මේක මට මතක හැටියට මං ලිව්වෙ පොඩ්ඩි අක්කගේ වළව්වේ ලිපියකට පසු කතාවක් විදිහට. ඒත් ඒකේ ලිංක් එක මට හොයාගන්න බැරි වුනා. මේක හදිසියෙම ආපහු මතක් වුනේ සයුරි ටීචර්ගේ කෝට්ටේ රාජධානිය ගැන අලුත්ම ඉතිහාස පාඩම නිසා.
(පොඩ්ඩි අක්කගේ ලස්සන ලිපිය - සෙනෙහසට දිවි දුන් මුහුදු කුමරිය - හොයලා දීපු වරාමලීට ගොඩාක් ස්තූතියි.)
කළුගලින් සැදි කුටිය තුළ වූ එකම කවුළුවෙන් පිටතට නෙතු යොමා සිටි ඔහුගේ දෙනෙතට දිස් වූයේ සීතාවක පුරවරයට අයත් යකහටුවාව බැලුම් ගලයි. තමන් ඇතුළු පිරිස ඌවේ සිට ආපසු පැමිණෙන බව ඔවුන් මේ ගල මත හිඳ නිරීක්ෂණය කරන්නට ඇත. තමා කෝට්ටේ රාජ්‍යයෙන් පිට වන තෙක් කල් බලමින් සිටි සීතාවක මායාදුන්නේ රජු සෙංකඩගල වික්‍රමබාහු සාමාන්තයාගේ සහයද ඇතිව කෝට්ටේ රාජ්‍යය ආක්‍රමණය කරනු ඇතැයි ඔහු තබා බුවනෙකබාහු රජු පවා සිතුවේ නැත. කෝට්ටේ රාජධානියේ රජකම් කළ සත් වන බුවනෙකබාහු රජුට සිටි දක්ෂතම සෙනෙවියා ඔහුය. තමා අතින් වූ සියලු වැරදි අමතක කර දමා, පලා ගොස් සිටි තමාව රජු නැවතත් කැඳවාගත්තේ ඒ නිසාම බව ඔහුද දැන සිටියේය. ඔහු දිගු සුසුමක් හෙලුවේය.
සෙංකඩගල සේනාව අතරමගදීම මුණගැසී නැවත පලවා හරින්නට ඔහු ඇතුළු සේනාව සමත් වුවද සීතාවක සටන එතරම් පහසු වූයේ නැත. නමුත් කෙසේ හෝ අවසානයේදී ඉන් ජය ලබා, දීර්ඝ ගමනකින් හා දුෂ්කර සටනකින් මහත් වෙහෙසට පත්ව සිටි සේනාව විවේක ලබා ගන්න අතරේ ඇති වූ අනපේක්ෂිත පහර දීම හමුවේ ඔහුටත් සේනාවටත් පසුබසින්නට සිදු විය. ඒ අතර තම හිස ගෙනැවිත් දෙන්නෙකුට ත්‍යාග ලබා දීමට පොරොන්දු වූ මායාදුන්නේ රජුගේ පණිවුඩය ඇසූ තමන්ගේම සහචරයන්ගෙන් දිවි බේරාගැනීමට සටන් වැදීමට සිදු වීම දෛවයේ සරදමක් බඳු විය. අවසන එතැනට පැමිණි ටිකිරි කුමරු හමුවේ ඔහු ස්ව කැමැත්තෙන්ම යටත් වූයේ එම අවස්ථාවේ ගත හැකිව තිබූ එකම පිළියම එය වූ බැවිනි. එම සිදුවීම් සියල්ලෙන් පසුව, පෙර දින හිමිදිරියේ පටන් ඔහු මෙම ශෛලමය සිර මැදිරිය තුළ සිරගතව සිටියේය.
