56. අවුරුදු තෑගි...

අළුත් අවුරුදු පහු වෙලා වෙසක් මාසෙත් ඇවිල්ලා. ඒත් ඉතිං මේ මං අළුත් අවුරුද්දෙ දාන පළවෙනි ලිපියනේ. ඒ නිසා ඉස්සෙල්ලාම හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා! :)





අද ලිපියත් ගණිත විනෝදයට සම්බන්ධයි. ඒත් ඔන්න ගැටළු නෑ, කෙළින්ම තෑගි විතරයි හැමෝටම. ගැටළු හොයාගන්න පුළුවන් ඕනෙනම් ඒ තෑගි ලිහලා බලලා. 

මේ තියෙන්නේ තෑගි ලැයිස්තුව.

මුළින්ම බෙදාගන්නේ මම වැඩියෙන්ම ආස එක. රහස් පද පෙරළි හොයන්න තියෙන්නේ මේකෙ. http://www.cryptograms.org/play.php

ඊලඟට ගණිත විනෝදයටම සම්බන්ධ සබැඳියක්. http://www.mathsisfun.com මේ තියෙන්නේ ඒකෙ මම කැමතිම ක්‍රීඩාව. තව අපූරු ඒවා ගොඩාක් තියෙනවා.

මේක තර්කානුකූලව හිතලා විසඳන්න තියෙන ගැටළුවක්. පුරුදු වෙන්න ටිකක් අමාරුයි. ඒත් වැඩේ අල්ලගත්තට පස්සේ හරි විනෝදයි. http://www.logic-puzzles.org/

කාලෙකට කළින් ටැන්ග්‍රැම් ගැන ලියද්දී ඒක අන්තර්ජාලය හරහා සෙල්ලම් කරන්න පුළුවන් සබැඳියක් දුන්නා මතකයි. මෙන්න ඒකම ආයෙත්. http://www.primarygames.com/math/tangram/

මෙතනත් තියෙනවා මොළය දියුණු කරගන්න උදව් වෙන අපූරු ක්‍රීඩා එකතුවක්. http://www.gamesforthebrain.com/

අන්තිමට මෙන්න මේක. මේකේ තියෙන ගැටළුනම් ගොඩාක් ගණිතයට සම්බන්ධයි. මමත් තාම උත්සාහ කරලා නෑ ඒ එකක්වත්. ඒත් මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් අය ඉඳියි කියලා හිතුණ නිසා බෙදා ගන්න හිතුවා. http://projecteuler.net/problems