මහාචූල තිස්ස රජුගෙන් පසු රාජ්‍යත්වය ලබාගත් චෝරනාගයන් අභිෂේක ලබා දොළොස් වසරක් ගෙවී තිබුණි. රජවාසළ ඉදිරි දොරටුවේ ප්‍රධාන ආරක්ෂකයා ලෙසින් එදින රාත්‍රියේද සුපුරුදු ලෙස සේවය කරමින් සිටි සිව එක්වරම අනෙක් සෙබළුන් හා ඇතුළු අංගනය වෙත වහා දිව ගියේ එහි ඇති වූ ඝෝෂාව කන වැකීමෙනි. උයනේ වූ ශෛලමය ආසනය මත චෝරනාග රජු වැතිර සිටියේය. ඔහු වටා රැස්ව සිටි රාජ පුරුෂයෝද උසස් නිලධරයෝද ඔහු වෙත නැඹුරු වී ඔහු හා කතා කරන්නට උත්සාහ දරමින් සිටියෝය. ඒ අසළින් සිටගෙන සිටියේ අනුලා දේවියයි. සිදු වූයේ කිමෙක්දැයි ප්‍රධාන ඇමතිවරයෙකු ඇගෙන් විමසා සිටියද දැඩි කම්පනයකට පත්ව සිටි ඇගෙන් එයට පිළිතුරක් නොලැබුණි. රිදී කුසලානය රැගත් ඇගේ දෑත් ඒ වන විටත් වෙව්ලමින් තිබූ අයුරු සිව දුටුවේය. මොහොතකින් රජු වටා රැස්ව සිටි පිරිස රජුගේ දේහය ඔසවාගෙන රජ වාසළ තුලට රැගෙන ගියෝය. ඔවුන් පසුපසින් යන්නට පා එසවූ සිව ආපසු හැරී අනුලා දේවිය දෙස බැලුවාය. උයන තුළ හුදෙකලා වූ ඇය සියතේ වූ කුසලානය ඉහළට ඔසවා එහි වූ පානය මුවට හලා ගැනීමට සූදානම් වන බව දුටු ඔහු වහා පැන කුසලානය ඈ අතින් විසි වන ලෙස පහරක් ගැසුවේය. අනතුරුව රාජකීයයන් ඉදිරියේ ගරුසරු දක්වන ලෙසින් ඈ ඉදිරියේ හිස නමා සිටියේය.
මොහොතකින් වම් කම්මුල පුපුරු ගසවන තරමේ අතුල් පහරක් ඔහුගේ මුහුණ හරහා වැදුණි. "ඇයි මාව වැළකුවේ?" ඇගේ හඬ ආවේගශීලී විය.
"දේවීන් වහන්ස, ඔබ මෙහි රැඳී සිටීම සුදුසු නැහැ. මාළිගාව තුළට යන්න." ඇගේ පැනය මග හැරි සිව ඉල්ලා සිටියේය.
"කවුරුන්ද දන්නේ එහි තිබුණේ වස කියා." එවර අනුලාවගේ හඬ ශෝකයෙන් බරව තිබුණි. "රාත්‍රී භෝජනයෙන් පසු මඳ වේලාවක් උයනේ රැඳෙමින් මධු පානය කරන්නට ඔහුව එකඟ කරගත්තේ මමයි. පසු ගිය දිනෙක දුර්ලභ මධු විශේෂයක් බව පවසා රජ වාසළ පඬුරු ලෙස මෙය එවූ චෞරයා කෙසේ හෝ මා සොයාගත යුතුයි!............ ඇයි නුඹ නිහඬ? නුඹ රජ වාසළ ආරාක්ෂාව ගැන නොවෙද කටයුතු කරන්නේ. මෙවන් දෑ මෙහි සිදු වන්නේ කෙළෙසද? කෙළෙසද? කියව!" නැවතත් අනුලාවගේ කට හඬ ආවේගශීලී විය. නමුත් ඒ සමගම එය බිඳී ගියේය. "සිව, මෙයට නුඹ සම්බන්ධ නැහැ නෙවද?" එහෙත් සිව නිහඬවම සිටියේය. අනුලා දේවිය ඔහු අසළට ආවාය. "නුඹ රජ වාසළ ආරක්ෂකයෙකු මිස රාජ ද්‍රෝහියෙකු නොවේ නෙවද?"