ගැඹුරු කල්පනාවක නිමග්නව උන් ඔහුගේ දැහැන බිඳී ගියේ ඒ වෙත ලඟා වෙමින් තිබූ අඩි හඬක් හේතුවෙනි. කිහිප දෙනෙකු කතාබස් කරන හඬද ඇසෙන්නට වූ අතර ඔහුගේ අවධානය වඩ වඩාත් ඒ දෙසට යොමු වූයේ සිර මැදිරියකට නොගැලපෙන නාදයක්ද එම පා හඬවල් හා කතාබස් අතරින් ඇසෙන්නට වූ බැවිනි. ඔහු දොරටුව වෙත හැරුණේය. එම හඬ කිමෙක්දැයි එක්වරම සිතාගත නොහැකි වූ නමුත් මොහොතකින් කුටියේ ලෝහ දොර විවර වී එතුළට පැමිණි පිරිස දුටු ඔහුට එම නාදය කුමක්දැයි වටහාගැනීමට අපහසු වූයේ නැත. ටිකිරි කුමරුත්, සෙබළුන් දෙදෙනෙකුත් සමග එයි ඇතුළු වූ තවත් අයෙකු විය. ඒ කාන්තාවකි. හැඳ පැලඳ සිටි වස්ත්‍රාභරණ වලින් ඈ රාජකීය පවුලට අයත් තැනැත්තියක බව ඔහු වටහාගත්තේය. පෙරදී ඔහුට ඇසුණේ ඇගේ දෑතේ වළලු ගැටෙනා නාදයයි.
"වීදිය බණ්ඩාර..... කෝට්ටේ ව්‍යාඝ්‍රයා....." ටිකිරි කුමරු කටහඬ අවදි කළේය. ඔහුට පියවරක් පසුපසින් හිටගෙන සිටි ඇය මුවැත්තියකගේ මෙන් විසල් වූ නෙත් යුවළින් සිය රාජධානියේ සිරකරු දෙස බලා සිටියාය. වීදිය බණ්ඩාරයන්ද කළුගල් බිත්තියට පිට දී දෑත් පපුව මත බැඳගත් වනම ඔවුන් දෙස බලා සිටියා මිස කිසිවක් පැවසූවේ නැත. "මගේ අක්කණ්ඩියට නුඹව දැකගන්නට උවමනා වුනා." ටිකිරි කුමරු යළිත් කතා කළේය. සෙබළුන් අත වූ ගිනි පන්දම් දැල්ලෙන් නැගෙන නාදය හැරෙන්නට වෙනත් හඬක් එහි නොවීය. එබැවින් ටිකිරි කුමරුන්ම දිගටම කතා කළේය. "පිය රජු පසුවන්නේ නුඹ සමග දැඩි වෛරයකින්."
"මා දන්නවා." වීදිය බණ්ඩාර සාවධානව පිළිතුරු දුන්නේය.
"එයට හේතුවද දන්නවද?"
"ඔබතුමන්ගේ දෙටු සොයුරු තිඹිරිපොළ බණ්ඩාරයන් මිය ගියේ මා අතින්."
"නුඹේ හිස ගෙනැවිත් දෙන්නෙකුට පිය රජු රන් කහවනු පිරිනැමීමට සූදානම්."
වීදිය බණ්ඩාරගේ කට කොනට සිනහවක් නැගිණ. "ඔබතුමන් පැමිණෙන විට මගේ සහචරයින් උත්සාහ කරමින් සිටියේ එය ලබාගැනීමට."
"නමුත් මා කැමතියි නුඹ මගේ සේනාවට බඳවාගැනීමට." විස්මය හේතුවෙන් වීදිය බණ්ඩාරගේ දෙබැම මඳක් එසවුණේ ඔහු එවැන්නක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බැවිනි. "නුඹ එයට කැමති වුවහොත් මා හට හැකි වේවි පිය රජුගෙන් නුඹට සමාව ලබා දෙන්නට."
වීදිය බණ්ඩාර මොහොතක් නිහඬව සිටියේය. "ස්තූතියි ඔබතුමන්ගේ පිළිගැන්වීමට. නමුත් මා සේවය කරන්නේ කෝට්ටේ රාජ්‍යයේ බුවනෙකබාහු රජුන්ට."
සොයුරාගේත්, සොයුරියගේත් දෑස් සිහින් වූයේ එක් වරමය. "පරංගින්ට ගැතිකම් කරන....." ටිකිරි කුමරු දත්මිටි කමින් මිමිණුවේය.
"එතුමන්ට පරංගින්ගේ සහය පතන්නට සිදු වූයේ සීතාවක ආක්‍රමණ හේතුවෙන්."
"අප කෝට්ටේ රාජ්‍යය ආක්‍රමණය කරන්නේ ඔවුන් පරංගීන් හා එක්ව කටයුතු කරන නිසා. දෙටු පියාණන් පරංගීන් හා එක්ව කටයුතු කිරීම වහා නැවතිය යුතුයි, නැතහොත් අප ඔවුන්ව පරාජය කොට පරංගීන්ව එළවාදැමීමට ඇති බාධක ඉවත් කරගත යුතුයි."
