පන්ති තුනක සහතික මග ඇරිලා. අපෙ අක්කා කිව්වා කාර්යාල කාමරේ ආයෙ බලන්න කියලා. යතුර ඉල්ලගන්න ආවේ."
"හැබෑද. යමු එහෙමනං. වික්‍රම අයියෙ, ලොකු හාමුදුරුවො කිව්වෙ බුදු ගෙයි ඔන්න ඔය රූප ටික ආයෙ ඇඳගන්න ඕනෙ කියලා. ආයෙ තව බෝධිය ළඟත් ඇතුල් පියස්සෙ නෙළුම් මල් ටිකක් ඇඳගන්න ඕනෙ කියලා කිව්වා. ඉන්ඩකො, මං මේ යතුර දීලා ආයෙ විගහට එන්නං." පොඩි හාමුදුරුවෝ ඉස්සර වුණා. මල්ලිත් ඒ පස්සෙ ගියා. මාත් පඩියක් බැස්සා. එතකොට මේ ඇවිත් ඉන්නෙ සිත්තරෙක්. ඉස්සෙල්ලා පොඩි හාමුදුරුවෝ හිටිය හන්දා මයෙ හිතට ආපු කේන්තිය පිට කරන්ගන්ඩ හැටියක් තිබ්බෙ නෑනේ. ඔරවලා බලන්නවත් හිතාගෙන මං ආපහු හැරුණා. ඔන්න ඒ ගමන ආපහු අර දවල් වගේ මූණ උතුරන්න හිනා වෙනවා. ඒ දිහා බලාගෙන ඉතිං ඔරවත හැකියැ. මං ආපහු හැරිලා මයෙ ගමන යන්න හිතාගෙන අඩිය ඉස්සුවා. එතනම බිම පලංචි ගහන්න ගෙනැල්ලා තිබ්බ උණ බම්බු ගොඩෙන් එළියට පැනපු බම්බුවක මගෙ කකුල පැටලිලා මාව ඇදගෙන වැටුණා. දනිපනි ගාලා නැගිටගෙන මං ඉස්සරහා බැලුවා. පොඩි හාමුදුරුවෝයි මල්ලියි ඈත යනවා. ඒ දෙන්නා දැකලා නෑ මට වෙච්ච දේ. හොඳ වෙලාවට. ඒත් ඉතිං දකින්න හොඳම නැති එක්කෙනානං දකින්න ඇති - ළඟ ළඟම එන අඩි සද්දෙ ඇහුණා පිටිපස්සෙන්.
"මොකද වුණේ?"
"මුකුත් නෑ," මං අහක බලාගෙනම එන්න ලෑස්ති වුණා.
"නගේ මේ, කකුල තුවාළත් වෙලානේ..." ඔන්න ළඟටම ඇවිල්ලා හිටගෙන.
මමත් මගෙ කකුල දිහා බැලුවා. දකුණු කකුලේ පොඩි ඇඟිල්ලෙන් ලේ එනවා. උණ පතුරකට හීරෙන්න ඇති. "කමක් නෑ. මට පරක්කු වෙනවා." මං එයා දිහා නොබලාම හෙමීට අඩිය තිය තිය එන්න ආවා.
"ඔය තුවාළෙට වැලි යවාගන්න එපා හොඳද." හුහ්, එයා කවුද මට ඒවා කියන්න එන්න! මං ඇහුණෙ නෑ වගේ දිගටම ආවා. ඊළඟට ආයෙ කතා කරනවා ඇහුණේ මහ සද්දෙන්. "එක එක්කෙනාට ඔරව ඔරව යන්නෙ නැතුව පාර දිහා බලාගෙන යන්න හොඳද!"
ආයෙත් ඒ කටහඬට අර හිනාව එකතු වෙලා. මට දත්මිටි කැවෙනවා මදිවට ඇහෙන් කඳුළු පනින්නත් එනවා. හොඳ වෙලාවට ඒ හරියෙ වෙන කවුරුවත් හිටියෙ නෑ ඒ වෙලාවෙ. හැමෝම ඇත්තෙ ශාලාවෙ. ඔය කියපු කතාව ගමේ කාටවත් ඇහුණනං එහෙම! මං තුවාළෙ අමතක කරලා අඩිය ඉක්මන් කළා. මේ ඔල්මාදකාරයා පන්සලේ ඉන්නකල් මමනං ආයෙ පන්සල පළාතෙවත් එන්නෙ නෑ, නෑ, නෑමයි!!!
***

- මතු සම්බන්ධයි -

අපි බලමු ඔයා පන්සල පැත්තෙ එන්නෙ නෑ, නෑම හැටි... :D
ReplyDeleteනෑ කිව්වොත් නෑ ම තමයි ඉතිං... මුතූ ඒමයි... :D
Deleteසෑහෙන කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවේ...
ReplyDeleteඔන්න ඉස්ස ඉස්සෙල්ලම මේක තමයි කියෙව්වේ.. හරිම අපූරුයි...
ඔව් නේද, අර හද වෙණ සත්සර ඉවරවුණාට පස්සෙ නංගිව දැක්කෙත් නෑ. ඔය හත් අට පොළකින් වාඩි අරං කතාවෙ ඉතිරියත් අහන්ඩ ලෑස්ති වෙන්ඩකො එහෙනං. :)
Deleteඉතිරි ටික ඉක්කන්ට ඕනාාාා
ReplyDeleteලියපු ගමං දෙන්නානාාාාං..... :D
Deletehttp://inkandquills.com/2016/03/25/write-a-romance/
ReplyDeleteOoooh! I realize that I have unintentionally applied most of the techniques in my writing. Thanks for the link PJ!