"දේවීන් වහන්ස, ඔබ හට මුසා බස් පැවසීමට මා අකැමැතියි. එම නිසා..." නැවතත් ඔහුගේ කම්මුල හරහා වේගවත් අතුල් පහරක් පතිත විය. හාත්පස මොහොතකට නිහැඬියාවේ ගිලී ගියේය.
"ඇයි මා සොයාගෙන පැමිණියේ?" අවසානයේ එම වදන් ඇගේ මුව'ගින් ගිලිහුනේ දෑස් බොඳ කළ කඳුළු දිලිසෙන අතරදීය.
එතෙක් වේලා රාජ ගෞරවයෙන් පහතට යොමාගෙන සිටි හිස එසවූ සිව එක එල්ලේ ඇගේ දෑස් දෙස බැලුවේය. "තුදුස් වසකට පෙරාතුව ඔබ මාගෙන් උදුරාගෙන ගිය ඒ සොර දෙටුවා - " මුවගින් ගිලිහුනු වදන් ගිලගත් සිව ඉවත බලාගත්තේය. අනතුරුව සිතට දිරි ගෙන නැවතත් කටහඬ අවදි කළේය. "මා තව දුරටත් රජ වාසළ ආරක්ෂකයා නොවේ, රාජ ද්‍රෝහියෙක්... ඒ නිසා මෙතෙක් කල් කියාගැනීමට නොහැකිව සිටි සියල්ල මා අද ඔබ හට පවසන්නම්. අනුලා, බාල වියේ එක්ව කෙළි දෙලෙන් ගෙවූ කාළේ පටන්මයි මා නුඹට පෙම් කළේ. නුඹත් එය දැන සිටියා. එහෙත් අපේ ඒ සුන්දර ජීවිත වලට කණ කොකා හැඬුවේ මේ සොර දෙටුවා අපේ ගමට පැමිණි දා. ගම්මානයම වනසා දමා ඔහු පිටව ගියේ මගේ ජීවිතයද වනසා දමා. එදා පටන් මා නුඹව සෙවූ තරම මා පමණයි දන්නේ අනුලා. චෝරනාග නමින් රජරට රජ වී සිටින්නේ ඔහු බව දැනගත් මොහොතේ මා හට ඇති වූ කෝපය! වසර ගණනාවක් උත්සාහ කොට රජ වාසළ සේවයට වසර කීපයකට පෙර මා බැඳුනේ ඔහුගෙන් පළි ගැනීමට... නුඹව යළි දැක ගැනීමට... එදින මුල් වරට නුඹ මා දුටු මොහොතේ නුඹේ නෙත් මා වෙත නතර වූ බව මා දුටුවා. නුඹ මා නොහඳුනන ලෙසින් සිටින්නට කොතෙක් වෑයම් කළත් නුඹේ නෙත් නුඹව පාවා දුන්නා..."
ඔහුගේ බස් තවත් අසා සිටින්නට නොහැකි වූ අනුලා ශෛලමය අසුන මත හිඳගත්තේ සිහිනයකින් අවදි වූවක මෙනි. "ඇයි මේ තරම් අනුවණකමක් කළේ?" ඇය සෙමින් මිමිණුවාය.
සිව ඈ ඉදිරියේ දණ ගසාගත්තේය. "දේවීන් වහන්ස, මගේ අරමුණ සම්පූර්ණ වූවා. ඔහුගෙන් පළිගැනීමත්, ඔබව දැක ගැනීමත් මිස මා හට ඉන් එහා අරමුණක් තිබුණේ නැහැ. ඔබ අද මෙහි පාලකවරිය. මේ රාජද්‍රෝහියාට ඔබ දෙන ඕනෑම දඬුවමක් බාරගැනීමට මා සූදානම්..." අනුලා අත දිගු කර ඔහුව නතර කළාය.