වීදිය බණ්ඩාර ඉවත බලාගෙන මොහොතක් කල්පනා කළේය. "හේතුව පරංගින්ම පමණක් නොවන බව මා දන්නවා කුමරුනි." ටිකිරි කුමරු නිහඬ විය. වයසෙන්ද, යුධ භූමියේ අත්දැකීම් වලින්ද තමනට වඩා බොහෝ ඉදිරියෙන් සිටින මෙම අසහාය රණ ශූරයා සැබැවින්ම ඔහුගේ ගෞරවය දිනුවෙකු විය. සිය පිය රජුගේ අණ නොතකා ඔහුව තම සේනාවට බඳවාගැනීමට තරම් ටිකිරි කුමරු පෙළඹුනේ ඔහුගේ දස්කම් පිළිබඳව හොඳින්ම දැන සිටි බැවිනි. නමුත් මේ මොහොතේ ඔහු තමාට අභියෝග කරමින් සිටියි. ටිකිරි කුමරුගේ සිතට කෝපය ගලා එන අතරේ වීදිය බණ්ඩාර දිගටම කතා කළේය. "මායාදුන්නේ රජු කෝට්ටේ රාජ්‍යයේ කිරුළ බලාපොරොත්තු වන බව අපට රහසක් නොවෙයි."
"කිරුළට උරුමකම් කියන දරුවෙකු නොමති කළ රාජ්‍ය උරුමය තමාගෙන් පසුව සිය සොයුරාට පැවරීමේ රාජකීය සම්ප්‍රදාය කඩ කරන්නටයි දෙටු පියාණන් සූදානම් වන්නේ!" ටිකිරි කුමරු ගිගිරුවේය.
"එතුමන් සිය කිරුළ උරුම කරන්නට සූදානම් වන්නේ තමන්ගේම ලේ උරුමයට, තමන්ගේම මුණුපුරාට."
එවර ටිකිරි කුමරු සාවඥ සිනහවක් පෑවේය. "හෙහ්! දැනුයි මට වැටහුණේ ඔබේ මෙම උදාසීන බවට හේතුව. තමන්ගේ පුතාට රජකම ලැබෙනවට අකමැති කුමන පියාද!" එවර වීදිය බණ්ඩාර ඉවත බලාගත්තේය. එය ඔහුට වේදනා ගෙන දෙන කතාබහක ආරම්භය විය. "දෙටු පියාණන් සිය කිරුළ බාර දෙන්නට යන්නේ පරංගින්ගේ සුරතලෙකුට. නුඹේ සොයුරු තම්මිට සූරිය බණ්ඩාරයන් පවා පරංගීන්ට ගැතිකම් කරන්නෙක්."
"තම්මිට සූරිය බණ්ඩාර මාගේ බස් පිළිපදින්නෙක් නොවේ. ධර්මපාල කුමරු මගේ පුතු වුවත් ඔහු ඇතිදැඩි වන්නේ ඔහුගේ මුත්තණුවන් සෙවණේ. මා ඔහුගේ කටයුතු ගැන ඇඟිලිගසන්නට යන්නේ නෑ." වීදිය බණ්ඩාර ඉවත බලාගෙනම තෙපළේය.
ටිකිරි කුමරු දිගු සුසුමක් ගත්තේය. "වීදිය.... මේ මා නුඹට දෙන අවසන් අවස්ථාව! නුඹ මාගේ සේනාවට බැඳෙනවාද, නැතහොත් ජීවිතාන්තය තෙක් සීතාවක සිරකරුවෙකුව සිටිනවාද?"
"මා බුවනෙකබාහු රජුට සේවය කරන්නේ සතුටින්... නමුත් මා වැඩි කළක් ඔබේ සිරකරුවෙකුව සිටින්නේත් නැහැ..."
ටිකිරි කුමරු නැවතත් සාවඥ සිනහවක් පෑවේය. "ඔව්. එය නිවැරදි විය හැකියි. මන්ද වැඩි දිනක් ගත වන්නට පෙරම පිය රජු නුඹට මරණ දඬුවම ලබා දෙනු ඇති නිසා."
"මා එතෙක් මෙහි රැඳෙන්නේ නෑ."
"පලා යාමටද කල්පනාව?" ටිකිරි කුමරු රෞද්‍ර ලෙසින් එරවූවේය. "එය නුඹ සිතන තරම් පහසු නැහැ." වීදිය බණ්ඩාර නිහඬවම සිටියේය. මොහොතක් එලෙසම සිටි ටිකිරි කුමරු "අපි යමු," යැයි සිය සොයුරියට පවසමින් ආපසු හැරුණේය.
