366. සාහිත්‍යය හා පරිකල්පනය...


පහුගිය සති අන්තයේ මං හා හා පුරා කියලා බරපතල වැඩක් කළා. මං ඉගෙනගත්ත පාසලේ ආදි ශිෂ්‍ය කමිටුවේ පුස්තකාල අනු-කමිටුවෙන් 'සාහිත සියපත්' කියලා සාහිත්‍යයට සම්බන්ධ ආදි ශිෂ්‍යාවන්ගේ සම්පත් දායකත්වයෙන් මාර්ගගත වැඩසටහන් මාලාවක් කරනවා. ඒකේ මුල්ම වැඩසටහන කළේ අපේ හෙල්මලී අක්කා. දෙවෙනි වැඩසටහන කරන්න ආරාධනා ලැබුණේ මට. මං කතා කළේ 'සාහිත්‍යය සහ පරිකල්පනය' ගැන. ඒ කාරණා දෙක පදනම් කරගෙන මූලික කාරණා කිහිපයක් කතා කරලා මම සාහිත්‍ය ශානර අතරින් පරිකල්පනය වැඩිපුරම යොදාගැනෙන 'ෆැන්ටසි ශානරය' ගැන මම දන්න දේ සහ 'එකෝමත් එක කාලයක' කතා මාලාව ගොඩනගද්දී මුහුණදීපු මගේ අත්දැකීම් එකතුකරගෙන කතා කළා. මේ පහළින් තියෙන්නේ මං ඉදිරිපත් කරපු presentation එක convert කරලා හදපු video එක. පැය එකහමාරක් විතර කතාකරපු ඔක්කොම හෑලි ටික මෙතන නැහැ ඉතින්. ඒ වුණාට දළ අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.  




17 comments:

  1. “The best fantasy is written in the language of dreams. It is alive as dreams are alive, more real than real ... for a moment at least ... that long magic moment before we wake.

    Fantasy is silver and scarlet, indigo and azure, obsidian veined with gold and lapis lazuli. Reality is plywood and plastic, done up in mud brown and olive drab. Fantasy tastes of habaneros and honey, cinnamon and cloves, rare red meat and wines as sweet as summer. Reality is beans and tofu, and ashes at the end. Reality is the strip malls of Burbank, the smokestacks of Cleveland, a parking garage in Newark. Fantasy is the towers of Minas Tirith, the ancient stones of Gormenghast, the halls of Camelot. Fantasy flies on the wings of Icarus, reality on Southwest Airlines. Why do our dreams become so much smaller when they finally come true?

    We read fantasy to find the colors again, I think. To taste strong spices and hear the songs the sirens sang. There is something old and true in fantasy that speaks to something deep within us, to the child who dreamt that one day he would hunt the forests of the night, and feast beneath the hollow hills, and find a love to last forever somewhere south of Oz and north of Shangri-La.

    They can keep their heaven. When I die, I'd sooner go to middle Earth.”
    ― George R.R. Martin

    ReplyDelete
  2. "පහුගිය සති අන්තයේ මං හා හා පුරා කියලා බරපතල වැඩක් කළා". ඔයා කොහොමත් කරන්නෙ බරපතල වැඩනෙ, සිත්තමී. අපේ සිත්වල ඇතිවෙන සංකීර්ණ හැඟීම්; එකම පුද්ගලයා ගැන තත්පරෙන් තත්පරයට වෙනස් වෙන විදිහ, පුද්ගලයින් දෙන්නෙක් ගැන එක වගේ හැඟීම් ඇතිවෙන විදිහ, භාග්‍යා, ධනංජය, රයන් වගේ චරිත හරහා රසවත්ව පාඨකයින්ට දෙන එක බරපතල වැඩක් නෙවෙයිද. (ඒ වගේ බරපතල තවත් වැඩකට ලඟදිම අත ගහන්න හිතේවා!!!.. ආමේන්!)

    Intellectual imagination කියලත් එකක් තියෙනවනෙ. මම හිතුවා intellect and imagination එකට යන්නෙ නෑ කියලා.

    යූ ඇන්ඩ් මලී සේම් ස්කූල්ද ඒ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ ගොඩාක් ස්තුතියි! දැනට කරගෙන යන පරිවර්තන වැඩේ ඉවරවුණාම තව කතාවක් ගැන හිතන්නම්කෝ. <3

      Intellectual imagination වගේ දෙයක් තමයි මං හිතන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ අලුත් සංකල්ප, න්‍යායන් තර්කානුකූලව ගොඩනගලා ලෝකයට ඉදිරිපත් කරන අයට තියෙන්න ඇත්තේ.