"මා කියන්න අසා සිටින්න. නුඹ කළේ සමාව දිය නොහැකි වරදක්. චෝරනාගයන් මා රැගෙන යාමට පෙර මා ඔබ හා පෙමින් වෙළී සිටි බව සත්‍යයි. ඔහු හා ඔහුගේ සහචරයින් හා ගත කළ මුල් දින කිහිපය මා ඔවුන් සියල්ලන්ටම සාප කරමින් කෝපයෙනුත්, දුකිනුත් පීඩා විඳිමින් ගත කළ බවද සත්‍යයි. නමුත්, නමුත්... ටිකෙන් ටික මා ඒ ජීවිතයට හුරු වූවා. එම ත්‍රාසජනක ජීවිතයට මා ප්‍රිය කරන්නට පටන් ගත්තා. ඔබ එකළ මා හට දැක්වූ තරමේ ආදරයක් චෝරනාගයන්ගෙන් නොලැබුවත්, ඔහුගේ ඇසුර මට ප්‍රිය වූවා..." සිව නිහඬවම බිම බලා සිටියේය. "සොර දෙටුවෙකු වූ ඔහුගේ පෞරුෂයත්, නායකත්වයත් මා අගය කළා. ආදරය මාගේ ජීවිතයේ හිස් තැනක් වුවත් එය අමතක කර ජීවත් වීමට මා පුරුදු වී සිටියා... නුඹ... නුඹ ඒ සියල්ල විනාශ කර දැම්මා..." අනුලා දේවිය චෝදනාත්මක ස්වරයෙන් කතා කළද එහි කෝපයක් හෝ ආවේගශීලී බවක් හෝ ගැබ්ව නොතිබිණ.
මොහොතක් වේලා දෑස් පියාගෙන එම වදන් තේරුම් ගැනීමට උත්සාහ කළ සිව නැගී සිටියේය. "මා පෙර කී මගේ අරමුණ ඉටුව ඇත. දැන් මා ජීවත්ව සිටියද මිය ගියද වෙනසක් නැත. දේවීන් වහන්ස, ඔබ තුමියගේ අභිමතයක් ඉටුකරන්න." ඔහු හිස නමා ඇයට ආචාර කළේය.
"හ්ම්," අනුලාව මොහොතක් වේලා කල්පනා කළාය. "රජුගේ අවසන් කටයුතු වහා සූදානම් වනු ඇති. මා ඒ පිළිබඳව විමසා බැලීමට දැන් මාළිගය තුළට යා යුතුයි. නුඹගේ දඬුවම පිළිබඳව ඉන් අනතුරුව සලකා බලන්නම්. එතෙක්, නුඹ රජ වාසළේම රැඳී සිටිය යුතුයි." අනුලාව අසුනින් නැගී සිටියාය.
"රාජ පුරුෂයින් ලවා මා දඟ ගෙට නියම නොකරන්නේ මන්ද?"
"මහ රැජිණියගෙන් ප්‍රශ්න විචාරීමට නුඹ කවුරුන්ද?"
වහා හිස පහතට හෙළා ආචාර කළ සිව ඇයට මග ඉඩ දී පසෙකට විය.
මේ සියල්ල සිදු වී සතියක් ගෙවී යන තෙක් සිව අනුලාවට වූ පොරොන්දුව මත රජ වාසලේම රැඳී සිටිමින් සුපුරුදු පරිදි සේවයේ නිරත විය. අවසානයේ ඔහු බලාපොරොත්තුවෙන් සිටි කැඳවීම ලැබුණි. අනුලා දේවිය ලේඛන ශාලාවේ ඔහු එන තෙක් බලා සිටියාය. ඈ ඉදිරියේ සිටගත් ඔහු නිහඬව බිම බලා සිටියේය. ලේඛන ශාලාව තුළ ඔවුන් දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවෙකුත් නොවීය.