"මටද ඔහුට පවසන්නට දෙයක් තිබෙනවා." එතෙක් නිහඬව සිදු වූ සියල්ල දෙස බලා සිටි කුමරිය කීවාය.
"මට තවත් මෙහි රැඳෙන්නට කාලයක් නැහැ." ටිකිරි කුමරු තවමත් කෝපයෙනි.
"මලණුවන් පිටව යන්න. මම මොවුන් දෙදෙනා සමග පැමිණෙන්නම්," ඇය සෙබළුන් දෙදෙනා දෙස බලමින් කීවාය.
"හ්ම්. වැඩි වේලා ගත කරන්නට එපා මේ අඥානයා සමග. පවසන්නට ඇති දෙයක් පවසා වහා මාළිගයට පැමිණෙන්න." එසේ කී ටිකිරි කුමරු දොරටුවෙන් පිට වී නැවත වීදිය බණ්ඩාර දෙස බැලුවේය. "අදහස වෙනස් වුවහොත් මගේ සෙබළුන්ට දන්වනු. නමුත් නුඹට එතරම් කාලයක් ඉතුරු වී නැහැ." සිරකරුගේ මඳහසින් යුත් උඩඟු බව පිරි මුහුණ දෙස මොහොතක් ඔරවාගෙන බලා සිටි ටිකිරි කුමරු අනතුරුව එතැනින් නික්ම ගියේය.
වීදිය බණ්ඩාරගේ දෑස් කුමරිය වෙත යොමු විය. "මම සූරිය දේවි," ඇය තමාව හඳුන්වා දුන්නාය. ඈ තුළින්ද දිස් වූයේ ටිකිරි කුමරු වෙතින් පළ වූ රාජකීය එඩිතර බවයි. බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර, මායාදුන්නේ තෙසොහොයුරන් අතුරින් ලාබාලතමයා වුවද, වඩාත් ප්‍රබලයා වූයේ මායාදුන්නේ රජුය. පිය රජුගෙන් සිහසුන උදුරාගැනීමට කළ අරගලයේද මූලිකත්වය ගත්තේ ඔහුය. එවන් රණකාමියෙකුගේ දරුවන් වෙතින්ද එම ගති ලක්ෂණ විද්‍යමාන වීම පුදුමයක් නොවීය.
"මා අනුමාන කළා," ඔහු මඳක් හිස නමා ආචාර කරමින් කීවේය.
"මා ගැන අසා තිබෙනවා මීට කළින් එහෙනම්?"
වීදිය බණ්ඩාර සුසුමක් හෙලමින් හිස සැලුවේය.
"ඇයි නුඹ එවැන්නක් කළේ???" සූරිය දේවිය එක් වරම උස් හඬින් විමසුවාය. ඇගේ විසල් දෑස් සිහින්ව තිබුණේ කෝපයෙන් විය යුතුය. "දුෂ්ඨ පාපියා!!!"
ඇගේ වදන් වල අරුත එක් වරම වටහාගත නොහැකි වූ වීදිය බණ්ඩාර ඒ බව හැඟවීමට නළල රැළි ගන්වමින් හිස පසෙකට ඇල කළේය.
"නුඹ දැන සිටියාද සමුද්‍ර දේවී අක්කණ්ඩිය නුඹට කොතරම් ආදරය කළාද යන වග???"
වීදිය බණ්ඩාරගේ පපුව මත බැඳගෙන සිටි දෑත් මිටි විය. තදින් පියවී තිබූ මුවේ හනු එකිනෙක තද විය. දෑස් සිහින් විය. ඈ පිළිබඳව මතකයෙන් නැගෙන සන්තාපය අභිබවා ගිය කෝපයක් ඔහුගේ සිතට ඇතුළු විය. "ඒ ගැන විමසීමට නුඹ කවුරුන්ද?" ඔහු උස් හඬින් ඇසුවේය.
"මා ඇගේ ඥාති සොයුරිය පමණක් නොවේ. මා ඇයට සිටි හොඳම මිතුරියයි. පියවරුන්ගේ විරසක වීමෙන් පසුව අපට එකිනෙකා දැකගත නොහැකිවුවත් ඈ නිතිපතා මට හසුන් පත් එවුවා. එම හසුන් වල වදනක් පාසා තිබුණේ නුඹ ගැනයි, නුඹට ඇති ආදරය ගැනයි!" ඇයද උස් හඬින් පැවසුවාය.