      යස් යස්, සේම් ස්කූල්. ඒකට මොකද අපි දෙන්නා අඳුරගත්තේ බ්ලොග් නිසා. මං හය වසරෙන් ඉස්කෝලෙට ඇතුල්වුණ අවුරුද්දෙදි තමයි හෙල්මලී අක්කා ඒ ලෙවල් කරලා අයින් වෙලා තියෙන්නේ. :)

      Delete
    2. Lotus- ඔව් ඔව් සේම් ස්කූල්. ඒත් මේගොල්ලෝ හය වසරේ පැංචියෝ හැටියට එද්දී අපි ලොකු අක්කලා හැටියට අස් වෙලා යනවා :D

      Delete
    3. නොබෙල් තෑග්ග දිනපු විද්‍යාඥයින් හුඟ දෙනෙක් වෙනත් නිර්මාණාත්මක විනෝදාංශ හෝ ක්‍රියාකාරකම්වල යෙදෙන අය කියනවනෙ https://theconversation.com/nobel-prizes-most-often-go-to-researchers-who-defy-specialization-winners-are-creative-thinkers-who-synthesize-innovations-from-varied-fields-and-even-hobbies-186193?utm_source=linkedin&utm_medium=bylinelinkedinbutton

      Delete
  3. ඔය ෆැන්ටසි ගැන මට හිතිච්ච හැටි

    https://biththiya.blogspot.com/2013/09/no-survivors-then-where-do-stories-come.html

    https://biththiya.blogspot.com/2013/08/my-life-is-so-much-more-interesting.html

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි පැතුම්! ඒවා හරිම interesting! <3

      Delete
  4. සිතුවිලි- ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න මටත් වාසනාව ලැබුණා. බොහොම හොඳ පැහැදිලි ඉදිරිපත් කිරීමක් ඒක. ඔයා ඒ වෙනුවෙන් කොයිතරම් මහන්සි වුණාද කියන එක පැහැදිලියි. මේ වැඩසටහනේ පලවෙනි පියවර දෙක අපි වගේ බ්ලොගර්ස් දෙන්නෙක් කරපු එකත් අහම්බයක් නේද?
    ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා නංගි, ජය!

    ReplyDelete
    Replies
    1. ඔයා කරපු මුල්ම වැඩසටහනත් ඒ වගේම වටිනවා අක්කා. මං ඔයාට කිව්වානේ ඔයා එදා ඒ කියපු දේවල් අහලා මං වෙනස් කරගත්තු දේවල් නිසා මගේ පැංචා පොත් කියවන්න පුරුදු වෙච්ච හැටි. දැන් ඒ නිසා වෙච්ච තවත් හොඳක් ගැන මට ඔයාට කියන්න තියනවා. ඉස්සර එයා පොත් කියවන්න හොර නිසාද මන්දා රචනා ලියන්නත් එච්චරම කැමති නෑ. මං ළඟ ඉඳගෙන වාක්‍ය ගලපන්න උදව් වෙන්න ඕනේ. දැන්, පොත් කියවලා එයාට ලැබුණ දේත් එක්ක, එයා තනියම රචනා ලියනවා. මට හදන්න තියෙන්නේ කලබලේට හලාගත්ත අකුරුයි පිල්ලම්නුයි විතරයි. <3

      Delete
    2. කොච්චර දෙයක්ද! මමත් notice කරපු දෙයක් තමයි මේ හැම දෙයක්ම එකට එකක් සම්බන්ධ බව. ඔය විදිහට තමන්ගේ නිර්මාණ කරලා ඉස්කෝලෙන් ප්‍රශංසා ලැබුවාම එයාලගේ ආත්ම විශ්වාසයත් වැඩිවනවා. කියවීම ලිවීම දියුණු වීමත් එක්ක මගේ පුතා එයාගේ ප්‍රාථමික පාසලේ නායකත්ව තනතුරු වලට හිතලාම ඉල්ලන හැටි, පන්තියේදී වැඩියෙන් ඉදිරිපත් වෙන හැටි මම දැක්කා.
      ඔයාගේ පැංචාටත් සුබපැතුම්! අම්මා වගේම ලස්සන නිර්මාණ කරයි කියලා ප්‍රාර්ථනා කරනවා.

      Delete
  5. අනේ මට මේක miss වෙලා. .....ඔයාට සුබ පැතුම් සිත්තමී ..............

    ReplyDelete