309. ගිනිගත් හිම...


සිසිල් සුදු හිමෙන් වැසි

සුළඟට රඟන තුරු හිසක් පාමුල

ඇවිලි ගිනි පුළිඟුවෙකි

තියුණු රුදු ගිනිදළු විහිදුවන...

හිම දියැව තුරු ගොමුව තෙත් කර

ගලා හැලුණි - සැඟැවුණි - ගිනි රැසින් වියැලුණි

අවසන එතුරු වදුලද

ගොළුව මිලිනව වියැලුණි

මියැදුණි...