"සිව, නුඹ දන්නවාද මා නුඹව මෙහි කැඳවූයේ ඇයිද කියා?"
"දනිමි දේවීන් වහන්ස, ඔබතුමිය පනවන ඕනෑම දඬුවමක් මම හිස නමා පිළිගනිමි."
"හ්ම්, එසේනම් හෙට දින පටන් රජ වාසළ ප්‍රධාන ආරක්ෂක ධූරය දැරීමට සූදානම් වන්න."
විසල් කරගත් දෑසින් යුතුව සිව හිස එසවූවේය. අනුලාවගේ තේජවන්ත මුහුණ මත මඳ සිනහවක් ඇඳී ගියේය. "චෝරනාගයන්ට අවසන් ගෞරව දැක්වීමට මෙහි පැමිණි කුඩා තිස්සයන් නුඹට මතකද?" සිව හිස සැලුවේය. "ඔහු මහාචූල තිස්ස රජුන්ගේ දෙටු පුත්. රාජ්‍යයේ මීලඟ සැබෑ උරුමකරු ඔහුයි. ඒ බව ඔහු මා හට සිහිපත් කළා. එනිසා ඔහුගේ බසට අවනත වනවා හැරෙන්නට මට වෙනත් විකල්පයක් නැහැ."
"නමුත් දේවියනි, රජුන්ගේ මරණය සම්බන්ධව - "
"ඒ පිළිබඳව රාජ සභාව කතාබස් කොට අවසානයි." අනුලාව ඔහුට බාධා කරමින් කතා කළාය.
"කුමක්ද එහිදී ගත් තීරණය?"
"රාජ සභාවේ තීරණ දැනගැනීමට නුඹට අයිතියක් නැහැ! නුඹේ උසස්වීම බල පැවැත්වෙන්නේ හෙට සිටයි!"
මොහොතකට නිහඬ වූ සිව නැවත කතා කළේය. "නමුත්, නමුත් මෙම තීරණය මා හට බලපාන බැවින් ඒ ගැන මට පවසන්න රැජිණියනි..." ඔහු ඉල්ලා සිටියේය.
"මොහුගේ බිය නැති කම!" දෑස් සිහින් කර තොල් මැතිරූ අනුලාව දොරටුව දෙස වරක් බලා අසුනින් නැගිට ඔහු වෙත ආවාය. "එම තීරණයේ නුඹට සම්බන්ධයක් නැහැ. මාළිගයේ ආරක්ෂාව පිළිබඳව අස්ථිර තත්ත්වයක් ඇති වූ නිසා හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරියාව තනතුරින් ඉවත් කළා. ඒ වෙනුවට සුදුසු කෙනෙකු ලෙස මා ඔබේ නම ප්‍රකාශ කළා."
"ඇයි එසේ කළේ?" කිසිවක් වටහාගන්නට නොහැකිව සිව ඇසුවේය.
"රජුගේ මරණය පිළිබඳව වැඩි දුර විභාග අනවශ්‍ය බව මා නියෝග කළා."
"නමුත් එවිට සියලු සැකය එල්ල වන්නේ ඔබ මතයි දේවියනි, ඔබයි ඒ මොහොතේ ඔහු අසළ සිටියේ..."
"මා ඒ බව දන්නවා සිව. නමුත් මම මේ රාජ්‍යයේ පාලිකාව. මා හට එරෙහිව නියෝග නිකුත් කරන්නට වෙනත් කෙනෙකු නැහැ." අනුලා මොහොතක් ඔහු දෙස බලා සිටියාය. "මා වෙනුවෙන් තුදුස් වසරක් නුඹ බලා සිටි බව, මා වෙනුවෙන් නුඹ සිදු කර ඇති කැපවීම මා කෙසේද නොසලකා හරින්නේ සිව? එදින මා ඔබ කළ අනුවණ ක්‍රියාව පිළිබඳව දොස් කීවද බාල වියේ ඔබට බැඳි පෙම අඩු වූ බවක් පැවසුවේ නැති බව මතකද?"