කෝපය නිසා වේගවත් වූ සුසුම් සමගින් ඇයට පිටුපා කවුළුව වෙත හැරුණු ඔහු දෑතින්ම කවුළුවේ ගරාදියක් තරයේ ග්‍රහණය කොටගත්තේය.
"පිළිතුරු දෙනු මට! ඇයි නුඹ ඒ අහිංසකියට එවැන්නක් සිදු කළේ???" සූරිය දේවියගේ කටහඬ ආවේගශීලී විය.
"නුඹට පිළිතුරු දීමට මා බැඳී නැහැ!" වීදිය බණ්ඩාර කවුළුවෙන් ඉවත බලාගෙනම පැවසුවේය.
"ඇයට සිදු කළ අසාධාරණය ගැන නුඹ පිළිතුරු බැඳිය යුතුමයි!!!"
ඔහු නිහඬවම සිටියේය. නමුත් ඔහුගේ සිතුවිලි කෝපයෙන් බුර බුරා දැල්වෙන ගින්නක ඇවිලෙමින් තිබුණි.
"එකිනෙකාගේ කේලාම් බස් අසා නුඹට දිවි හිමියෙන් ආදරය කළ ඇයව නුඹේ දෑතින්ම නසා දැමීමට තරම් අනුවණයෙක් නුඹ! අර දියේගෝ කියන පරංගියා-"
ඇයට කතාව අවසන් කිරීමට ඉඩක් ලැබුණේ නැත. විදුලි වේගයකින් ඈ වෙත පිනූ වීදිය බණ්ඩාර දෑතින්ම ඇගේ ගෙල අල්ලාගත්තේ තව දුරටත් අසා සිටිය නොහැකි වූ ඇගේ වදන් සදාකාලිකවම නිහඬ කරලීමට සිතට නැගි වෛරී සහගත කෝපය නිසාවෙනි. එහෙත් ඈ ආසන්නයේම උන් සෙබළුන් දෙදෙනා වහා ක්‍රියාත්මක වී ඇයව ඔහුගේ යදඬු වන් දෑත් වෙතින් මුදාගැනීමට සමත් වූහ. ආවේගශීලීව පසු වන ඔහුව කුටියේ කෙළවරට ඇදගෙන ගොස් විලංගු ලෑමට සෙබළුන්ට හැකි වූයේ සැබැවින්ම වීදිය බණ්ඩාර ඔවුනට එරෙහිව විරෝධයක් නොපෑ හෙයිනි. අවශ්‍ය වූවානම් තමන්ට ඔවුන් දෙදෙනාම නසා දමා සූරිය දේවියගේ දිවි තොර කර දැමීම එතරම් දෙයක් නොවනා බව දැන සිටියද, වීදිය බණ්ඩාර සෙබළුන් දෙදෙනාට අවනත වූයේ ඔහුට ඒ මොහොතේ අවශ්‍ය වූයේ එය නොවන බැවිනි. තම පාලනය කරගත නොහැකි අධික කෝපය පිළිබඳව ඔහු හොඳින් දැන සිටියේය. ඒ නිසාම ඔහු බොහෝ දුක් සන්තාපයන්ට දැනටම මුහුණ දී ඇත්තේය. එදිනද... තමා අතින් එය සිදු වූ එම අඳුරු මූසල දිනයේදීද තමාව මෙලෙසින් වළක්වන්නට කිසිවෙකු හෝ සිටියානම් ඔහුගේ සුන්දර ආදරිය තවමත් ජීවතුන් අතර නොවේද. කෝපය මැකී නොගිය දෑසින් යුතුව සිය ගෙල අත ගාමින් සෙබළුන් දෙදෙනා සමග පිටව යන සූරිය දේවිය දෙස ඔහු හිස් බැල්මෙන් බලා සිටියේය. "මගේ පැනයට පිළිතුරු සූදානම් කරගෙන හිඳිනු!" ඇය දොරටුව අතරින් නොපෙනී යන්නට පෙර ඔහු දෙස බලා විධානය කළාය.
කතාව ලියලා තියෙන්නෙනං ඔච්චරයි. වීදිය බණ්ඩාර එතනින් පැනලා යනවා සූරිය දේවිගේ උදව්වෙන්. ඉතුරු ටික ලියන්න වෙලාවක් දැම්මමනං හම්බවෙන එකක් නෑ. දැනට ඔය ටික කියවලා ඉන්නකෝ හොඳ ළමයි වගේ, හොඳේ? :)

***