03. හංස කුමරා කොයිබදෝ තව පමා වන්නේ ඇයි මෙසේ...



සඳ නැගුණු සඳ
රිදී විල් තෙර
ලොවම නිදනා යාමයේ

හංස කුමරිය
නීල රැළි මත
පාවෙමින් මග බලන්නේ

උදුල සඳ කැන්
වැටී විල අද
සුර ලොවක සිරි ගෙනෙන්නේ

හංස කුමරා
කොයිබදෝ තව
පමා වන්නේ ඇයි මෙසේ 

8 comments:

  1. සඳ එළිය විත් ඇගේ හිස මත...
    නේක සෙවනැලි මවන්නේ....
    හංස කුමරා ළඟ ළඟම ඇත..
    කිමද කඳුලැලි සලන්නේ...

    සඳ මුලුන් වී එළිය පතුරා..
    ලොවේ ගණඳුර නිවන්නේ...
    හංස කුමරා ඔබට ලංවී...
    ඔබේ සිත දුක් නිවන්නේ...

    ReplyDelete
  2. හරි ලස්සන උත්තරයක් ප්‍රියන්ත අයියේ. ගොඩක් ස්තූතියි. :)

    ReplyDelete
  3. දෙයියෝ සාලේ...මොන රටේද බොල හංස කුමාරියො රෑ දෙගොඩ හරියෙ විල් වල පීනන්නෙ?...හෙහ්, හෙහ්,

    ඕකි එකත් එකටම Insomnia රෝගෙන් පෙලෙනව ..ආයෙ ඒකෙ නෑ හෝදන්ට දෙයක්...අන්න අර සෙකොනාල් පෙති දෙකක් බීල බුදියෙන්ට කියාපං....

    එහෙමත් නැත්තං මෙහෙම වෙන්ටත් බැරි නෑ...ඔය උඹ දැකල තියෙන්නෙ මාලුවෙක් වත් අල්ල ගන්ට ගිහිල්ල විලට වැටිල පාවෙන බකුසු තඩියෙක් වෙන්ට ඕන..හඳ එලිය වැටිල හින්ද ඒකා බොට සුදුම සුදු පාටිං පේන්ට ඇති....හෙහ්, හෙහ්,

    ReplyDelete
  4. රවි අයියා මේ කියනකල් මං දැනං උන්නෙ නෑනේ හංසයො රෑට ඇහැරලා ඉන්නෙ නෑ කියලා. මං කතන්දර වල පින්තූර වල ඕන හැටියේ දැකලා තියෙනවනේ පිටිපස්සෙන් ගස් අතරෙන් ලොකූ.....වට හඳ පායගෙන එද්දි හංස ජෝඩු විලේ පීනනවා.

    අනිත් අතට අයියා අර කියාපු බකුසු තඩියගෙ කතාවත් වෙන්ඩ බැරි නෑ තමා. සමහර විට කිරි වවුලෙක්ද දන් නෑ මං දැක්කේ. :D :D :D

    ReplyDelete
  5. හංස කුමරිය
    බලන්නට එන
    අතරමඟ රුදු ඝන වනේ

    හංස කුමරා
    වැටී මියැදී
    නරුමයෙකු එලු මරගුලේ ...

    ReplyDelete
  6. කණමැදිරි මිතුරා කියූ ඒ අඳුරු වදනින් කැළැඹුනේ
    හංස කුමරිය විගස ඉගිලී මහ වනය වෙත පිවිසුනේ

    ලේ විලක් මැද වැටී සිටිනා පෙම්බරා දුටු විගසිනේ
    නෙතින් කඳුලැලි කඩා හැලුනා හංස කුමරිගෙ දෙනෙතිනේ

    මලානික වූ මුව'ග මත වැටි ඇගෙ සිහිල් මුතු කඳුලිනේ
    හංස කුමරා සිහි ලබා නෙතු පියන් සොලවා පිබිදුනේ

    ---

    වාසනාවන්ත රෝස මලටත් ගොඩාක් ස්තූතියි. මට සුරංගනා කතාවක්ම ලියන්න හිතුණා ඔයාගෙ කමෙන්ට් එක කියවලා. :D

    ReplyDelete
  7. මරන්නට මට නසන්නට මට සිත් උනත් ලොව ආදරේ
    ඉඩක් නොදෙනා හැඩයි මට ඔබේ හංස කුමරිගේ මුදු සෙනේ

    පණ පෙවූ ඒ හංස කුමරා මරා දමමිද යලි කෙසේ
    හොදයි එහෙනම් හංස කුමරිගේ කඳුලු ඔහු හට පණ ගෙනේ :)

    මම අදටත් ආදරේ විස්වාස කරනව නම් සහ ආදරයක් කියල දෙයක් ලෝකයේ තියෙනවා කියලා විස්වාස කරනව නම් එහෙම කරන්නේ ඔයාලා වගේ ලස්සන සිතුම් පැතුම් තියෙන කීප දෙනෙක් හින්දා යාලු .. ස්තූතියි මම මරා දාපු හංස කුමාරයට ආයෙ පණ දුන්නට :D

    ReplyDelete
  8. /*හොදයි එහෙනම් හංස කුමරිගේ කඳුලු ඔහු හට පණ ගෙනේ*/
    TANGLED!!! :D

    මේ ලෝකේ ආදරේ කියන දේ තියෙනවා යාළු. ආදරේ විශ්වාස කරන්න, ආදරේට ආදරේ කරන්න. අමාරු ඇති. ඒත් උත්සාහ කරන්න. ආදරේ එයි ඔයාව හොයාගෙන. Love comes to those who believe it... And that's the way it is...

    ReplyDelete