DeleteThat means u have natural talent!
Delete<3
Deleteවෙරි ගුඩ් වෙරිම ගුඩේම ගුඩ්...
ReplyDeleteඅන්දර මල්දමේ ඔබ තුමී කතන්දරේ පටන් ගත්ත විතරයිනෙ..ඊට පස්සෙ අපි කට්ටිය කතාව හයි ජැක් කරල ඒක අපිට හිතෙන හිතෙන දිහාස් වලට ඇදගෙන ගියා නෙව...හෙහ්...හෙහ්..
අනික් අතින් බැලුවම කට්ටියක් එකතුවෙලා කතාවක් ලියන කොට අනිවාර්යයෙන්ම එහෙම වෙන්ටම එපාය..නේ? ඒ හින්ද ඔයාගෙ හිතේ මැවිල තිබුනු කතන්දරේ මෙහෙම අපිට කියවන්ට ලැබෙන එකත් බොහොම අපූරුයි!
මේකටත් එහෙම කරන්න බැරි කමක් නෑනෙ නේද? ;)
Deleteරවි අයියා,
Deleteඒක තනි මං ලියනවට වඩා ගොඩාක් ලස්සන වුණා කට්ටියම ඒක ලියපු විදිහ අයියෙ. ඇත්තටම මට ඒකෙ අමුතුවෙන් ආයෙ ලියන්න දෙයක් නැති තරං. ඒත් ඉතිං මොකවත් නොලියා වැඩි කාලයක් ඉන්න බැරි ලෙඩක් තියනවනෙ මට. ඉතිං ඔන්නොහෙ මේකවත් ලියනවා කියලා හිතුවා :)
තිසර අයියා,
මේකටත් එහෙම කරන්න බෑනෙ ඉතිං මේක දැනටම එහෙම ලියලනෙ තියෙන්නේ. :)
Thisara,
DeleteDon't you give me ideas Ok?..:)
තිසර,
Deleteඇත්තම කිව්වොත් මලේ මට දැන් හිතිල තියෙන්නෙ ආයමත් පාරක් මේ යෝදිගෙ කතාව හයි ජැක් කරන්ට...ඇයි බං දැං කොච්චර කල්ද මුල් කොටස ලියල..තාම නෑ එතනින් එහාට ප්‍රෝග්‍රස් එකක්..
Siththami,
I am giving you a deadline..only 7 days more..if within 7 days you don't write part 2, I am going to write it myself. don't say ඥරු ඥුරු later..you understand?
අනේ අයියෙ ලියන්ඩකො ඉතිං. මං මේ දිව විකාගෙන ලියනවා ලියනවා, ආයෙ මකනවා, ආයෙ ලියනවා, මතක් වෙච්චි වෙලාවට තැන් තැන් වල ලියනවා, එව්වා නැති කරගන්නවා, ආයෙ ලියනවා. කළිං කට්ටියම එකතුවෙලා ලිව්ව එකට වඩා වෙනසක් තියෙන්ඩත් එපැයි මේකෙ. ඒත් තාම බැරිවුණා හිතට හරියන්ඩ ගලපගන්ඩ. දවස් හතක් යන්ට කළියෙන්නං කොහොමත් බැරි වෙයි. මං මොකට (මේ ෆෝන් එකෙන් අර උඩ අයියා ලියලා තියෙන එක ලියාගන්ඩ බෑ මට) ගාන්ඩද? ඕං ඔහෙ ලියන්ඩ අනේ. :D
Delete/එහෙව් අයියණ්ඩියෙක් සහ අක්කණ්ඩිලා සම්භාරයක් ලබන්ඩ මං නොසෑහෙන්න පිං කරලා තියෙනවා./
ReplyDeleteඑහෙනං...එහෙනං..මේ මොනව කියනවද? පූරුවෙ කරපු මහා කුසල සම්බාරයක් කරණ කොටගෙනම නෙවෙන්නම්...හෙහ්.හෙහ්...
මොකට කියනවද! මං මේ පන්සල් ගිය හැන වතාවකම බෝධීන්නාන්සේ ඉස්සරහා ඉඳං වැඳගෙන හිතන්නෙම ජාති ජාතිත් ඒ කුසල කර්මෙ එහෙම්මම කොරගන්ට මට හේතු වාසනා ලැබේවා කියලයි ඔන්න. :P
Deleteහුහ්
ReplyDeleteහිහ් හුහ්! :P
Deleteමට හිතුනා කඩවසම් පොරක් පන්සලට යන පාර අහන කොට මේ නම් සිත්තරෙක්ම තමයි කියලා.බලාන ගියාම හරි නේ එක.
ReplyDeleteඒකනෙ. :D
DeleteMn vtrai parakku wela avit tyene, e unata math innwa kathawa athule,hmm
ReplyDeleteපරක්කු වුණාට කිසි අවුලක් නෑනෙ නේද, මං තාමත් ඊළඟ කොටස ලියලා නැහැ. :D කතාව ඇතුළෙ ඔයා කවුරු වෙලාද හිටියෙ? :)
DeleteSandamalee, hehehee
ReplyDeleteආ, සඳමාලී :D
Deleteඅනේ මේ කතාවත් ලස්සනයි වගේ. බලමුකෝ නේද?
ReplyDeleteඔන්න දැම්මා දෙවෙනි කොටස. :D
Delete