සිවගේ හද ගැස්ම වේගවත් විය. ලේඛන ශාලාවේ දොරටුව දෙසත් කවුළු දෙසත් දෙතුන් වරක් හිස හරවා බැලූ ඔහු පියවරක් පෙරට තබා අනුලාවට සමීප වී ඇගේ අතකින් අල්ලාගත්තේය. "අපි ආපහු ගමට යමු අනුලා."
තුදුස් වසක් පුරා කිසිවෙකු වෙතින් නොදුටු ආදරයක් අනුලාව එම දෙනෙත් තුළ දුටුවාය. නව යොවුන් වියේදී බැඳි පෙම් හැඟුම් යළිත් ඈ සිත තුළට ගලා එන්නට විය. නමුත් ඇගේ සිතට වද දුන් කරුණක් ඇගේ අත ඔහුගෙන් මුදාලීය. "එය කළ නොහැකියි සිව." ඇය ඉවතට හැරුණාය.
"ඇයි?"
"හෙට දින කුඩා තිස්සයන්ගේ රාජාභිෂේකය."
"ඉතින් ඔහුට ඔටුනු දරා රාජ්‍යය පාලනය කරන්නට පවරා අපි ගමට යමු."
ඔහුගේ සරල සිතුවිලි පිළිබඳව අනුලා දේවිය සිනහ පහල කළාය. "සිව, ඔබ රාජ ද්‍රෝහියෙකු බව අමතක කරන්නට එපා. නමුත් ඒ බව දන්නේ ඔබත් මාත් පමණයි. ඒ පිළිබඳව විභාගයක් පැවැත්වුවහොත් ඔබ හසු වනවා සහතිකයි. එය වැළැක්වීමට මා මෙහි සිටිය යුතුයි. මා සමීපයේ ඔබ පසු වනු දැකීම මගේ සතුටයි."
"නමුත් කුඩා තිස්සයන් රජ වූ පසු ඔබට ඔහුගේ බිරිඳ වීමට සිදු වනවා."
"ඔහු ගැන බිය වන්නට කරුණක් නැහැ සිව. ඔහුව මගේ අණසක යටතේ තබා ගැනීම එතරම් අසීරු නැහැ. ඔහුගෙන් පසුව ලේ උරුමයෙන් සිහසුනට හිමිකම් කියන්නේ ඔහුගේ බාල සොයුරු කූඨකණ්ණ තිස්සයන්. ඔහු ආගිය අතක් නැහැ. එබැවින් කුඩා තිස්සයන්ගෙන් පසුව ලේ උරුමයෙන් රාජ්‍යත්වයට උරුමකම් කියන්නෙක් නැතිව යනවා. එවිට මෙහි ඔටුන්න මා භාර කරන්නේ ඔබටයි." අනුලාවගේ දෙනෙතේ බලාපොරොත්තුවත්, ප්‍රීතියත් දැල්වී තිබුණි.
2011 වසරේදී පොඩි කුමාරිහාමිගේ වළව්වේ පළවූ ලිපියකට කමෙන්ටුවක් වශයෙන් ලියන ලද සටහනකි. වීදිය බණ්ඩාරයන්ගේ කතාව මෙන්ම මෙයද තව දිගට ලියන්නට අදහසක් තිබුණද, මේ වනතුරුත් එය ලියාගන්නට නොහැකි වූ බව කණගාටුවෙන් දැනුම්දෙමි.

***

පොකුගෙ ඒ අනුලා ගැන සටහනට මමත් ලිව්ව කතාවක්...මතකෙයි? " අනුලා, රජිතා සහ තවත් සහසක් එවන් ගැහැණුන්ගේ කථාව "...:)
ReplyDeleteඔව්වොව්වොව්... වළව්වෙ ඉඳං පැල් බැඳගෙන කතන්දර කියපු කාලෙ කොහොම අමතක වෙන්ඩද... අරුන්දතී අක්කණ්ඩි හෙම සනීපෙන්දැ? :)
Delete