සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
A canvas, where the emotions and feelings are painted with words...
300. ඒ දිගු සුසුම් රැල්ලට පෙර...
ජීවිතයක මතක පොදි බැඳ
එක් දිගු සුසුම් රැල්ලක මුසු කොට
ගුවන් තලයට මුදාලන දිනෙක
ඒ සුසුම සිහිල් මඳ පවනක්ව
ඒ මතක සුසුදු මල් සුවඳක්ව
හමනු ඇත...
ඒ දිගු සුසුම් රැල්ලට පෙර
ලොවට නොරිදා
මතක ගොඩනැගූවන් වෙනුවෙන්.....
ලොවම සනසා
ආදරය බෙදූවන් වෙනුවෙන්.....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)